තමන්ගෙ සල්ලි ටික පරිස්සම් කරගනින් බන් එහෙනම් වැඩිය නටන්නෙ නැතිව. උබට බිස්නස් එකක මූලික කරුනු අනුපිලිවෙල වත් තේරෙන්නෙ නැති මෝඩයෙක්. ඒ කියන්නෙ අඩුම පිරිවැයකින් (වියදමකින්) උපරිම ලාබයක් ලබන්න බලපන් සාධාරනව ව්‍යාපාර කරල. එහෙම කාලයක් කරල ඊට පස්සෙ surplus එකක් (අතිරික්තයක්) generate වෙන්න ගන්නකොට තමා සිස්ටම් කරන්න ඕනෙ. ඔක්කොටම කලින් රටේම නැති මගුල් වලට තියෙන සල්ලි ටික පූජා කරන මෝඩයෙක් උබ.
service professionals ල ඕනෙවට වඩා ලන්කරගත්තාම උන් හරි හම්බ කරන තුටුටුවට විදිනව. ඊට පස්සෙ කිසිම තේරුමක් නැති පෙපර්වර්ක් වලට වියදම් කරෝනව. අන්තිමට උබ උන්ට හම්බකරල දීල විතරයි. professional charges banking charges කියල කොච්චර උබ දැන්ම කපාගෙන ඇතිද.
-------------------------------------------------------------------------------------------
මේක දකින වෙන එකෙකුට හරිමේ කියන්නෙ.
ඉස්සෙල්ලාම තනි පුද්ගල ව්‍යාපරයක් register කරගන්න. (Sole proprietor) මම ඒක කරන හැටි
post එකක් දාල තියෙනව.
ඊට පස්සෙ BR එක අරගත්තට පස්සෙ තමන්ට ඉක්මනින් ළගාවියහැකි පහසු බැංකුව තෝරගෙන BR එක ඉදිරිපත් කරල තමන්ගෙ නමට පුද්ගලික ජංගම ගිණුමක් open කරගන්න. එතකොට business එකට එන චෙක්ස් මාරු කරගන්න පුලුවන්. ව්‍යාපාරික කටයුතු වලට ඔයාල චෙක්ස් දෙනව නම් ඒකට සීල් එකක් (Rubber stamp) හදාගන්න. චෙක් එකේ පිටිපස්සෙ endorsement කියන කොටසෙ සීල් එක තියන්න. එතකොට බැංකුව දන්නව මේ ව්‍යාපාරික ගනුදෙනු කියල.
ඔච්චරයි. ඔහොම ගනුදෙනු කරල අඩුම annual business turnover එක අවුරුද්දට මිලියන 50 පනිනව නම් අන්න එදාට මේ වගේ සිස්ටම් වලට මාරු වෙන්න.
මිලියන් කියන එක ලොකුවට හිතුවට ඔය හංදියේ තියෙන අඩි 10x15 ග්‍රොසරියටත් අවුරුද්දට ආසන්න වශයෙන් මිලියන 20ක turnover එකක් තියෙනව. ටවුන් එකේ තියෙන ලොකු ග්‍රොසරි මිලියන 120ට වඩා business කරනව. ඉතින් ව්‍යාපාරික ප්‍රජාව අතර උබලගෙ ඔය මිලියනේ සෑහෙන්න පොඩියි උබල මිලියන් කියල ලොකු කරන් දැගලුවට. ඔය ටික් ටොක් නංගිල එහෙම අවුරුද්දට රෙදි කෑලි ටිකක් කූරියර් කරල මිලියනයක් විතර බිස්නස් කරල හෙනම මෝටිවේශන් හෑලි එක්ක වීඩියෝ දානව උන් තමයි පොරවල් උන් බිස්නස් හැදුව හීන වෙනුවෙන් වැඩ කලා කියල. ඒව නිකන් වැල් බයිල.
සාමාන්යෙන්
retail Sole proprietor business එකක් survive වෙන්නත් අඩුම මිලියන 15ක වත් annual business turnover එකක් තියෙන්න ඕනෙ. එහෙම නැත්නම් වහල දාල රස්සාවක් කරනව ඊට ලාබයි