අවිද්‍යාව
යම් කිසි දෙයක් වැරදි ලෙස දැන ගැනීම “අවිද්‍යාව” ලෙස හදුන්වනු ලැබේ. යම් කිසි දෙයක් නිවැරදි ලෙස, ඇත්ත වශයෙන්ම ඇති ආකාරයටම දැන ගැනීමට “විද්‍යාව” ලෙස හදුන්වනු ලැබේ. වරදවා දැන ගැනීම වන අවිද්‍යාවට “මෝහය” කියාද කියනු ලැබේ. නිවැරදි ලෙස දැන ගැනීම වන විද්‍යාවට “ප්‍රඤ්ඤාව” කියා කියනු ලැබේ. මේ අවිද්‍යාව මෙන්ම විද්‍යාවත් සිතෙහි යෙදෙන ගති වන චෛතසික ධර්ම වේ.
ඉතා වේගයෙන් ඇති වී පැවති, නැතිව යන සිතත් සමග එකට උපදින, එකට නැතිවන, ගත් අරමුණම ගන්නා, උපදින තැනම උපදින යන ස්වභාවය තිබෙන චෛතසික එනම් ගති පනස් දෙකක් තිබේ. ඒ ගති පනස් දෙක, නැතිනම් චෛතසික පනස් දෙක අතර තිබෙන වැරදි ලෙස දැන ගැනීම වන “මෝහය” නමැති අන්ධකාරයට “අවිද්‍යාව” කියා කියනු ලැබේ.
දස අකුසල කර්ම ආදී සෑම අකුසලයකට මූලික හේතුව වන්නේ “අවිද්‍යාව” ලෙස හඳුන්වන මේ “මෝහය” යි. අකුසල් කිරීමට ප්‍රධාන හේතුව මේ අවිද්‍යාවයි. අවිද්‍යාව නැතිනම් අකුසලයකුත් නැත. අවිද්‍යාව නම් වන මේ මෝහයට අනුවණ කම, මෝඩකම, මුලාව, නොදැනීම කියාද කියනු ලැබේ. අභිධර්ම පිටකයේ විභංග ප්රකරණයෙහියෙහි අවිද්‍යාව හදුන්වන්නේ මේ ආකාරයටයි.
“තත්ථ කතමා අවිජ්ජා? දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛ සමුදයේ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං, දුක්ඛ නිරෝධගාමිනියා පටිපදාය අඤ්ඤාණං, අයං වුච්චති අවිජ්ජා”
එහිතේරුම වන්නේ :
“අවිද්‍යාව වන්නේ දුක නොදැනීම, දුක ඇතිවීමේ හේතුව නොදැනීම, දුක නැති නැතිකිරීම නොදැනීම, දුක නැති නැති කිරීමේ ප්‍රතිපදාව වන මාර්ගය නොදැනීම යි.”
“පුබ්බන්තේ අඤ්ඤාණං, අපරන්තේ අඤ්ඤාණං, පුබ්බන්තාපරන්තේ අඤ්ඤාණං, පටිච්ච සමුප්පන්න ධම්මේ අඤ්ඤාණං”
එසේම ක්ෂණත්රයට පත්ව අතීත වූ (සියලු සංස්කාර ධර්මයන්ගේ ප්‍රධාන අවස්ථා තුන වන උත්පාද, ඨිති, භංග) ස්කන්ධ ධාතු ආයතන ඉන්ද්රියයන් පිළිබඳ වූ නොදැනීම. අනාගත වූ ක්ෂණත්රයට නොපැමිණි ස්කන්ධ, ධාතු, ආයතන ඉන්ද්රියයන් ගැන නොදැනීම. අතීතානාගත වූ ස්කන්ධ, ධාතු, ආයතන ඉන්ද්‍රියන් ගැන නොදැනීම. පටිච්ච සමුප්පාද ධර්මයන් ගැන නොදැනීම (සංසාර චක්‍රය ගැන) අවිද්‍යාවයි. මේ අට තැන නොදැනීම අවිද්‍යාව වේ.
මේ අවිද්‍යාව ප්‍රඤ්ඤාවට විරුද්ධව ඇතිවන ධර්මයක් වේ. මේ අවිද්‍යාව ඵල සමූහයත්, හේතු සමූහයත්, චතුරාර්ය සත්‍යත් දකින්නට ඉඩ දෙන්නේ නැත. සැබෑව දකින්නට සත්‍යය අවබෝධ කර ගන්නට ඉඩ දෙන්නේ නැත. වරදවා සිතවයි. අරමුණෙහි මුලා කරවයි. බලවත් ලෙස මුලා කරවයි. හාත්පසින්ම මුලා කරවයි. විඳීමට නුසුදුසු, ලැබීමට නුසුදුසු කායදුශ්චරිත ආදිය විදින්නට සලස්වයි. සත්වයා සංසාර දුකෙහිම ගිල්වයි. සත්වයා සංසාර දුකහිම යොදවයි. නැවත නැවතත් සන්තානයෙහි අවිද්යාවම ඇති කරවයි. කුසල් සිත් පැහැර ගනියි. කුසල් සිත් ඇති වන්නට ඉඩ නොදෙයි. නිවනට යාමට ඇති දොර අගුළුලා නිවන් දොර වසා තබයි. අකුසල මූල හේතුවක් වන මේ අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇති වේ.
දුක්ඛේ අඤ්ඤාණං
චතුරාර්ය සත්‍යය වසා ඇති ධර්මතාවය වන්නේ මේ අවිද්‍යාවයි. චතුරාර්ය සත්‍යයෙහි දුක්ඛ සත්‍යය වන පඤ්චුපාදානස්ඛන්ධයෙහි සැබෑ ස්වභාවය වන අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණයන් දැනීමට නොහැකි පරිදි මුවහ කොට, දැකීමට නොහැකි පරිදි හාත්පසින් ම ඔතා, ප්රත්යක්ෂ කරගැනීමට නොහැකි පරිදි ගොතා පවතින්නේ මේ අවිද්‍යාවයි. මේ අවිද්‍යාව දුක්ඛ සත්‍ය අවබෝධ කරගැනීමට ඉඩ දෙන්නේ නැත.
බුදුපියාණන් වහන්සේ දේශනා කළ දුක්ඛ සත්‍ය දේශනා ප්‍රධාන වශයෙන් දෙවිධියක් තිබෙනවා. ඉන් එක් ක්‍රමයක් වන්නේ මනුෂ්‍ය භවයෙහි පැහැදිලිව ඇති ව්‍යාධි දුකට ඇතුළත් වන ලෙස ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන් යොදා අංග අටකින් කළ දේශනාවයි.
අනෙක් ක්‍රමය වන්නේ දේව, බ්‍රහ්ම ආදි තැන්වල අප්‍රකට ව්‍යාධි දුක වෙනුවට සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස ඇතුළත් කරමින් කාම, රූප, අරූප සියලු සත්ත්වයින්ට පොදු ලෙස අංග දොළසකින් දේශනා කර ඇති දුක්ඛ සත්‍ය දේශනාවයි.
ජාති දුක-:
ඒ ඒ සත්වයන්ගේ, ඒ ඒ සත්ත්ව සමූහයෙහි යම් ඉපදීමක් සංජාතියක්, බැස ගැනීමක්, විශේෂ ඉපදීමක්, ස්කන්ධයන්ගේ පහළ වීමක්, ආයතනයන්ගේ ප්රතිලාභයතක් වේද, එය ජාතිය යි.
ජරා දුක-:
ඒ ඒ සත්ව නිකායෙහි උපන් සත්වයන්ට ප්‍රසිද්ධ හෝ අප්‍රසිද්ධ ලෙස, ඉන්ද්රියයන්ගේ මේරීම හේතුවෙන් ඇතිවන, කායික හෝ මානසික වේදනා, ජරා දුක වෙනවා.
මරණ දුක-:
ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව නිකායන්හි යම් චුතියක්, චුත වන බවක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මිය යාමක්, කලුරිය කිරීමක්, ශරීරය බහා තැබීමක්, ස්කන්ධයන්ගේ බිඳීමක්, ජීවිතේන්ද්රිය සිඳී යාමක්, වෙනවාද මෙයට මරණය කියා කියනු ලැබේ. ඒ මරණය
1. ක්ෂණික මරණය
2. සම්මුති මරණය
3.සමුච්ඡේද මරණය ලෙස තුන් ආකාරයක් වේ.
සෝක දුක
ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. රොගී වීම. සීලයෙන් පිරිහීම. සම්‍යක්දෘෂ්ටියෙන් පිරිහීම. යනාදියෙහි දී ඒ ඒ පුද්ගලයන්ගේ හෝ කරුණු වල ගුණ කියමින් සිතමින් තැවීම. පසුතැවීම. ශෝක කිරීම ශෝකය යි.
පරිදේව-:
ඥාතීන් මියයාම. භවභෝග සම්පත් පිරිහීම. වගේ ඉහත සඳහන් කරුණු නිසා ඇතිවන තෙපලීම. නැවත නැවත තෙපලීම. පරිදේවය යි.
දුක්ඛ (කායික දුක) -:
කය හා ස්පර්ශ වීමෙන් හටගන්නා, කයෙහි හටගන්නා දුක් වේදනාවය දුක්ඛය යි.
දෝමනස්ස-:
සිත හා ස්පර්ශ වූ සිතෙහි හටගන්නා අමිහිරි දුක් වේදනාව දෝමනස්සය යි.
උපායාස-:
ඥාතීන්ගේ විනාශය, භවභෝග සම්පත් වල පිරිහීම, රෝගි වීම, සීලයෙන් පිරිහීම, සම්‍යක්දෘෂ්ටියෙන් පිරිහීම, යනාදියෙහි දී පුද්ගලයාගේ සිතෙහි පහළවන බලවත් දුක් වේදනාව උපායාසය යි. (වෙහෙසීම, ක්ලාන්ත බව)
අප්‍රිය සම්පයෝග දුක-:
අප්‍රිය පුද්ගලයන් හා වස්තූන් සමඟ එක් වීමට සිදුවීම අප්‍රිය සම්පයෝග දුකයි.
ප්‍රිය විප්පයෝග දුක-:
ප්‍රිය පුද්ගලයන් හා ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වීමට සිදුවීම ප්‍රිය විප්පයෝග දුකයි.
යම්පිච්චං න ලබති තම්පි දුක්ඛං -:
ඉච්ඡා විඝාත දුක, “දිරායාම, රෝගී වීම, මරණයට පත්වීම, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස යන් නැති උදවිය වෙමු” යැයි නොලැබෙන දේ ප්‍රාර්ථනා කිරීමත් ඒ කැමති දේ නොලැබීමෙත් දුක.
පංච උපාදානස්කන්ධ දුක-:
රූප, වේදනා, සංඥා, සංඛාර විඤ්ඤාණ යන දැඩි සේ අල්ලාගෙන සිටින උපාදානස්කන්ධ පහ ම දුක් වේ.
''දුක්ඛෝ ලෝකෝ පතිට්ඨිතෝ" ලොව දුකෙහි පිහිටා ඇත. ලෙස භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ අවධාරණයෙන් දේශනා කළේ දෙවියන් බඹුන් සහිත සියලුම දෙනාගේ සැබෑම ස්වභාවය මේ දුක නිසාය.
අනිත්‍ය දුක්ඛ, අනාත්ම වූ මේ පඤ්චස්ඛන්ධය කිසිවෙකුගේ මෙහෙයවීමෙන් හෝ ඉබේ හටගත්තක් හෝ මවන ලද්දක් නොවෙයි. එය හටගන්නේ හේතු ප්රත්යයන්ගෙනුයි. ඒ හේතු ප්‍රත්‍යයන් චතුරාර්ය සත්‍ය, පටිච්චසමුප්පාද හා පට්ඨාන දේශනා වලින් භාග්‍යවතුන් වහන්සේ ලොවට විවෘත කළහ.
සර්ව බලධාරියෙකු විසින් සියල්ල මවන ලදැයි යම් මිථ්‍යා මත දරන මෝඩ උදවියගේ එයට හේතුව ද දුක වසා තබන මේ අවිද්‍යාවයි. ඒ දේවා දී තිස් එක් (31) භූමීන් හී සැරිසරන සියලුම සත්වයෝ ඒ ඒ හේතු ප්රත්යයන්ගෙන්ම හට ගනී.
දුක්ඛ සමුදයේ අඤ්ඤාණං:-
නැවත නැවත භවයේ ඇති කරන්නාවූ, ඉපදීම ඇති කරන්නා වූ, නන්දිරාගය හා එක්ව යෙදුණු ඒ ඒ ආත්ම භාවයන් මහත් අභිරුචියෙන් පිළිගන්නා ස්වභාවයෙන් යුත් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තණ්හා තුන (3) දුක්ඛ සමුදය (දුකට හේතුවන) ධර්ම වේ.
කාම තණ්හා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාම සම්පත් කෙරෙහි ආසා කිරීම කාම තණ්හාවයි.
භව තණ්හා සත්වයා සදාකාලිකව ඇතැයි සිතා රූප අරූප භවයන් කෙරෙහි උපදින ආසාව භව තණ්හාවයි.
විභව තණ්හා සත්වයා මරණයෙන් පසු අවසන් වෙයි. නැවත ඉපදීමක් නැත යැයි ඇතිවන ආසාව විභව තණ්හාවයි.
මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තණ්හා තුන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්මාලම්බන යන අරමුණු හයෙන් ගුණ කළ විට දහ අටක් වෙනවා. ඒ තණ්හා දහ අට (18) ආධ්‍යාත්මික තණ්හා හා බාහිර තණ්හා ලෙස දෙකෙන් වැඩි කළ විට තිස් හයක් (36) වෙනවා. ඒ තණ්හා තිස් හය අතීත, වර්තමාන, අනාගත යන කාල තුනෙන් වැඩි කළ විට එකසිය අටක් 108 ක් වෙනවා. මේ 108 ආකාර තණ්හාව වන සමුදය සත්‍යය වසා ඇත්තේත් මේ අවිද්‍යා වෙන්මයි.
දුක්ඛ නිරෝධෙ අඤ්ඤාණං
තණ්හාවේ ඉතිරියක් නැතිවම යම් විරාගයක් නිරෝධයක් වෙනවාද, යම් දුරු කිරීමක් බැහැර කිරීමක්, නොවීදීමක්, නො ඇල්මක් වෙනවාද, ඒ තණ්හාව නැති කිරීම නම් නිවන වසා ඇත්තේ, මේ අවිද්‍යාව කියා කියන මෝහයෙනුයි.
දුක සිරගෙයකි. කාම, රූප, අරූප යන භවත්‍රය දුක නම් හිරගෙයි බිත්ති වේ. සත්වයා ඒ සිරගෙයෙහි බැඳ තබන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාවනුයි. ඒ නිසා සත්වයෝ දුක් නැමැති හිරගෙයි නොයෙක් ආකාර දුක් පීඩා වලට ගොදුරු වේ. යම් තැනක තණ්හාවක් නොමැති නම් එතැන දුක් නැමැති හිරගෙයකුත් නැත. තණ්හාවෙන් වෙන්වුන නිසා, දුක නැමති හිරගෙය එහි නැති නිසා, තණ්හාව අස් කිරීම, බැහැර කිරීම, බිඳීම නොඇලීම, වන ඒ ධර්මතාවයට නිවන කියා කියනවා. ඒ නිවන වසා ඇත්තේ මේ අවිද්‍යාවෙනුයි.
දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අඤ්ඤාණං
මේ අවිද්‍යාවෙන් නිවන් ලබා ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රතිපදා මාර්ගය වන අංග අටකින් යුත් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය වසා තිබේ. ඒ අංග අට වන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන ප්‍රතිපදා මාර්ගය යි.
ඉහත කෙටියෙන් සඳහන් කළ මේ චතුරාර්‍ය්‍ය සත්‍ය තිපරිවට්ට ද්වාදසාකාර වශයෙන් බුදු පියාණන් වහන්සේ දේශනා කළ සේක. බුදුපියාණන් වහන්සේලා විසින්ම අවබෝධ කරගෙන ලොවට විවෘත කර දේශනා කරන මේ චතුරාර්ය සත්‍යය දැන ගැනීමට නොහැකි ලෙස එය වසා දමන මහා බලවත් ක්ලේෂයක් වන්නේ මේ අවිද්‍යාවයි.
පුබ්බන්තේ අඤ්ඤාණං
මේ අවිද්‍යාව නිසා ක්ෂණත්රයට පත්වෙමින් අතීත වූ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්රියයන් ආදිය ගැන දන්නේ නැහැ. උප්පාද, ඨිති, භංග යන ක්ෂණත්රයට (ඇති වී, පැවතී, නැතිවී යාම) සියළුම සංස්ඛාරයන්ගේ පොදු ලක්ෂණයයි.
අපරන්තේ අඤ්ඤාණං
මේ අවිද්‍යාව නිසා තවමත් ක්ෂණත්රයට පත් නොවී ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීයයන් ආදිය ගැන දන්නේ නැහැ.
පුබ්බන්තාපරන්තේ අඤ්ඤාණං
මේ විද්‍යාව නිසා අතීත සංසාර මාර්ගයත්, අනාගත සංසාර මාර්ගයත් වන අතීත අනාගත වූ ස්කන්ධ, ධාතු, ආයතන, ඉන්ද්‍රීයයන් ගැන දන්නෙේ නැහැ.
පටිච්ච සමුප්පන්න ධම්මේ අඤ්ඤාණං
කෙලෙස්, කර්ම, විපාක, වෘත්තයෙන් සැදුණු සංසාර චක්‍රය වන පටිච්ච සමුප්පාද ධර්මයන්ගේ සැබෑ ස්වභාවය ද නොදන්නේ මේ අවිද්‍යාව නිසායි.
මෙහිදී ස්කන්ධ, ධාතු, ආයතන යනාදිය ගැන සඳහන් වුණි. ස්කන්ධ පහක් තිබේ. ඒ පංචස්කන්ධය යි. පංචස්කන්ධයත්, පංච උපාදානස්කන්ධයත් එකක් නොවේ. දෙකකි. පංචස්කන්ධය කෙරෙහි ඇති ඡන්දරාගය උපාදානය යි. මේ උපාදානය ද කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාදුපදානය, ලෙස හතරක් වේ. මේ උපාදානයන්ට මුල්වු ස්ඛන්ධයෝ උපාදානස්කන්ධයෝ යි. මේවා ලෞකික ධර්මතායි.
පංචස්ඛන්ධය, ධාතු, ආයතන, ඉන්ද්රිය, උප්පත්ති ක්‍රම, සප්ත විඤ්ඤාණස්ඨිති, ප්රතිසන්ධි චිත්තය පිහිටන ස්ථාන හත, නව සත්තාවාස ය, සත්වයින්යින් වාසය කරන ස්ථා