යකෝ විලියම් ශේක්ස්පියර්ටවත් ගෑණු තේරුම් ගන්න බැරි උන එකේ ඔබට මට වැටහේවිද බං..බොහෝම ඉතාම සුලු පිරිසක් විතරයි අම්මා අවලමේ ගියත් පාඩුවේ ඉන්න එවුන් ඉන්නේ. ඇක්චුවලී මට එහෙම උන් හම්බුවෙලා නෑ බං. ගෑණුන්ව තේරුම් ගන්න බැහැ. ඒත් මම නම් දන්නේ අම්මා ඇරෙන්න වෙන විශ්වාස කරන්න පුලුවන් ගෑණියෙක් මේ ලෝකේ නැහැයි කියලයි. කසාද ගෑණුත් ඉතින් කනෙන් රිංගන අවස්තා තියෙනවනේ. නෝනා දොස්තර වරියක්ද? (භාෂාවට සමාවෙන්න මගේ.)
අවංකෙන්ම කොල්ලො.. අන්තිමට මොන දේ උනත් අඩාගෙන දුවන්න වෙන්නෙත් අම්මා තාත්තා ගාවට තමයි..
ස්තුතියි මචන්.... උඹලා මුලින් කියපු දේවල් මම ගනන් ගත්තෙ නෑ මචන්.. මම දන්නව එලකිරියෙ එහෙම දේවල් වෙන බව
කොහොමහරි මචන් ගොඩක් ස්තූත්යි උඹේ අවවාද වලට.. ගොඩක් වටිනවා, ඇත්තටම මචන් මේ කතාව මම මේකෙ දැම්මෙ හිත හදාගන්න බැරිම තැන .
එයා දැන් අල්ලාගෙන ඉන්නෙත් ඩොකෙක් තමයි මචන්.
හැකි ඉක්මනින් මම එයාව 100%ක් අමතක කරනව මචන්
පිස්සුද.. කොහෙවත් යන ගෑනියෙක් වෙනුවෙන් දුක් වෙනවට වඩා උඹට කරන්න වැඩ තියෙනවා.. නිවි සැනසිල්ලෙ හිතලා බලපං.. අපිට මිනිස්සුන්ව තේරුම් ගන්න බැහැ.. තේරුම් ගන්න උත්සාහ කරන්නත් එපා..
තමන් ගැන තමන්ගෙ පවුල ගැන හිතලා වැඩ කරන්න පුරුදු වෙන්න..
සැන්දෑ කලුවර ගලා හැලෙන විට
සෙනෙහස දැල්වුනු නිවෙස සොයා එමි
ඔබේ සිනා සඳ මඩල මුවාවෙන්
ජීවිතයේ දුක වෙහෙස නිවාගමි
කුරුලු කැදැල්ලක උණුසුම කැටි වුණු
අමා සුවය දෙන අතුපැල හෙවනේ
අසරණ ඌ දා මට ඔබ පමණයි
මදකට හෝ සැනසුම ගෙන දෙන්නේ
පිබිදෙන ලොව හා තරඟ කරන්නට
හෙට අළුයම යලි පිටවිය යුතු වේ
ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම
ඔබේ හදට වැඩියෙන් තව ළං වේ
මට මේ ඊයෙ පෙරේදා 001flyD සහෝදරයා ප්‍රොෆෙසර් සරත් විජේසූරිය මහත්තයගෙ කතාවක් දුන්නා අහන්න කියලා.. පුළුවන් නම් යාලු වෙලා ඉන්න ගෑනු ලමයටත් දෙන්නයි කිව්වා.. මට ඒක ඩවුන්ලෝඩ් කරගන්න වත්කමක් නැතිව හිටියෙ.. ලොකු වීඩියෝවක් නිසා.. එයා අවශ්‍ය ටික විතරක් එඩිට් කරලා MP3 එකක් විදියට හදලා දුන්නා.. එදා වැඩ පැත්තක දාලා ඕක ඉවර වෙනකම්ම ඇහුවා.. පැය එකහමාරකටත් වැඩියි.. සරත් විජේසූරිය මහත්තයා එයාගෙ පවුල් පසුබිම ගැන කතා කරනකොට මට මතක් උනේ මගේ අම්මයි තාත්තයි..
අපේ පවුලත් බොහොම දුප්පත් පවුලක්.. ඒ උනාට හරි සංතෝසෙන් සමගියෙන් ජීවත් වෙන්නෙ.. මට මතක ඇති කාලෙක අපේ අම්මයි තාත්තයි රන්ඩු වෙනවා මගේ කනට ඇහිලා නෑ.. අඩුම තරමෙ උඹවත් කියල කතා කරලා නෑ අම්මා තාත්තටවත්. තාත්තා අම්මටවත්.. ඒක නම් ආත්මීය බැඳිමක් වගේ.. අඩුම තරමෙ තාත්තා ගෙදරට එනකන් අපේ අම්මා කෑම කන්නෙ නෑ.. කොච්චර කන්න කිව්වත් තාත්තා එනකන් ඉන්නව පුතේ කියල තමා කියන්නෙ..
ඔතන එක තැනකදි සරත් විජේසූරිය මහත්තයා කියනවා.. ඒ කාලෙ මිනිස්සු නිදියන්න කලින් ඊළඟ දවස ගැන ප්ලෑන් කරනවා කියලා.. ප්‍රශ්න තියෙනවා නම් සාකච්ඡා කරනවා කියලා.. සහතික ඇත්ත.. අපේ අම්මයි තාත්තයි නිදාගන්න කලින් පිලට වෙලා වාඩියක් දාලා බර කයියක් දානවා.. ඉතිං ඔය වෙලාවෙදි මොනා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ දෙන්නා සාකච්ඡා කරලා විසඳගන්නවා.. කොහොමත් නිදාගන්නෙ රෑ දහය පැනලා.. අපේ අම්මා දැනටත් ටෙලි නාට්‍ය බලන්නෑ.. මට ඒ ගැන නම් තවත් ආඩම්බරයි.. මොකද සරත් මහත්තයා කියනව වගේ ගොඩක් අම්මලා ටීවී එක ගාවට ආවම උන් හිටි තැන් අමතකයි..
ඇත්තටම මං ඒ වගේ දෙමාපියන් ලබන්න පින් කරලා තියෙනවා.. සෑහෙන්න සතුටුයි..
අද කාලෙ ගැන ගත්තොත්.. ලෝකෙ දියුනු උනාට, තාක්ෂණය දියුනු උනාට, මිනිස්සුන්ගෙ මොල ගෙඩි දියුණු උනාට හැදියාව අතින් එයාලා දවසින් දවස වලපල්ලට යනවා.. ඉස්සර කසාඳ බඳින්න කලින් රූම් ගානෙ ගිහින් ආතල් ගන්න, ගල් අස්සෙ රිංගන් තොල් දාන්න අවස්ථාවක් නෑ.. ඒ කාලෙ කෙල්ලො තමන්ගෙ පතිවත රැක්කා කසාඳයක් බඳිනකන්.. ගමෙන් කතාවක් ඇහුවෙ නෑ.. ආදරේ කලා හැඟීම් වලට වහල් නොවී.. අද කාලෙ යාලු වෙලා සතියෙන් රූම් එකට රිංගලා වැඩ ඔක්කොම කරගන්නවා.. සමහර විට ඒක කසාඳයකින් ඉවර වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.. ගොඩක් වෙලාවට කසාඳ බඳින්න කලින් හබක් වෙනවා ලව් එක..
මොකද අද කාලෙ අය ආදරයයි රාගයයි පටලගෙන.. ආදරේ කරනවා කියන්නෙ රූම් ගානෙ ගිහින් සෙක්ස් කරන එකට.. කසාඳ බඳින උන් මාසයයි දෙකයි.. ගෙදර ගෝරි.. එහෙම නැත්තං මහත්තය නැති වෙලාවට නෝනා වෙන අය එක්ක යනවා, නෝනට හොරා මහත්තයා වෙන ගෑනු එක්ක යනවා.. සංස්කෘතිය සදාචාරය බල්ලට ගිහින් තියෙන්නෙ..






