බම්ප්
දන්න තරමින්, ගේජ් එක තමයි වෙනස් වෙන්නෙ. ඒකයි හොඳ ඒව බර වැඩි.... හොඳ ගේජ් මොනවද කියන්න මාත් දන්නෙ නෑ...
ඔවු යකඩ බාර් නං කෙලින්ම බාර් එකේ තික්නස් එකෙන් කියන්නෙ (1.4mm, 1.6mm etc)
ඇලුමිනියම් වල ඒක කියන්නෙ බරෙන් (Kg/m), එකම බාර් එක තියෙන්න පුලුවන් (Kg/m) එක වෙනස්, මේක වැඩී කියන්නෙ බාර් එක ගනකම වැඩියි සහ හයිය හොඳයි
තව එකම බ්‍රෑන්ඩ් එක එකම බාර් එක තියනවා පේන්ට් එකෙන් වෙනස් වෙන ඒවා, නෝමල් පේන්ට් කරපු බාර් ගාන පොඩ්ඩක් අඩුයි පවුඩර් කෝටඩ් එක ගාන වැඩියියි කල් පැවැත්ම හොඳයි
දැනට ලංකාවෙ තියන ඇලුමිනියම් වලින්
ඇලුමෙක්ස්
ස්විස්ටෙක් දෙකේම කොලිටි වෙනසක් නැහැ දෙකම එකම කොලිටි හැබැයි මොනවා හරි වැඩක් කරනවා නං එක බ්‍රෑන්ඩ් එකකින් බඩු ගන්න මොකද mix and match කරන්න බැරි තැන් තියනවා
තව ලංකා ඇලුමිනියම් කියලා එකක් තියනවා ඒකත් හොඳයි කියලා කියනවා මම ඒක යූස් කරලා නැති නිසා කියන්න දන්නෙ නැහැ
ඇලුමෙක්ස් එකේ හදපු දොරවල් වල කොලිටි ඒ විදියටම ගන්න පුලුවන් ඇලුමෙක්ස් බාර් අරගෙන හදලත්
හැබැයි සමහර බාර් වර්ග තියනවා නිකන් කපලා ජොයින්ට් කරන්න බැරි, ඒවට වෙන වෙන ගැජමැටික් තියනවා ජොයින්ට් කරන්න ඒ කෑලි වලට දසමෙට සෙට් වෙන විදියට හිල් පන්ච් කරන්න වෙනම මැශින් තියනවා, ඒ වගේ බාර් වලින් නං කොලිටියට වැඩ කරන්න ඒ මැශින් එහෙම ඕන
සාමාන්‍ය ගෙදරකට ගහන බොක්ස් බාර හරි සෙක්ශන් බාර් හරි වලින් වැඩ කරන්න 99%ක් වෙලාවට ස්පෙශල් ටූල්ස් එහෙම ඕන නැහැ වැඩ හරියට දන්න කෙනෙක්ට කොලිටියටම කරන්න පුලුවන්
ඉස්සර ඇලුමෙක්ස් එකෙන් ෆ්‍රී ඇලුමිනියම් ෆැබ්‍රිකේශන් කෝස් සෙට් එකක් තිබුනා දවස් තුනක කෝස් එකක් ෆුල් ෆ්‍රී කෑමත් දෙනවා
උන්ගෙන් බඩු දීලා හදනහැටි එහෙමත් කියලා දෙනවා සත පහක් වියදම් කරන්නෙ නැතිව
මම ඕකට ගිහින් ගොඩක් දේවල් ඉඟෙන ගත්තා
තව ඇඩ්වාන්ස් කෝස් දෙකක් තිබුනා ඒවත් ෆ්‍රී ඒත් ඒ දෙක නං කරේ නැහැ