LINDA_ADERSON_22:22624554 said:ඔය කියන විදියට උබට කෙල්ලෙක් හරියන්නේ නෑ එහෙනං......... මේකේ ටූ පක් ද ටොපක් ද කියල උට්ටෙක් හටියා සැට් කොරගනින්![]()
ඇත්ත වෙන්න ඇතිවරදින වෙලාවල් තියෙනව හොරුත් ඉන්නව. මිනිස්සු කරන්නෙ හොරු ටික අල්ලගෙන ශාස්ත්‍රය බොරුයි කියල කෑගහන එක. ඉතිං ඒව විනාශ වෙලාම යනව
![]()

මගේ කේන්දරේත් අරං ගිහිං බලන්න ඕනි ඇත්තටම මොනවා කියයිද දන්නෑ
LINDA_ADERSON_22:22626126 said:මගේ කේන්දරේත් අරං ගිහිං බලන්න ඕනි ඇත්තටම මොනවා කියයිද දන්නෑ
උබ කේන්දර බලන තැනකට යන්න එපා...... උක බලල නාඩි වාක්‍ය කියන තැනකට පළයන්
ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය වේදියෙක් ඉන්නවා අපේ පැත්තේ. නම් ගම් කියන්න බැ. උබලා දන්නවනේ මම ජෝතිෂ්‍ය පිලි ගන්නෙ නැහැ කියලා. අපේ අම්ම එයාට කියලා ගෙපල් කපන්න නැකතක් හදා ගන්න ගියා. අද තමයි ඌ ඒක අරන් යන්න එන්න කිව්වෙ. අද මම අම්මව තියලා මම තනියම ගියා. මගේ කෙන්දරෙත් දාගෙන ගියා. මම අර වැඩෙත් කර ගන්න ගමන්, හෙමින් සීරුවේ කෙන්දරෙත් බලවා ගත්තා.
මූ අධ්‍යපනය, ශරීර සෞඛ්‍ය ගැන මුලින් නොකියා කිලින්ම මගේ කසාදේ ගැන කියන්න ගත්තා. මූ ගත්ත කටටම කියපි උබට අවුරුදු 30න් පස්සෙ තමයි කසාදයක් හරි යන්නෙ කියලා. කෙල්ල නම් හොද එකක් කිව්වා. ඉවසන් එන්නලු. දැන් මැරීගෙන ලව් කරන්න එපා කිව්වා. සල්ලි නාස්ති කරන්නෙ නැතුව බැංකු පොතක දාලා ඉතුරු කරන්න කිව්වා. බලපන් ඉතින් ඌ මාව දන්නෙවත් නැතිව කියපු දේ ඇත්තනෙ. මම කෙල්ලො කීයකට ලව් කරලා ඇත්ද? ඒ බැල්ලියෝ මගේ සල්ලි ටිකටත් කෙලවලා මාරු උනා.
සිරාවට මට කෙල්ලො සෙට් වෙන්න වගේ ඇවිත් සල්ලි ටිකට විදලා මාරු වෙනවා. ගිය මාසේ මම දාපු පහල තියන thred එක උබලට මතකඇතිනේ. ගොඩක් උන් කිව්වේ ඒ කෙල්ල මට සෙට් වෙයි කියලා. සාමාන්‍යයෙන් ඒවගේ සීන් වල වෙන්නෙ එහෙම තමයි. කරුමේ කියන්නෙ ඒ කෙල්ලවත් මට සෙට් උනේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1825794
මම ගියේ ජෝතිෂ්‍යකාරයෝ ඇත්ත කියනවද කියලා පොඩි චෙකින් පාරක් දාන්න.දැන් ඉතින් හිතටනිවනක් නෑ.
අනේ මන්දා මේ යන විදියට අවුරුදු 30 පනිනකල් ඉන්නම වෙයිද?![]()

මෙහෙමනේ මචන් අපි පොඩි කාලේ ඉදලා Brainwash වෙලා ඉන්නේ ඔය දේවල් වලට.
ඔන්න බලපන් උ කිව්වා නම් උබට සුරයක් බැදපන් කෙල්ලෙක් අනිවා සෙට් වෙනවා මාස 3ක් යන්න
කලින් කියලා. උබට කෙල්ලෙක් සෙට් වෙනවා අනිවා. It's all about mindset. උබේ belief සෙට්
එකක් තියෙනවා යටිහිතේ. ඒවා වෙනස් වෙන්න නම් ආපහු brainwash වෙන්න ඕනි. ඒක ලේසි නැහැ
මොකද අපි පොඩි කාලේ ඉදලා අහලා,දැකලා,අත්දැකීම් විදපු දේවල් යටිහිත එහෙම ලේසියෙන් බැහැර
කරන්නේ නැහැ. උබ කිව්වට මේවා බොරු කියලා යටිහිත කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මොකද උ
ඇස් දෙකෙන් දැකපු දේවල් , අත්දැකීම් විදපු දේවල් බොරු කියලා කියන්නද කියන්නේ උබ කිව්වා පලියට .
ඉතින් මේ තර්කෙන් ගත්තම ජෝතිශ්යගේ දෙපැත්තම තියෙනවා. හොද දියුණුවට Belief එකක් හැදෙනවා
වගේම. උබට වුනා වගේම අවරුදු ගානක් බලන් ඉන්නත් වෙයි. මොකද ඒකත් belief එකක්.

මම ගියේඌ කියන දේ ඇත්තද කියලා චෙක් කරන්න. මූ ග්‍රහයේ වගයක් ගැන කිය කිය දිග විස්තරයක් කියන්න ගත්ත. කියන ගමන් මූ කොළයක එකතු කිරීම්, අඩු කිරීම් වගයකුත් කරන්න පටන් ගත්ත. මම දැක්ක විදියටනම් අවුරුදු,මාස , දින අඩු / වැඩි කරේ.මට ජෝතිෂ්‍ය ගැන නම් විස්වාසයක් නැති එක ඇත්ත. මේ පොර Computerඑකක් තිබ්බට අතින්මයි වැඩේ කරන්නෙ. මට නම් වෙච්ච දේ හිතා ගන්නවත් බැ.