ආණ්ඩු පෙරළිය ආරම්භ වී තිබේ
copyright :w3lanka
ආණ්ඩුව ඌව පළාත් සභාව නිල වශයෙන් ජයගෙන ඇත. එහෙත්, ඇත්ත වශයෙන් ම පැරදී ඇත. මන්ද, ඔවුන් මේ දැවැන්ත පසුබෑම අත් කර ගන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය ඌවේ පදිංචි වී සිටිමින් මුළු රාජ්‍ය බලය ම ඌවට කේන්ද්‍ර කිරීමෙන් පසුව නිසා ය.
එක්සත් ජාතික පක්ෂයට ඌවේ පාලනය පිහිටුවීමට නො හැකි වනමුත්, එම පක්ෂය තනි පක්ෂයක් ලෙස මේ රටේ ප්‍රබල ම පක්ෂය බව ඔප්පු කර තිබේ.
එක්සත් ජාතික පක්ෂය 44.79%ක් ඡන්ද ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසන 18න් අටක් දිනා ගන්නේ පක්ෂය ඇතුළේ සිටින සජිත් ප්‍රේමදාස වැනි ප්රතිගාමී බලවේග පවා පක්ෂයට එරෙහිව කුමන්ත්‍රණ කරමින් සිටි පසුබිමක් තුළ ය.
මේ ජයග්‍රහණයත් සමග එජාපයට නව තරුණ නායකත්වයක බලාපොරොත්තු මතු වී තිබේ. ඒ හරින් ප්‍රනාන්දු ය.
මේ ඡන්දයේදී ජවිපෙ එතරම් හොඳින් ඡන්ද ලබා ගෙන නැත. ඡන්දය දෙකොණ් සටනක් වී ඇති බව පෙනේ. ජවිපෙ තමන්ට අසුනක් නො තිබුණු මොනරාගලින් එක් අසුනක් හිමි කරගෙන බදුල්ල දිස්ත්‍රික්කයේ තිබුණු ආසනය රැකගෙන පමණක් තිබේ.
මෙම මැතිවරණ ප්‍රතිඵල මත අනාගතයේ සලකුණු වන වැදගත් සංවර්ධනයන් කීපයක් මෙසේ ය.
(1)ප්‍රබලම විපක්ෂය හා විපක්ෂයේ නායක බලවේගය බවට එක්සත් ජාතික පක්ෂය පත් වේ.
(2)සජිත් ප්‍රේමදාස වැනි එජාපයේ අභ්‍යන්තර කුමන්ත්රණකාරී බලවේගවලට එක්කෝ පක්ෂය සමග සම්මුතියකට යන්නට හෝ නැතිනම් වැනසෙන්නට සිදු වේ.
(3)සජිත් වෙනුවට නව ජනප්‍රිය දෙවන පෙළක නැගී ඒම සිදු වේ.
(4)එක්සත් ජාතික පක්ෂය නො තකා හරිමින් ගෙන ආ පොදු අපේක්ෂක යෝජනා ආදිය නැවත සලකා බලන්නට සිදු වේ.
(5)ඉදිරි දේශපාලන විභේදනය වැඩි වැඩියෙන් ආණ්ඩුව හා එජාපය අතර එකක් බවට පත් වේ.
(6)එක්සත් ජාතික පක්ෂය විධායක ජනාධිපතිවරයකු යටතේ ආණ්ඩුවක් පිහිටුවනු ඇත.
(7)ප්රජාතන්ත්රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ සාකච්ඡා එජාපයේ සීමාවන් තුළ රැඳෙනු ඇත.
(8)ජවිපෙ ආණ්ඩුවට එරෙහි ප්‍රධාන විකල්ප බලවේගයක් නො වන බවත්, විපක්ෂයේ කොටසක් පමණක් බවත් ඔප්පු වී තිබේ. එබැවින් ජවිපෙ සිය උපායමාර්ග ගැන නැවත සලකා බැලිය යුතු ය.
(9)ෆොන්සේකා, විමල් වීරවංශ වැනි තමන් කවුරුන් හෝ යයි සිතා සිටි බලවේග ඊළඟ ඡන්දයට පෙර කුමක් හෝ ප්‍රධාන පක්ෂයක ස්ථිර කොණක් සොයාගෙන අසුන් ගත යුතු ය.
(10)ආණ්ඩුව දැන් ඉතින් යන අතක් ගැන කල්පනා කළ යුතු ය.
(11)හැම ආණ්ඩුවේ ම සිටින හැල ගෙම්බන් ටික දැන් ඉතින් එජාපයට පැනීම ආරම්භ කරනු ඇත. ඔවුන් එජාපයට ගැනීම හෝ නො ගැනීම එම පක්ෂයේ වැඩකි. එහෙත්, ඊළඟ ඡන්දයෙන් ඔවුන් පරදවන්නට ජනතාව වග බලා ගත යුතු ය.
(12)රාජපක්ෂ පවුලට මොකද වෙන්නේ යන්න වෙන ම සාකච්ඡා කළ යුතු ය.

Last edited: