අවුරුදු දවස කවදාද ?

blue_in_rio

Well-known member
  • අවුරුදු දවස කවදාද ?

    මචන්ලා තේරෙන්නැති නිසයි අහන්නේ, මේ අවුරුද්ද අධික අවුරුද්දක් නේද ? හැමදාම අධික අවුරුදු වලට, සිංහල අවුරුදු සෙට් වෙන්නේ 12-13 නේද ? මේ පාර වෙනස් උනේ කොහොමද ? මට මාවම ශුවර් නැති නිසා අධික අවුරුදු වැටුන පරණ කැලැන්ඩර් ටිකකුත් චෙක් කලා.හැම එකේම තිබ්බේ 12-13, නොර්මල් 365 අවුරුදු වල විතරයි 13-14. :baffled::baffled:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    මේ පාර නැකත් අවුල් කියලා කියනවා නේද...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේපාර හැම ප්‍රධාන නැකතක්ම යෙදිලා තියන්නේ 13 ඇයි උඹ ලිත බැලුවෙ නැද්ද?

    පරණ අවුරුද්ද සදහා ස්නානයට
    අප‍්‍රරියේල් මස 13 වන බදාදා කොහොඹ පත් යුෂ මිශ‍්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

    අලූත් අවුරුදු උදාව
    අප‍්‍රරියේල් මස 13 වන බදාදා අපර භාග 07.48 ට සිංහල අලූත් අවුරුද්ද උදා වෙයි.

    පුණ්‍ය කාලය
    අප‍්‍රරියේල් මස 13 වන බදාදා සවස 01.24 සිට 14 වන බ‍්‍රහස්පතින්දා පූර්වභාග 02.12 දක්වා පුණ්‍ය කාලය බැවින් අප‍්‍රරියේල් මස 13 වන බදාදා දින සවස 01.24 ට පලමුව ආහාර පාන ගෙන සියලූ වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීමද පුණ්‍ය කාලයේ අපර කොටස තුල එනම් 13 වන දින රාතී‍්‍ර 07.48 සිට 14 වන බ‍්‍රහස්පතින්දා පූර්වභාග 02.12 දක්වා පහත දැක්වෙන අයුරින් වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී චාරිත‍්‍ර ඉටු කිරීම මැනවි.

    ආහාර පිසීම
    අප‍්‍රරියේල් මස 13 වන බදාදා රාතී‍්‍ර 08.06 ට කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා ලිප් බැද ගිනි මොලවා ගිතෙල් මිශ‍්‍ර කිරි බතක් සහ මුං ඇට මිශ‍්‍ර කැවිලි ආහාරයක් පිලියෙල කර ගැනීම මැනවි.

    වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
    අප‍්‍රරියේල් මස 13 වන බදාදා රාතී‍්‍ර 08.54ට කොළ පැහැති වස්ත‍්‍රාභරණයෙන් සැරසී දකූණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය මැනවි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පාර නැකත් අවුල් කියලා කියනවා නේද...

    ඒ බං නාන්න තියන දවස ගැන මතවාද දෙකක් තියනවා. සමහරු කියනවා 12 කියලා සමහරු කියනවා 13 කියලා. කොහොමත් ඉතිං පොදුවේ පිලිගන්න දවස විදිහට ප්‍රකාෂයට පත් කරලා තියන්නේ 13 නේ. මම නම් අදත් නාලා හෙටත් නානවා. මම කොහොමත් හැමදාම නාන එකානේ. :P
     

    blue_in_rio

    Well-known member
  • මේපාර හැම ප්‍රධාන නැකතක්ම යෙදිලා තියන්නේ 13 ඇයි උඹ ලිත බැලුවෙ නැද්ද?


    ආහ්, ඒ කියන්නේ ඉතිං ඔක්කොම නැකැත් ටික එක දවසට සෙට් වෙලා තියෙන්නේ.ආඩම්බරයි සහෝ. :sorry::sorry:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,719
    1
    11,011
    113
    ඒ බං නාන්න තියන දවස ගැන මතවාද දෙකක් තියනවා. සමහරු කියනවා 12 කියලා සමහරු කියනවා 13 කියලා. කොහොමත් ඉතිං පොදුවේ පිලිගන්න දවස විදිහට ප්‍රකාෂයට පත් කරලා තියන්නේ 13 නේ. මම නම් අදත් නාලා හෙටත් නානවා. මම කොහොමත් හැමදාම නාන එකානේ. :P

    :D මේ රස්නෙට එක දවසක් හරි නාන් නැතුව හිටියොත් දියවෙයි බ්‍රෝ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවුරුද්ද බලන්නේ ඉර මීනෙන් මෙස්හෙට මාරුවෙන වෙලාව අනුව මිසක් අවුරුද්ද දීර්ගද කොටද කියන එක මත නෙමේ මචෝ .
    අනික අපි දැන් අවුරුද්ද ගන්න ගන්න ක්රමෙයි සිංහල අවරුදු ක්රමෙයි වෙනස් .සිංහල කැලැන්ඩරේ පලවෙනි මාසේ අප්‍රියෙල් වෙන්නේ එනිසා