ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    හ්ම්ම්ම්... තමුසේ කියලා කියපු එක නම් වැරදී හැබැයි.... උඹ නම් ෆෝන් ඕෆ් කරලා දානවා... මට එහෙම පුරුදු නෑ බන්.. වලියක් ගියත් මං නිදා ගන්න කලින් ක්ලියර් කර ගන්නවා.. නැත්නම් මට අවුල්...

    එහෙම තේරුම් ගැනීමක් නැති උනාම නම් පට්ටම අවුල් තමයි බන්.... පුදුමයි උඹ ඉවසුවා... මම නම් මූණටම ෆක් යූ බිච් කියලා එනවා.....:rofl: උඹ දන්නේ නෑ මම බීපු දවස් වලට කෙල්ලට බයින හැටි..... ලොල්.... :baffled:

    :sorry::sorry::sorry: thamuse kiyala banapu eka saratama hitata waduna...monawa karannada karanna deyak nati kamata kiyapuwa ahan hitya...
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :sorry::sorry::sorry: thamuse kiyala banapu eka saratama hitata waduna...monawa karannada karanna deyak nati kamata kiyapuwa ahan hitya...
    ඇහුවට තරහ වෙන්න එපා..ඔය සිද්ධි අතරේ උඹ ආතල් එකක් එහෙම ගත්තේ නැද්ද ඕකිගෙන්...?:P
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 07
    පස්සේ දවසේ phone එක ඔන් කලාම හෝ ගාලා msg ආවා ...ඔක්කොම ඉතින් ඊයේ රැ දුන්න මිස් call alert ටුයි ..msg ...වැඩි වෙලාවක් ගියේ නෑ ආවා සදමලිගෙන් call එකක් ....

    "හෙලෝ ...අයියේ "

    "ඔව්..මොකද ...?"

    "අනේ මට සමාවෙන්න අයියේ ..ඊයේ මගේ අතින් උනේ ලොකු වැරද්දක් ඔයාට ....මගේ අයියගේ හිත ගොඩක් රිදෙන්න ඇති ...ආදරේ වැඩි කමට ඔයා ඉක්මනට යනවා කියන එක දරා ගන්න බැරි උනා ..ඒකයි එහෙම උනේ ...?"

    "මට නම් එපාම වුණා ඔයාව ..තිත්තම උනා ..මම කවදාවත් ඔයාට තමුසේ කියලා තියෙනවද ...?"

    "අනේ නැහැ සුදු අයියේ ...මම දන්නවා ඔයා එහෙම මට කවදාවත් කතා කරන කෙකෙන් නෙවෙයි ...."

    "ඇයි එහෙනම් මට තමුසේ කියලා බැන්නේ ..අනික දෙයක් කිවුවම තේරුම් ගන්න බැරිද ..?මම අච්චර වැඩ තියෙද්දී ඔයාව හම්බ වෙන්න අවේ ..ඒ ඇවිල්ලත් බැනුම් අහන්න ඕනි..මම කලින් යන්න හැදුවේ වෙන කෙල්ලෝ එක්ක රවුම් ගහන්න නෙවෙයිනේ ..."

    දැන් සදමාලී වැලහින්නක් ව‍ගේ අඩනවා..

    "අනේ මට සමාවෙන්න අයියේ ....ඔයාට බැනපු එක වැරදි ...මට එවලේ ආපු කේන්තියට එහෙම කිය උනේ ...මට ඔයාව හම්බ වෙන්නේ සතියකට සැරයිනේ ..මේ පාර ඔයා ආවේ සති දෙකකට විතර පස්සේ ..ඒ ඇවිල්ලත් ඉක්මනට යන්න හැදුවම මට දරා ගන්න බැරි වුණා ...එකයි මගේ අතින් එහෙම හිත රිදෙන වචන කියවුනේ ...අනේ රත්තරන් මට සමව දෙන්න ..මට ඔය නැතුව ඉන්න බැහැ අයියේ .."

    "ඔයාටත් තේරෙයි final year වෙනකොට වැඩ වැඩි වෙනකොට ..."

    ටික දවසකට පස්සේ මමත් ඒ සිද්දිය අමතක කරලා දැම්මා ..දෙන්න කලින් වගේම ආදරෙන් හිටියා ..ඔය අතරේ පරණ සිද්දිය වගේම සිද්දියක් ආයෙමත් වුණා ...කලින් වගේමයි ...කැම්පස් එකේ වැඩ නිසා ටික දවසකින් මීට් වෙන්න බැරි වුණා ...මීට් වෙච්ච දවසෙත් මට ඉක්මනට යන්න උනා වැඩ තිබුන නිසා ....එදත් කලින් දවසේ වගේම අඩ අඩ ආවේගයෙන් මට බනිනවා ඉක්මනට යන එකට ..එදත් මම අසරණ උනා කලින් දවසටත් වඩා ..මොකද මේ සිද්දිය උනේ අතිශයින් ජනාකීර්ණ හන්දියක ..බස් හෝල්ට් එකක් ලග .....මට කොච්චර කේන්තියක් හිතට ආවත් බනින්න පුළුවන් කමක් තිබුනේ නැහැ ..ඊට වඩා වැඩි ලැජ්ජාවක් හිතට ආවා අනිත් මිනිස්සු දකියි කියල සිද්දිය ...සදමාලි ටිකක් හයියෙන් අඩන්නත් ගත්තා ....එයාට බනිනවට වෙනුවට මට කරන්න උනේ එයා අඩන එක නතර කරන්න එයාගේ හිත හදන්න ..

    "අඩන්න එපා නංගි ...මේක මහා පාරක් අනික මිනිස්සු ඉන්නවා ...අපි වෙන තැනකට ගිහින් අපේ ප්‍රශ්නේ කතා කරමු ..මෙතැන් ඉදන් මුකුත් කතා කරන්න බැහැනේ "

    "බැහැ ..බැහැ ...මම කොහේටවත් යන්නේ නැහැ ..ඔයා හැමදාම ඔහොම්මමයි ...මාව හම්බ වෙන්න එන්නේ කොයි වෙලේ ද යන්නේ කියල බලාගෙන ..ආපු වෙලාවේ ඉදන් වෙලාව බලනවා ...යන්න කිට්ටුද කියලා ...ඔයා ආදරේ නැහැ මට ..ඔයා වෙනස් වෙලා "

    "ළමයෝ කියන එක අහන්න ..මෙතන අඩන්න එපා ....මිනිස්සු ඉන්නවා බස් එකට නගින්න ..අනික නතර කරපු බස් වල මිනිස්සුන්ටත් පේනවා ...අපි වෙන තැනකට යමු..වෙන තැනක ඉදන් මේක කතා කරලා විසදා ගමු ..."

    "ඔයාට ඕනි ඉක්මනට යන්නනේ ..යන්න ..දැන්ම යන්න ..මට ඕනි නැහැ ඔයාව ...."

    "කියන එක තේරුම් ගන්න ..මම ඉක්මනට යන්නේ වැඩ වගයක් තියෙන නිසා ...නැත්නම් මමත් ආසයි ඔයත් එක්ක කතා කර කර ඉන්න ."

    "දැන් කිඋවනේ මම ..ඔයාට ඕනි නම් යන්න ....මම යන්න එපා කිවුවේ නැහැනේ ..."

    මම කොතරම් ඇයව සැනසන්න හැදුවත් ඉන් පලක් නොවිණි ...උනේ තවත් ඇඩිල්ල වැඩි වීම විතරයි ...පස්සේ මම කට පියාගෙන 10 min වගේ හිටියා ...එහෙම ඉන්න වුනේ අනිත් මිනිස්සු මේක දකීවි කියල බය තිබ්බ ..ලැජ්ජයිනේ මොනවා වුනත් ....විනාඩි 10 වගේ මම ආයේ සදමලිට කතා කලා ...

    "මොකක්ද මේකේ තේරුම ..මෙතන නිකන් බොරුවට හිටගෙන ඉදල වැඩක් නැනේ ..අපි යමුකෝ ..."

    "හ්ම්ම් ..යමු ඉතින් .."

    එදත් මට එයාව තිත්තම උනා ..එයාගේ හැසිරීම ගැන හිතා ගන්න බැරි වුණා ....කොච්චර කිවුවත් එයා තේරුම් ගන්නේ නැහැ ....කලින් වගේම ඒ ප්‍රශ්නෙත් සමාව අරගෙන settle වුණා ...


    part 08

     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    අපෝ මොන හෝන්තුවාවක්ද බන් ඔය. මම නම් උබ ඕන්නම් අඩාගනින් කියල දමල ගහල යනව.
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    අපෝ මොන හෝන්තුවාවක්ද බන් ඔය. මම නම් උබ ඕන්නම් අඩාගනින් කියල දමල ගහල යනව.
    godak un karanne eka thamai ban...habai meki mata pana wage adare kala:yes:
    :yes::yes:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    යකෝ ඔච්චර අඬ වැඩියාව මොකද බන්... උඹ කෙයාරින් පාර එහෙම දුන්නද හොඳට...? ඉඳලා හිටලා ගියාම එන්න දඟලන්නේ නැතුව ටිකක් ටියුන් කරලා එන්නේ නැද්ද...? ඔහොම වද දෙනකොට නම් එපා වෙනවා...
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    යකෝ ඔච්චර අඬ වැඩියාව මොකද බන්... උඹ කෙයාරින් පාර එහෙම දුන්නද හොඳට...? ඉඳලා හිටලා ගියාම එන්න දඟලන්නේ නැතුව ටිකක් ටියුන් කරලා එන්නේ නැද්ද...? ඔහොම වද දෙනකොට නම් එපා වෙනවා...

    ow machan..satiyakata sarayaine meet wenneth...wada wadi unama itin sati 2ta parak wage thamai...poddak terum ganna onine...eyata oni meet wena dawasama eya ekka inna...:sorry::sorry::sorry: tune karala enne ban hodata....;););) ow..oya ada wadiyawa tamai matah direuwe nathe
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    PART 08
    පරණ සිද්දි දෙකටම මම සදමාලිට සමාව දීලා අමතක කරලා දැම්මා ...අපි දෙන්නම බොහොම සතුටින් හිටියා ...හීනෙකින්වත් හිතුවේ නැහැ ආයෙමත් ඒ වගේම දෙයක් වෙයි කියල ...එදා සදමාලි ගෙදර ඉදන් කැම්පස් එන දවසක් ...එයා ගෙදර ඉදන් කැම්පස් එන දවස කියන්නේ අපි අනිවාර්යෙන්ම මීට් වෙන දවසක් ...එයා කලින් එනවා ..එදත් සදමාලි වෙනද වගේම කලින් ඇවිත් තිබුණා මගට ...මමත් මගදී එයාව හම්බ වුණා ..දැන් දෙන්නම නැග්ග කැම්පස් එක පැත්තට යන බස් එකක ....ගොඩක් වෙලාවට අපි දෙන්න හම්බ වෙලා කතා බහ කරන්නේ කැම්පස් එක ලග පාර්ක් එකේ ..එහෙම නැත්නම් beach එකට යනවා ...ඔය place දෙකම තියෙන්න කැම්පස් එකට මෙහා ....ඒක නිසා මගින් බහින්න ඕනි ....මට සිද්දිය මතක නෑ හරියටම ...මොකක් දෝ දේකට අපි දෙන්න තරහ උනා බස් එකේදී...දැන් දෙන්නම නෝ කතා නෝ සිනා ....දැන් beach එකට යන හෝල්ට් එකත් කිට්ටු වේගෙන එනවා ....සදමාලි බහින්න ලස්තියක්වත් නැහැ ..

    "අපි බහින්න යමු නේද ...? දැන් බහින්න තැනත් කිට්ටුයි "

    සදමාලි මා දෙස හැරිවත් නොබලයි ..තවමත් වා කවුළුවෙන් එලිය බලාගෙනම සිටියි ..

    "මොකද අනේ මේ...තාමත් ඔයා තරහ වෙළද මගේ එක්ක ...පිස්සු නැතුව යමු බහින්න ...."

    ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නැත ....

    දැන් බහින හෝල්ට් එකත් පහු වුණා ....මට දැන් අසු හරදාහට කේන්ති යි ...ඇයි අප්පා ..මෙච්චර වෙලා තරහ වෙලා ඉන්න මොකක්ද කලේ මම ...

    දෙන්නම් බැස්ස කැම්පස් එකට හැරෙන හෝල්ට් එකෙන් ...

    "ඇයි ඔයා බැස්සේ නැත්තේ beach එක ගාව හෝල්ට් එකෙන් .."

    "මම මොකටද බහින්නේ "..

    මට ලෙල්ලටම තද වුණා ...එදා නම් බස් හෝල්ට් එකේ සෙනග ඉන්නවා කියලා බැලුවේ නැහැ ...ලුණු ඇඹුල් එක්කම බැන්න ...

    ඒ ගමන අඩන්න පටන් ගත්තා

    දැන් ඉතින් ආයේ සනසවන්නත් වෙන්නේ මටමනේ ..බොහොම අමාරුවෙන් ඇඩිල්ල නතර කර ගත්තේ ...එහෙන්මම ආයෙමත් beach ගිහින් බෝඩිමට ඇරලවල මමත් ගියා යන්න ගෙදර ....හැබැයි මේ සිද්දියත් මට ගොඩක් හිතට වැදුනා ...

    ඔය අතරේදී සදමාලිගේ අම්මා අපේ ගෙදරට කතා කරලා අපි දෙන්නගේ සම්බන්දෙ ගැනත් කියල තියෙනවා ...අපේ ගෙදරින් මගෙන් සදමාලි ගැනත් ඇහුවා ...මමත් ඉතින් අපේ සම්බන්දෙ ගැන කිවුවා ....දවසකුත් දා ගත්තා සදමලිගේ ගෙදර යන්න...
    ඊට කලින් මට ඕනි උනා සදමලිගේ ගෙවල් පැත්තේ රවුමක් දාන්න ...යාලුවෝ දෙන්නෙක්ට කතා කරලා සීන් එකත් කියල සදමාලි ගෙදර ගිය දවසක අපිත් ගියා එයාලගේ ගෙවල් හොයාගෙන ..කලින් සදමාලි මට එයාලගේ ගෙවල් තියෙන ඉස්සවුව කියල තිබුනේ ..ඒක නිසා වැඩි අමාරුවක් උනේ නැහැ එයාලගේ ගෙවල් වලට යන අතුරු පාර හොයා ගන්න ...අපි අතුරු පාර දිගේ ගොඩක් ඇවිදගෙන ගියා ..එයා කියපු විස්තර අනුව lane එක මුලමයි තියෙන්න ඕනි ...ගොඩක් ඇතුලට යන්න ඕනි නැහැ .....හැබැයි එයාලගේ ගෙවල් හරියටම තියෙන තැන හොයාගන්න බැරි උනා ....මොකක්දෝ මන්ද හේතුවකට lane එකේ ගෙවල් මට එච්චරම ඇල්ලුවේ නැහැ ...ලග ලග වගේ ගෙවල් තිබ්බෙත් ...හොයාගන්න බැරි උන නිසා අපි ආවා ...

    දාගත්ත දවසත් උදා වුණා ...දැන් අපේ ගෙදරින් යන්න ලෑස්තිය සදමලිගේ ගෙදර ...සදමලිටත් වගේම මටත් සතුටුයි ....අපි ගියා එයාලගේ ගෙදර ...එයාලගේ වත්තට අපි ඇතුල් වෙන කොටම මට තේරුණා තාත්ත වගේම අම්මත් ටිකක් upset ගියා කියලා ...ඒකට හේතුව උනේ එයාලගේ ගෙවල් එච්චර පිළිවෙලක් තිබුනේ නැහැ ..වැඩි වෙලාවක් හිටියේ නැහැ එහෙ ..ඉක්මනටම ආවා ගෙදර ...ගෙදර යනකම්ම මට දෙහි කැපුවා ...සම්බන්දෙ නතර කරන්නත් කිවුවා ...ගෙදර ගිය ගමන් සදමලිගේ ගෙදරටත් කතා කරලා කිවුවා මේක වෙන්නේ නැහැ...අපි කැමති නැහැ කියල...


     
    Last edited:
    • Like
    Reactions: RiFTeR