මචන්ලා දන්නා කාටහරි ඕනිනම් කියන්න නැත්නම් මේක ශෙයා කරලා අවශ්‍ය කෙනෙක්ව හොයලා දෙන්න. සීල් කරලා තියෙන්නේ පෙට්ටි 12 විතර තියෙනවා. අපරාදෙනේ බන් පුච්චන්නේ නැතුව ඕනි කෙනෙක්ට දෙන්නයි ඕනි. මේකට කියන්නේ කොලොස්ටොමි බෑග් කියලා. බඩවැලේ පිලිකා හැදුනම තාවකාලිකව හෝ ස්ථිරව මේ බෑග් සෙට් කරනවා. ඒ කියන්නේ කපපු බඩවැලේ කොන උදරයේ සිදුරක් හදලා එතනට සවි කරනවා. එතකොට මලපහ පිටවෙන්නේ එතනින් එලියට. ඒ මලපහ එකතු කරන්න තමා මේ බෑග් එක හයි කරන්නේ. මේක 3න් පාරක් විතර පිරිසිදු කරලා පාවිච්චි කරන්න පුලුවන්.(මේවා ගන්න උදේ ඉදන් මහ ඉස්පිරිතාලේ බලන් ඉන්න මිනිස්සුයි පිලිකාවක් තියෙන කෙනෙක් ගෙදර ඉන්නවනම් දන්නවා මේවායේ වටිනාකම.) කොලබ හෝ අවට කෙනෙක්ට ගෙනල්ලම දෙන්නම්.
