ආදරයක් හමු වු හැටි..

p990i

Well-known member
  • Jul 10, 2010
    1,627
    60
    48
    Colombo
    පට්ට සතුටුයි මචන්..... :yes::):yes:

    අවුරුදු 24ක් වෙලත් තාම කෙල්ලෙක් නැ බන්,එකෙක් පස්සෙ ගියා අවුරුදු 7ක්,ඒකි බෑ කිව්වා :no: .තව එකෙක් ඇහුව එකිගෙ affair එක දැන් නෑ කියපු නිසා.ඇහුවට පස්සෙ කියනව ආපහු පටන් ගන්නලු ඉන්නෙ:shocked: :confused::( ...කෙල්ලො හොයන එක අත ඇරියා බන්.කනාවට සෙට් වෙනකම් ඉන්නවා... :frown: :dull:


    හිත යන කෙල්ලට කොල්ලෙක් ඉන්න එක තම්යි බන් ලොකුම අවුල,මම හින්ද ලවක් කැඩුනොත් එහෙම ඉදල වැඩක් නෑ බන්.ඒක නිසා කෙල්ලෙක්ට හිත ගියොත් මුලින්ම කරන්නෙ කොල්ලෙක් න්නවද කියල හොයන එක

    පුල් ආතල්
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,879
    6,511
    113
    ගග අද්දර
    මේක වෙන ත්‍රෙඩ් එකක කිව්වේ...

    මාත් කියන්නම් ඔය බස් එක ගැන කතාවක්. උබලට වඩා මට ඔය බස් එක සමීපයි. මට ඔය බස් එක යන එන වෙලාවල් හරියට මතක නෑ. හැබැයි මගේ යාලුවෝ ඉන්නවා තක්කෙටම වෙලාවල් මතක තියාගත්ත. අපි ක්ලාස් යන්න පිටත් වෙන්නේ ගානට ටයිම් තියල. ඉතින් එක්ස්ප්‍රස් බස් එකක් හම්බ වෙනවා කියන්නනේ ලොකු දෙයක්. සීසන් ගන්න එක්ස්ප්‍රස් එකක් නම් ඉතින් සැප කනේ. යද්දී මගින් එල්ලෙන අපි රත්නපුරේ අයුර්වෙදේ ගාවින් බහිනවා. එද්දී පානදුර බස් හෝල්ට් එකට වෙලා බස් එකකකට නගින නැතුව බලන් ඉන්නව ඔය බස් එකක් එනකන්. අපි යන්නේ එක්කෝ කැටවත්ත නැත්නම් අම්පාර බස් එකේ. කරන්නම දෙයක් නැති උනොත් විතරක් පානදුර බස් එකක යනවා. කාලය ඉතුරු විමට වඩා වේගෙන් යන බස් එකක යන එකේ ත්‍රිල් එකක් තිබ්බ.

    කැටවත්ත බස් එක, හොදට මෙන් ටේන් කරන බස් එකක්. ඇතුලේ බොඩියට යට ඉදන් උඩට කහ පාට පොලු ගහල තියනව. ඒකකට හේත්තු උනාම කරදරයක නැතුව යතහෙකි. හැබැයි ෆුට් බෝඩ් එකේ යන තරම් ජොලියක් නම් නෑ.

    ඉතින් ඔන්න දවසක් අපි ක්ලාස් ඉවර වෙලා 1ට 2ට විතර රත්නපුරේ ටවුන් එකේ ඉන්නව බස් එකකට නගින්න. අපේ උන් ඉතින් එක්ස්ප්‍රස් එකක් එනකන් නගින නෑ. කොහොම හරි කැටවත්ත බස් එක ඇවිත් ගැහුවා පානදුර බස් එකට ඉස්සරහින්. අපි ඉතින් දුවල ගිහින් පිටිපස්සේ දොරෙන් එල්ලුනා. නැගල බස් එක මැදක් හරියට ගිහින් නැවතිලා ඉදිය. ඔන්න බස් එක අදින්න හදනකොට ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ග...... මන් 8ට වසරේ ඉදන් හිතේ තියන් උන්න කෙල්ල. උ.පෙ. කරද්දී දැකල දැකල අහන්නේ කොයි වෙලේද කියල බල බල උන්නේ. එදා වෙලාව කියන්නෙ මේ කෙල්ල ඇවිත් නැවතුනේ මට දකුණු පැත්තෙන්. අර පොල්ල එයට දකුණු පැත්තේ. එය එකට ලාවට හේත්තු වෙලා ඉන්නවා.

    මට වම පැත්තෙන් මගේ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. දැන් හොලිපිටිය හරියට එනකොට මට ඉන්න බෑ. හිත වද දෙනවා අරක අහපන් අරක අහපන් කියල. මන් වම් පැත්තේ ඉදපු යාලුවට කිව්වා මන් අහනවා බන් කියල. කිව්වට එවලේම ඇහුවේ නෑ. දැන් අරුට අහනව කියල කිව්වා නිසා චාටර් වෙන්නත් බෑ. එත් හිත බයයි මට බස් එකේදී බැන්නොත් කියල. ටිකක් කට සැර කෙල්ලෙක්නෙහ්.

    මක් කරන්නද අහුමුලු වල එකතු වෙලා තිබ්බ ගට එකතු කරගත්ත. දැන් අර පොල්ල ගාව ටිකක් වයසක බුවෙක් ඉන්නවා මෙයාගේ ඇගේ ගැවෙන්න වගේ. මන් කරපු වැඩේ ඇත දැම්ම ඌයි මෙයයි අතරින් දාල අල්ල ගත්ත අර පොල්ලෙන්. අරු බය වෙලා වගේ එහාට ගිය. කෙල්ල ඊට වඩා බය වෙලා. මොකද මෙලෝ යකෙක් කරන වැඩක් නෙමෙයි මන් ඒ වෙලේ කලේ. මෙකි මන් දිහා බලන් ඉන්නවා බය වෙලා වගේ. මන් ඇහුවා මන් ඔයාට කැමති ඔයා මොකද කියන්නෙ කියන්නෙ කියල. මෙකි එහෙම්මම කිව්වා ඔයා මට කැමති උනාට මන් ඔයාට කැමති නැහැනෙ කියල. :(:(:(

    මක් කොරන්නද කොහොම හරි බස් එකෙන් බහිනකන් කතා කෙරුවද කොහෙද සැරින් සැරේ. මට දැන් එතනින් එහාට හරියටම මතක නෑ. මන් යාලුවටත් එවෙලේම කිව්වා මෙකි බෑ කිව්වා බන් කියල. කොහොම හරි ඊට ටික කාලෙකට පස්සේ අපි යාලු උනා. උසස් පෙළ ඉවර වෙලා රිසල්ට් එනකන් සම්බන්දෙ තිබ්බා.

    මට ඉතින් කවදාවත් කැටවත්ත බස් එක නම් අමතක වෙන් නෑ එයාව අමතක උනත්.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    හැමිනේෂන් එකක් මට උනේ
    මටත් ඒක ගැන කතා කරන්න තේරෙන්නේ නෑ. වදින් ගිය දේවාලේ වැන්දා ඉහෙ කඩන් වැටුණා , වරම් ලැබුණා, වණ උණා ඔක්කොම මික්ස් උණ සීන් එකක් මට උනේ
    මටත් හෙණ ඕනේ කම්ක තියෙනවා ඒ දෙවල් කාත් එක්ක හරි කියලා හිත නදහස් කර ගන්න
    ඒත් මේක නෙමේ ඒකට ප්ලේස් එක
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ස්කුල් යන කලෙ එකක් තිබ්බා..එක ලොකුවටම තිබ්බ එක..එත් නොගැලපීම් නිසා අයින් උනා..පස්සෙ තව එකක් සෙට් උනා..එක නම් නොලැබෙනවා කියලා දැන දැනමයි කලෙ..ඊටත් පස්සෙ තව එකක් සෙට් උනා..එ මනුස්සයා නම් ටයිම් පාස් එකටයි යූස් කරන්නයි තමා යාලුවෙන්න හැදුවෙ....ඊට පස්සෙ පරන හොද යාලුවෙක් හම්බුනා..එක උනෙත් ටිකක් ලොකු සිද්දියක් නිසා....මහ ආඩම්බරකාර කොල්ලෙක්.:love:පුදුම ආඩම්බරයක් තියෙන්නෙ..:frown::frown:පස්සෙ ඉතින් දිවා රෑ මැසෙජ් කරන්න ගත්තා..හොයලා බලන්න ගත්තා..අන්තිමට ඉතින් "සදහටම ඔබ මගෙ" තත්වෙටම ආවා..:love::love::love:

    කෙල්ලෙක් කිපදෙනෙක් එක්ක කතා බහ කලාම එකිව බඩුවක් ගානට දානවා..මේ කතාව කිරියෙන් ම මම අහලාත් තියෙනවා..හැබැයි ඉතින් මට එක අදාල නැහැ..නොගැලපෙනව නම් අයින් විය යුතුයි..ජිව්ත තියෙන්නෙ පොඩි කාලයයි..ඉතින් එක විදිනවාද විදවනවාද කියන එක තියෙන්නෙ තමන්ගෙ අතෙ..
     

    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    අද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද :(:(:(




    Ewa nam kiyala wadak na. puluwan tharam amathaka karala inna haduwath mathak wenava.
     

    Dakshina Auto

    Member
    Aug 17, 2017
    79
    15
    0
    Earth
    අද බූට් එක කාල තක්බිරි වෙලා හිටියත් afr එක පටන් ගත්ත මුල්ම කාලේ කරපු කියපුවා නම් මැරෙනකන් අමතක වෙන්නේ නැ මචන්.. ඒ කාලේ කොච්චර ලස්සනද :(:(:(

    matath epa una ban mara gemak dila hitha hada gaththhe




    Math ehema thamai ban. hitha hadaganna gaman inne me tike
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කෙල්ලොනම් හම්බවෙලා තියෙනවා. ආදරයක් තාම හම්බුනේ නෑ.