ඇඩ්සෙන්ස් පාඩම 04 - Domain එක Config කරගන්නෙ කොහොමද?

Elite x

Well-known member
  • Sep 14, 2015
    384
    251
    63
    28
    රජරට
    secdevil.com
    Official post by - Secdevil.com

    හරි ඔන්න අද පාඩමට ආවා. අපි දැන් Hosting, Domain හැමදේම ගත්තනෙ. දැන් තියෙන්නෙ අපිට මේ Hosting එක Domain එකට Add කරගන්න එකයි. Shen අයියට message එකක් දාලා ඉල්ලගන්න DNS record මුලින්ම. එයා ඔයාලට දෙයි IP එකක් හෝ NameServer එකක්. IP එකක් දුන්නෙ නැත්තම් මට හරි එයාට හරි Message එකක් දාලා ඒක ඉල්ලගන්න. දැන් යමු අපේ Porkbun account එකට.

    Hosting, Domain ගැන කියෙව්වෙ නැති අය කලින් post කියවලා එන්න.

    ඔයාලා දැන් Porkbun Account එකට යද්දි 1 රූපයේ තියනවා වගේ පෙනෙයි ඔයාගෙ Domain එක. එතන මම දාලා තියන 1 සදහන් තැන Click කලාම පහලට Open වෙයි පොඩි Menu එකක්. (2 රූපය)

    1.png


    2.png


    දැන් 2 රූපයේ තියන "DNS RECORDS" ඉස්සරහින් තියන Edit කියන එක Click කරන්න. දැන් ඔයාලට 3 රූපයේ තියනවා වගේ විස්තර ටික පෙන්වයි. මුලින්ම ගියාම Current Records කියන තැනට පහලින් තියන Record ඔක්කොම Delete කරන්න. (3 රූපය)

    3.png

    ඒ ටික අයින් කලා නම් දැන් ඔයාලගෙ එකේ පෙන්වන්නෙ 4 රූපයේ තියනවා වගේ එකක්.
    1. Type එක "A - Address record" කියන එකම තියන්න.
    2. Host කියන තැනට මුකුත් දාන්න එපා.
    3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න.
    4. TTL එක 300 විදියටම තියන්න.
    5. Add කියන එක Click කරන්න.

    දැන් එක Record එකක් දාගෙන ඉවරයි. අපි අනිත් Record එකත් දාගමු. කලින් වගේම මේ ටික පුරවන්න.
    1. Type එක "A - Address record" කියන එකම තියන්න.
    2. Host කියන තැනට www කියලා දාන්න.
    3. Answer කියන එකට ඉල්ලගත්ත IP එක දාන්න.
    4. TTL එක 300 විදියටම තියන්න.
    5. Add කියන එක Click කරන්න.


    4.png

    හරි දැන් Shen අයියට message එකක් දාන්න "DNS add කලා. Domain එකට Hosting එක add කරලා දෙන්න" කියලා. සාමාන්‍යයෙන් add කලාට පස්සෙ පැයක් දෙකක් යයි site එක load වෙන්න. මොකද පොඩි වෙලාවක් ගන්නවා hosting එකට Domain එක add වෙන්න.

    හරිනෙ එහෙනම් අදට tut එක ඉවරයි. දැන් සයිට් එක හදාගෙන එහෙම ලෑස්ති වෙලා ඉන්න. හෙට ඉදන් අපි වැඩ කරන්නෙ wordpress වල.

    කලින් Tut බැලුවෙ නැත්තම් Profile එක බලන්න.