ඇත්ත කතා කරමු.

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ (එහෙම කියනවට වඩා හොඳයි උන්ට වඩා මම හොඳයි කියන එක...)



    සිරාවට... :yes: ලොකු ටෝක් දෙන අයියල අඩුම තරමෙ පන්සිල් පද පහවත් රකිනවද? අඩුම තරමෙ අන්තිම එක..? :lol:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    දැන් උබ ඔතන කියන්නේ බුද්දාගම වෙනස් වෙන්න ඕන මිනිස්සුන්ට අනුව, නැතුව මිනිස්සු වෙනස් වෙන්න ඕන බුද්දාගමට අනුව කියල නෙමෙයිනේ.
    ඇයි බුද්දාගම වෙනස් වෙන්න ඕන කියපන්කො?
    මොන දේද වෙනස් වෙන්න ඕන?

    උබ බලහන් ඔය අන්තීමට කියපු දේවල් කරලා, වයසක මිනිස්සු දහමට ලැදි මිනිස්සු කොච්චර සතුටු වෙනවා ඇතිද කියල. මන් හිතන්නේ කෙලවුණු පිච්චියට වඩා ඒකෙ වටිනාකම වැඩියි. ඕක වැරදියි එකෙන් අන් අයට හානියක් උනා නම්. උබ දැකලා තියේද උපාසක අම්ම කෙනෙක් දුක් වෙනවා අතේ තිබ්බ සල්ලි වියදම් කරලා දානයක් දුන්න කියල? උබ දැකල තියේද එහෙම දෙයක් කරලා කියද්දී ඒ මනුස්සය කොච්චර සතුටු වෙනවද කියල. එතකොට උබ කිව්වොත් ඕක තේරුමක් නැහැ කියල? මොකක් වෙයිද?

    දැන් ඕව නොකරන උබ මම, ලබපු අමුතු සැපේ මොකක්ද බන්? අපි ධර්මිකයිද ඒවා නොකළ කියල?

    වෙන්න ඇති නිවනට ඕකෙන් බලපෑමක් නැති වෙන්න පුළුවන්, ඒත් එක ගෙස් කරන්න අපිට අයිතියක් නැහැනේ බන්.

    දැන් උබට කියන්න පුළුවන් ඒ මිනිස්සු පොඩි කාලේ ඉදන් ලබපු ආභාශේ නිසා එහෙම උනා කියල. වෙන්න ඇති බන් එක නම්. දැන් ඒ සිරිත් විරිත් ඈත් කලොත් ඒ වෙනුවට ඒ අඩුව පුරවන්න තව දෙයක් එනවා බන්. ඒඅඩුව පුරවන්න ඊට වඩා නොගැලපෙන දෙයක් ඇති වෙන්නත් පුළුවන්. එක නවත්තන්න බැහැ බන්.

    මෙතන උබ, මම, OP, කරන්නේ අරයගෙ මෙයාගේ වැරැද්ද හොයල එකට කම්ප්ලේන් කරන එක මිසක් තමන් වෙනස් වෙන එක නෙමෙයි.

    උබට මට, op ට දහසක් නොවිසිදුනු ප්‍රශ්න ඇති, එත් අපි කරන්නේ අනිත් අයගේ ප්‍රශ්න වලට විසදුම් හොයන්න යන එක.

    බුද්දාගම වෙනස් වෙන්න ඕන නැහැ මන්, අපියි මේ යන විදිය වෙනස් කරගන්න ඕන.


    නෑ මචං උඹ මම කියන දේ තේරුම් අරගෙන නෑ... මට ආගමක් බොරු කියල සක්වල ගහල කියන්න අයිතියක් නෑ... මම සාමාන්‍යයෙන් ආගම් ගණන් ගනේ නැති එකෙක්... හැබැයි මම බෞද්ධ පවුලක පුරුකක්...

    මම බුද්ධාගම වෙනස් කරන්න කියල නෑනේ... මම කියන්නේ බුද්ධාගම අපි අල්ලගනෙ තියෙන තැන වැරදියි කියල... පොඞ්ඩක් හිතපං තෙසැත්තෑ ඥාන පූජාව කියල දෙයක් බුද්ධාගමේ මූලාරම්භයේ තිබ්බද නෑ.... මම කියන්නේ බුද්ධාගම ගොඩක් විකෘති වෙලා... ඒ විකෘතිය සිද්දවෙලා තියෙන්නේ බෞද්ධයා විනාශ කරන පැත්තට... ඒ හින්ද ඒ ගැන වගකිව යුතු පුද්ගලයින් අතර සංවාදයක් ඇති විය යුතුය.... නැත්තං කල්ලතෝනි එවුන්ගේ භික්ෂු පරපුර පිරෙයි...

    අනික ඔය වයස්ගත මිනිස්සු තමන්ගේ රුචිය අනුව කරන දේ ගැන නම් කියන්න විශේෂ දෙයක් නෑ... මොකද ඒ මිනිස්සු සැදෑ කාලය ගෙවන අය... ඒ මිනිස්සු මොන විදියට හැසිරුණත් ඒක අපේ මාතෘකාවට අදාල නෑ.... හැබැයි ඔය අලූත් නම්වලින් එන ගොඩක් දේවල් නැති බැරි එකාගේ තුට්ටුවට කෙළින දෙයක්.....
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,869
    6,498
    113
    ගග අද්දර
    නෑ මචං උඹ මම කියන දේ තේරුම් අරගෙන නෑ... මට ආගමක් බොරු කියල සක්වල ගහල කියන්න අයිතියක් නෑ... මම සාමාන්‍යයෙන් ආගම් ගණන් ගනේ නැති එකෙක්... හැබැයි මම බෞද්ධ පවුලක පුරුකක්...

    මම බුද්ධාගම වෙනස් කරන්න කියල නෑනේ... මම කියන්නේ බුද්ධාගම අපි අල්ලගනෙ තියෙන තැන වැරදියි කියල... පොඞ්ඩක් හිතපං තෙසැත්තෑ ඥාන පූජාව කියල දෙයක් බුද්ධාගමේ මූලාරම්භයේ තිබ්බද නෑ.... මම කියන්නේ බුද්ධාගම ගොඩක් විකෘති වෙලා... ඒ විකෘතිය සිද්දවෙලා තියෙන්නේ බෞද්ධයා විනාශ කරන පැත්තට... ඒ හින්ද ඒ ගැන වගකිව යුතු පුද්ගලයින් අතර සංවාදයක් ඇති විය යුතුය.... නැත්තං කල්ලතෝනි එවුන්ගේ භික්ෂු පරපුර පිරෙයි...

    අනික ඔය වයස්ගත මිනිස්සු තමන්ගේ රුචිය අනුව කරන දේ ගැන නම් කියන්න විශේෂ දෙයක් නෑ... මොකද ඒ මිනිස්සු සැදෑ කාලය ගෙවන අය... ඒ මිනිස්සු මොන විදියට හැසිරුණත් ඒක අපේ මාතෘකාවට අදාල නෑ.... හැබැයි ඔය අලූත් නම්වලින් එන ගොඩක් දේවල් නැති බැරි එකාගේ තුට්ටුවට කෙළින දෙයක්.....

    "ඒ අදහන පිරිසගේ කල්කිරියාව ආගමේ ඉගැන්වීම් අනුව යෑම. ඔය දෙක නැත්තං ආගමක ඇති වැඬේ මොකක්ද...? ආගමට පැවැත්මක් තියෙනවද...?"

    උබ ඔන්න ඔහොමයි කලින් එකේ කිව්වේ, දැන් ඕකට වෙන්න ඕන මොකක්ද බන්? බුද්දාගම වෙනස් කරන එකද, අපේ ගති පැවතුම් වෙනස් වෙන එකද?

    මෙතන OP කියල තියෙන්නේ බුද්දාගමේ ඉගැන්වීම් අවුල් උන නිසා මෙහෙම අපි පස්සට ගියා කියලනේ. මන් අන්න එකටත් අදාල වෙන්න උබට උත්තරේ දුන්නේ, උබ ඒක බැක් කරනවා කියල හිතන්.

    "ඒ විකෘතිය සිද්දවෙලා තියෙන්නේ බෞද්ධයා විනාශ කරන පැත්තට... ඒ හින්ද ඒ ගැන වගකිව යුතු පුද්ගලයින් අතර සංවාදයක් ඇති විය යුතුය.... නැත්තං කල්ලතෝනි එවුන්ගේ භික්ෂු පරපුර පිරෙයි..."

    මෙන්න මේකට එකගයි, හැබැයි එක උබවත් මමවත්, අන්‍ය්ගමිකයෙක්, නිරගමිකයෙක් හරි අතින් නෙමෙයි වගකිව යුතු බික්ෂුන් අතින් වෙන්න ඕන.

     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "ඒ අදහන පිරිසගේ කල්කිරියාව ආගමේ ඉගැන්වීම් අනුව යෑම. ඔය දෙක නැත්තං ආගමක ඇති වැඬේ මොකක්ද...? ආගමට පැවැත්මක් තියෙනවද...?"

    උබ ඔන්න ඔහොමයි කලින් එකේ කිව්වේ, දැන් ඕකට වෙන්න ඕන මොකක්ද බන්? බුද්දාගම වෙනස් කරන එකද, අපේ ගති පැවතුම් වෙනස් වෙන එකද?

    මෙතන OP කියල තියෙන්නේ බුද්දාගමේ ඉගැන්වීම් අවුල් උන නිසා මෙහෙම අපි පස්සට ගියා කියලනේ. මන් අන්න එකටත් අදාල වෙන්න උබට උත්තරේ දුන්නේ, උබ ඒක බැක් කරනවා කියල හිතන්.

    "ඒ විකෘතිය සිද්දවෙලා තියෙන්නේ බෞද්ධයා විනාශ කරන පැත්තට... ඒ හින්ද ඒ ගැන වගකිව යුතු පුද්ගලයින් අතර සංවාදයක් ඇති විය යුතුය.... නැත්තං කල්ලතෝනි එවුන්ගේ භික්ෂු පරපුර පිරෙයි..."

    මෙන්න මේකට එකගයි, හැබැයි එක උබවත් මමවත්, අන්‍ය්ගමිකයෙක්, නිරගමිකයෙක් හරි අතින් නෙමෙයි වගකිව යුතු බික්ෂුන් අතින් වෙන්න ඕන.


    මචං බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයත් එක්ක ජාතියක් විදියට රටක් විදියට දියුනුවෙන්න අමාරුයි... මොකද ඒක බුද්ධාගමේ මූලික සිද්ධාන්ත එක්කත් එක්ක ගැටෙනවා... ඒ හින්දම තමයි බුදු හාමුදුරුවෝ ගිහියාට ලෞකිකත්වයත් එක්ක බුද්ධාගම ගලපගන්න වෙනමම දේශනාවක් කළේ.... බුදු හාමුදුරුවෝගේ ප‍්‍රධාන කියමනක් තමයි ”දෙන්නාට දෙන්න - නොදෙන්නාට නොදෙන්න” කියන එක... මේක බැලූ බැල්මට දානය කියන දේත් එක්ක ගැටෙනවා වගේ... හැබැයි ඒ ඉගැන්වීම ආර්ථිකය පදනම් කරගෙත්ත දෙයක්.... ඔය වගේ උදාහරණ ඕන තරම්.... මේ වෙන කොට මිනිහගේ ජීවිතේ ගොඩක් සංකීර්ණවෙලා... බුදුන්ගේ සමයේ තිබ්බ සරල සමාජය වෙනුවට දැන් තියෙන්නේ හාත්පසින්ම වෙනස් අවශ්‍යතාවලින් හා මිනිස් හැසිරීම්වලින් යුත්ත සමාජයක්... ඉතිං බුදු හාමුදුරුවෝ දේශනා කරල තියෙන ලෞකික ජීවිතයට අදාල වන කොටස නූතන සමාජයට ගැලපෙන විදියට සංස්කරණය වෙන්න ඕන... ඒක බුද්ධාගමේ ලෝකෝත්තර සත්‍යයට හානියක් වෙන්නේ නෑ... ඒ මග යන අය ඒ මග යයි....

    උඹගේ අන්තිම කරුණට කියන්න තියන්නේ සමාජ මතයක් ඇති කරන්න ඕන භික්ෂුවගේ කාර්යභාරය මොකක්ද විය යුත්තේ කියල.... සමාජයේ බලපෑම අනුව භික්ෂුන්ට නිවැරදි වෙන්න සිද්ද වේවි....
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම පටන් ගන්න කොටම කමෙන්ට් එකේ කිව්වේ ඔය දේ තමයි...අපි බුද්ධාගම හරි තැනින් අල්ලගෙන නෑ, ලංකාවට ගැලපෙන විදියට ගලපගෙන නෑ... ඒකට වග කියන්න ඕන අපේ සංඝ පරපුර... මොකද භික්ෂුවගේ කාර්ය භාර්ය අර්ථයෙන් ධර්මයෙන් ගිහියාට අනුශාසන කිරීම...

    :yes::yes::yes: anna ekai okkoma mix karan patalogena inne lankawata galapena widihata jiwath wenna oni widhata api darmaya igenaegan nah :yes:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    චින්තනය පැත්තකින් තියමු....බුදු දහම ඇත්තද බොරුද කියල උබලගෙ අදහස් කියමු :oo:

    ගොබ්බයි බන්.. මළේන් හමන සුවද එ් මලේම සුවදද කියල ඔප්පුකරල පෙන්නන්න කියනව වගේ එකක් උඹ කියන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයත් ටෝක්ස් එකක් දීලා යන්න අයියා, :rofl::rofl::rofl:

    හෙනයා;22896075 said:
    මාමත් මොනහරි කියන්න වැඩිහිටියෙක් විදිහට.. :baffled:

    ටෝක් දෙන එක ප්‍රායෝගික නෑ බන්. අවුරුදු දෙදාස් පන්සීයක මහගු අතීතේ ටෝක් මත බිහි වූවකි.. මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ බෞද්ධ ටෝක්‍ ය.අපි ප්‍රායෝගික ටෝක් දෙන අයට එක් වෙමු. කරුමය ජොලියක් කරගනිමු. ඕල් ඊස් වෙල්.ඉන්ෂා අල්ලාහ්... ගෝඩ් සේව් අස්. ඩවුන් ඩවුන් තේරවාදේ ඩවුන් ඩවුන්.... මහයානේ රොක්ස්. මෙන්ටලි අප් පීපල් ඩිඩ්... වයිට් පීපල් .වට් අ ගූඩ්... සින්ගලේ ගූ.... ලෙට්ස් සේ සෝ ලවුඩ්ලි... ටෝක් ටෝක් තවුසන්ඩ් ටෝක්
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    සුද්දගෙ ක්‍රමේට GMO කන්න ගිහිං රජරට වතුර වලට වෙලා තියෙන දේවල් ගැන එහෙම පොඩ්ඩක් හොයල බලපං.

    World Hunger: Twelve Myths, the development specialist Frances Moore Lappé and her colleagues at the Institute for Food and Development Policy gave a detailed account of world food production that surprised many readers. They showed that during the last three decades of the twentieth century, increases in global food production outstripped world population growth by 16%. During that time, food supplies kept ahead of population growth in every region except Africa. Indeed, many countries in which hunger was rampant exported more agricultural goods than they imported (Lappé et al., 1998).
    These statistics clearly show that the argument that biotechnology is needed to feed the world is highly disingenuous. The root causes of hunger around the world are unrelated to food production. They are poverty, inequality, and lack of access to food and land. In fact, in the Third World 78% of all malnourished children under 5 live in countries with food surpluses (Mulder-Sibanda et al., 2002). People go hungry because the means to produce and distribute food are controlled by the rich and powerful: world hunger is not a technical but a political problem. If its root causes are not addressed, hunger will persist regardless of which technologies are used. Moreover, roughly one-third of all food produced for human consumption is wasted globally, most of it by consumers in Europe and North America. This amounts to 1.3 billion metric tons a year, enough to feed the entire African continent (Gustavsson et al., 2011).
    Biotechnology, of course, could have a place in agriculture in the future if it were used judiciously in conjunction with appropriate social and political measures, and if it could help produce better food without any harmful side effects. Unfortunately, the genetic technologies that are currently being developed and marketed do not fulfill these conditions at all.

    -The Systems View of Life by Fritjof Capra and Pier Luigi Luisi

    ඔය කියන තරං කෑම අහේනියක් සුද්දගෙ ගොවිතැන නැතුව ගියා කියල ඇතිවෙන්නෑ. වෙලා තියෙන්නෙ කුඹුරු ගොඩ කරල මිනිස්සු ගොවිතැනෙන් ඈත් වෙලා. පරණ ක්‍රමේට හරියට වගා කලා කියල මහ ලොකු සාගත වලට මුහුණ දෙන්න වෙන්නෑ. අනික ලංකාවෙ උන් 365දවසම බත් කෑවෙ නෑ. අල තිබ්බ කොස් තිබ්බ ඕනෙ තරම් කෑම තිබ්බ ආහාර විවිධත්වයක් තිබ්බ. දැන් බත් විතරක් කන්න පුරුදු වෙලා ඒක අල්ලං සුදු ක්‍රමේ ගුණ වයනව උන් නැත්තං අපිට කන්න නෑ කියල.

    උඹ හිතං ඉන්නෙ මේ සුදු මහත්තුරු අපිට කියාදීපු ක්‍රමේට කෙම් ක්‍රම මොකුත් නැතුව ගොයම් වැව්ව මැස්සන්ට එක තෙලයි වල් පැල වලට තව තෙලයි ගහල කරන වගා වලිං අපිට තව මහ කාලයක් කන්න පුලුවන් වෙයි කියලද ? සුද්දො උඹලගෙ චින්තනේ මොට කල්ල තියෙන්නෙ. සමස්තය දකින්න බෑ උන්ගෙ ක්‍රමේට විශ්ලේෂණය කරන්න පුරුදු කරල කරල දැන් එක පාර එක දෙයයි දකින්න පුලුවන්. කෑම ප්‍රමාණෙ ගැන විතරක් නෙමේ ඒවත් එක්ක වෙන පරිසර හානි සෞඛ්‍ය ප්‍රශ්න වගේ සමස්තය දැකල බලපං මේ ක්‍රමේ කොච්චර අවුල්ද කියල තේරෙයි.

    උන් කරන්නෙ ප්‍රශ්නෙ කෑමද අනික් මොකුත් බලන්නෑ ඒක විසඳනව. ඒක විසඳපුවාම ඒ දීපු විසඳුම් වලිං තව ප්‍රශ්නයක් ඇතිවුනාම ඒක වෙනම විසඳනව. ඔහොම කරන්න බෑ.
    :yes:
     
    • Like
    Reactions: WhiteWalker

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :yes::yes::yes: anna ekai okkoma mix karan patalogena inne lankawata galapena widihata jiwath wenna oni widhata api darmaya igenaegan nah :yes:

    ඒක ධර්මයේ අඩුපාඩුවක් ලෙස නොව මිනිස්සුන්ගේ අඩුපාඩු ලෙස සිතමූ...
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මේක මම කෝට් කලාට තරහවෙන්න එපා... උඹ මතුකරන තර්කය හරි වැදගත්... අපි බුද්ධාගම ගැන කතා කරන කොට කියනවා මොකක්ද ඔය සැප කියන්නේ ඒක අවසානයක් තියෙනවද කියල... භෞතික දේ බදාගෙන අන්තිමට ඇති ඵලය මොකක්ද කියල... බීවා පාටියක් දැම්ම එතනින් පස්සේ මොකක්ද කියල... හැබැයි බුද්ධාගම අනුව තාර්කික වුණාට බෞද්ධයා කණ පැලෙන්න බොන්නෙ නැද්ද...? බීලා ජෝගි නටන්නේ නැද්ද....? ඕකට උත්තරය උඹ අවංකවම දන්නවා...

    මම හම්බයන්ට බනිනවා අම්බානක.... ඒ වුණත් උන් ගොඩක් වෙලාවට උන්ගේ ආගමේ ලයින් එකේ යනවා... හැබැයි බෞද්ධයා කතා කරන කොට ති‍්‍රිපිටකය අතේ.. කි‍්‍රයාවේදී අන්තිම ගෝති‍්‍රකයි.... උඹ නිකමට වයිෆ් ෂෙයාර් කිරීම ක්‍රෙඞ් එකට ගොඩ වැදිල බලපං මේකේ බුද්ධාගම ගැන කයිවාරු ගහන එවුන්ගේ මානසිකත්වය කොහොමද කියල.... උන් බුද්ධාගම ගන්නේ මේ වගේ තැනක බයිට් එකට විතරයි... ඒකෙන් පුංචි ආතල් එකක් ගන්නවා... හැබැයි ප‍්‍රායෝගික ජිවිතේ දී ආගමක් නැති මගෙයි උගෙයි වෙනසක් නෑ (එහෙම කියනවට වඩා හොඳයි උන්ට වඩා මම හොඳයි කියන එක...)


    අනේ බං මිනිස්සු විවිදයි වගේම අදහස් විවිදයි. සමහරු බුද්ධහගමේ නමුත් එ්කේ තියන කලයුතුදේ අනුව කටයුතු කරන්නෑ , ක්‍රිස්තියානි්, හින්දු , මුස්ලීම් ඔය ඔක්කොගේම එ්වගේ මිනිස්සු ඉන්නවා. එහෙමයි කියලා සමස්ථ බුද්ධහගමට ගහන එක බුද්ධහගෙම් තමයි වැරැද්ද කියල කියන එක අනුමත කරන්න බෑ.:yes:
     

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    රෙප් කැපෙනවා, එළකිරියේ කොන් වෙනවා, ලේබල් වදිනවා වගේ කතා නිසා ගොඩක් අය මේක කතා නොකලට හිතේ තියන දෙයක්. මම මේක කලිනුත් කතා කළා. මාතෘකාව වගේම, මේකත් අම්මට බැනුම් අහන වැඩක්. කමක් නැ කවුරුහරි මේක කතා කරන්න ඕනා.

    සිද්දිය තමා ලංකාවේ ආගම්. ලංකාව වාණිජව දුප්පත් වෙන්න අංක එකට බලපාපු කාරණේ මම දකින හැටියට බුද්දාගම. බුද්දාගම කිව්වහම කොටස් දෙකක් ලෝකේ අපිට දකින්න පුළුවන්. ඒ මහායාන දර්මය සහා ථෙරවාද දර්මය.

    මහායාන දර්මය
    අර මාර්ක් සකර්බර්ග්ගේ වයිෆ් අදහන දර්මය එයා වදින බුදුපිලිමේ. ඒක තම චිනේ ජපානේ ෆලෝ කරන එක.. ලෞකික සැප ප්‍රතික්ෂේප නොකරන දර්මය. මේක සාර්ථකයි යම්තාක් දුරකට ලෝකේ. මිනිස්සුන්ගේ සිතුවිලි, චින්තන උද්දීපනය කරන්න මේ දර්මය අනුබල දෙනවා. මොකද ලෞකික සැප සහා අද්යාත්මික ගුණවගාව බැලන්ස් වෙන නිසා. එකයි ලෝකේ සාර්ථක බිස්නස් පොරවල්, මේකට ඇදිලා යන්නේ.

    ථෙරවාද දර්මය
    හුදෙක්ම දර්මාශෝකගේ කොන්ත්‍රාත් එකකට මිහිදු හාමුදුරුවෝ ලංකාවේ ප්‍රචලිත කරන්න තියාගත්ත එක. බුදුන් වහන්සේ තුන් වරක් වැඩලත් ලංකාවේ ඔරිජිනල් බුද්ද දර්මය ග්‍රහණය නොවුනට, තිස්සව හාවා කරලා මිහිදු හාමුදුරුවෝ ලංකාවේ එක රැයින් බුදිස්ට්ලා මවපු දර්මේ. ලංකාවේ මිනිස්සුන්ගේ චින්තනය, ගොඩනැගීම, ආකල්ප සේරම නොදැකපු නිවනකට තල්ලු කරලා, ලංකාව ටෙම්පරි පොට් එකක්,මේකට වැඩ කරන්න එපා, නිවනට වැඩ කරපියව් කියල උගන්නන්න ගත්තට පස්සේ මිනිස්සු ආයේ රටට වැඩක් කරන්නේ නැ.. බලපන් එදා මෙදා තුර සිංහලුන්ට වෙච්ච දේ. ඒ ඉංජිනේරු ශිල්ප දැන් කෝ? ඒවා දියුණු උනාද, පරම්පරාවෙන් ආපු කමට මිහිදු හාමුදුරුවන්ගෙන් පස්සේ ටික කාලයක් තිබ්බා. ඒ කාලේ තමා හදන වැව්, දාගැබ් ටික හැදුනේ. දැන් බලපන් කොලබ බිල්ඩින් ප්‍රොජෙක්ට් කරන්නේ ටාටා හවුසින් එකෙන්. මිහිදුගේ දර්මේ රිජෙක්ට් කරපු උන් ගොඩ ගිය එක එතැනින්ම පේනවනේ.

    අද සිංහල කඩේක ගිහින් බඩුවක් ගන්න අහපන්. එක නැ, ඉවර වෙලා, කොළබත් බඩු නැ , ආණ්ඩුව බදු ගහලා, මාකට් ලොස්ට්.. එක විකාරයි. තිලකවර්දන වගේ ඒවා උනත් නැගලා ආවේ අන්තිමට මිනිස්සුන්ට තේරුණා නිසා මුස්ලිම් උන් කෙලවනවා කියලා. නැතිනම් තාමත් මෙලොවට ඕන නැ, අල්පේච්ච ජිවිත තමා හොද වගේ ටෝක් දිදී එලොවට පින් රැස්කරන ලොන්ත යක්කු ටිකක් මේකේ හිටියේ, ඉන්නේ. අර ඊයේ ත්රෙඅඩ් එකක් දාලා අහපුවහම ආයේ ඉපදෙන්න ආසා මොන රටේද කියලා බලහන් උත්තර. මිහිදුගේ දර්මේ සාර්ථක නම් එහෙම කියයිද?





    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    Skylark
     

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    මාක් ල මහායාන ථෙරවාදයට නැතුව මහායානයට ඇදෙන්නෙ ලොකුම හේතුව උන්ගෙ චින්තනේට වැඩියෙන් ගැලපෙන්නෙ මහායානය නිසා බං. ථෙරවාදයෙ ආරම්භයක් නෑ අවසානයක් නෑ උන්ට ඒව දිරවන්නෑ. ඉතිං උන්ට කොහොමත් ථෙරවාදී වෙන්න බෑ.

    නිකං දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට ඕනෙ වුන පලියට එහෙම එක රාජ්‍ය කාලයෙන් රටක් බෞද්ධ කලෑකිද බං ඒ රටේ තිබ්බ චින්තනේට සංස්කෘතියට බුදු දහම ගැලපුනේ නැත්තං. එහෙනං යකෝ පෘතුගීසි ලංදේසි ඉංග්‍රීසි ලංකාව කොච්චර කල් පාලනය කලාද. ඒ කාලෙ ඒ පාලනේ කරපු ප්‍රදේශ වලවත් 90%ක්වත් උන් ප්‍රවර්ධනය කරපු ආගම වැලඳගන්න එපැයි. කෝ එහෙම වුනාද ?

    එහෙම රජා තැන දුන්න කියල දඩිබිඩියෙ රටක ආගම් මාරු කරන්න බෑ බං. වෙලා තියෙන්නෙ උඹල ආගම දකින්නෙ නිකං මතවාද සෙට් එකක් විදිහට. භාශාව දකින්නෙ නිකං භෞතික වස්තු වලට කියන නම් ටිකක් විදිහට. ඔහොම superficially දැකල තීරණය කරන්න බෑ.

    ආගමක් භාශාවක් එක්ක චින්තනේකුත් එනව. ආගමක් හරි මොන කෙහෙම්මලක් හරි රටකට ආවාම ඒක ඒ රටේ සාර්ථකව පැතිරෙනවද කියල තීරණය කරන්න වැඩියෙන්ම බලපාන්නෙ ඒක ඒ රටේ ඒ වෙනකොට තියෙන චින්තනේට කොච්චර දුරට අනුකූලද කියන එක. මිහිඳු හාමුදුරුවො මිහින්තලේට වැඩම කරල දේවානම්පියතිස්ස රජතුමාගෙන් අහපු ප්‍රශ්න දෙකම අරං බලපං. අඹ පැනෙයි ඥාති පැනෙයි. උඹල හිතන්නෙ මිහිඳු හාමුදුරුවො ලංකාවෙ රජ කරන්නෙ ගොං හරක් මුන්ට පොඩි තේරවිල්ලක් දීල බලන්න ඕනෙ ඒකවත් විසඳගන්න පුලුවන්ද කියල කියල හිතල ඔය දෙක ඇහුව කියලද ? :sorry: අවාසනාවට ගොඩක් බෞද්ධ උනුත් හිතාගෙන ඉන්නෙ මෙහෙම තමා. මාත් හිතාගෙන හිටියෙ එහෙමනෙ :(

    අඹ පැනය අහල බැලුවෙ රේඛීයව ඉදිරියටම යන්නැතුව චක්‍රීයව හිතන්න පුලුවන්ද කියල.
    ඥාති පැනේ අහල බැලුවෙ මුන්ට ද්වීකෝටික න්‍යායට එහා ගිහිං චතුස්කෝටික න්‍යායෙන් හිතන්න පුලුවන්ද කියල. පොඩ්ඩක් සුද්දො යුක්ලිඩිියානු ජ්‍යාමිතියෙ සරල රේඛාවක් ඒ රේඛාවටම සමාන්තර වෙනවද නැද්ද කියන එක ගැන මොකද කියන්නෙ කියල හොයල බලපං ඥාති පැනේ තේරෙයි.

    පේන්නැති නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ? එතකොට ඇඩම් ස්මිත්ලගෙ ආර්ථිකේ පාලනේ කරන අදිසි හස්තය එහෙම සුද්දන්ට පේනවලුද ? බම්බුව තමා :rolleyes:

    ලංකාවෙ තිබුණු චින්තනයට බුදු දහම පෑහුනා ඉතිං ලංකාවෙ මිනිස්සු සෑහෙන්න බෞද්ධ වුනා. බෞද්ධ වුනා කියල ඒ වෙනකං අරං ආපු විශ්වාස අතෑරියෙ නෑ ඒවට තමා පන්සල් වල දේවාල හැදුනෙ. තාමත් ගම් පලාත් වල මිනිස්සු ගස් වල කොල අතු එල්ලල බාර වෙනව. ලංකාවෙ තිබුණු සංස්කෘතියෙන් මිහිඳු හාමුදුරුවො ගෙනාපු බුදු දහම අවශෝෂණය කලා. කරල සිංහල බුද්ධාගම නිර්මාණය වුනා.

    දැන් වෙලා තියෙන්නෙ සුද්දගෙ ක්‍රමේ අපි අවශෝෂණය කරන්නෑ එහෙම් පිටිං අනුකරනය කරනව. ඒත බුද්ධාගමත් එක්ක නෙමේ අපේ තියෙන සිංහල බෞද්ධ චින්තනෙත් එක්ක පෑහෙන්නෑ. ඒකයි ඔය ප්‍රශ්න.

    :yes::yes::yes: 12+
     
    • Like
    Reactions: WhiteWalker

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,200
    18,822
    113
    අදාල නෑනේ
    Apita wela thiyena karume thamai mona magulak karanna giyath sinhala kamai budhdhagamai winasa wei kiyana baya.

    Den hamuduruwo jeewath wena widiya balapanko. Wahane koti 2, pansala kiyanne business karana thenak, media walata bana kiyanne. Kawruth kata arinne ne mokada sinhala baudhdha kamata gerahimak kiyala hithana nisa.

    Ape un hithan inne agama kiyanne kare thiyan rakinna ona ekak, eka wena anyagamikayek wiwechanaya karoth winasa wela yanawa enisa palli kudu karama agama beraganna puluwan kiyala.

    Onna oya wage pisso thamai lankawe inne
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Apita wela thiyena karume thamai mona magulak karanna giyath sinhala kamai budhdhagamai winasa wei kiyana baya.

    Den hamuduruwo jeewath wena widiya balapanko. Wahane koti 2, pansala kiyanne business karana thenak, media walata bana kiyanne. Kawruth kata arinne ne mokada sinhala baudhdha kamata gerahimak kiyala hithana nisa.

    Ape un hithan inne agama kiyanne kare thiyan rakinna ona ekak, eka wena anyagamikayek wiwechanaya karoth winasa wela yanawa enisa palli kudu karama agama beraganna puluwan kiyala.

    Onna oya wage pisso thamai lankawe inne
    ඒ වගේ පිස්සෝ රිෆර් කරන් පිස්සු කෙලින්න එපා කියලා ඉල්ලන්නේ නෑ නෑමයි... කම්මැලිකමටත් එක්ක හොදයි😂😂😂😂
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala


    නිවනක් අරමුණු කරගෙන වැඩ කරනව කියල උඹ හිනාවෙන්නෙ එතකොට අසීමිත ආර්ථික වර්ධනයක් ගැන හිතල වැඩ කරන සුද්දගෙ ක්‍රමේ අවුලක් උඹට පේන්නැද්ද බං ? අඩුම ගානෙ පරිමිත ග්‍රහලෝකෙක අපරිමිත ආර්ථික වර්ධනයක් අත් කරගන්න බෑ කියලවත් හිතිල නැද්ද ?

    Nailed question
     
    Sep 4, 2015
    3,212
    269
    0

    ඒක මචං බුද්ධාගමේ වරද නෙවෙයි.... බුද්ධාගම හොඳ ආර්ථික තියරියක් උගන්ලා තියෙනවා... සල්ලි හම්බකරන විදිය, ඉතිරි කරන විදිය, පරිභෝජනය කරන විදිය, ඉන්වෙස්ට් කරන විදිය ගැන ගැඹුරින් කතා කරල තියෙනවා... මී කුණක් විකුණල සිටුවරයෙක් වුණු කතාවක් මහ ඉහලින් බුද්ධාගමේ කතා කරන දෙයක්... මේක පරෙස්සමට ගලපගන්න ඕන දෙයක්... අපි ජාතියක් විදියට දෙයක් අල්ල ගන්නේ වැරදි තැනින්.. අපි බුද්ධාගම උනත් අල්ලගත්තේ වැරදි තැනකින්... ඒක බුද්ධාගමේ වරදක් නෙවෙයි අපේ වරද..... (දැන් කියන්න එපා පල්ලියේ මක්කමේ කෝවිලේ කොන්ත‍්‍රාත් එක ඉෂ්ට කරන්න ආව කියල... :P වැදගත් සාකච්චාවකට වරෙල්ලා... හැබැයි අන්ධ භක්තිකයෝ, පටු ආකල්ප දරන එවුන් එක්ක නෙවෙයි....:yes:)

    උබට විතරයි කුකුලො හොඳ විෂන් එකක් තියෙන්නෙ. මේකේ ඉන්න වේසිගෙ පුතාලාට ඕවා තේරෙන්නෑ.:D
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සුද්ද IRRI (international Rice Research Institute) එක හදල එක එක හාල් වර්ග හදුන්වා දුන්න. ඔක්කොම hybrid. අස්වැන්න වැඩි උනාට සත්තු කෑම උපරිමයි. ඉතින් ඇන්ග්ලෝ asian, bayers, monsanto etc etc එවන රටේ නැති වස ගහල ගහල තමයි හාල් හදන්න ඕනේ. දේශීය හාල් වර්ග වල සත්තු කෑම ඉතාම අඩුයි. අස්වැන්න ටිකක් අඩු උනාට දීර්ග කාලීනව ලාබයි. පසට, සත්තුන්ට හානියකුත් නැහැ.

    කොටු එලවලුත් එහෙමයි. එක එක හයිබ්‍රිඩ් දාන්න ගිහින් සත්තු බෝ වෙලා උපරිමයට.

    හැබැයි සුද්දටම පුක දෙන්න බලාගෙන ඉන්න අපේ අයට සුද්දම අපේ මුතුන් මිත්තෝ කරපු ක්‍රමයක්ම එවනවා හරියට උන් හොයා ගත්ත වගේ. Integrated pest management. ඒකාබද්ධ පලිබෝද පාලනය. අපේ උනුත් ඕකම තමා ඒ කාලේ කලේ. එක එක ජාති වවනවා කොටුවේ. එක පැලයක් කන්න සතෙක් එනවා. ඒ සතා ඒ කොටුවේම තියෙන තව පලයක් කන්න එන සතෙක්ගේ ගොදුරක් වෙනවා. ඌව කන්න තව එකෙක් ඔන්න ඔහොම. හානිය අවමයි. තෙල් බෙහෙත් ගහන්න අවශ්‍ය නැහැ.

    අපේ උන්ටත් හරි ලොකුයි. සුද්දනේ ගෙනාවේ.






    උබ ප්‍රක්ටිකලි හිතපන් ඔය ගොවිතැන ගැනම. උබ අවන්කවම හිතනවද බන් රජකාලේ ලංකාවේ හිටිය මිනිස්සු ප්‍රමාණයට ඔය කෙම් ක්‍රම වලින් බත දෙන්න පුළුවන් උනාට දැන් ඉන්න දෙකෝටියක් මිනිස්සුන්ට ඔය ක්‍රමේට කන්න දෙන්න පුළුවන් කියලා. එකට සුද්දද බන් වැරදි.. දැන් උබ කියන හැටියට ලංකාව 2500ක මෙව්වා එක එක සැරේ ඇත හැරලා මිනිස්සු සුද්දගේ මෙව්වා එක අල්ලගන්න ගිහින් නම් ප්‍රශ්නේ ඇති උනේ. අයි මිනිස්සු සුද්දගේ එකට ගියේ 2500ක එක ඊට වඩා හොද නම්.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    බෞද්ධ කියල හිතාගෙන ඉන්න උන් බහුතරයක් අබෞද්ධ තමයි බන්. පන්සල් ගිහින් මල් පූජා කරලා පන්සිල් කිව්වට බෞද්ධ වෙන්නේ නැහැ. හැබැයි පිට පෙනුමට නම් බෞද්ධ තමයි.

    මම කියන්න හදන්නේ ඒ සෙට් එකේ වැරැද්ද මිසක් බෞද්ධාගමේ වරදක් නෙමෙයි කියන එක.

    දැන් ඕකෙම අනිත් පැත්ත ඉස්ලාම්. ඉන්න හොඳ මිනිහත් පව් කරන අසමජ්ජතියෙක් කරනවා ආගමෙන්. බෞද්ධ එකෙ අනිත් පැත්ත අසමජ්ජාතීන්ව හොඳ මිනිස්සු කරනවා.



    උබ ඔය ආයේ එන්නේ අර මගේ ආගම් ත්රෙඅඩ් එකේ තියරියට ප්‍රැක්ටිකල් ගැලපෙන්නේ නැති කතාවේ මුලට. කන්න ඕනා උනාම කබරයා/තලගොයා මාරු කරනවා. ඉස්සෙල්ලම තමන් මොකෙක්ද තමන්ගේ රටේ උන් මොක්කුද කියලා තීරණයකට වරෙන්. හොද කරනකොට ඌ බෞද්ද වෙන්නත්, නරක කරනකොට ඌ අබුද්ද එකෙක්, අපේ රැහේ නෙමෙයි කියන්නත් පොයින්ට් ගෙන්න එපා. මේ රට නිදහසෙන් පස්සේ, ක්‍රිස්තියානි, මුස්ලිම්, හින්දු උන් පාලනය් කලේ නැ.. පාලනය කලේ බෞද්ද පන්සල් ගිය උන් තමයි. උන්ගේ කෙරුවාව අබ්ලික් උනාම උන් අබෞද්ද ගොඩට දැම්මට වැඩේ වහන්න බැනේ..