ආදරය_හැමෝටම_පොදුය

LANKAT

Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ආදරය_හැමෝටම_පොදුය

    මග බලන් ඉන්නවා තවමත්
    ඔයා එනකන් පාර අද්දර
    මතකයන් සීතලට ගුලි කර
    තව වරක් විද ගන්න උණුසුම

    එදා දුව පැන නැටුව හැටි අපි
    තවම මතකයි ගේ පුරා පොඩි
    දුකට සැපටත් අපි දෙන්නටම අපි
    විතරක්ම වී ඒ හිටිය හැටි

    සීනි බෝලය උනත් පොඩි හරි
    බෙදාගෙනමයි කෑවෙ මේ අපි
    එදා නුබ අඩනා විටදි වැටි
    මමත් හැඩුවා නුබ දැක්කෙ නැති

    මාව පාරේ පාලු තැනකින්
    දමා ගොස් සතියක්ම ගත වුනි
    එක්ක යන්නට එනව නේ යලි
    සැබෑවට මිය යන්න පෙර හරි

    21731177_216064122263307_4084211513401142157_n.jpg