හොද අදහසක් එත් මන් මේ ඇහුවමයි විපක්ෂයක් පත් කරන්න චන්දෙ දෙන කතාව, මොකද දෙන එක්කෙනා චන්දෙ දෙන්නේ දිනන්න ආණ්ඩු පිහිටන්නනේ.
ඒ කෙසේ වෙතත් මන්නම් හිතන්නේ පක්ෂේ පුටු මාරු කරන්න පෙල්ගැහෙන එක විහිළුවක්. මොකද ඊළගට එන තැනැත්තා ඕවගේ නොවෙනවා කියන්න බැරි නිසා. මේක ආණ්ඩු පක්ෂයයි විපක්ෂයට පොදු දෙයක්, කොටින්ම දැන් ඔය යුන්පි ලේබල් යටතේ හිටපු බොහෝදෙනෙක් ආණ්ඩුවට ගිහින් නිසා, හොදම විහිලුව දෙය්ය කියල සැලකිලි කරපු අයගේ කටින්මයි ඔය ගිහින් බැනුම් අහන්නෙත්. ආණ්ඩුව හරි විපක්ෂය හරි එක්කෙනෙක්ගේ නමක් කියන්න පුලුවන්ද ජඩ වැඩ අපරාද බලු වැඩ නොකරපු.
මන් කියන්නේ මේ හොරකම් මැරකම් කරන දේශපාලකයා පත්කරනතුරු කවදාවත් ජනතාව පරාදයි.
එහෙනම් දැන් පැහැදිලි ඇති මොනාටද පෙළගැසෙන්න ඕනේ, හොරකම් දුෂණ ජඩ වැඩ කරන අයට විරුද්දවයි, මේ අයව සමාජයේ කොන් කරන්න ඕනේ. ඒ තත්වෙට මිනිස්සු පත්වෙන්න ඕනේ, එතකොට මේ රටේ තියෙන ප්රශ්න සම්පුර්ණයෙන් විසදෙයි. අඩුම තරමේ තමන්ගේ පක්ෂේටවත් මේ වගේ කෙනෙක් පත් කරන්න පෙළ ගැසෙන්න එතකොට මේ රට ලස්සන වේවි.
එකතු උනොත් කරන්න බැරි දෙයක් නෑ