අවුෂ්විට්ස් ඝාතකාගාරය

stylus4

Member
Nov 9, 2007
746
173
0
6 Feet Under
අවුෂ්විට්ස් ඝාතකාගාරය

අවුෂ්විට්ස් ගැන මේ දවස් වල අන්තර්ජාලයේ කතා බහ වෙනවා දැක්ක නිසා ඒ ගැන සම්පූර්ණ ලිපියක් පලකරන්න හිතුවා. සම්පූර්ණ ලිපිය ගොඩක් දිග නිසා කොටස් කීපයකට පලකරන්නම්.

අවුෂ්විට්ස් - 1

හැඳින්වීම

අවුෂ්විට්ස් යනු දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මන් පාලකයන්ගේ එක් ප්‍රධානතම සිර කඳවුරක්. මෙය අවුෂ්ටිට්ස් 1, අවුෂ්ටිට්ස් 2 (බිර්කෙනාවු) හා අවුෂ්ටිට්ස් 3 (මොනොවිට්ස්) යන ප්‍රධාන කඳවුරු තුනකින් සමන්විත වූ අතර යුදෙව්වන් මිලියන 1.1 කට පමණ මරු කැඳවූ අමානුෂික ඝාතකාගාරයක් වුනා. මෙම තනි කඳවුරක් නොව උප කඳවුරු 45 කින් සමන්විත කඳවුරු පද්ධතියක්. යුදෙව්වන්ට අමතරව සමලිංගිකයන්, අහිකුණ්ටිකයන්, නාසි පාලනයට විරුද්ධ වූවන්, මානසික රෝගීන් මෙන්ම, වැඩ කල නොහැකි වයස් ගතවූ පුද්ගලයන්ද ඝාතනයට ලක්වූවන් අතර සිටියා.

අවුෂ්ටිට්ස් 1, 1940 මැයි මසදී මුලින්ම ඉදිකල ප්‍රධානම කඳවුර වූ අතර එය ඉදි කලේ මූලිකවම පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවන් සිරගත කිරීමටයි. 1941 සැප්තැම්බර් මසදී මුල්ම කණ්ඩායම් ඝාතනය සිදුවූ අතර අවුෂ්ටිට්ස් 2 “යුදෙව් ගැටලුවට අවසාන විසඳුම” ක්‍රියාත්මක කිරීමේ මූලික ස්ථානයක් වුනා.

1942 මුල් කාලයේ සිට 1945 අවසන් භාගය තෙක් කඳවුර ක්‍රියාත්මක වූ කාලය තුල දුම්රියන් මගින්, නාසි ජර්මන් පාලනය යටතේ තිබූ යුරෝපයෙන් දහස් ගණනක යුදෙව්වන් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් බහුතරයක් Zyklon B නම් විෂ වායුව යොදා ගනිමින් ගෑස් කාමර තුලදී ඝාතනයට ලක්වුනා. ඇස්තමේන්තු කරන ලද ආකාරයට මිලියන 1.3 ක සිරකරුවන් පිරිසක් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් මිලියන 1.1 ක්ම ගෑස් කාමර තුලදී මරු දුටුවා. මේ අතරින් 90%ක් ම යුදෙව්වන් වූ අතර අවුෂ්විට්ස් හිදී ඝාතනයට ලක්වූ සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙක්ම යුදෙව්වෙක්. යුදෙව්වන්ට අමතරව 150,000 ක පෝලන්ත ජාතිකයන්, අහිකුණ්ටිකයන් 23,000ක්, සෝවියට් යුධ සිරකරුවන් 15,000ක්, යොහෝවාගේ සාක්ෂි කරුවන් 400ක්, දහස් ගණනක අනෙකුත් ජාතික සිරකරුවන් හා අප්‍රකට ගණනක සමලිංගිකයන් සිටියා. ගෑස් කාමර තුල ඝාතනය නොවූ බොහෝ දෙනෙක් හාමත් වීමෙන්ද, අධිකව ශ්‍රමය වැය කිරීමෙන්ද, බෝවන රෝග වලින්ද, වෙඩි තැබීම් මගින් හා වෛද්‍ය අත්හදා බැලීම් වලින්ද මියගියා.

දෙවන ලෝක යුධ සමයේ 7000ක් පමණ වූ නාසි SS හමුදා භටයින් විසින් මෙම කඳවුර පාලනය කලා. මේ අතරින් 12%ක් පමන යුද්ධයෙන් පසුව යුද අපරාධ වලට වැරදිකරුවන් වීම නිසා මරා දැමුනා. කඳවුරේ අණදෙන නිලධාරියා වූ රුඩොල්ෆ් හුස් එයින් එක් අයෙක්. කඳවුර ක්‍රියාත්මක වූ 1940-1945 ජනවාරි අතර කාලයේ සිරකරුවන් 144 දෙනෙක් පමණක් මෙයින් පලායාමට සමත්වුණා. 1944 ඔක්තෝබර් 7 වන දින සොන්ඩර්කොමාන්ඩෝ නම් ගෑස් කාමර වල සේවයේ යොදවා සිටි විශේෂ සිරකරුවන්ගේ අසාර්ථක කැරැල්ල විශේෂ සිදුවීමක්.

සෝවියට් භට කණ්ඩායම් අවුෂ්විට්ස් වෙත පැමිණියේ 1945 ජනවාරි මාසයේ අන්තිම සතියේ. ඒ වනවිටත් ජීවත් වෙලා හිටිය සිරකරුවන් නාසි SS භටයන් යටතේ, “Death March” නමින් හැඳින්වෙන බටහිර බලා යන ගමන පටන් අරගෙන. කඳවුරේ ඉතිරිව සිටි සිරකරුවන් ඉන් මුදාගත්තේ 1945 ජනවාරි 27 වනදා. අදටත් සෑම වසරකම ජනවාරි 27 වන දින හඳුන්වන්නේ “International Holocaust Remembrance Day” ලෙසයි. ඉන් පසුව ගතවූ දශක කීපයේදී අවුෂ්විට්ස් කඳවුරෙන් දිවි ගලවාගත් කිහිප දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් පොත් කිහිපයකට රචනා කලා මෙන්ම අවුෂ්විට්ස් කියන්නේ සමූලඝාතනයන්ගේ ප්‍රධාන සංකේතයක් බවට පත් උනා. 1947 වසරේදී අවුෂ්විට්ස් බිර්කෙනාවු කෞතුකාගාරය, අවුෂ්විට්ස් 1 හා 2 පිහිටි භූමියේ ආරම්භ කලා. 1979 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මේ කෞතුකාගාරය නම් කෙරුනා.

දෙවෙනි ලිපිය ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න. අවුෂ්විට්ස් ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. පෝලන්තයේ ජීවත් වෙන නිසා අවුෂ්විට්ස් ගැන මේ දවස්වල වැඩිදුර ඉගෙන ගනිමින් ඉන්නේ. මගේ දැනුම ඔබත් සමග බෙදා ගන්න හැකිවේ කියා හිතනවා.
ජායාරූපය අන්තර්ජාලයෙන්, විස්තර විකිපීඩියා හා පොත පතින්.


auschwitz-birkenau-and-wieliczka-salt-mine-in-one-day-in-krak-w-282907.jpg

Birkenau entrance today
 
Last edited:

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Mama me Auschwitz gena nikan matak wela internet eke pictures tikak balala iwara una witarai. Ithin ekaparata uduma hituna ban. Ela ela.
     

    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    අවුෂ්විට්ස් ලිපි අංක 2

    අවුෂ්විට්ස් ලිපි අංක 2

    අවුෂ්විට්ස් 1 (ප්‍රධාන කඳවුර)

    අවුෂ්විට්ස් පිහිටා ඇති ප්‍රදේශය හැඳින්වෙන්නේ Oświęcim (ඔස්විඒචිම්) නමින්. කලින් ලිපියේ කී පරිදිම මුලින්ම මෙය ඝාතකාගාරයක් ලෙස නොව පෝලන්තයේ දේශපාලන සිරකරුවන් සඳහා වූ කඳවුරක්. දෙවන ලෝක යුද්ධයට පෙර ඔස්ට්‍රියානු හා පෝලන්ත හමුදා බැරැක්ක ලෙස භාවිතා වූ තනි තට්ටුවේ ගොඩනැගිලි 16ක් පිහිටා තිබීම, ප්‍රවාහනයට පහසු ස්ථානයක් වීම මෙන්ම ගම්බද පෙදෙසක් නිසා අවධානය අඩු වීමද මෙම ප්‍රදේශය තෝරා ගැනීමට විශේෂ හේතුවක් වුනා. SS අනුඛණ්ඩයේ ප්‍රධානී “හෙන්රිච් හිම්ලර්” 1940 අප්‍රේල් මස භූමිය පරීක්ෂා කර අනුමැතිය ලබා දීමෙන් අනතුරුව “රුඩොල්ෆ් හුස්” යටතේ අවුෂ්විට්ස් 1 ආරම්භ කලා. ආරම්භයේ සිටම අවුෂ්විට්ස් 1 යනු කඳවුරු සංකීර්ණයේ පරිපාලන මධ්‍යස්ථානය උනා. බැරැක්ක අවට ජීවත් වූ 1200ක ජනතාව ඉවත්කර Oświęcim අවටම ජීවත් වූ 300ක පමණ යුදෙව්වන් මෙහි ගෙන ආවේ කඳවුර ඉදිකිරීමේ ශ්‍රමය ලබා ගැනීමට. 1940-1941 කාලසීමාව අතරතුර Oświęcim අවට ජීවත් වූ 17,000 ක වැසියන් ඉවත් කලේ කඳවුර පුළුල් කිරීමේ ඉඩ ලබා ගැනීමට. 1943 ඔක්තෝබර් මසදී පැමිණි 6,000ක පමණ නාසි භටයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්නේ භාවිතයට නාසින් විසින් පාසැල්, ක්‍රීඩා පිටි ඇතුලු නේවාසික ප්‍රදේශයක්ද ඉදිකලා. මුල්ම සිරකරුවන් උනේ ජර්මනියේ සිර කඳවුරකින් මෙහි එවූ 30 දෙනෙකුගෙන් සමන්විත ජර්මානු අපරාධකරුවන් පිරිසක්. ඒ 1940 මැයි මසදී. පළමුවෙන්ම 1940 ජූනි 14 දිනදී දුම්රිය මගින් මෙහි ගෙන ආ සිරකරුවන් විශාල කණ්ඩායමට කතෝලිකයන්, නාසි විරෝධී පෝලන්ත ජාතිකයන් හා යුදෙව්වන් 20 ඇතුලත් උනා. 1941 මාර්තු වන විට 10,900 ක් දක්වා සිරකරුවන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණා. 1940 අවසන වන විට නාසි හමුදා කඳවුර පුලුල් කිරීමට ඒ අවටින්ම වර්ග කිලෝමීටර් 40ක ප්‍රදේශයක් තෝරාගෙන තිබුණා. අවුෂ්විට්ස් 1 ප්‍රධාන ගේට්ටුවේ “Arbeit macht frei” යනුවෙන් සඳහන් වී තිබෙනවා. මෙහි තේරුම “වැඩකිරීම (ඔබව) නිදහස් කරයි” යන්නයි.

    1814686564b0fa026687ee28fabe3b95--auschwitz-ovens.jpg

    ගෑස් කාමරයකදී ඝාතනය කෙරුනු සිරකරුවෙකුගේ සිරුර පිළිස්සීම සඳහා ආදාහනාගාරයක් තුලට ඇතුල් කරන අයුරු


    අවුෂ්විට්ස් 2 (බිර්කෙනාවු)

    1941 ගිම්හානයේ සෝවියට් හමුදාවට විරුද්ධව නාසින් ජයගත් “බාර්බරෝසා මෙහෙයුම” නාසි ජර්මනියේ යුදෙව්වන් කෙරෙහි තිබූ දැක්ම වෙනස් කිරීමට සමත් වුනා. එම මෙහෙයුමේ සාර්ථකත්වයත් සමඟ සොවියට් භටයන් විශාල පිරිසක් නාසි හමුදාවේ යුද සිරකරුවන් බවට පත්වුනා. නාසි පාලක “ඇඩොල්ෆ් හිට්ලර්” බලයට පත්වීමේදී ලබා දුන් ජන්ද පොරොන්දුවක් වූ යුදෙව්වන් යුරෝපයෙන් පලවා හැරීමේ ක්‍රියාවලියේදී යුදෙව්වන් සහ සෝවියට් යුද සිරකරුවන් ගාල් කර තැබීමේ ගැටලුවට පිළියමක් ලෙස අවුෂ්විට්ස් කඳවුර විශාල කිරීමට යෝජනා වුනා. SS ප්‍රධානී “හයින්රිච් හිම්ලර්” නියෝග කළේ සිරකරුවන් 50,000 කට සෑහෙන ලෙස අවුෂ්විට්ස් විශාල කිරීමටයි. නමුත් පැවති වාතාවරනය හමුවේ එම අගය 150,000 දක්වාත්, ඉන් පසු 200,000 දක්වාත් ඉහල නැගුනා. 1941 ඔක්තෝබර් මසදී අවුෂ්විට්ස් 1 සිරකඳවුර වෙත ගෙන ආ 10,000 ක් වූ සෝවියට් යුද සිර කරුවන්ගෙන් 1942 මාර්තු වන විට ඉතිරිව සිටියේ 945 දෙනෙකු පමණයි. මේ සියලු දෙනා අවුෂ්විට්ස් 2 නොහොත් බිර්කෙනාවු වෙත මාරු කර යැවුනා. මොවුන්ගෙන් බහුතරයක් හාමත් වීමෙන් හා බෝවෙන රෝගයන්ගෙන් පීඩා විඳ මැයි මස වනවිට මිය ගියා. මේ වනවිට හිට්ලර් යුදෙව් සංහාරයට තීරණය කර තිබුණු නිසා බිර්කෙනාවු කඳවුර ශ්‍රම හා ඝාතන කඳවුරක් බවට වෙනස්කම් සිදු කෙරුනා. අවුෂ්විට්ස් - බිර්කෙනාවු අනුස්මරණ කෞතුකාගාරයේ ඇස්තමේන්තු වලට අනුව ලක්ෂ 13 ක් හෙවත් මිලියන් 1.3 ක පිරිසක් බිර්කෙනාවු ක්‍රියාත්මකව තිබූ කාලයේ එහි යවා ඇති අතර මොවුන්ගෙන් මිලියන 1.1 ක් ම යුදෙව්වන්.

    ඉදිකිරීමේ ප්‍රධානී “කාල් බිස්චොෆ්” යටතේ ආදාහනාගාර 4 ක්, පිළිගැනීමේ (ඇතුල්වීමේ) ගොඩනැගිල්ලක් හා සිය ගණනක අනෙකුත් ගොඩනැගිලි සැලසුම් කර ඉදිකෙරුනා. ඔහුගේ සැලසුම් අනුව එක් බැරැක්කයක් සිරකරුවන් 550ක් සඳහා වූ අතර එය පසුව ඔහු විසින්ම 744 ක් සඳහා වෙනස් කෙරුනා. නමුත් SS හමුදාව මගින් මෙහි සිරකරුවන් ගාල් කිරීම සඳහා ඉඩ වෙන් කිරීමට නොවෙහෙසුනේ සිරකරුවන් රඳවා තබා ගැනීමට නොව ඔවුන්ව ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ නිසාවෙන්.

    display-of-prisoners-shoes-auschwitz-i-owicim-poland-c54wt6.jpg

    ඝාතනය වූ මිලියන 1.3 ක සිරකරුවන්ගේ පාවහන් අද අවුෂ්විට්ස් කෞතුකාගාරයේ දක්නට ඇති අයුරු


    පළමු ගෑස් කාමරය “රතු නිවාසය”යනුවෙන් හැඳින්වූ අතර SS භටයන් එය හැඳින්වූයේ “1 බංකරය” නමින්. එය ගඩොලින් නිමකල පැරණි ගොඩනැගිල්ලක් වූ අතර අභ්‍යයන්තරයේ වූ සියල්ල ඉවත් කර හා ජනේල ගඩොලින් වසා දමා ගෑස් කාමරයකට පරිවර්තනය කෙරුනා. රතු නිවාසය 1942 මාර්තු මස පටන් ක්‍රියාත්මක කෙරුනු අතර දෙවෙනි ගෑස් කාමරය “සුදු නිවාසය” හෝ “2 බංකරය” ද ඉන් සති කිහිපයකින් පසුව ගොඩනැංවුනා. හිම්ලර් අවුෂ්විට්ස් කඳවුරු සංකීර්ණය පරික්ෂා කිරීමට 1942 ජූලි 17 හා 18 දිනයන්හිදී පැමිනි අතර ගෑස් කාමරවල ක්‍රියාකාරිත්වය පෙන්වීමට සුදු නිවාසයට භාවිතා කෙරුනේ සිරකරුවන් පිරිසක් සමගින්. මෑත ඉතිහාසයේ සිදුවූ මිලේච්ජ ඝාතනයන් කොපමනක්දැයි වටහා ගැනීම ඉහත කරුණින්ම ඔබට හැකිවේවි. සිරකරුවන් පිරිසකට ගෑස් කාමර තුලදී ජීවිතයෙන් වන්දි ගෙවන්න සිදුවුනේ එක් නාසි හමුදා ප්‍රධානියෙක්ට එහි ක්‍රියාකාරිත්වය පෙන්වීමට පමණයි. මේ සංචාරයේදී ඉදිකිරීමට නියමිතව තිබූ අවුෂ්විට්ස් 3 හෙවත් “මොනොවිට්ස්” කඳවුරු භූමියද හිම්ලර් පරික්ෂාවට ලක් කලේ එය ඝාතකාගාරයක් නොව ශ්‍රම කඳවුරක් ලෙස ප්‍රයෝජනයට ගැනීමට කර තිබූ වැදගත් සැලසුහම් නිසාවෙන්. මොනොවිට්ස් සංකීර්ණය “අයි. ජී. ෆා(ර්)බන්” (IG Farben) නම්වූ කම්හල ඉදිකිරීමට යොදා ගනු ලැබුවේ අසලින්ම පිහිටි බිර්කෙනාවු හා අවුෂ්විට්ස් 1 කඳවුරු වලින් අවශ්‍ය ශ්‍රමය පහසුවෙන් සපයා ගත හැකි වූ හෙයින්. කම්හලේ හිමිකරුවන් වැටුප් ගෙව්වේ කම්කරුවන්ට නොව නාසි හමුදාවටයි. එම මුදලද සාමාන්‍ය ගෙවිය යුතු වැටුපට සාපේක්ෂව සොච්චම් මුදලක්. නමුත් මෙහි ශ්‍රම හමුදාව වූ අවුෂ්විට්ස් සිරකරුවන්ට ලැබුනේ දිනකට එක් වතාවක කෑම වේලක් පමණයි (ජල පහසුව තිබූ නමුත් ඒවා බීමට තරම් පිරිසිදු නොවූ විෂ සහිත ජලය වූ බව සඳහන්). මේ ලිපි පෙලේ ඉදිරියේදී කඳවුරේ ජීවිතය ගෙවුනු හැටි හා ගෑස් කාමර ගැන විස්තර කරන්නම්.

    nazi_medical_experiments_3gif.gif

    නිසි පෝෂනයක් නොලැබීමෙන් ඇටසැකිලි පමනක් ඉතිරිව ඇති සිරකරුවන් අවුෂ්විට්ස් කඳවුරේදී

    “අංක 2 ආදාහනාගාරය” ඉදිකරීමට පටන් ගැනුනේ 1943 මුල් මාස කිහිපයේදී ගෑස් කාමරවල ධාරිතාව (එක් වර ඝාතනය කල හැකි ප්‍රමාණය) වැඩි කිරීමට ගත් තීරණයත් සමගයි. මේ ආදාහනාගාරයට සම්බන්ධව පොලොව යට පවා කොටස් ඉදි වුනා. විශේෂයෙන්ම මේ හා සම්බන්ධ ගෑස් කාමර වායුව ගලා යා නොහැකිව සීල් වන දොරවල් සවිකෙරුනා. ජනේල කිසිවක් නොතිබූ මේ ගොඩනැගිලි වල එක් වායු ප්‍රතිරෝධී (gas-tight) දොරට අමතරව වහලයේ ඉහල කුඩා වායු ප්‍රතිරෝධී සිදුරු කිහිපයක් තිබුනේ මාරාන්තික “දියරමය සයනයිඩ්” අඩංගු ගෑස් බඳුන් ඇතුලට විසි කිරීමටයි. මේවා දියරමය සයනයිඩ් ලෙස හැඳින්වුවත් එය ටින් තුල තිබුනේ පව්ඩර් ආකාරයෙන්. බඳුන් විවෘත කිරීම නිසා වාතයට නිරාවරණය වීම නිසා මේවා දුම් (ගෑස්) පිට කරීම ආරම්භ කලේ ද්‍රව බවට පත්වෙමින් බවයි සඳහන්. අදටත් අවුෂ්විට්ස් කෞතුකාගාරයේ මේ ගෑස් ටින් දහස් ගනනක් ප්‍රදර්ශනයට තබා ඇත්තේ මෙහි සිදුවූ අමානුෂික ඝාතනයන් ගැන නිසි අවබෝධයක් ලබා ගැනීමට පහසු වන ලෙසයි. අංක 2 ආදාහනාගාරයට අමතරව අංක 3,4 හා 5 නමින් තවත් ආදාහනාගාර 3ක් ගොඩ නැගුනේ ගෑස් කාමර වල ඝාතනය කෙරෙන සිරකරුවන් පුළුස්සා දැමීමටයි. 1943 ජූනි වන විට ආදාහනාගාර 4ක් ක්‍රියාත්මක වූ බවයි සඳහන් වෙන්නේ.