ගෑනු කියන්නේ විශ්වාශ කරන්න පුලුවන් ජාතියක් නෙමේයි බන්.. හොද උන් එකෙක් දෙන්නෙක් ඈති ඒත් බහුතරය ඔහොම තම්යි.. උබ කොච්චර පනඩීගෙන ආදරේ කරත් කොච්චර විශ්වාශ කරත් එක තප්පරයක් ඈති උන්ට වෙනස් වෙන්න.
කොහොම උනත් අන්තිමට පිරිමියා තමයි වෑරදි..
... lol ..ඒකෙන් මම අදහස් කලේ මේකයි.. කෙල්ලෙක් කොල්ලෙක් යාලු උන පලියට හො ආශය කල පලියට සැබැ ආදරයක් නොතිබෙන්න පුලුවන්. සමහර අය මම දන්නවා බදින්න දිනත් වෙන් කරගෙන මගුල කැන්සල් කරනවා ගැලපීමක් නැ කියලා. මෙත්න මම කිව්වේ, ඒ වගේ දෙයක්, එක සම්බන්දයක් තියෙද්දි තව එකක් නෙමෙයි. මේ කිව්ව දේදි කොල්ලා අර කෙල්ලත් එක්ක ඉන්න ගමන්ම වේටර් කෙල්ලටත් බැල්ම දානවානම් එතන තියෙන්නේ වෙන ගැටලුවක්. නමුත් මම කිව්වේ, සැබැ ආදරය ඇතිවෙන්න බොහොම සුලු කාලයක් යන්නේ. ඒ දේ ඇති උනාම මිනිස්සු ගොඩක් විවුර්තයි.. ඒක කියන්න බය නැ.. නමුත් අනියම් සම්බන්ද මිනිස්සු ලොකෙන් වසන් කරන්නේ, හොරෙන් කරන්නේ ඒ දේට බය නිසා හො මිනිස්සු දැනගනියි කියලා. නමුත් සැබැවටම ආදරය ඇති උනොත් ඒක මොනම හේතුවකටවත් හන්ගන්න බැ. එහෙම හන්ගනවානම් එතන සැබැ ආදරයකුත් නැ.
01. යාලුවෙක් විදිහට හිටියා. හැබැයි ආදරෙයි කියපු දවස මතකයි. call එකකින් කිවුවේ. call එක මම හිතන්නේ 5H විතර ගියා.. හැබැයි හිතේ තියාගෙන ඉදලා ඒ කියපු මොහොතේ දැනිච්ච දේ කියල වැඩක් නැහැ මචන්. මාරයි. එහෙම වෙලා හා හා පුරා කියලා love කරන්න ගත්ත ගමන් ඒකිව බන්දාලා දුන්නා. එක උනේ මම A/L කාලේ.
එත් එක නැති උන එකට මාර දුකක් තියනවා. මොකද මට නැති උනත් ඒකිගේ දෙමවුපියෝ සල්ලි නිසා ඒකිට ඉගෙන ගන්න කාලේදී කරපු ගොන් කමට. මොකද එකී පට්ටම මීටරයක්. මම A/L ගණන් theory එක කියල දුන්නහම ගේමක් නැතුව හදනවා. A/L maths එහෙම කළා නම් දැන් eng යන මීටරයක්. දැන් පොඩි බබෙකුත් ඉන්නවා.
02. යාලුවෙක් විදිහට හිටියා. කලින් අත්දැකීම් එක්ක වැඩේ ටිකක් ඉක්මනට ගොඩ ද ගත්තා. එකත් 1st time කිවුව දවසේ මරු. ඒ feeling එකට වචන නැහැ බන්. ඕකත් ඉතින් ඇදගෙන ගියා. දැන් එකත් ටික කාලෙකට කලින් ඉවර උනා.
එත් හැම දෙකින්ම තේරුම් ගත්ත දෙයක් තියනවා බන්. ඒ වචනයෙන් විස්තර කරන්න බැරි පට්ටම feeling එක අනිවාර්යෙන් දවසක වචනයෙන් කියා ගන්න බැරි පට්ට දුකකට හේතුවක් වෙනවා කියල.
මම එයාව දැක්කේ, ඔෆිස් එකට උදේ යද්දී අලුත් කෙල්ලෙක් සරියකුත් ඇඳගෙන ඔෆිස් ලොබි එකේ ඉන්නවා... එත් මට එයා ගැන ඉන්ට්‍රෙස්ට් එකක් තිබ්බේ නැහැ.
කොම්පියුටර් ඔපරේටර් කෙනෙක් විදියට අලුතෙන් ඇවිල්ල හිටියේ. ටික දවසක් යද්දී එයයාට එක්සෙල් කොමාන්ඩ් එකක් දැනගන්න ඕනේ වෙලා, අනිත් අය කියල තියෙනවා මගෙන් අහගන්න කියල......
මම හැමදාම හවසට කරටි කැඩෙන්න ගහල යන්නේ. උදේටත් ගඳයි. (බෝඩිමේ නේ හිටියේ). ඒවා මම එච්චර ගණන් ගන්නේ නැතිව එය ගාවට ගිහින් කියල දුන්නා.
එත් එයාට මම ගැන හිතක් පහල වෙලා. ඉතින් හැමදාම කොම්පියුටර් එකේ මොනවා හරි ප්‍රශ්නයක්. හැමදාම මම එයා ගාවට යනවා... ටික කාලයක් යනකොට මටත් මෙයා ගැන ආදරයක් අතිඋනා.
අන්තිමට ඉතින් බැන්දේ.........
Bump 
අද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද![]()





ඉස්කෝලේ 9 වසරට ආව දවසේ තමා එයාව මුලින්ම දැක්කේ.හොඳ කෙනෙක් කියලා හිතුනත් විශේෂත්වයක් තිබ්බේ නැහැ,ඒත් අවුරුද්ද ඉවරවෙද්දි අපි හොඳ යාළුවො වෙලා හිටියේ.මගේ හිතේ පොඩි අදහසක් තිබ්බට ඒ ආදරයමද කියල මට තේරුනේ නැහැ.10 වසරෙදි මගෙ හොඳම යාළුවෙක් එයාට කැමති කියලා මගෙ අතින්ම කිවුවා.පොරම මට තමා ගිහින් අහන්න කිවුවේ පොරට බයයි කියලා.මමත් ඉතින් තනියෙන් ඉන්න වෙලාවක් බලලා ඇහුවා.ඒත් එයා කිවුවේ ඉස්කොලේ කාලෙදි සම්බන්ඳතා තියගන්න එයා කැමති නැහැ කියලා.ඒක එතිනින් ඉවරවුනා.මගේ යාළුව වෙන කෙනෙක් එක්ක යාළුවුනා.ඔහොම 10 වසරත් ගෙවිලා ගියා.11 වසරෙදි අපි දෙන්න තව තවත් ළංවුනා.මම ගැන එයා නොදන්න දෙයක් නැහැ.ඒ නිසා මගේ අතින් වෙන්න තිබ්බ වරදි ගොඩක් එයා නිසා වැළකුනා.ඒ අවුරුද්දේ අන්තිම දවස්වල තිබ්බ ක්‍රිකට් මැච් එකකදි මම තව කෙනෙක්ගේ ඇඟේ හැප්පිලා නිකටට මැහුම් දැම්මා.එදා එයා විවාද තරඟයකට ගිහින් හිටියේ.ආවට පස්සේ එයා ඒක දැනගෙන ගොඩක් ඇඬුවා.මටත් හිතාගන්න බැරිවුනා ඒ ඇයි කියලා.මම එයාට ගොඩාක් ආදරය කලා පැත්තක ඉඳන්.එයාව දකින්න ඕන නිසයි මම හැමදාම ඉස්කොලේ ආවේ.මම 11 වසර පන්තියේ පරාලේ ලියලා තිබ්බා "වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන,හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්සන" කියලා.කවුරුවත් දන්නේ නැහැ එක ලිවුවේ මම කියලා.පස්සේ කාලෙක එයාට මම ඒක ගැන කිවුවා.OL වලින් පස්සේ එයා කොළඹ කාන්තා පාසලකට ආවා.මම පිරිමි පාසලකට ආවා.ඊට පස්සේ ඉතින් මට එයාව නොදැක ඉන්න බැරිවුනා.එක පරක් ඉස්කොලෙන් පැනලා ගුටිත් කෑවා.ඒත් මම එයාව බලන්න ගියා.ඔහොම කාලයක් යද්දි එයාම මගෙන් ඇහුවා මේ කරන එකේ තේරුම මොකක්ද කියලා.මම කිවුවා දවස් 3න් ඔයාට එකට උත්තරක් දෙන්නම් කියලා.අන්තිමට 138 කොට්ටාව යන බස් එකකදි මම එයාට කැමති කිවුවා.එයත් කැමති වුනා.මම අවුරුදු 5ක් ඉවසපු එක අපතේ ගියේ නැහැ.2014 ට අවුරුදු 7 එකට ඉන්නවා.ප්‍රශ්න එනවා යනවා.අඬනවා හිනාවෙනවා.බැනගන්නවා මුකුළුකරනවා.අන්තිමට අපි දෙන්නා එකට ඉන්නවා.
මට ආව ලොකුම ප්‍රශ්නේ ගිය අවුරුද්දේ ආවා,තාමත් ඒක නිසා අපී දෙන්නා දුක් වෙනවා.ඒත් ගොඩාක් හිතලා එකට විසඳුමක් තවම හොයනවා.ඒත් ආදරය ඒ හැමදෙයක් මැදින් ලස්සනට ගලාගෙන යනවා.
ආදරය සුන්දරයි ඒ වගෙම නැතිවුනොත් ඒ වගේ දුකක් තවත් නැහැ ,ඒක කරලම බලන්න ඕනේ.යාළුවෙලා අනිත් දවසේ රූම් යන එවුන්ටනම් ඕක තෙරුම් ගන්න සෑහෙන්න අමාරුයි.



කෙල්ලව මුලින්ම දැක්කෙ 6 වසරෙදි. ඒ කාලෙ තම සරෝජා ෆිල්ම් එක ආවේ. මෙකි ප්‍රමුදි වගේමයි ඒ කාලේ. එකෙන් තමා ආස හිතුනෙ. ටික දවසකට පස්සෙ මෙන්න ඒ කෙල්ල අපේ ගෙදර ඇවිල්ල. පස්සෙ බලපුවාම තාත්තගෙ යලුවෙක්ගෙ දුවෙක්. ඒ කාලේ ඉඳන් යාලුවො වගේ හිටිය. මුලු ස්කෝලෙම හිතුවෙ අපි දෙන්නගෙ affair එකක් තියෙනව කියල. ඒ තරමට යාලුයි. මෙකිත් අහන හැම එකාටම බෑ කියනව. හැබැයි මම අහන්න බයේ හිටියෙ මේකි තරහ වේ කියල. මම කැම්පස් ආවට පස්සෙ දවසක් කෝල් කරාම කිවා පන්තියෙ යාලුවෙක්ගෙ අය්ය කෙනෙක්ව යාලුව මෙයාට සෙට් කරන්න හදනවා කියල. කාර් එකේ දෙන්නවම පන්ති එක්කගෙන ගියා එදා කියල. ඕන මගුලක් කියල එදා අහල දැම්මා. මෙන්න කියපි එකි 7 වසරෙ ඉදන් මට කැමති. මම අහන්නේ නැති හින්දා සද්ද නැතුව හිටිය කියලා. ඔහොම තමා පටන් ගත්තේ ලව් එක. මැයි මාසෙ ඔන්න බැන්ද අපි. දැන් ඉන්නව හොදට. මුලු කතාවටම අවුරුදු 19 බොලව්.



.තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ

...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා...

පට්ට සතුටුයි මචන්.....
අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා.තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ
![]()
...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා...
![]()
හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක
පට්ට සතුටුයි මචන්.....
අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා.තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ
![]()
...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා...
![]()
හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක