අපිට කවදාවත් දැකල නැති මිනිස්සු පාරෙදිත් හම්බවෙනවා. ඉස්පිරිතාලෙක පෝලිමක වගේ ඉන්නකොට ආගිය තොරතුරුත් එහෙම මිනිස්සුත් එක්ක කතා කරනවා. එහෙම කියල ඒ හැම මිනිහටම මිනිස්සු තමන්ගෙ නම්බර් එකයි ස්කයිප් අයිඩී එකයි දෙන්නෙ නෑ නෙ. චැට් කරනව කියන්නෙ එහෙම එකක්. ඒක මිනිස්සු recreational activity එකක් හැටියට කලාට ඒව හැමෝම තමන්ගෙ ජීවිතේ අස්සට ගන්නෙ නෑ.
මම නම් කියන්නෙ මේ හැමදාම දකින මිනිස්සුන්ට නම්බර් එක දුන්නත් sure නැති එකේ කවදාවත් දැකල නැති කෙනෙකුට එහෙම කවුරුවත් දෙයි කියල හිතන්න අමාරුයි කියලයි. කොහොම වාතයක් වෙයිද කියල කියන්න බෑ නෙ අන්තිමට.
අනික මනුස්සයෙක් හොඳට හිනාවෙලා කතා කරනවා කියන්නෙ ඒ කෙනා affair එකක් පටන් ගන්න කැමැතියි කියන එක නෙවෙයි. එහෙම බැලුවම ගෙදර මිනිස්සු ඇර වෙන කවුරුවත් එක්ක යාලුකමෙන් කතා කරන්න වෙන්නෙ නෑ.ගොඩක් වෙලාවට චැට් එකේ කතාකරන්නෙ friendliness එකට මිසක් ආදරේකට නෙවෙයි.
මේ ප්‍රශ්නෙ දාපු කෙනාටනම් කියන්න තියෙන්නෙ 90% සම්භාවිතාවක් තියෙන්නෙ ඔයා ඔය හිතාගෙන ඉන්න ඒව ඒ ළමය හීනෙකින් වත් හිතල නැති වෙන්න තමයි. එක්කො ඔයා ලංකාවට ඇවිත් ඒක පෞද්ගලිකව හොයල බලන්න ඕන. (ගෙදරින්, යාලුවන්ගෙන් etc.) නැත්තන් හිතෙන් අතැර ගන්න ඕන.
ගොඩක් වෙලාවට චැට් එකේ කතාකරන්නෙ friendliness එකට මිසක් ආදරේකට නෙවෙයි.
මම නම් ගොඩක් චැට් කරන කෙනෙක් නෙවි .... මගේ පරණ යාලුවෙක් නොවන කෙල්ලෙක් එක්ක චැට් කරනවා නම් ඒ එයා ගැන අදහසක් තියෙන හින්ද ... අනික් ඔක්කොම අයට offline , හැබය් ඉතින් මේ කෙල්ලට මොලේ කළදක් හරි තියෙනවා නම් තේරෙන්න ඕනි ගොනා එන්නේ පොල් පැලේ කන්න කියල


