ආශ්චර්යවත්_කමිසයක්!

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ආශ්චර්යවත්_කමිසයක්!

සෝදන්නෙ, මදින්නෙ නැතුව දින 100ක් අඳින්න පුළුවන්!

රෙදි සෝදන්න ලොන්ඩරි ගිය කාලෙ ඉවරයි! රෙදි සෝදන යන්ත‍්‍රවලින් පවා පලක් නැහැ. ඇමරිකානු රෙදිපිළි නිෂ්පාදන සමාගමක් විප්ලවකාරී කමිසයක් නිපදවලා තියෙනවා.

නිෂ්පාදකයන් කියන විධියට මේ කමිසය දින 100ක් එක දිගට පිරිසිදුව තියෙනවා විතරක් නොවෙයි, කොච්චර දාඩිය දැම්මත් දුගඳක් හමන්නෙත් නැහැ. හරිම පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, පොඩි වෙන්නෙත් නැහැ. ඒ නිසා මදින්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

4.JPG

වූල් ඇන්ඞ් පි‍්‍රන්ස් ආයතනය කියනවා, මේ කමිසය නො සෝදා නො මැද දින 100ක් ඇඳිය හැකියි කියා.

වූල් ඇන්ඞ් පි‍්‍රන්ස් කියන ඇමරිකානු සමාගමක් තමයි, මේ විස්මිත කමිසය නිපදවා තියෙන්නෙ. නිතරම රෙදි සෝදන්න මදින්න අකමැති පිරිමින් වෙනුවෙන් තමයි අපූරු නිෂ්පාදනය කරලා තියෙන්නෙ.

නිෂ්පාදකයන් මේ කමිස දුන්නා පර්යේෂකයන් පිරිසකට ඒවා ඇඳ ගෙන ලොව පුරා විවිධ පරිසරවලට, විවිධ රටවලට, විවිධ දේශගුණික ප‍්‍රදේශවලට යන්න කියලා. සමහරුන් ඇන්ඞීස් කඳුකරයටත් ගියා. තවත් අය නිව්යෝක් රාති‍්‍ර සමාජශාලාවල නටන්නත් ගියා.

මේ විස්මිත කමිසය තනා ඇත්තේ වූල් නූලෙන්. ඒවා කපු නූලට වඩා හය ගුණයක් දිගු කලක් පවතිනවා. රසායනාගාරවල පරීක්ෂණවලින් ඔප්පු වෙලා තියෙනවා, සවිමත් බව අතිනුත් මේ වූල් නූල් කපු නූල්වලට වඩා ශක්තියෙන් වැඩි බව. වූල් නූල 20,000 වාරයක් නො කැඞී නවන්න පුළුවන්. ඒත් කපු නූල 3,200 වාරයක් නවන විට කැඞී යනවා.

ඒ විතරක් නෙවෙයි, වූල් නූලේ ප‍්‍රත්‍යස්ථිකතාව (resilient) ඉතා උසස්. ඒ කියන්නේ පහසුවෙන් ප‍්‍රකෘති තත්වයට පත් වෙනවා කියන එකයි. ඒ එහි ස්වාභාවිකව පවතින රැල්ලක් ඇති නිසයි. මොන විදියට පොඩි කළත් එහි පවතින තත්වයට එය යළිත් සැනෙකින් පත්වෙනවා.

5.jpg

වූල් නූලෙහි ස්වාභාවික රැල්ලක් තියෙනවා. එය කෙතරම් ඇද්දත් පොඩි කළත් වහාම එය එහි ස්වාභාවික තත්වයට පත් වෙනවා.

6.jpg

නිෂ්පාදකයන් කියන්නේ දහඩිය කමිසයෙහි නොඇලෙන බවයි. එහි ඇති වූල් නූලෙන් වියූ රෙද්ද තෙතමනය ඉන් ඉවත් වීමට ඉඩ සලසනවා. නිරධිශෝෂණය (desorption) - උණුසුම් දවසක වූල් කමිසය තෙතමනය ඇද ගෙන එමගින් තාපය පිට කර ඔබේ සිරුර සිසිල් කරනවා. අවශෝෂණය (absorption) - සීතල වැඩි දවසක වූල් කමිසය තෙතමනය උරා ගෙන ගබඩා කර ගෙන ඇති තාපය මුදා හැර ඔබේ සිරුර උණුසුම් කර තබනවා.

8.jpg

වූල් ඇන්ඞ් පි‍්‍රන්ස් ආයතනය සිය කමිස තැනීමට යොදා ගන්නා වූල් නූල මිනිස් හිසකේවලටත් වඩා සිහින්.

9.jpg

මේ වගුවෙන් දැක්වෙන්නේ වූල් (කහ) අනෙක් සියල්ලට ම වඩා හොඳින් තෙතමනය උරා ගන්නා බවයි. අනෙක් වර්ණවලින් දැක්වෙන්නේ - කපු (රතු), පොලියෙස්ටර් (නිල්), හා පොලිඇක්රිලික් (කළු) ආදියේ තෙතමනය උරා ගැනීමට ඇති ශක්තියයි.

ඒ සමාගම කියන්නේ මිනිස් දහදියෙහි ස්වභාවයෙන් ම දුගඳක් නැති බවයි. දහදිය දැමූ විට අප‍්‍රසන්න ගඳක් නිකුත් වන්නේ ඒවා සම මත රැඳී තිබියදී වර්ධනය වන බැක්ටීරියා නිසයි. නමුත් මේ කමිසය පැලඳි විට මෙහි ඇති වූල් මගින් දහදිය ඉක්මනින් උරා ගෙන ඒවා වායු ගෝලයට එක් කරනවා.

මේ නිෂ්පාදකයන් මාස හයක් ගත කළා මේ කමිසය නිපදවන්නට අත්හදා බැලීම් කරන්න. ඔවුන් මේ සඳහා විශේෂ වූල් රෙද්දක් නිපදෙව්වා, ‘කොට්න්-සොෆ්ට්’ යන වෙළඳ නාමයෙන්.

”අපි මෙතෙක් සුඛෝපභෝගී විලාසිතා ඇඳුම්වල යොදා ගත් හොඳම වූල් මේ නව රෙදි වර්ගය තැනීම සඳහා යොදා ගත්තා. අපේ රෙදි වර්ගය ඔබ වෙනදා දකින වූල් රෙදිවලට වඩා වෙනස්. වූල් නූල් යොදා ගත්තාට කමිසය ස්පර්ශ වන විට උසස් තත්වයේ කපු රෙදි වර්ගයක් වගෙයි දැනෙන්නේ.” ඒ නිෂ්පාදක සමාගමේ ප‍්‍රකාශකයෙකු ඬේලි මේල් අන්තර්ජාල පුවත්පතට කියා තියෙනවා.

ඒ සමාගම කියන්නේ මේ කමිසය එක දිරැට දින 100ක් නො සෝදා ඇඳි හැකි වුවත් එයින් පසුව කිසියම් අවස්ථාවක දී මෙය සෝදන්න සිදු වෙන බවයි.

ඔවුන් මේ පරීක්ෂණය සඳහා යොදා ගත් එක් අයකු වූ ආරොන් ෆ්ලැක් සිය අත්දැකීම් විස්තර කළේ මෙහෙමයි: ”මං මේ කමිසය ගුළියක් කරලා මගේ උරමල්ලේ අඩියට ම රිංගෙව්වා. මං උර මල්ල පැලඳ ගෙන නගරය පුරා ගියා. මං හිතුවා ඒක පාවිච්චි කරන්න බැරි විදියට පොඩි වෙලා ඇති කියලා. ඒත් එළියට අර ගත් හැම වෙලාවකම පොඩියක්වත් තැලිලා පොඩිවෙලා තිබුණේ නැහැ. හැම වෙලාවෙ ම අඳින්න සුදුසු තත්වයෙන් තිබුණා.”

මේ කමිස තවමත් වෙළඳ පොළට ඇවිත් නැහැ. ඒත් බොහොම ළඟදී ඒවි. දැනට මෙය මේ සමාගමට මුදල් යොදවපු අයට විතරක් පවුම් 63කට අලෙවි කරනවා. තවම වෙළඳ පොළට දමන නිශ්චිත මිලක් දක්වා නැහැ.

10.jpg

මේ විවිධ මෝස්තරවලින් හා ප‍්‍රමාණවලින් වෙළඳ පොළට නිකුත් කෙරෙනවා.

11.jpg

නිෂ්පාදකයන් දුන්නා පරීක්ෂකයන්ට දින 100ක් මෙය නො සෝදා නො මැද පාවිච්චි කළ හැකිදැයි ප‍්‍රායෝගිකව පරීක්ෂා කර බලන්න කියා.

12.jpg

පරීක්ෂණවලින් ඔප්පු වී තියෙනවා, ගමන් බිමන් කෙතෙක් කළත් මෙය මැදීමට අනවශ්‍ය බව.

13.jpg

නිෂ්පාදකයා කියන්නේ මේ විස්මිත කමිසයත් මෝස්තරයෙන් හා සුවපහසුවෙන් සාමාන්‍ය කමිසයක් වගෙයි කියායි.

14.JPG

මේ කමිසයත් පෙනුමෙන් සම්පූර්ණයෙන් කපු රෙදිවලින් නිම කළ කමිසයක් වගෙයි.





ගත්තේ "මල් කැකුළු" එකෙන්.
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    නියමයි, දැන් රෙදි හෝදන්න බිලක් යන්නෙ නෑ..

    මම බලන් ඉන්නේ, අදුම් මදින්නේ නැතුව පොඩි වෙච්ච පිටින් ගමන් යන්න පුලුවන් ස්ටයිල් එකක් එනකම්, දැන් කරන්ට් බිලත් ලේසි නෑ නේ..
     

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    නියමයි, දැන් රෙදි හෝදන්න බිලක් යන්නෙ නෑ..

    මම බලන් ඉන්නේ, අදුම් මදින්නේ නැතුව පොඩි වෙච්ච පිටින් ගමන් යන්න පුලුවන් ස්ටයිල් එකක් එනකම්, දැන් කරන්ට් බිලත් ලේසි නෑ නේ..
    :yes::yes: