ආදරනීය ඩෙනිම

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ඩෙනිම් කලිසම් කියන්නෙ අපේ එල යාළුවෙක් නෙ. සමහර අයට ඩෙනිම කොච්චර අල්ලල ගිහින් තියනවද කිව්වොත් ඇඟටම ඇලිල ගලවන්නෙ නැතුව ඉඳල. යාළුවෙක් හිටිය ඉස්සර මිනිහත් ඩෙනිමටම ඇලිච්ච එකෙක්. දවසක් නිකමට වගේ ඩෙනිමෙ නවල තිබ්බ කලිසම් කොන දිග ඇරල බැලුවම ඒක ඇතුලෙ ගඩොල් කැට කෑල්ලකුයි තව ගල් කෑලි ටිකකුයි තිබ්බ :) ඩෙනිම් කලිසම් අඳින එකට අපි කියන්නෙ ඒව පට්ට ගහනව කියල, ඒ තරමට ඒව පාවිච්චි කරනව.
    මගේ ඩෙනිම් ඉතිහාසෙ පටන් ගත්තෙ ගොඩක් පස්සෙ. මුල්ම ඩෙනිම අද වගේ මතකයි, එම්සී එකෙන් ගත්තෙ (ඇත්තටම එදා තමයි මුලින්ම එම්සී එකට ගියෙත්). ඒක levis එකක්, හැබැයි ඔරිමජිනල් ද නම් කියන්න දන්නෙ නෑ. ඒකෙ zip එකක් නෙවෙයි බොත්තම් තිබ්බෙ. එදා පටන්, ඩෙනිමම තමයි. මදින්න ඕන නෑ, පාට ගියා කියල අවුලක් නෑ. කල් ඉකුත් වෙන්නෙ නෑ. ගඳ ගහල සමාජීය ප්‍රශ්ණයක් වෙනකන් අඳින්න පුළුවන් නොනැවතී.
    ඔබත් ඩෙනිම් ප්‍රේමියෙක් ද, ඔබේ ඩෙනිම ගැන කියන්න.


    9390npadvsinglephoto.jpg


    image source
     
    Last edited:

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    අහ්! මගේ ඩෙනිම කීපාරක් හේදුවද කියලා නම් දන්නේ නෑ..
    ඒක නිල්පාට ඩෙනිමක්..ඩෙනිමේ කකුල්වල යට හොදටම ඉරිලා..සාක්කුවල මොනවා තියෙනවද කියලා මම වත් දන්නේ නෑ..අහ්! brand එක key.. කුජීතයි..but use කරන්න පුලුවන්..මගේ ඩෙනිමත් මගේ ජීවිතේ වගේ..හොදටම අබලන්..
    .
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මාත් අදින්නෙ ඩෙනිම්.. දැනට ඩෙනිම් 2ක් තියෙනවා.. දෙකේම සිප් නෑ...තියෙන්නෙ බොත්තම්.. එක ඩෙනිමකට අවුරුදු 5 ක් විතර ඇති.. අනිත් එකේ වයස නම් මතක නෑ..:rofl: