[FONT="]"මිනිසා දේශපාලන සත්වයෙක්" [/FONT]
[FONT="]- ඇරිස්ටෝටල් -[/FONT]
තමන්ගේ පැවත්ම රැකගැනීමට අනුවර්තනය වීම දේශපලකයන්ටද පොදුය
"මිනිසා ලිංගික සත්වයෙක්" යැයි කියූවේ සිග්මන් ප්රොපයිඩ්ය. එතෙක් කරලියේ පැවතුන පිළිගැනීම වූයේ "මිනිසා දේශපාලන සත්වයෙක්" ය යන ඇරිස්ටෝටල් විසින් ඉදිරිපත් කරන ලද අදහසයි. මේවා හරි හෝ වැරදි විය හැකිය. එය වෙනම ම කාරණයකි.
කෙසේ වෙතත් දේශපාලනය යනු මසට සම සේ, ගසට පොත්ත සේ මානවයාගේ ජීවිතය හා සබැඳුන ක්රි යාදාමයකි. එමෙන්ම ප්රටජාතන්ත්රයවාදී සමාජයක තමන් කැමති දේශපාලන මතවාදයක් දැරීම සඳහා සෑම පුරවැසියෙකුටම සමාන අයිතිවාසිකමක් තිබිය යුතුය.
රටක ජීවනාලිය ලෙස සැලකෙන්නේ තරුණ පරපුරයි. ඔවුන්ගේ ජවය හා ශක්තිය මෙන්ම නැවුම් මතවාද හා ආකල්ප ද රටේ සංවර්ධන ව්යාිපෘතීන් කෙරෙහි සෘජුව බලපායි. රටක දේශපාලන තීන්දු තීරණ කෙරෙහි ශක්රීසයව දායකවීමේ ශක්ය තාවයක් හා පරිචයක් මෙන්ම අයිතියක්ද ඔවුනට ඇති බව මාගේ විශ්වාසයයි.
මට දැනෙන අනෙක් වැදගත්ම කරුණ නම් ධනවාදී හෝ සමාජවාදි හෝ සංවර්ධනයවූ හෝ නොවූ වෙනත් කිසිම රටක ක්ර මවේදයන් සමග අපගේ ක්රූමවේදයන් සංසන්දනය නොකල යුතු බවයි. මන්ද ඒ සියල්ලෙහි ධනාත්මක හර පද්ධතීන් ඇසුරු කරගනිමින් නිර්මාණයවූ, අපගේ සමාජ සංස්කෘතික වටපිටාවට උචිත අපටම අනන්ය් වූ ප්රාතිපත්තියක් ගැන අප සිහින දැකිය යුතු වන බැවිනි.
දුක්ඛ දායක ගැටලුව ඇත්තේ මෙතැන නොවේ. සමාජ ආගමික හා සංස්කෘතික ආදී සියලු වටිනා දේහයන් තුල ඉහඳ තබා,පරිහානියේ දොරටුව වෙත අපරට රැගෙන යන වර්තමාන බඩගෝස්තරවාදී දේශපාලනික චින්තනයන්ගේ ඇති පසුගාමීත්වය තුලයි. එවන් වඳ පීදුන සමාජ සංස්ථාවක් තුල නූතන තාරුණ්යියද මං මුලාවී ඇත. දේශද්රෝරහී දේශපාලන ව්යා පාරයන්ගේ පටු උවමනා එපාකම් වෙනුවෙන් කඩේ යෑමට ඔවුනට සිදුව ඇත්තේ එබැවිනි.
පැහැදිලිව එක් දෙයක් කියමි. තාරුණයා දේශපාලනය කළ යුතුය. ඒ වර්තමාන හා අනාගත අයිතිවාසිකම් රැකගැනීම උදෙසා පමණක්ද නොවේ. රටේ ප්රපජාතාන්ත්රිසක අයිතිවාසිකම් සුරැකීම උදසාදවේ. මහත් අසීරුකම් නිහඬවම විඳිමින්, සියලු බරපැන නොපිරිහෙලා දරන පොදුජනතාව, රටේ බුද්ධිමත් පිරිස ලෙස ඔවුන්ගෙන් එය බලාපොරොත්තුවන බැවිනි.
එහිදී කිසිදු බලවේගයක් ඉදිරියේ දන නැමිය යුතු නොවේ. මර්ධනයන් හමුවේ පසුබැසිය යුතු නොවේ.(ප්රකභාකරම්ගේ වියරු ඊළාම් සිහිනය අභියසදී අප රටේ තාරුණ්යැය ජීවිත අවධානමක් ඇතැයි යුධ නොවැද අත් පොරවා බලා සිටියේ නම්??) වඩා වැදගත් වන්නේ එම ජාතික කාර්යභාරයේදී බුද්ධිමත් ක්රිපයාකාරීන් වීමයි. කුමන හෝ අන්තගාමී ව්යාඑපාරයක අතකොලු බවට පත්නොවී ජාතික අරමුණක් වෙනුවෙන් පෙරමග ගැනීමයි.
කෙටියෙන්ම කියතොත් මිනිසා " මානුශීය දේශපාලනයක්" කළ යුතුවේ. එය පක්ෂ දේශපාලනය සමග පටලා නොගත යුතු වේ.
එවන් දේශපාලන ව්යාසපාරයක ප්රමතිඑල භුක්ති විඳීමට තරම් අප රටේ ජනතාව වාසනාවන්ත වේවා!!!




