අවසන් සුසුම් හෙලන්න මොහොතකට පෙර

sbanurada

Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113
    අවසන් සුසුම් හෙලන්න මොහොතකට පෙර

    Omayra_Sanchez.jpg


    කොලොම්බියාවේ Armero ගම්මානය ආසන්නයේ තිබුණු ගිනි කන්දක් එක්වරම පුපුරා ගියේ ගම් 13 ක් විනාශ කරමින් සහ 23,000 කට ජීවිත අහිමි කරමින්. මේ සිදුවීම වුණේ 1985 වසරේ.

    මේ ගිනි කඳු පිපිරීමත් සමග Armero ගම්මානයේ ජීවත් වුණු අවුරුදු 13 ක පුංචි දැරියක් වුණු Omayra Sánchez ගෙ නිවස ගිලා බැසීම නිසා ඇය සුන්බුන් ගොඩක හිරවුණා.

    මේ සුන්බුන්ගොඩ මැද සිරවූ Omayra Sánchez පැය 60 ක් මරණයත් සමග සටන් කරමින් සිට අවසානයේ අවාසනාවන්ත ලෙස මියගියා.
    ඇයගේ මරණයට හේතුවී තිබුණේ දවස් 3 ක් ජලයේ සිටීම නිසා ඇතිවූ hypothermia නම් රෝගී තත්ත්වයි.

    කෙසේ වෙතත් ඇය සුන්බුන්ගොඩ තුල සිරවී මරණය සමග සටන් කරමින් සිටියදි ඇයගේ අනුකම්පාව අයදින මුහුණ ඡායාරූප ශිල්පියෙකුගේ කැමරාවේ සටහන් වුණා. මේ ඡායාරූපය ඔහු ප්රසිද්ධියට පත් කිරීමත් සමගයි මේ පුංචි දියණියගේ කතාව ලොවක් දැනගත්තේ. ෆ්රෑන්ක් ෆෝනියර් නම් මෙම ඡායාරූප ශිල්පියා 1985 හොඳම ඡායාරූපයට හිමි සම්මානය දිනා ගත්තේද මේ පුංචි දැරියගේ ඡායාරූපයටයි.



    Omayra_Sanchez.jpg



    10593124_1010910708974138_8840580124677696264_n.jpg


    12439380_1010910392307503_519894276864517024_n.jpg


    12733625_1010910678974141_8456764762140050257_n.jpg


    12734131_1010910495640826_6326644587542824677_n.jpg


    12741927_1010910715640804_8340171087609920938_n.jpg


    12778832_1010910468974162_3016430359081672763_o.jpg


    12778866_1010910418974167_697079326002253200_o.jpg


    165907_1010910655640810_4841093113828752572_n.jpg


    8409_1010910608974148_4691762396139061679_n.jpg