අසදාරණය...

prathapa89

Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    මී ගවයින් 23 ක් වෙනුවෙන් හිරේ යෑමට සූදානමින් සිටින මිරිස්සේ ධම්මවංශ හිමි

    Mirisse%2BDhammawansa.jpg
    සතුන්ට හිංසා වන පරිදි ප්‍රවාහනය කල මී ගවයින් 23 ක් අධිකරණ නියෝගයකින් රුපියල් හාර ලක්ෂයක බැඳුම්කරයක් මත බාරගත් තංගල්ල වජිරගිරි විහාරයේ මිරිස්සේ ධම්මවංශ හිමියන්ට, එම මී ගවයින් අයිතිකරුවන්ට ආපසු භාර නොදුනහොත් මාස 6 ක සිරදඬුවමක් නියමකොට තිබෙනවා.

    අධිකරණ නියමය අනුව රුපියල් ලක්ෂ හතරක් මී ගවයන්ගේ අයිතිකරුවන් යයි කියන යට ගෙවා ගන්නට අපොහොසත්ව සිටින ධම්මවංශ හිමියෝ මීගවයින් 23 දෙනාට ජීවිත දානය ලබාදීමේ අදිටනින් මාස 6ක සිර දඬුවම් විඳීමට සැදී පැහැදී සිටිනවා.

    ප්‍රමාණවත් ලියවිලි නොමැතිව, සතුන්ට හිංසා වන පරිදි ප්‍රවාහනය කල මී ගවයින් පිරිසක් තංගල්ල පොලිසිය විසින් මීට වසර තුනකට පෙර අත්අඩංගුවට ගත් අතර සතුන් නඩු භාණ්ඩයක් ලෙස සලකා සතුන්ගේ සුභ සාධනය තකා ධම්මවංශ හිමියන් මෙම මී ගවයින් පිරිස රුපියල් හාර ලක්ෂයක බැඳුම්කරයක් මතයි ලබාගෙන තිබෙන්නේ.

    ප්‍රදේශයේ වෙසෙන ගොවීන් 10 දෙනෙකුට තමන් වහන්සේ විසින් මෙම මී ගවයින් රැක බලා ගැනීමට බෙදා දුන් බවත් සාම මසකම තමන් වහන්සේ එම ගොවි නිවෙස් වෙත ගොස් එම සතුන් හොඳින් සිටී දැයි සොයා බලන බවත් උන්වහන්සේ තවදුරටත් පවසනවා.

    මී ගවයින් වෙනුවෙන් අධිකරණයෙන් ගෙවීමට නියමකළ රුපියල් ලක්ෂ 4 ක මුදලින් ලක්ෂ දෙකහමාරක් තමන්වහන්සේ පරිත්‍යාගශීලින්ගේ ආධාර ඇතිව මේ වන විට ගෙවා තිබෙන බවත් ඉතිරි මුදල් ගෙවීමට මෙම මස 16 දක්වා කල් ඉල්ලා ඇති බවත්, එය ගෙවීමට නොහැකි වුවහොත් තමන් වහ්නසේ සිරබත් කෑමට සූදානම් බවත් උන්වහන්සේ තවදුරටත් උන්වහන්සේ පවසනවා.

    මේ පිළිබඳව විමසීමට ගොසිප්9 උන්වහන්සේ දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. එවිට උන්වහන්සේ පැවසුවේ මෙවැන්නක්. මේ සඳහා දායක වීමට කැමති අයෙක් වේ නම් ඒ සඳහා
    දායකවිය හැකි ආකාරයද අප උන්වහන්සේගෙන් විමසා සිටියා.

    හාමුදුරුවනේ අපි අද දැක්කා පත්තරේ තියනවා පහුගිය දවසක ඔබ වහන්සේ බේරගත්ත මී ගවයන් වෙනුවෙන් හිරේට යන්න සූදානම් කියලා. ඒ ගැන පොඩ්ඩක් අපිට විස්තර කරන්න පුළුවන්ද?

    රුහුණේ දැන් මි ගවයන් නැහැ

    දකුණු පළාතේ කිරි ගව සම්පත සීග්‍රයෙන් විනාශ කරමින් පවතිනවා. විශේෂයෙන් රුහුණේ මීකිරි ඉතාමත් ප්‍රසිද්ධ ආහාරයක් බවට පත් වුනා. නමුත් අද ඉතාමත්ම සංවිධානාත්මක විදියට මේ කිරි ගව සම්පත විනාශ කරමින් පවතිනවා. ඇත්තටම දැනට මී කිරි නැහැ. තියන ඒවත් කලවම් කල කිරි තමයි තියෙන්නෙ. කතරගම ඉඳල එනකොට ඔබතුමන්ල දැකල ඇති මී කිරි කඩ විශාල වශයෙන් තිබුනා. නමුත් දැන් එහෙම නැහැ. ඔක්කොම කඩ වහලා. ඉතා සුළු ප්‍රමාණයක් තමයි තියෙන්නෙ. ඒකට ප්‍රධානම හේතුව රුහුණේ මී ගවයන් කොළඹට සහ බේරුවල ට පැටවීමයි. පටවලා අවුරුද්දකට මී ගවයින් 90,000 ක් පමන ඝාතණය කරනවා.

    කොළොඹ අය හරක් මස් කියල කන්නේ මි හරක් මස්

    කොළඹ බොහෝ දෙනෙක් දන්නෙ නෑ මේ කන්නේ "මී හරක් මස්" කියලා. හරක් මස් කියල තමයි මිනිස්සුන්ට කන්න දෙන්නේ. ඒ විදියට මී ගව සම්පත විනාශ කරගෙන යන මොහොතක අපි දකුණු පලාතෙ පොලිසි දැනුවත් කලා. මේ රටේ සත්ව පනතක් තියනවා. ඒ සත්ව පනතට විරුද්ධව තමයි මේ විදියට මී ගව සම්පත විනාශ කරන්නේ. ඒ අනුව මී හරක්, එළදෙන්නු වසු පැටවු මරන්න බෑ. වස්සො මැරුවත් එයට පශුවෛද්‍යවරයාගේ සහතිකයක් ඕන.

    අවුරුදු 12 ට වැඩි සතෙක් නම් පමණයි මැරිය හැක්කේ. එයත් කෘෂිකර්මාන්තයට යොදා ගත නොහැකිනම් විතරයි. නමුත් අද මේ කිසිම දෙයක් කිසිම කෙනෙක් හොයල බලන්නෙ නෑ. විශේශයෙන්ම පශු සම්පත් අමාත්‍යාංශයක් කියල එකක් තියනව. ඒත් පශු සම්පත් අමාත්‍යාංශයේ අනුදැනුම ඇතුව මේ ගව සම්පත විනාශ කිරීමේ වැඩසටහනක් පවතිනවා.


    දකුණේ ගවයන් නැගෙනහිර පටවන කුමන්ත්‍රණය

    තව දින කීපයකින් හම්බන්තොට කිරි ගවයින් 90 දෙනෙක් නැගෙණහිර පළාතට ගෙන යෑමේ කූඨ උපක්‍රමයකට ලිය කියවිලි සකසනවා. හම්බන්තොට පශු වෛද්‍ය කාර්යාලයට තමයි බල කරල තියෙන්නෙ ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යය සහතික සකස් කරන්න කියලා.

    නමුත් ඒ අය දන්නව අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් අධිකරණයට ගෙන යනව කියල බොරු සහතික හදාගෙන ගෙනියන්නෙ මරන්න කියලා. ඒ නිසා ඒ අය නොදී හිටියා. පසුව පශුවෛද්‍ය කාර්යාලයේ ඉහල අධ්‍යක්ෂක වරයෙක් හම්බන්තොට ටත් කතා නොකර මාතර පශුවෛද්‍ය කාර්යාලට කතා කරල ඒගොල්ලො කීව වහාම මේ සඳහා අවශ්‍ය ලියකියවිලි සම්පාදනය කරලා දෙන්න කියලා.

    අඒ අනුව තව ටික දවසකින් මී ගවයන් 20 දෙනෙක් මසට අරන් යනවා යනවා මසට. ඒ වගේ දිගටම ලොරි හතරක් හැමදාම රුහුනේ මී ගවයෝ කොළඹට අරන් ගියා. අපේ වැඩ පිළිවෙලත් එක්ක ඒ ලොරි හතර එකකකට සීමා වුනා. ඒකත් දැන් කලාතුරකින් තමයි අරගන යන්නේ. නමුත් අපට ඇත්තටම කණගාටුයි මේ සඳහා පොලිස් නිලධාරීන්ගේ සහයෝගය ලැබෙනවා, නීතීඥයන්ගේ සහයෝගය ලැබෙනවා, අධිකරනයේ සහයෝගය ලැබෙනවා. මේක ඉතාමත් කණගාටුදායක තත්ත්වයක්.

    මම රුහුණේ භික්ෂූන්වහන්සේ නමක් විදිහට ජීවිත පරිත්‍යාගයෙන් තමයි මේ ගවයෝ බේරගන්නේ. මම දැනට ගවයන් 1,000කට වැඩි සංඛ්‍යාවක් බේරගන අහිංසක කිරි ගොවියන්ට බාරදීලා තියනවා. ඒ කිරි ගොවියන් ලඟ තමයි මේ සතුන් හැදෙන්නේ.


    සතුන් වෙනුවෙන් පෙනී සිටියාට නඩු 35 ක්
    ඔය අතරතුර තමයි ගවයන් 23 දෙනෙකුගේ ප්‍රශ්නයක් ආවා, සාමාන්‍යයෙන් ගවයන් වෙනුවෙන් මම අධිකරණයේ පෙනී ඉන්නවා. දැනට නඩු 35ක් තියනවා මට. ඒ නඩු 35කට පෙනී ඉඳලා තමයි මේ ගවයෝ මුදාගන් තියෙන්නේ.

    පනත අනුව පුළුවන්කමක් තියනවා මේ ගවයන් රාජසන්තක කරන්න. එහෙම නැත්නම් ස්වේච්ජා සංවිධානයකට බාර දෙන්න. ඒ අනුව ඉල්ලීමක් කරලා මම හැම උසාවියකම පෙනී ඉඳලා මේ ගවයන් නිදහස් කරගන ගොවියන්ට ලබා දෙන්නේ.

    ඒ අනුව තංගල්ල අධිකරණයේ පවති නඩුවකදී ගවයෝ 23 දෙනෙක් අධිකරනයෙන් මට ලබාදුන්නා. නමුත් අධිකරණ නියෝගයක් ආපහු දුන්නා ඒ ඝාතකයන්ටම ආපහු මේ සතුන් ආපහු ලබාදෙන්න කියලා.

    ඒකට මම දැඩි ලෙස විරෝධය පෑවා. ඒ නිසා අධිකරණයට අපි වීරුද්ධ වෙන්නේ නෑ. නමුත් අපි අධිකරණ නියෝගය පිලිගත්ත නොගත්ත යම් කිසි වැරැද්දක් සිද්ධ වුනත් අපිට ඒ නියෝගයට මුහුන දෙන්න වෙලා තියනවා ඒ අනුව මේ 23 දෙනා නිදහස් නොකරපු නිසා මාව ලක්ෂ දෙකක ශරීර ඇප පිට බන්ධනාගාර ගතකළා.

    සති දෙකකින් හිඟ මුදල ගෙවා ගැනීමට නොහැකි වුවොත් මම හිරේට යනවා
    ඊට පස්සේ මම ලක්ෂ දෙකක ශරීර ඇප පිට නියෝගයක් කළා. මට නියෝගයක් කළා සති 2ක් ඇතුලත ලක්ෂ 4ක් අධිකරණයෙන් දඩයක් ගහනවා. ඒ දඩය ගෙවන්නේ නැත්නම් මාස 6ක සිර දඬුවම් විඳින්න සූදානම් වෙන්න කියලා. ඒ අනුව අපි සිරදඬුවම් විඳීමට සූදානමින් තමයි හිටියේ. නමුත් සතුන්ට ආදරේ කරන මිනිස්සු දැනට ලක්ෂ දෙකහමාරක් එකතු කරලා දීලා තියනවා. මේ මුදල රජයට බඳින්න කියලා. තවත් ලක්ශ එකහමාරක් එකතු කරගන්න තියනවා.. ඒ මුදල එකතුකරගන්න බැරි වුනොත් සමහරවිට අපි හිරේට යන්න සූදානමින් තමයි ඉන්නේ මේ සතුන් වෙනුවෙන්.

    මේ රටේ හොරු ඉන්නවා, කුඩු කාරයෝ ඉන්නවා, තක්කඩියෝ ඉන්නවා, ඒ අයට නිදහස තියනවා. මේ සතුන්ගේ ජීවිත වෙනුවෙන් තමයි අපි කැපවෙලා තියෙන්නේ, හිරේට යන්න සූදානමින් ඉන්නේ.

    ඒ නිසා මම මේ රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ගව ඝාතනයට පනතක් තියනවා මේ රටේ, එම පනත උල්ලංගනය කරමින් කරන විනාශය නවත්තන්න ඔබ හැම දෙනාගෙම සහයෝගය ලබාදෙන්න කියලා.

    ස්වාමීන්වහන්ස, ඉතිරි ලක්ෂ කහමාරක මුදල සඳහා දායක වෙනවා නම් එය කරන්නේ කොහොමද?
    අපි මේ සතුන් විතරක් නෙවෙයි, සතුන් නිදහස් කරගැනීමට දවස් ගානක් පොලිසි වල රැඳී ඉන්නවා. එතකොට ඒ සතුන් වෙනුවෙන් කන්න බොන්න දෙන්න වෙනවා. එතකොට මේ සතුන් වෙනුවෙන් අධිකරණයේ පෙනී ඉන්නකොට නීතීඥ ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා. ප්‍රවාහන ගාස්තු ගෙවන්න සිද්ධ වෙනවා ගොවීන්ට දීමේදී. මේ නිසා ඊට අමතරව වියදමක් දරන්න සිද්ධ වෙනවා. අපේ කිසිම සංවිධානයක් නෑ. අපේ අතින් වියදම් කරගන තමයි මේ තාක් එම සියල්ලක්ම සිද්ධ කළේ.

    ඒ නිසා මම ඉල්ලීමක් කරනවා මේ රටේ සතුන්ට ආදරය කරන මනුශ්‍යන්ගෙන්, පරීත්‍යාගශීලීන්ගෙන් ඔබලාගේ කැපකිරීම, කරුණාව දක්වන්න කියලා. මම
    __________________________________________________________________________
    ආධාරයක් උපකාරයක් කරන්න කැමති කෙනෙනෙකුට ගිණුම් අංකය
    067 200 1055 46050
    තංගල්ල මහජන බැංකු ශාකාව
    නම: මිරිස්සේ ධම්මවංශ හිමි

    __________________________________________________________________________
    ඔය ලක්ෂ එකහමාර දුන්නම ඒ සතුන් බේරගන්න ලැබෙනවද?
    ඔව් ඔය දඩය ගෙව්වට පස්සේ සතුන් ආපහු දෙන්න ඕනේ නෑ. එහෙම නැත්නම් හිරගෙට යන්න සිද්ධ වෙනවා.
    :angry::angry::angry::angry::cool::sorry:


    ගත්තේ:- ගොස්සිප් 9
     
    Last edited:
    • Like
    Reactions: Rana Rala

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    000203F6.gif

    මෙක යකො යකගෙ නීතියක් නෙ.. මරන්න ඉන්න සතෙක් බෙරගත්තත් මෙ සිංහල රටෙ හිරෙ යන්න වෙනවනෙ.. රට බල්ලට ගිහින්. උසවියෙත් අසධාරනෙ.. පොලිසියට ගියත් වැරදි කාරය අසාධාරනේට ලක්වෙච්ච මිනිහ. මහින්දගෙ අම්මගෙ නිතිය..
    000204E9.gif
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    000203F6.gif

    මෙක යකො යකගෙ නීතියක් නෙ.. මරන්න ඉන්න සතෙක් බෙරගත්තත් මෙ සිංහල රටෙ හිරෙ යන්න වෙනවනෙ.. රට බල්ලට ගිහින්. උසවියෙත් අසධාරනෙ.. පොලිසියට ගියත් වැරදි කාරය අසාධාරනේට ලක්වෙච්ච මිනිහ. මහින්දගෙ අම්මගෙ නිතිය..
    000204E9.gif

    aniwa bnz :growl::growl: