ඇඩ්සෙන්ස් පාඩම 02 - අඩුවට Hosting ගන්නෙ කොහොමද?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    අඩුපාඩු ඇති සෑහෙන්න අවුලක් හිතන්න එපා. පුළුවන් නම් පෙන්වලා දෙන්න.

    Official Blog - SecDevil.com

    මම කලින් දාපු පාඩම සහ Preview එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් පහල තියන link වලින් ගිහින් බලන්න. ඒවා බලන්නෙ නැතිව මේක බලද්දි තේරුම් ගන්න බැරි වෙයි.

    ඇඩ්සෙන්ස් පාඩම 01 -
    https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1660882434069689
    Adsense පාඩම - Extra lesson - 01 - https://www.facebook.com/thiwanga.sandaruwan/posts/1661442770680322

    මේකටත් අර කලින් කියලා දුන්න විදියට ප්‍රශ්න තියනවා නම් අහන්න. එහෙම කිසි දෙයක් අහන්න නැති නම් 1 Comment එකක් විතරක් දාන්න.

    උදේ දාපු Extra lesson එක බැලුවෙ නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා එන එක තමයි හොද. හරි එහෙනම් පටන් ගමු අපි අද අපිට කරන්න තියන කොටස.

    හරි දැන් ඔයා Hosting එහෙම ගන්න සල්ලි එකතු කරගන්න ඇති නේද? මම කලින් කිව්වනෙ 2000ක් වගේ යනවා කියලා. ඒත් ඊටත් වඩා අඩුවට කරගන්න පුළුවන් දැන්. අපි බලමු මුලින්ම Cpanel සහ Wordpress Hosting වලට ලෝකයේ ජනප්‍රියම hosting providersලා කීයක් ගන්නවද කියලා! මම ආයෙ මේවගෙ Image දාන්න යන්නෙ නෑ. මොකද මම කලින් දාලා තියෙනවා image ඔක්කොම ටික.

    Namecheap:
    මේකෙ Hosting Package එකක් $1.44 වෙනවා මාසයකට. ඒකත් Cpanel Hosting එකක් නෙවෙයි. අපි බලමු අවුරුද්දටම කීයක් යනවද කියලා.
    $1.44 x 12 = 17.28 US$ මේ පළවෙනි අවුරුද්දට විතරයි. ඊලග අවුරුද්දේ ඉදන් මාසෙකට $2.88 ගානෙ ගෙවන්න වෙනවා. ඒ කියන්නෙ $2.88 x 12 = 34.56 US$ වෙනවා. අපි බලමු ඔය දෙක ලංකාවේ මුදලින් කීයක්ද කියලත්.

    17.28 US$ = 3,200.92 LKR | 34.56 US$ = 6401.83 - ඒ කියන්නෙ සෑහෙන ගානක් වියදම් වෙනවා Hosting එකට. දැන් අපි බලමු WP Hosting එකක් මේකෙ.

    $1 වෙනවා පළවෙනි මාසයට Wordpress Hosting එකක්. දෙවෙනි මාසයේ ඉදන් $3.88 වෙනවා. අපි බලමු මේක කීයක්ද කියලා.
    $1 + $3.88 x 11 = 43.68 US$ = 8061.799 LKR

    පේනවනෙ ගාන. ඒ වගේම තමයි මේවගෙ use කරන්න limit එකකුත් තියනවා. දැන් බලමු GoDaddy Hosting ගැන.

    GoDaddy
    GoDaddy එකේදි අඩුම Cpanel එකේ ගාන වෙන්නෙ $2.99 යි මාසයකට. ඒ කියන්නෙ අවුරුද්දට $2.99 x 12 = 35.88US$ වෙනවා. 35.88$ = 6,646.35LKR වෙනවා.

    මේකෙදි WordPress hosting එකක අඩුම ගාන වෙන්නෙ $5.49යි මාසයකට. ඒ කියන්නෙ $5.49 x 12 = 65.88 US$ වෙනවා අවුරුද්දටම. 65.88$ = 12,203.49 LKR පට්ට නෙහ්.

    දැන් ඉතින් කැමති එකක් ගන්න තමයි තියෙන්නෙ. කට්ටිය බනිනවා මට මැවැලත් පේනවා. :D :D

    හරි හරි ඒවා ඇති. ඔය ගාන මම දන්නවා අද කාලෙ හැටියට ගොඩක් ලොකු ගානක්. ඒ නිසා තමයි මම අදුරන මට ගොඩක්ම උදවු කරපු Hosting Provider කෙනෙක්ව Recommend කරන්න යන්නෙ.

    දැන් කියන්න එපා Marketing කියලා. මට Wordpress Hosting එකට ගියෙ රුපියල් 900යි අවුරුද්දටම. පස්සෙ ගාන වැඩි කරලා තිබුනා 1100 වෙනකම්. මම අද ආයෙ කතා කලා එයාට මට දුන්න ගානටම අනිත් අයටත් දෙන්න පුළුවන්ද අහලා. ඉතින් කැමති උනා හැමෝටම අවුරුද්දටම රුපියල් 900කට Wordpress Hosting දෙන්න.

    ඕනෙම කෙනෙක්ට බලන්න පුළුවන් එයාගෙ FB Profile එක මෙතනින්. (
    Shen Shen Senanayaka)

    දැන් ඉතින් Inbox ගිහිල්ලා වද දෙන්න එපා. එයා FB එකෙන් ගනුදෙනු කරන්නෙ ගොඩක් අඩුවෙන්.

    කොහොමද අපි එයාගෙන් Wordpress Hosting එකක් ගන්නෙ?
    මුලින්ම යන්න එයාගෙ website එකට. ( https://Shentharindu.com ) ගියාට පස්සෙ දකුණු පැත්තෙ පහලින් ඇති whatsapp icon එකක් වැටිලා. ඒක හරහා එයාව contact කරගන්න. නැගිටින්න හදන අයට අත දෙන හොදම කෙනක් විදියට මම දකින කෙනෙක්.

    කිසිම බලකිරීමක් නෑ. ඔයාලට අර කලින් කිව්ව Hosting Providersලගෙන් ගන්න පුළුවන් නම් ගන්න. මම මේ කිව්වෙ එකපාර රුපියල් 4000ක් 5000ක් වැයකරන්න බැරි අයට සහ මම පොරොන්දු උන විදියට සම්පූර්ණ Website එකක් රුපියල් 2000ට අඩුවෙන් හදාගන්න ඕනෙ උන අයට විතරයි.

    ඇත්තටම මට වියදම් උනේ රුපියල් 2000ක් විතරයි සම්පූර්න සයිට් එකටම. (Site -> Secdevil.com)

    හරි එහෙනම් Hosting ගන්න අය අරගෙන වැඩේ පටන් ගන්න තියෙන්නෙ. හෙට උදේට Domain එකක් කියන්නෙ මොකක්ද කියලා හැදින්වීමක් කරන්නම් කෙටියෙන්. හවස 7ට අපි බලමු කොහොමද Domain එකක් ගන්නෙ කියලා අඩු ගානකට.

    ප්‍රශ්න තියනවා නම් Comment කරන්න. පුළුවන් විදියට උදවු කරන්නම්. FB එකේ දාපු Post එක නිසා ඒ විදියටම මෙතනත් තියෙන්නෙ. ඒ ගැන වැරදියට හිතන්න එපා.
     

    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    එල බන්. උඹේ සයිට් එකනම් වැඩ නෑ තමා.. කලින් නම් වැඩ කරා..

    1592067858203.png
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Anith ayata hosting gana teach karana issara thamange site eka hoda hosting provider kenek laga host karanam Hari.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    කට්ටියට කරදරයි මචං. SEO වගේකුත් කරනවා ඒ නිසා අයින් කලා ටික දවසකට
    SEO karaddi adsense berida?
    "google එකට හොරා උන්ගෙම post" දාමු a mokkda????