අවුෂ්විට්ස් ඝාතකාගාරය
අවුෂ්විට්ස් ගැන මේ දවස් වල අන්තර්ජාලයේ කතා බහ වෙනවා දැක්ක නිසා ඒ ගැන සම්පූර්ණ ලිපියක් පලකරන්න හිතුවා. සම්පූර්ණ ලිපිය ගොඩක් දිග නිසා කොටස් කීපයකට පලකරන්නම්.
අවුෂ්විට්ස් - 1
හැඳින්වීම
අවුෂ්විට්ස් යනු දකුණු පෝලන්තයේ පිහිටි, දෙවන ලෝක යුද සමයේ නාසි ජර්මන් පාලකයන්ගේ එක් ප්‍රධානතම සිර කඳවුරක්. මෙය අවුෂ්ටිට්ස් 1, අවුෂ්ටිට්ස් 2 (බිර්කෙනාවු) හා අවුෂ්ටිට්ස් 3 (මොනොවිට්ස්) යන ප්‍රධාන කඳවුරු තුනකින් සමන්විත වූ අතර යුදෙව්වන් මිලියන 1.1 කට පමණ මරු කැඳවූ අමානුෂික ඝාතකාගාරයක් වුනා. මෙම තනි කඳවුරක් නොව උප කඳවුරු 45 කින් සමන්විත කඳවුරු පද්ධතියක්. යුදෙව්වන්ට අමතරව සමලිංගිකයන්, අහිකුණ්ටිකයන්, නාසි පාලනයට විරුද්ධ වූවන්, මානසික රෝගීන් මෙන්ම, වැඩ කල නොහැකි වයස් ගතවූ පුද්ගලයන්ද ඝාතනයට ලක්වූවන් අතර සිටියා.
අවුෂ්ටිට්ස් 1, 1940 මැයි මසදී මුලින්ම ඉදිකල ප්‍රධානම කඳවුර වූ අතර එය ඉදි කලේ මූලිකවම පෝලන්ත ජාතික දේශපාලන සිරකරුවන් සිරගත කිරීමටයි. 1941 සැප්තැම්බර් මසදී මුල්ම කණ්ඩායම් ඝාතනය සිදුවූ අතර අවුෂ්ටිට්ස් 2 “යුදෙව් ගැටලුවට අවසාන විසඳුම” ක්‍රියාත්මක කිරීමේ මූලික ස්ථානයක් වුනා.
1942 මුල් කාලයේ සිට 1945 අවසන් භාගය තෙක් කඳවුර ක්‍රියාත්මක වූ කාලය තුල දුම්රියන් මගින්, නාසි ජර්මන් පාලනය යටතේ තිබූ යුරෝපයෙන් දහස් ගණනක යුදෙව්වන් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් බහුතරයක් Zyklon B නම් විෂ වායුව යොදා ගනිමින් ගෑස් කාමර තුලදී ඝාතනයට ලක්වුනා. ඇස්තමේන්තු කරන ලද ආකාරයට මිලියන 1.3 ක සිරකරුවන් පිරිසක් මෙහි ගෙන ආ අතර ඔවුන්ගෙන් මිලියන 1.1 ක්ම ගෑස් කාමර තුලදී මරු දුටුවා. මේ අතරින් 90%ක් ම යුදෙව්වන් වූ අතර අවුෂ්විට්ස් හිදී ඝාතනයට ලක්වූ සෑම 6 දෙනෙකුගෙන් එක් අයෙක්ම යුදෙව්වෙක්. යුදෙව්වන්ට අමතරව 150,000 ක පෝලන්ත ජාතිකයන්, අහිකුණ්ටිකයන් 23,000ක්, සෝවියට් යුධ සිරකරුවන් 15,000ක්, යොහෝවාගේ සාක්ෂි කරුවන් 400ක්, දහස් ගණනක අනෙකුත් ජාතික සිරකරුවන් හා අප්‍රකට ගණනක සමලිංගිකයන් සිටියා. ගෑස් කාමර තුල ඝාතනය නොවූ බොහෝ දෙනෙක් හාමත් වීමෙන්ද, අධිකව ශ්‍රමය වැය කිරීමෙන්ද, බෝවන රෝග වලින්ද, වෙඩි තැබීම් මගින් හා වෛද්‍ය අත්හදා බැලීම් වලින්ද මියගියා.
දෙවන ලෝක යුධ සමයේ 7000ක් පමණ වූ නාසි SS හමුදා භටයින් විසින් මෙම කඳවුර පාලනය කලා. මේ අතරින් 12%ක් පමන යුද්ධයෙන් පසුව යුද අපරාධ වලට වැරදිකරුවන් වීම නිසා මරා දැමුනා. කඳවුරේ අණදෙන නිලධාරියා වූ රුඩොල්ෆ් හුස් එයින් එක් අයෙක්. කඳවුර ක්‍රියාත්මක වූ 1940-1945 ජනවාරි අතර කාලයේ සිරකරුවන් 144 දෙනෙක් පමණක් මෙයින් පලායාමට සමත්වුණා. 1944 ඔක්තෝබර් 7 වන දින සොන්ඩර්කොමාන්ඩෝ නම් ගෑස් කාමර වල සේවයේ යොදවා සිටි විශේෂ සිරකරුවන්ගේ අසාර්ථක කැරැල්ල විශේෂ සිදුවීමක්.
සෝවියට් භට කණ්ඩායම් අවුෂ්විට්ස් වෙත පැමිණියේ 1945 ජනවාරි මාසයේ අන්තිම සතියේ. ඒ වනවිටත් ජීවත් වෙලා හිටිය සිරකරුවන් නාසි SS භටයන් යටතේ, “Death March” නමින් හැඳින්වෙන බටහිර බලා යන ගමන පටන් අරගෙන. කඳවුරේ ඉතිරිව සිටි සිරකරුවන් ඉන් මුදාගත්තේ 1945 ජනවාරි 27 වනදා. අදටත් සෑම වසරකම ජනවාරි 27 වන දින හඳුන්වන්නේ “International Holocaust Remembrance Day” ලෙසයි. ඉන් පසුව ගතවූ දශක කීපයේදී අවුෂ්විට්ස් කඳවුරෙන් දිවි ගලවාගත් කිහිප දෙනෙක් ඔවුන්ගේ අත්දැකීම් පොත් කිහිපයකට රචනා කලා මෙන්ම අවුෂ්විට්ස් කියන්නේ සමූලඝාතනයන්ගේ ප්‍රධාන සංකේතයක් බවට පත් උනා. 1947 වසරේදී අවුෂ්විට්ස් බිර්කෙනාවු කෞතුකාගාරය, අවුෂ්විට්ස් 1 හා 2 පිහිටි භූමියේ ආරම්භ කලා. 1979 දී යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස මේ කෞතුකාගාරය නම් කෙරුනා.
දෙවෙනි ලිපිය ඉක්මනින්ම බලාපොරොත්තු වෙන්න. අවුෂ්විට්ස් ගැන දැනගන්න දෙයක් තියෙනවනම් අහන්න. පෝලන්තයේ ජීවත් වෙන නිසා අවුෂ්විට්ස් ගැන මේ දවස්වල වැඩිදුර ඉගෙන ගනිමින් ඉන්නේ. මගේ දැනුම ඔබත් සමග බෙදා ගන්න හැකිවේ කියා හිතනවා.
ජායාරූපය අන්තර්ජාලයෙන්, විස්තර විකිපීඩියා හා පොත පතින්.
Birkenau entrance today

Last edited:

++