ආදරයෙ රතු රොස මල දෙන්න ට පෙර....

amalrukmal

Member
Sep 24, 2010
190
48
0
ආදරයෙ රතු රොස මල දෙන්න ට පෙර....

ආදරයෙ රතු රොස මල දෙන්න ට පෙර....

blank.gif
1873_pierre_auguste_cot_-_spring.jpg


කෙනෙකුට ආදරෙ කරද්දි ජිවිතය කොච්චර හැඩද ... ලස්සනද...
හරියට පිහාටු වලින් හ්දපු ඔවිල්ලක පැද්දෙනවා වගේයි... නැලවෙනවා වගේයි...

බලාපොරොත්තු දස ලක්ෂ ගණනක්...
සිහින .. හිතාගන්නට බැරි තරම් ගොන්නක් .. මොහොතින් මොහොත අලුත් සිහින ..
තෙරක් නොපෙනෙන අනාගතයක ඉඩක් නොපෙනෙන ලොකයක හිත දුවගෙන යනවා...

මැවෙන්නේ ඒ රුපයම විතරයි..
බලන බලන අත... අහසෙත් .. පොලවෙත්..
කොහෙ ගියත් කොතන ගියත්...
එයා ලග ඉන්නව වගෙ..
සමහර වෙලාවට හැරිලත් බලනවා...

දැනෙන්නෙ ඒ සුවද විතරමයි..
නින්දෙ සිටියදි පවා..
සිහිනෙන් ගැසුවදක් වගේ.....
ඒ සුවදම දැනෙනවා...

එයා ළගට ආවාම..
කතා කරගන්නට පවාඅ බැරුව යනවා,,,
කියන්න හිතන් උන්න දෙවල්
පපුවෙ හිරවෙනවා..
අතින් තද කරලා අල්ලගෙන..
මිරිකගෙන යන්නයි හිතෙන්නෙ
ආදරය ඒතරම්.. පිපිරෙන තරම්...

එයගෙන් තොර ලොවක් ඇත්තම් ඒ ලොකෙ ජිවත් වෙනවට වඩා...
මිය යන එක උතුම්..
එහෙමයි හදවත කියන්නෙ...

ජිවත් වෙන්නෙත් .. මැරෙන්නෙත් .. එයා වෙනුවෙන්ම කියලයි හදවත මුමුණන්නේ...

එයා හමුවු දා පටන්...
තමන්ගෙ දැසින් ලොව දකින්නෙ නැ
එයගෙ දැසින්මයි ලොකය පෙනෙන්නේ...
හරියට .. එ හමුවිමත් සමග
අලුතින් ලොකයට ආවා වගේ...


පෙලක් වෙලාවට හිතෙනවා..
එයා හමුවෙන්නට ප්‍රථම
හද්ද තනියම ජිවත් උනේ කොහොමද කියලත්...

ආදරය මෙතරම්... පිපිරෙන්න තරම්...


එත් එ ආදරයෙ දුක ...
පපුවෙ ලෙ නහර මැද...මුල් ඇද්ද
එ සෙනෙහස අහිමි වන්නෙ දවසක ලෙ නහර පවා ගැලවීගෙන යද්දී....

ආදරෙ මහ සැපම අපායක දුකක් දෙන විට
ආදරය කළ සිතින්ම කියනවා...

අනෙ මොහොතකටත් ආදරය නොකර උන්නනම් කියා...

ආදරෙ කරනවා නම් ...
අර ආදරෙ සැපත්..
මේ ආදරේ දුකත්..

ඔයට විදින්නට පුලුවන් නම් විතරක් ඔය හිතේ දොර පියන් පත් විවර කරන්න....

ආදරයක් ඇත්තේ කොහෙද ..
දුකත් ඇත්තේ එතනමයි...
කෙනෙකුට ආදරේ කරද්දි හදවතට දැනෙන්නෙ මහා තෘෂ්ණාවක් ...
අපිරිමිත ලොබකමක්...
බැදිම ගැඹුරට යද්දී
දැස් අන්ධවී යනවා..

හදවත දියවී යන තරමට මෙලෙක් වෙනවා...
එත් ... ජිවිතය කියන්නෙ
ආදරය තරම්ම මෙලෙක් දෙයක්ද...
එහෙමත් නැ..
ජිවිතෙ කරදර වැඩියි...
ප්‍රශ්න එමටයි..
බැදිමෙන් බැදිමට ... වියවුල් ගොඩයි.
එ වියවුල් මැදින්
ඔයා ආදාරය කරද්දී
හිතට හරි සනිපයක් දැනෙනවා තමයි....

" ලො දහමින් විදිනා රුදු පහරින් ගත හිත රිදෙනා විට නිතියෙන් නැත ලොවෙ අන් රසදුනා ආදරේ සේ සුව දෙනා.."
කියලා කියන්නේ එ නිසයි..

ඇත්ත.. ජිවිත්යේ දුකට එරෙහිව පුතෙ ආදරයත් ලොකු සතුටක්.. එත් එ ආදරයම දුකක් දෙනවා නම් කියන්න.

හදවත .. පැට්‍රල් බුලියක් හැලුවා වගෙ
ගිනිගෙන දැවෙද්දි .. එ ගින්දර පපුවෙ ත්යාගෙන ...
ඔයා කොහේ කියලා දුවන්නද..
ආදරේ දුක දෙන්නේ මේ කුරිරු ලොකයම නෙමේ...
ගොඩක් වෙලාවට ලොකෙම එපා කියලා
ලොකෙටත් වඩා විශ්වාස කළ ආදරය කළ කෙනාමයි...


එත කොට .. කට කියලා මේ දුක කියන්නේද..

එ නිසයි
"ආදරය පරිස්සමින් ජිවිතය අර පරිස්සමින් කසාදය කල්පනාවෙන්" කියලා කියන්නේ...
මෙ ලොකයෙ ආදරය කළ ..
ගොඩක් හදවත් වලට අවසානයට හමු උනේ සතුටට වඩා කදුළක් ..
එ ලො දහම එහෙම වුණේ දෙදෙනෙක් අතර

ආදරයක් ඇති වීම එ තරම් දුලඹ දෙයක් නිසයි....

ආදරය කියන්නේ .. දැන හදුනා ගැනිමට නොවෙයි..
ආදරය කියන්නේ කෙන්දර ගැලපිමටත් නොවෙයි..
ආදරය කියන්නේ තෙරුම් ගැනිමටත් නොවෙයි.

ආදරය කියන්නේ කෙනෙක් ගැන දුක හිතෙන එකටත් නොවෙයි.
ආදරය කියන්නේ

නිතියෙන් පහදන දෙකටත් නොවේයි..
ආදරය කියන්නේ
එක වහළක් යට ඉන්න එකටත් නොවෙයි .
ආදරය කියන්නේ

කෙනෙක්.. අනෙකා වෙනුවෙන් කරන අසාමාන‍ය පරිත‍යාගයටයි...
පරිත‍යාගය කියන්නේ කෙනෙක් වෙනුවෙන්

සියල්ල පුජා කරන්නට හැකි තරම් පිරිසිදු නිර්ලොබිත්වයටයි...

ජිවිතෙ එක එක දෙවල් වලට ලොබකමින් ආදරය කරන්නට අමාරුයි.
එ නිසා ..
කෙනෙක් වෙනුවෙන්.. සියල්ල දන්දිය හැකිනම් ..

මෙන්න ඔබට රොස මලක් යන්න ආදරය කරන්න..

එහෙම නැත්තම් සදාකාලයටම ආදරය නොකර ඉන්න...

කෙනෙකුට දුකක් ඩී.....
ඔබත් දුක් විදිනවට වදා

අනෙ වස්තුවෙ මෙ තනිකම හොදයි කියල හිතන්න ....

පේමතී ජායතී සෝකෝ
පේමතී ජායතී භයං
පේමතී විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුථෝ භයං


Heaven for Love ::: ආදරයට ස්වර්ගය
 
Last edited:

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං මේකට මොනවා කියන්නද කියලා මටම හිතාගන්න බෑ... ඇත්ත ඇත්ත සේරම කියලා තියෙන්නේ ඇත්ත....තමුන් ගැන නොහිතා අනික් කෙනෙක් ගැන හැම තප්පරයකම හිතන එක තමයි ආදරේ.ඒත් ඉතින් අපි එහෙම හිතුවත් අනික් කෙනා නිකමටවත් අපි ගැන හිතන්නේ නෑනේ.... එතකොට තමයි හිතෙන්නේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා.............:(:(:(:(
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කිසි දින කිසිවෙකු නොදුටූ..........
    සිහිනෙක පැටලී විඳවූ.........
    ලොව අන්සරණක් නොපැතූ........
    ආදරයෙන් නෙතු බොඳ වූ.........
     

    amalrukmal

    Member
    Sep 24, 2010
    190
    48
    0
    කිසි දින කිසිවෙකු නොදුටූ..........
    සිහිනෙක පැටලී විඳවූ.........
    ලොව අන්සරණක් නොපැතූ........
    ආදරයෙන් නෙතු බොඳ වූ.........

    පේමතී ජායතී සෝකෝ
    පේමතී ජායතී භයං
    පේමතී විප්පමුත්තස්ස
    නත්ථි සෝකෝ කුථෝ භයං
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මං මේකට මොනවා කියන්නද කියලා මටම හිතාගන්න බෑ... ඇත්ත ඇත්ත සේරම කියලා තියෙන්නේ ඇත්ත....තමුන් ගැන නොහිතා අනික් කෙනෙක් ගැන හැම තප්පරයකම හිතන එක තමයි ආදරේ.ඒත් ඉතින් අපි එහෙම හිතුවත් අනික් කෙනා නිකමටවත් අපි ගැන හිතන්නේ නෑනේ.... එතකොට තමයි හිතෙන්නේ අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබලක් කියලා.............:(:(:(:(

    සහතික ඇත්ත සහෝ...මේ ටිකම මමත් කිව්වා නම් හරි.මගෙ අදහසත් මේකම තමයි.
    :eek:
    ඒත් හැබෑවට ආදරේ කරන්න ගත්තම ආදරේ,අපි ආදරේ කරන අපේ වස්තුව, හදවත තරමටම ජීවිතේට ලං වෙනවා.ඒ තරමටම අපේ ආත්මෙට බැඳෙනවා.
    එහෙව් ආදරයක් දන් දෙන්න ගියාම කොහොමද මචං අපි අපේ හදවත වෙන කෙනෙක්ට දන් දීලා ජීවත් වෙන්නෙ.එහෙම නම් අපි ආදරේ පූජා කරලා මියැදෙන්න ඕනෙ.මියැදෙන්නත් කලින් අපිට හිතන්න පැති ගොඩකුත් තියෙනවනෙ...

    :yes::yes: