ආදරේ සුන්දරයි...!!!

cool_dodam

Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 18
    මම දැන් ඉද හිට සදමලිගේ සුවදුක් විමසා බලයි ..එය උපරිම විනාඩි 5 ක ඇමතුමකි ...ඉන් එහා අපි අතර කතාවක් නැත ...කාලයත් දවසින් දවස ගෙවෙයි ...දැන් මට මගේ ජිවිතේ මහා හිඩැසක් දැනේ ..සදමාලි සමග ගත කල කාලය නිතරම මතක් වෙයි ...ඒ කාලය කෙතරම් සුන්දර ..අපි නොගිය පාර්ක් එකක් නොමැත ..වෙරළේ කෙලි දෙලෙන් සිටි හැටි ...ෆිල්ම් බලන්න ගිය සැටි ...දෙන්නට දෙන්න කෑම කවා ගත් සැටි ...ඇයව වඩාගෙන ගිය සැටි ...ඇයගේ උකුලේ නිදා ගත් සැටි එකින් එක මට මැවී පෙනේ ....කිසි දිනක සදමාලි වෙනත් කෙල්ලන් මෙන් මාව සුරා කන්න උත්සාහ කලේ නැත ...ඇත්තටම ඇය හරිම සරලය ...ඒ සරල බවට මම බොහෝ සේ ඇලුම් කලෙමි ....ඒවා මතක් වෙන හැම වාරයක්ම මම සිතින් සිය දහස් වාරයක් වැළපුනෙමි ...සමහර අවස්ථා වල මගේ දෙනෙතට කදුළු ආ අවස්ථාද තිබුණි ...නමුත් ඇය මා සමග රණ්ඩු වූ හැටි මතක් වන විට දුක යම් තරමකට තුනී විය ...දැන් මගේ තාත්තා ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටියි ...proposal ගණනාවක් තාත්තා ගෙනවා .හැබැයි ඒ කිසිම දේකට මම කැමති උනේ නැත ...එහෙම දේකට තවමත් මගේ හිත හදා ගන්න අමරුය ...තාත්තා ගෙනා සැම කෙල්ලටම අකමැති වන විට තාත්තා අමුතුම තුරුම්පුවක් ගැහුවා .....ඒ දිනක් රාත්‍රී ආහාර වේලකට තාත්තගේ හොදම යහළුවෙක් පැමිණියේය...පැමිණියේ තනිවම නොවේ ..සිය පවුලම සමගිනි ...එපමණක් නොව ලස්සන දියණියක්ද සිටියි ...වෙන්නට යන දේ මට හිතා ගැනීමට පුළුවන ...ඇත්තටම ඒ uncle අපිත් සමග බොහොම හිතවත් ...මම එක්කත් බොහොම හිතවත් ..ටික දවසකින් ඒ කෙල්ලත් මට මහා ඇනයක් විය ..නිතරම මට කතා කරයි ..සියල්ල තීන්දු වීමට කලින්ම මගේ ඇත්ත විස්තරය ඇයට පැවසුවෙමි ...මට කාලයක් අවශිය බවත් තවමත් පැරිල තියෙන හිතක් තියෙන මට තව කෙනෙක් ගැන සිතීමට අමාරු බවත් ඇයට පැවසුවෙමි ...ඉන් පසු ඒ කෙල්ලගෙන් කරදරයක් තිබුනේ නැත ...

    මම තවමත් සදමාලි එක්ක හිටපු අතීතය සිහිපත් කරමින් සිටී ...එවිට දැනෙන හිතේ වේදනාව කියා නිම කර නොහැක ..වෙච්ච සිද්දි එකින් එක බැලීමේදී ඇත්තටම සදාමලි මා කෙරෙහි ඇත්තේ පුදුමාකාර ආදරයක් බව අවබෝද විය ...කිසිම කෙල්ලෙක් නොකරන සදමාලි කල ඒ දේ ...එනම් මාව සොයාගෙන ගෙදරට ආවේ මට තියෙන අසීමිත ආදරය නිසා බව පසක් විය ...පසුව කල හැමදේම එකල මට තර්ජනයක් ලෙස පෙනුනත් දැන් මට හිතෙන්නේ ඒ සියල්ල කලේ ඇගේ අසීමිත ආදරය නිසා බවය ..සැහෙන්න කලපනා කර අවසාන යේ තීන්දුවකට එලබිනි ..එනම් සදම්ලිට තවත් අවස්තවක් දීමටය ...

    "සදමාලි මට ඔයාව හම්බ වෙලා කතා කරන්න ඕනි..."

    ඇය පුදුම විය ...

    "ඒ මොකටද අයියේ ...?"

    "ඉරිදට අපි මීට් වෙමු ...මම එදාටම කියන්නම් "

    කියපු වෙලාවටම සදමාලි පැමිණියාය ....අපේ සම්බන්ද ආරම්බ වූ දා සිට සිදු වූ සියල්ල මම ඇයට පැවසුවෙමි ..ඇය ගේ කෝපය නිසා මම කෙතරම පීඩා වින්දද ඒ නිසාම ඇති වූ කලකිරීම නිසා එයාගෙන් සෙමෙන් සෙමෙන් ඇත් වූ ආකාරයත් පැහැදිලි කර දුනිමි ....එය කොතරම දරුණු කලකිරීමද කියා ඇයට තේරුම් කර දුන්නේ ඇය රෝහල් ගත වූ විට මම හැසිරුණු ආකාරය සිහිපත් කරමිනි ...

    ඇය සියල්ල තේරුම් ගත්තාය ..නැවත එවන් සිද්දි නොවන බවට දිවුරා පොරොන්දු විය ...

    ඉන් පසු නැවතත් අපි කුරුල්ලයි කිරිල්ලයි වගේ කල් ගෙවුවෙමු ....වරක් දෙවරක් පොඩි පොඩි රණ්ඩු වුවත් මම ඒවා ගණන් ගත්තේ නැහැ ...

    නැවතත් ආරම්බ කල අපගේ සම්බන්දයට තාත්තා පෙරටත් වඩා දැඩිවම විරුද්ද විය ..එය කෙතරම් විද යත් තාත්තා නිවසින් යෑමට පවා වරක් උත්සාහ කළේය ....තව වරක ජිවිතේ පළමු වතවට මට කුණුහරපෙන් බැන්න ...නමුත් අම්මා මැදිහත් වී ඒ සියල්ල සමනය කලා ...අන්තිමට අපි දෙන්නට අපේ තාත්තා කැමැත්ත දුන්න ..එයාලත් අපේ ගෙදර ආව ....දැන් ඇත්තේ නැකත් බැලීමටය ....නැකත් බැලීම කරන්නේ මනමාලයාගේ පර්ශ්වයෙනි ..ඒ නිසා ඇයගේ හදහන ගෙන්න ගන්න ඕන විය ..දිනක් තාත්තගේ සුව දුක් විමසීමට සදමාලි call කලා ...ඒකට හේතුව වුයේ සද්මලිලා අපේ ගෙදර අපු දවසේ තාත්තා ගොඩක් අසනීපෙන් හිටියේ ...ඇවිදින්නවත් බැරි තරමට කකුලේ අමරුව වැඩි වෙලා ...

    "දැන් කොහොමද uncle ට ..?"

    "වරදක් නැහැ දුවේ ..දැන් නම් ටිකක් අඩුයි ..දුවගේ හදහන පුතා අතේවත් එවන්න ..ඔවා බලල දැන්මම නැකත් හදන්න ඕනිනේ "

    "හා uncle ..මම අයියගේ අතේ එවන්නම්කො .."

    part 19



     
    Last edited:

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    එල බං. දානවා නම් 11 උනාට මොකද නැගිටලා ඉදලා හරි බලනවා. :D හැබැයි ඉතිං මහන්සි නම් හෙට දාපං. :cool:

    :D:D:D
    good like to read this. this girl has some attitude but if you can consider her again it will be nice. you should know people born with weakness nobody perfect. some people has bad habits that we should understand them and try to correct them if it is intolerable. I think love is something you love perfection and imperfection both. True love is some thing like that. if you can love some one who always annoying but in the same time you love those attitude. That is true love men. i don't know most people are looking someone perfect or someone who can make you happy. i think that is a selfish thing. Love is not selfish. Most people are dong love for gain not for giving.
    Listent to this song
    :yes::yes::yes::yes:
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0
    part 18
    මම දැන් ඉද හිට සදමලිගේ සුවදුක් විමසා බලයි ..එය උපරිම විනාඩි 5 ක ඇමතුමකි ...

    එන්න එන්න කතාව පොඩි කරන්න එපා බන්
    ඔය අනවශ්‍ය මගුල් කරන එක නවත්තලා ලොකුවට දාපන්
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    එන්න එන්න කතාව පොඩි කරන්න එපා බන්
    ඔය අනවශ්‍ය මගුල් කරන එක නවත්තලා ලොකුවට දාපන්

    meka iwarayak karanna oni ban...matat me tike wada wadi tikak...heta wenakota meka iwara kale nathnam mata tawa dawas gankin oka danna wenne naha..ethakota meke inna un maran kanna hadai..etath wada mage atha ridenawa ban type karalama:D:D:D:D:D
     

    MalindhaDR

    Member
    Aug 13, 2016
    1,962
    162
    0


    meka iwarayak karanna oni ban...matat me tike wada wadi tikak...heta wenakota meka iwara kale nathnam mata tawa dawas gankin oka danna wenne naha..ethakota meke inna un maran kanna hadai..etath wada mage atha ridenawa ban type karalama:D:D:D:D:D
    ඔන්න දැන් නම් මම කැමති අවසානෙකට යන්නෙ :love:
    ඉක්මනට තව ලොකු එකක් ටයිෆ් කරලා දාපන් මචන් :D:D
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    elaga kotasa kawadda dannne? Hetada? welawa ?

    tawa part ekak dan kohoma hari danawa machan...final part eka nam anidda thamai danna wenne...heta mam gamanak yanawa ban...

    ඔන්න දැන් නම් මම කැමති අවසානෙකට යන්නෙ :love:
    ඉක්මනට තව ලොකු එකක් ටයිෆ් කරලා දාපන් මචන් :D:D

    heheh..ela..ela..dan part ekak danawa machan..type karana gaman inne..final episode eka sunday thamai danna wenne...:D:D:D

     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,819
    30,997
    113
    උබ ඒකිව බැන්දද කුකුලෝහ්?? එකි ඊටපස්සෙවත් මළ පැනලා නටන්නැතුව හිටියද??
     

    cool_dodam

    Active member
  • Oct 29, 2016
    254
    156
    43
    part 19
    මෙතරම් ඉක්මනට මේ දේවල් සිද්ද වෙච්ච් එක ගැන මම ගොඩක් සතටු උනා ..ඒත් කුමක්දෝ හේතුවක් නිසා සදමාලි එතරම්ම සතුටකින් නෙවෙයි ඉන්නේ කියලා මට තේරුණා ...

    "මොකද පැන්චියෝ දුකින් වගේ ...මම දැන් දවස් ගානක ඉදන් මට තේරුන දෙයක් ඕක ...මොකක්ද ප්‍රශ්නේ ..ඔයාට සතටු නැද්ද ...ළමයෝ අපි ඉක්මනටම marry කරන්න යන්නේ ..අපේ හීනේ සැබෑ වෙන්නනේ යන්නේ ..."

    "අනේ එහෙම දෙයක් නැහැ රත්තරන් ...මම දුකින් නෙවෙයි ඉන්නේ ..මටත් ගොඩක් සතටුයි ..මම ගොඩක් ආදරෙයි රත්තරන් ඔයාට ...මට මේ හැම දේම ලැබුනේ මගේ පැංචා නිසානේ ..ඉතින් මම මොන එකකට දුක් වෙනවද ...."

    සදමාලි කෙලෙස කිවත් ඇය කුමක් හෝ වසන් කරන බව මට දැනුනි ...ඒ වගේම ඇයට මට තරම් සතුටක් නැති බව ඇගේ හැසිරීමෙන් මට තේරුණි ..නමුත් කෙතරම් ඇසුවත් සදමාලි එය පිලි ගත්තෙම නැත ...

    "ඔයාට පිස්සු පැන්චෝ ..මම මොකට දුක් වෙනවද ...මම ඉන්නේ සතුටින් අනේ .."

    "බොරු කියන්න එපා ...ඔයා මොකක් හරි දෙයක් නිසා දුකින් ඉන්නේ ..ඔයා ඒක හංගනවා ..."

    "අනේ පැන්චෝ ...ඔයාට කොහොම කිවුවත් ඔයා පිලි ගන්නේ නැහැනේ ...මම ඉන්නේ සතුටින් "

    "බොරු කියන්න එපා අනේ....මෙච්චර කල් ආශ්‍රය කරපු ඔයාව මට හොදට දැනෙනවා ..ඔයාගේ පොඩි වෙනස්කමක් උනත් මට දැනෙනවා ..ඔය ඔලුවෙන් හිටගෙන නැහැ කිවුවත් මම ඕක පිලි ගන්නේ නැහැ ....ඔයා ඉන්නේ දුකින් ..මට කියන්න හේතුව මොකක්ද කියල "

    කිසිම විටක ඇය හේතුව කිවුවේ නැහැ ...එච්චරටම අහලත් නොකියපු නිසා මම හාර හාර ඒ ගැන අහන්න ගියෙත් නැහැ ...ඒත් මට හිතාගන්න බැරි උනා ඇයි සදමාලි මෙහෙම දුකින් ඉන්නේ කියලා ...

    "හදහන ගේනවද ඔයා .."

    "ඔව් ...අයියේ ..ආ මෙන්න ..."

    ඇය එදින මාව හමු වන්නට ආවේම හදහන දෙන්නටය ...මම හදහන ගෙදර ගොස් තාත්තට දුන්නෙමි ..පසු දිනම හදහන් බැලීමට යන්න සිතා සිටියත් පසු දින තාත්තා නැවතත් දරුණු ලෙස රෝගාතුරු විය ..තාත්තට දැන් අවිදිමටවත් නොහැක ..එතරම්ම කකුලේ අමාරුව වැඩි වී ඇත ...අමාරුම අවස්ථාවලදී පාවිච්චි කිරීමට වෙනම බෙහෙත් කාණ්ඩයක් doctor නිර්දේශ කර ඇත ...තාත්තා ඇදෙන බැස්සේ වසිකිලයට යාමට පමණි..එයටද කාගේ හෝ වාරු වක් ඕනි ...

    ඔය අතර මමයි සදමාලියි අපේ wedding එක plan කරනවා ..නැවතත් අතීතය සිහි ගන්වමින් අපි අතරේ රණ්ඩු කීපයක්ම වුණා ....මම ඒවා එතරම්ම දරුණුවට ගණන් නොගත්තත් මම සදමාලිට මේවා දිගින් දිගටම ඇති වුවහොත් ඇති වන ප්‍රති විපාක මතක් කර දුන්න ....සදමාලිත් ඒවා හිස මුදුනින්ම පිළිගත්තා ...දවසක් දෙකක් ගෙවිලා ගියා ...

    "දැන් කොහොමද අයියේ තාත්තට .."

    "ලොකු අඩුවක් නැහැනේ ...අම්මයි මමයි කල්පනා කලේ අදත් අඩුවක් නැති උනොත් හෙට ගිහින් clinic එකේ doctor ට පෙන්නලා hospital ඇඩ්මිට් කරන්න .."

    "ඔව් ..ඒකනම් හොදයි අයියේ ..දැන් දවස් කීයක්ද ..තාම ලොකු අඩුවක් නැහැනේ ..."

    පසුදා වන විටත් තාත්තට සැලකිය යුතු අඩුවක් නොවිය ....තාත්තා ට clinic එකේ බෙහෙත් කරන දොස්තර මහත්තයට පෙන්නන යන්න කියල අපි ලැහැස්ති උනා ...ඒ දොස්තර මහත්තයා හිටියේ අපේ ගෙදර ඉදන් 30km වගේ දුරක ..සැහෙන්න දුරක් ..තාත්තට ඒ doctor ගෙන්ම බෙහෙත් ගන්න ඕනි කියපු නිසා මම තාත්තව car එකේ එක්කන් ගිහින් බෙහෙට් අරන් ආවා ...

    එදාම සදමාලි මට කතා නොකලත් පස්සේ දවසේ අපි මීට් උනා ..එතකොට තාත්තටත් අර doctor ge බෙහෙත් වලින් ටිකක් විතර අඩුයි ...ජිවිතේ අමිහිරිම දවසක් කිවුවොත් නිවැරදියි එදා ...

    අපි වෙනද වගේ කතා කර කර හිටියා ..

    "දැන් කොහොමද අයියේ තාත්තට .."

    "දැන් නම් ටිකක් විතර අඩුයි ..මට නම් හිත්තෙන්නේ ඒ බෙහෙත් ඇල්ලුවා තාත්තට ...කොහොමත් තව දවස් දෙක තුනක් යනකොට නම් අඩු වෙයි .."

    "තාත්ත තාම හදහන බලන්නත් බැරි උනා නේද ..."

    ඒ වන විට සදමාලි හදහන ගෙනත් දී සතියකට පමණ කිට්ටු වී ඇත ...

    "ඔව්නේ ...තාත්තගේ අසනිපෙත් එක්ක යන්න බැරි උනානේ ...තව දවස් දෙක තුනකින් අඩු උනාම තාත්ත යයි බලන්න්න ..."

    "අපේ අම්මා හැමදාම අහනවා හදහන බැලුවද කියල...ඒ මදිවට බනිනවත් එක්ක "

    "ඉතින් ඔයා කිවුවේ නැද්ද තාත්තා අසනීපෙන් කියලා .."

    "නැහැ ..මම කිවුවේ නැහැ ..."

    ඇය නුරුස්නා හඩින් කියයි ...

    "ඇයි කිවුවේ නැත්තේ ...ඔයාට කියන්න තිබ්බනේ ...අම්මා ඔය මුකුත් දන්නේ නැති නිසා වෙන්න ඇති බනින්න ඇත්තේ ..ඔයත් මාර කෙනෙක්නෙ අනේ .."

    "මම මොකටද ඕව කියන්නේ ..ඔයාලා ගෙදරින් කතා කරලා කියන්න ඕනිනේ .."

    ඇය තරමක් ආවේගයෙන් කතා කරයි ...

    "හයියෝ ..ඉන්නකෝ මමවත් අදම අම්මට කතා කරලා කියන්නම්කො හදහන බලන්න බැරි උනේ තාත්තට අසනීපෙන් හිටිය හන්ද කියලා "

    තවත් ගැටුමක ආරම්බය ...

    "ඔයාලට හදහන ගෙනත් දීලා සතියකටත් වැඩියි ..කිසිම උවමනාවක් නැහැ ඒක බලන්න "

    "තේරුම් ගන්නකො අනේ ..තාත්තට අසනීප උන හන්දනේ බලන්න බැරි උනේ...බලන්න බහ කියල කිඋවේ නැහැනේ..තව දවස් 2-3 න අඩු උන ගමන් බලන්න යයි ..පහු ගිය ටිකේ හිටියේ ඇවිද ගන්නවත් බැරුව තාත්තා ..ඒක තේරුම් ගන්න "

    "ඒ උනාට බෙහෙත් ගන්න ගියේ 30km විතර දුර ....එච්චර දුර යන්න පුළුවන් නම් ඇයි බැරි හදහන් 2 නැකත් බලන මනුස්සයට ගිහින් දීල එන්න ...ගිය ගමන් ඕක බලන්නේ නැහැනේ ..ටික දවසක් යනවනේ නැකත් හදන්න "

    මට ලෙල්ලටම තද උනා ..

    "ඔය හිටන්නේ එච්චර දුර ට්‍රිප් එකක් ගිය කියලද..තාත්තව එක්කන් ගියේ මම car එකේ ...අනික ගියේ ජොලි වෙන්න නෙමෙයිනේ ...බෙහෙත් ගන්න ..ඔය මාර කතානේ කියන්නේ ..හරියට තාත්තා හෙන ජොලියේ ගමනක් ගිය වගේනේ කතා කරන්නේ ..යනකම්ම කෙදිරි ගගා ගියේ කකුලේ වේදනාවට ...ඔයාල අපේ ගෙදර ආපු වෙලාවේ දැක්කනේ තාත්ත හිටපු හැටි..එටත් වඩා අමාරුවෙනුයි එදා බෙහෙත් ගන්න ගියේ "

    "හරි ..හරි..ඔය ගෙදර ඉන්නේ එක මිනිහද ..තව අය නැද්ද ..."

    "ඔයා කියන්නේ මට ගිහින් නැකත් බලන්න කියලද ..."

    "ඇයි අම්මා ඉන්නේ "

    "අපේ අම්ම වැඩිය ඕවට යන්නේ නැහැ...තාත්තා තමයි ඕවට මුලිකහ්ට්වය අරන් වැඩ කරන්නේ "

    "ඇයි එයා අමුතු කෙනෙක්ද ඕවට යන්නේ නැත්තේ ..මමත් කෙල්ලෙක් ..මම මගේ වැඩ තනියම කර ගන්නවා නම් ඇයි අම්මට බැරි ඕක කරන්න..ලිං මැඩියෝ නේ .."

    මට යකා නැග්ග ...මෙයත් එක්ක තවත් කතා කලොත් රැන්දුව වැඩි වෙන එකයි වෙන්නේ..මම එවලේම නැගිටලා ගෙදර ආවා හිතට අපු කේන්තියට..ඒ වගේම පුදුම කලකිරීමක් ආවා ..අපේ අම්මයි හැම දෙයක්ම කලේ තාත්තා විරුද්ද වෙද්දී ...අන්තිමට අපේ අම්මටත් බැන්න ..

    ගෙදර අවට පස්සෙවත් මම කතා කලේ නැහැ..සදමලිම කතා කලා මට ..එයාගේ හිතේ ළිං මැඩියා කියපු එක මට ඇහුනේ නැහැ කියලා ...

    "මොකද මාව දාල දිඋවේ .."

    "දුවන්න නෙවෙයි තිබුනේ ..හරි නම් කන පැලෙන්න ගහන්න .."

    "ඒ මොකටද ..."

    "තොත්ත බබා ඔයා ....ඔයාට තාත්තාගේ අසනිපෙට වඩා හදහන බලාගන්න එකයි ලොකු..ඒ මදිවට අපේ අම්මටත් බැන්න ....ලිං මැඩියා කියලා ...අම්මයි හැම දෙයක්ම කලේ තාත්තා විරුද්ද වෙනකොට කැමති කර ගන්න ..එහෙම කරපු කෙනාටයි අර විදියට ඔය බන්නේ ..තමුසෙව හදන්න බැහැ ..තමුසේ හැදෙන්නෙත් නැහැ "

    ඇයගේ ප්‍රතිචාරය අතිශයින්ම දරුණුය ...නැවත මට අතීතය සිහි ගැන්වෙයි ..ඇය යක්ෂාවේශ වී ඇත ...ඇය දැන් කත කරනවා නොව කේන්ති බෙරිහන් දෙයි ..සුපුරුදු තග මට දමයි ...

    "මම එහෙම කිවුවේ නැහැ ...මම එහෙම කිවුවේ නැහැ ..බොරු කියන්න එපා..."

    "මට හොදට කන් ඇහෙනවා ..ඔයා හිතුවේ අන්තිමට'කියපු ටික මට ඇහුනේ නැහැ කියලනේ ..නැහැ මට හොදට ඇහුන..ඔය කිවුව ලිං මැඩියා කියලා .."

    "නැහැ..නැහැ..මම කිවුවේ නැහැ..බොරු කියන්න එපා.."

    ඇය කේන්තියෙන් පුපුරු ගසමින් කියයි ...ඇය එලෙස කීවා යැයි පිලි ගැනීමට සුදානම් නැත..ඇය කෙතරම් හයියෙන් කතා කලද කිවහොත් ඇයගේ මවද කාමරයට පැමිණ ඇත ..

    "මොකද මොකද ළමයෝ ..බෙරිහන් දෙන්නේ..මොඅක්ද උනේ "

    "අනේ යන්න ..මට පාඩුවේ ඉන්න දීල යන්න..යන්න මෙතනින්..."

    තව දුරටත් ඇය සමග කතා කිරීම තවත් ලේ කෝප ගන්වන වැඩක් නිසා මම phone එක cut කරලා දැම්ම..ඔෆ් කරලම දැම්ම ...

    අවකව කිවහොත් මට එදා රැ නින්ද ගියේ නැහැ...මගේ හිතේ පුදුම දුකක් කලකිරීමක් ඇති උනේ..මෙච්චර කියලත් මෙය හැදෙන්නේ නැත්නම් කවද්ද හැදෙන්නේ ....


    ps: final episode eka sunday balaporothu wenna...heta mamagedarath na machanla...aniddata dannam
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    You must spread some Reputation around before giving it to cool_dodam again.

    you made us entertained bro

    dannam ube desicion eka hari wage. .ohoma kello ekka love karanna behe ban. .uba paw kiyala hithenawa dan :P
     

    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    good like to read this. this girl has some attitude but if you can consider her again it will be nice. you should know people born with weakness nobody perfect. some people has bad habits that we should understand them and try to correct them if it is intolerable. I think love is something you love perfection and imperfection both. True love is some thing like that. if you can love some one who always annoying but in the same time you love those attitude. That is true love men. i don't know most people are looking someone perfect or someone who can make you happy. i think that is a selfish thing. Love is not selfish. Most people are dong love for gain not for giving.
    Listent to this song



    :love::love::love: