ඇති ව පැවත නැතිවීම....!

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා, තිරයේ පෙනෙන අලියෙක් ගැන නෙවේ ද කියන්නෙ?...මම හිතුව, තිරය කියන්නෙ ඩිස්ප්ලෙය් එකක් කියල...
    ඔව් ඉතින්, අපි හිතමු තිරයෙ ඇත්ත වගෙ පෙනෙනව කියල, තිරයක් තියෙනව කියල පෙනෙන්නෙ අර උද ඉඳන් බලන කෙනාට විතරයි. නැත්නම් මේ example එක වැඩක් නැහැනෙ.
    ඇසට වැටෙන සන්වේදනයක්, සන්වේදනයක් ලෙස නොදැන, එතනින් එහා ගිහිලා සන්වේදනයේ නොතිබුනු, විද්යමාන උනු ත්‍රිකෝනයක් දැක්කා කියල හදුන ගන්නෙ සිතින්...අයෙත් කියන්නෙ වෙන්නෙ...ඔය ත්‍රිකෝනය, සිතින් කල සන්වේදනයේ වැරදි හැදිනීමක් ඇරෙන්නෙ, සිතේ වත්, සිතෙන් පිටවත් තියෙන දෙයක් නෙවේ...

    විද්යමාන වෙන්නෙ හිතෙන්...විද්යමාන වන ත්‍රිකෝනය, යම්කිසි පරමාර්ත් දර්ම රාශියක, වැරදි හදුනා ගැනීමක් ඇරෙන්න, එතනින් එහාට කතා කරන්න, තියෙන තැනක් කියන්න, ලක්ශනයක් පෙන්නන්න පුලුවන් යතාර්තයක් නෙවේ...

    ඕක මහත්තය, හෙමීට, කීප වතාවක් කියවල බලන්න තේරුමක් එනවද කියල බලන්න...

    ඕක, මනසින් සිතන සිතුවිල්ලකටත් ඔහොම තමයි...මන දම්මයක්, මන දම්මයක් විදිහාට නොගෙන, ඒ දම්මයේ ත්‍රිකෝනයක් තියෙනව කියා කරන වැරදි හැදිනීම...
    හරි එහෙනම්, ඔය යම්කිසි පරමාර්ථ ධර්ම රාශියක වැරදි හදුනා ගැනීමක් ඇයි ත්‍රිකෝණයක්මවුනේ? ඇයි එක එක වෙලාවට ඒක වෙන වෙන දේවල් වෙන්න බැරි? ත්‍රිකෝණය හිතේ තිබුනෙත් නැත්නම්, හිතෙන් පිට තිබුනෙත් නැත්නම් ඔය පරමාර්ථ ධර්ම රාශිය එක විදියකට තියෙනකොට ඇයි ත්‍රිකෝණයක්ම විද්‍යමාන වෙන්නෙ?

    මේ රෝෂ් මහත්තය හඳුනාගැනීම වැරදි හෝ හරි ගැන ප්‍රශ්නයක් නෙමෙයි, හඳුනාගැනීම මොකක්වුනත් ඒකට පාදක වෙච්ච දේ ගැන ප්‍රශ්නයක්නෙ. ඔබතුමාගෙ තර්කය අනුව ත්‍රිකෝණයක් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් ඔය පරමාර්ථ ධර්ම රාශිය දැක්කත් ත්‍රිකෝණය කියල හඳුන ගන්නව.... මෙහෙම වෙන්න පුලුවන්ද?
     
    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    X =Y එකෙන්, දැකපු කට්ටිය මොනවද දැක්කෙ මහත්තය?

    මහත්තය, ඔය කියන ක්‍රමයෙන්, තමන් වත් නොදැන අනුන්ට කියන, ප්‍රශ්නයක් ඇහුවාම, උත්තරයක් දී ගන්න බැරුව, අනිති අයට මෙහම කරන්න, අරහෙම කරන්න කියන අයට මුකුත් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙයි ද මහත්තය?
    ------ Post added on Jul 3, 2024 at 4:26 AM
    මෙත්තා ගුණය යොමුකරන්න අපහසුයි ඔබ තුමා ගැන.එකට ඔබතුමාට අවශ්‍ය සුදුසුකම් නැ.අනික මම ඔබ තුමාට කිසිත් කිවුවේත් නැ. අනුන්ට කියපු දෙයක් ගන්නකොට ඔහොම විචිකිච්චාව ඇති වෙනවා. නිමි :love:
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඔව් ඉතින්, අපි හිතමු තිරයෙ ඇත්ත වගෙ පෙනෙනව කියල, තිරයක් තියෙනව කියල පෙනෙන්නෙ අර උද ඉඳන් බලන කෙනාට විතරයි. නැත්නම් මේ example එක වැඩක් නැහැනෙ.

    තිරයක් පේන්නෙත් නැති කෙනාට...තිරය (පරමාර්ත් කන්ෆිගරේශන් එකක් නැ නේ )...ඉතින් සම්මුතියක්, කතා කරන්න වෙන්නෙ නැ...

    අනිත් කෙනා..තිරය, තිරය වශයෙන් නොදැක, නැති අලියෙක් ඇති ලෙස හදුන ගන්නව...

    හරි එහෙනම්, ඔය යම්කිසි පරමාර්ථ ධර්ම රාශියක වැරදි හදුනා ගැනීමක් ඇයි ත්‍රිකෝණයක්මවුනේ? ඇයි එක එක වෙලාවට ඒක වෙන වෙන දේවල් වෙන්න බැරි? ත්‍රිකෝණය හිතේ තිබුනෙත් නැත්නම්, හිතෙන් පිට තිබුනෙත් නැත්නම් ඔය පරමාර්ථ ධර්ම රාශිය එක විදියකට තියෙනකොට ඇයි ත්‍රිකෝණයක්ම විද්‍යමාන වෙන්නෙ?

    මේ රෝෂ් මහත්තය හඳුනාගැනීම වැරදි හෝ හරි ගැන ප්‍රශ්නයක් නෙමෙයි, හඳුනාගැනීම මොකක්වුනත් ඒකට පාදක වෙච්ච දේ ගැන ප්‍රශ්නයක්නෙ. ඔබතුමාගෙ තර්කය අනුව ත්‍රිකෝණයක් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැති කෙනෙක් ඔය පරමාර්ථ ධර්ම රාශිය දැක්කත් ත්‍රිකෝණය කියල හඳුන ගන්නව.... මෙහෙම වෙන්න පුලුවන්ද?

    අද, ත්‍රිකෝනයක් කියල හදුන ගන්නෙ...කලින් දවසක මේ පරමාර්ත් කොන්ෆිගරේශන් එකම ත්‍රිකෝනයක් කියල වැරදියට හදුන ගත්ත නිසා ( උදාහරනයකට, කවුරු හරි කියනව මේ රුපය ත්‍රිකෝනයක් කියල )

    කවුරු හරි කලින් කියලත් නැති නම්, මේ පලවෙනි වතාවට නම් දකින්නෙ...මේ ත්‍රිකෝනයක් කියල ි හදුනා ගත්තේ නැති උනත්, මේ යම්කිසි හැඩයක් හෝ යම්කිසි සටහනක් කියල අදුන ගත්තත්, ඒත් සම්මුතියක් ම තමයි, යතාර්තයක් නෙවේ...සෙන්සේශන් එක සෙන්සේශන් එක විදිහට නොදකින කල්...

    මේ කතාවට මතකය අදාල නැ.

    මතක තිබුනත් තියෙන්නෙ...කලින් එක්ස්පිරියන්ස් කරපු යතාර්තයක් නොවීමක්...මතක තිබුන, නොතිබුනා කියන එකෙන්, යතාර්තයක් නොවන දෙයක් යතාර්තයක් වෙන්නෙනැ.

    මෙත්තා ගුණය යොමුකරන්න අපහසුයි ඔබ තුමා ගැන.එකට ඔබතුමාට අවශ්‍ය සුදුසුකම් නැ.අනික මම ඔබ තුමාට කිසිත් කිවුවේත් නැ. අනුන්ට කියපු දෙයක් ගන්නකොට ඔහොම විචිකිච්චාව ඇති වෙනවා. නිමි :love:

    ඕනෙ කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුලුවන් මේ පබ්ලික් ෆොරම් එකක ඔබතුමා දාපු දෙයකට, ප්‍රශ්නයක් ඇහුවම, ඔබතුමාට කිව්වෙ නැනෙ....අරක කරාම තේරෙයි..මේක කරන්න වග්..කතා කිව්වම කැතයි වගේ නේ? අර කලින් සැරේ වගේ...කවුරු හරි මරන තර්ජනයක් වත් කලාද උත්තර දෙන්න එපා කියල...

    ඔබතුමා, ඔබතුමාම කියන දේ දන්නෙ නැති උනත්,..හැබයි, අනිත් අයගෙ සුදුසු කමුයි,වඩන්න ඕනෙ ඒවයි හොදට දන්නව නෙ?

    සාරාසන්කෙයිය කල්පලක්ශයක් පෙරුම්පුරල, බුදු වෙලා..බුදු ඇසින් දුටු ඒ දර්මතාවය...දෙව් බබුන් ඇතුලු පෘතක්යනයෙකුට හීනෙකින් වත් දකින්න බැ කියද්දි...කකුලෙ ලග තියෙන මඩවල දුර තියෙන සීනි බෝල සුරන්ගනා කතා බුදු දාහම කියල හිතාගෙන ඉන්න ඔබතුමන්ලට තමන් වැටිල ඉන්න මඩ වලෙන් කවදා හරි එලියට එන්න ලැබේව කියල ප්‍රාර්තනා කරනව.. :love:
    ------ Post added on Jul 3, 2024 at 1:17 PM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තිරයක් පේන්නෙත් නැති කෙනාට...තිරය (පරමාර්ත් කන්ෆිගරේශන් එකක් නැ නේ )...ඉතින් සම්මුතියක්, කතා කරන්න වෙන්නෙ නැ...

    අනිත් කෙනා..තිරය, තිරය වශයෙන් නොදැක, නැති අලියෙක් ඇති ලෙස හදුන ගන්නව...
    ඉතින් ප්‍රශ්ණය මොකක්ද රෝෂ් මහත්තය? මේ configs හේතු සහ ඵල, ඔබතුමා එකකට විතරක් priority දීල කියනව අලියෙක් කියල ගන්න දෙයක් නැහැ කියල. ඒක දාර්ශනික වශයෙන් හරි උනාට අලියෙක් විද්‍යමාන වීම සහ නොවීම යන phenomena දෙක නැහැ කියන්න බැහැනෙ. එහෙම නම් හේතු ඵල දහම වැරදියි කියන්න ඕනි.
    අද, ත්‍රිකෝනයක් කියල හදුන ගන්නෙ...කලින් දවසක මේ පරමාර්ත් කොන්ෆිගරේශන් එකම ත්‍රිකෝනයක් කියල වැරදියට හදුන ගත්ත නිසා ( උදාහරනයකට, කවුරු හරි කියනව මේ රුපය ත්‍රිකෝනයක් කියල )

    කවුරු හරි කලින් කියලත් නැති නම්, මේ පලවෙනි වතාවට නම් දකින්නෙ...මේ ත්‍රිකෝනයක් කියල ි හදුනා ගත්තේ නැති උනත්, මේ යම්කිසි හැඩයක් හෝ යම්කිසි සටහනක් කියල අදුන ගත්තත්, ඒත් සම්මුතියක් ම තමයි, යතාර්තයක් නෙවේ...සෙන්සේශන් එක සෙන්සේශන් එක විදිහට නොදකින කල්...

    මේ කතාවට මතකය අදාල නැ.

    මතක තිබුනත් තියෙන්නෙ...කලින් එක්ස්පිරියන්ස් කරපු යතාර්තයක් නොවීමක්...මතක තිබුන, නොතිබුනා කියන එකෙන්, යතාර්තයක් නොවන දෙයක් යතාර්තයක් වෙන්නෙනැ.
    එහෙම කලින් හඳුනගත්ත කියල දැන් දන්නෙ කොහොමද? අර කිව්ව configuration එක දැක්ක ගමන් ත්‍රිකෝණය විතරක් ඇදිල ආවෙ කොහොමද? මේ අනුව යතාර්තයක් නොවීම කියන එක fact එකක් කියල ගත්තත් අපිට මතකය අදාළ නැහැ කියන්න පුලුවන්ද?
     
    Last edited:

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    හම්මට තාම ඉවර නැනේ!

    ත්‍රිකෝණය දන්නේ නැත්නම් පෙන්නේ නෑ කියන එකට supportive research එකක්. අපිට මේක හිතල ගන්න අමාරු තැනක්.
    ( ඔක්කොම කියෙව්වේ නෑ , කතාව ඒ ගැන කියල හිතුනේ )

    https://www.linkedin.com/pulse/how-different-cultures-see-colours-part-2-amina-rakhmankulova/
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    හම්මට තාම ඉවර නැනේ!

    ත්‍රිකෝණය දන්නේ නැත්නම් පෙන්නේ නෑ කියන එකට supportive research එකක්. අපිට මේක හිතල ගන්න අමාරු තැනක්.
    ( ඔක්කොම කියෙව්වේ නෑ , කතාව ඒ ගැන කියල හිතුනේ )

    https://www.linkedin.com/pulse/how-different-cultures-see-colours-part-2-amina-rakhmankulova/
    ඔව් ඔව්, :lol: මේ අපේ රෝෂ් මහත්තය කියනවනෙ ත්‍රිකෝණය කියන සම්මුතිය හිතේ තියෙන දෙයක්වත් කොහෙන්වත් ආපු දෙයක් වත් නෙමෙයි. එතුමා කියන දේ "සම්මුතිය" කියන definition එකටත් පරස්පරයි. ඉතින් මේ එතුමා මොකද්ද කියන්න තටමන්නෙ කියල බැලුවෙ.

    මේ link එක අනුව සම්මුතියක් නැතුව පෙනේනෙත් නැහැ කියල කියන්නෙ... හිතල බැලුවොත් ඒක ඇත්ත. Thanks for the link.
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,095
    93
    ඔව් ඔව්, :lol: මේ අපේ රෝෂ් මහත්තය කියනවනෙ ත්‍රිකෝණය කියන සම්මුතිය හිතේ තියෙන දෙයක්වත් කොහෙන්වත් ආපු දෙයක් වත් නෙමෙයි. එතුමා කියන දේ "සම්මුතිය" කියන definition එකටත් පරස්පරයි. ඉතින් මේ එතුමා මොකද්ද කියන්න තටමන්නෙ කියල බැලුවෙ.

    මේ link එක අනුව සම්මුතියක් නැතුව පෙනේනෙත් නැහැ කියල කියන්නෙ... හිතල බැලුවොත් ඒක ඇත්ත. Thanks for the link.
    ඕක අමාරු අපිට ඒ ගැන අත්දැකීමක් ගන්න බැරි නිසා. අපිට පේන්නෙම දන්න දේ " නම් " මිස් වෙන දේ ගැන අදහසක්වත් නෑනෙ . මිස් වෙනවා කිව්වට ඒ ගැන කතා කරන්න පුළුවන් ද ප්‍රශ්නය තියෙනවා 🤷 වෙන කෙනෙකුට miss වෙන එකක් දැක්කට. එලියෙ යමක් තියෙනවා ඒක මට මිස් වෙනවා කියන එක වැරදි මට හිතෙන්නේ ...
    ඉපදෙන කොටම රාමු සෙට් එකක් එනවා. ඒ ටික රාමු කියලා අපිට තේරෙන්නෙ වත් නෑ. හැබැයි ඒ අනුව ලොකෙ හම්බෙනවා. ( ඒ රාමු සෙට් කරන එකටද දන්නෙ නෑ ජනක කර්මය කියන්නේ 🤷).
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඉතින් ප්‍රශ්ණය මොකක්ද රෝෂ් මහත්තය? මේ configs හේතු සහ ඵල, ඔබතුමා එකකට විතරක් priority දීල කියනව අලියෙක් කියල ගන්න දෙයක් නැහැ කියල. ඒක දාර්ශනික වශයෙන් හරි උනාට අලියෙක් විද්‍යමාන වීම සහ නොවීම යන phenomena දෙක නැහැ කියන්න බැහැනෙ. එහෙම නම් හේතු ඵල දහම වැරදියි කියන්න ඕනි.

    ඔබතුමා කියන උදාහරනය මම හරියට ගත්තනම්...ඔබතුමා ඔතන අවස්තා දෙකක් ගැන නෙ කියන්නෙ...ඒ අවස්තා දෙකේ ප්‍රතිපලත් එකිනෙකට වෙනස්..එකකට මූලිකත්වය දීමක් කියල නැ.

    ස්ක්‍රීන් එක දකින්නෙ නැති කෙනාගේ පරමාර්ත් දර්ම ටික වෙනස්...එයාට, අලියෙක් විද්යමාන වෙන්නෙ හේතු නැ.. ඒ මනුස්සයට මෙතන මුකුත් නැ කියල විද්යමාන වෙනව...ඒකත් විද්යමාන වීමක් ඇරෙන්න සත්යක් නෙවේ නෙ...

    අනිත් කෙනා, ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක විදිහට දකින්නෙ නැතුව...අලියෙක් ඉන්නව කියල දකිනව...ඒ එයගේ පරමාර්ත් දර්ම වල සකස් වීම්..

    එකකට මූලිකත්වය දෙනව කියන්නෙ මොකක්ද මේ දෙකෙන්?

    එහෙම කලින් හඳුනගත්ත කියල දැන් දන්නෙ කොහොමද? අර කිව්ව configuration එක දැක්ක ගමන් ත්‍රිකෝණය විතරක් ඇදිල ආවෙ කොහොමද? මේ අනුව යතාර්තයක් නොවීම කියන එක fact එකක් කියල ගත්තත් අපිට මතකය අදාළ නැහැ කියන්න පුලුවන්ද?

    ඔය කිරියාවලියෙ දි මතකය අදාලයි...එක නෙවේ මම කියන්නෙ...ඔය මතකය, බේස් වෙන්නෙම මූලික වැරදි හදුනා ගැනීම මත...තව විදිහකට කිව්වොත්, මතකය බේස් වෙන්නෙ නැති ත්‍රිකෝනයක්, දැකපු පරමාර්ත වල තියෙනව කියන වැරදි හදුනා ගැනීම මතමයි...වැරද්ද පටන් ගන්නෙම එතනින්...මූලික හදුනා ගැනීමෙම...ඉතින් මතකයේ තියෙන්නෙත්, ත්‍රිකෝනයක් තියෙනව කියන වැරදි දත්තයමයි...

    ඉතින් ඔතන, මතකය ඔය කතාවට අදාල වෙන්නෙ නැ... ඔබතුමා, මතකය පැත්තක තියෙල, අවුල වෙන තැනට ආව නම් ඕක ලිහා ගන්න ලේසි...

    ඕක හරියට...ලයිට් (පරමාර්ත ) තියෙන ඩිස්ප්ලේ එකක් බලගෙන ඉන්නකොට, යම්කිසි රටාවක් පේනව...කෙනෙක් කියනව ඒක A කියල...දැන් ඔතන, ඇත්තටම තියෙන්නෙ මොකක්ද...ලයිට් ටිකක්...දැන් ඕක මතක තියාගන්නෙ මොකක්ද...මෙන්න මේ වගේ...පැටර්න් එකක් A අයෙත් දවසක ඔය පැටර්න් එක දකිනව...A කියල හදුන ගන්නව...ඇත්තටම A කියල දෙයක් තියෙනව ද? නැ.. කොතනින් ඇල්ලුවත්...මතකය තුලින් හදුනාගන්න පුලුවන් උනත්, කිසිදාකවත්, නොතිබුන A එකක පරමාර්ත් ලක්ශනයක් කතා කරන්න බැ...

    ඒක හරියට..මිරුගුවක් බලාගෙන, වතුර කියල හිතාගෙන...මෙන්න මේ පැත්තට ගලාගෙන යනව කියනව වගේ...වතුරක් නැති තැන...වතුර කියල හිතාගෙන ඒක ගලාගෙන යන පැත්තක් කියන එක පෘතක්ජන මෝඩ කම...

    ඔව් ඔව්, :lol: මේ අපේ රෝෂ් මහත්තය කියනවනෙ ත්‍රිකෝණය කියන සම්මුතිය හිතේ තියෙන දෙයක්වත් කොහෙන්වත් ආපු දෙයක් වත් නෙමෙයි. එතුමා කියන දේ "සම්මුතිය" කියන definition එකටත් පරස්පරයි. ඉතින් මේ එතුමා මොකද්ද කියන්න තටමන්නෙ කියල බැලුවෙ.

    මේ link එක අනුව සම්මුතියක් නැතුව පෙනේනෙත් නැහැ කියල කියන්නෙ... හිතල බැලුවොත් ඒක ඇත්ත. Thanks for the link.

    ඔතන කියන දේ, මම කියන අදහසට කිසි සේත්ම පරස්පර නැ නෙ...ඔතන හදුනා ගැනීමෙදේ කෙනෙක්...යම්කිසි සෙන්සේශන් එකක්...අලිය කියල සම්මුතිකව ගන්නව...තව කෙනෙක් අලුයා කියල ගන්නව...මූලික හැදීනිමට අනුකුලව...අලිය, කියල ගත්තත්, අලුය කියල ගත්තත්...ඔය දෙකම සම්මුතියක් ඇරෙන සත්යක්/පරමාර්තයක් නෙවේ නෙ...
    ------ Post added on Jul 3, 2024 at 9:36 PM
     
    Last edited:

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔබතුමා කියන උදාහරනය මම හරියට ගත්තනම්...ඔබතුමා ඔතන අවස්තා දෙකක් ගැන නෙ කියන්නෙ...ඒ අවස්තා දෙකේ ප්‍රතිපලත් එකිනෙකට වෙනස්..එකකට මූලිකත්වය දීමක් කියල නැ.

    ස්ක්‍රීන් එක දකින්නෙ නැති කෙනාගේ පරමාර්ත් දර්ම ටික වෙනස්...එයාට, අලියෙක් විද්යමාන වෙන්නෙ හේතු නැ.. ඒ මනුස්සයට මෙතන මුකුත් නැ කියල විද්යමාන වෙනව...ඒකත් විද්යමාන වීමක් ඇරෙන්න සත්යක් නෙවේ නෙ...

    අනිත් කෙනා, ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක විදිහට දකින්නෙ නැතුව...අලියෙක් ඉන්නව කියල දකිනව...ඒ එයගේ පරමාර්ත් දර්ම වල සකස් වීම්..

    එකකට මූලිකත්වය දෙනව කියන්නෙ මොකක්ද මේ දෙකෙන්?
    ඔතන පරමාර්ථ ධර්ම ටික වෙනස් වුණා නෙමෙයි, ඒවායේ configuration එකනෙ වෙනස්උනේ... විද්‍යමාන වෙන දේ සත්‍යක් නොවුනට (ඒකනෙ විද්‍යමාන කියන්නෙ) විද්‍යමාන වෙන process එක සත්‍යක්. ඒකයි අලිය කියල ගන්න දෙයක් නැහැ කියන එක විතරක් (by it self) වැරදි. ඕක, අලිය කියල ගන්න දෙයක් නැහැ නමුත් හේතු මත අලිය විද්‍යමාන වීම හෝ නොවීම රඳා පවතිනව කියල නේද ගන්න ඕනි? අනික් කාරණය තමයි අලිය කියන සම්මුතිය ඇති හිතක් ගොඩනොනැගෙන තැනක ඉහත කතා සියල්ල null & void.
    ඔය කිරියාවලියෙ දි මතකය අදාලයි...එක නෙවේ මම කියන්නෙ...ඔය මතකය, බේස් වෙන්නෙම මූලික වැරදි හදුනා ගැනීම මත...තව විදිහකට කිව්වොත්, මතකය බේස් වෙන්නෙ නැති ත්‍රිකෝනයක්, දැකපු පරමාර්ත වල තියෙනව කියන වැරදි හදුනා ගැනීම මතමයි...වැරද්ද පටන් ගන්නෙම එතනින්...මූලික හදුනා ගැනීමෙම...ඉතින් මතකයේ තියෙන්නෙත්, ත්‍රිකෝනයක් තියෙනව කියන වැරදි දත්තයමයි...

    ඉතින් ඔතන, මතකය ඔය කතාවට අදාල වෙන්නෙ නැ... ඔබතුමා, මතකය පැත්තක තියෙල, අවුල වෙන තැනට ආව නම් ඕක ලිහා ගන්න ලේසි...

    ඕක හරියට...ලයිට් (පරමාර්ත ) තියෙන ඩිස්ප්ලේ එකක් බලගෙන ඉන්නකොට, යම්කිසි රටාවක් පේනව...කෙනෙක් කියනව ඒක A කියල...දැන් ඔතන, ඇත්තටම තියෙන්නෙ මොකක්ද...ලයිට් ටිකක්...දැන් ඕක මතක තියාගන්නෙ මොකක්ද...මෙන්න මේ වගේ...පැටර්න් එකක් A අයෙත් දවසක ඔය පැටර්න් එක දකිනව...A කියල හදුන ගන්නව...ඇත්තටම A කියල දෙයක් තියෙනව ද? නැ.. කොතනින් ඇල්ලුවත්...මතකය තුලින් හදුනාගන්න පුලුවන් උනත්, කිසිදාකවත්, නොතිබුන A එකක පරමාර්ත් ලක්ශනයක් කතා කරන්න බැ...

    ඒක හරියට..මිරුගුවක් බලාගෙන, වතුර කියල හිතාගෙන...මෙන්න මේ පැත්තට ගලාගෙන යනව කියනව වගේ...වතුරක් නැති තැන...වතුර කියල හිතාගෙන ඒක ගලාගෙන යන පැත්තක් කියන එක පෘතක්ජන මෝඩ කම...
    ඒක හරි ත්‍රිකෝණයක් කියල කලින් හඳුන ගත්තෙත් විද්‍යමාන වීමක් තමයි... නමුත් ඒ විද්‍යමාන වීමට දෘෂ්ටියක් එකතුඋනා මේ ත්‍රිකෝණයක් කියල. අවුල වෙන තැන විතරක් ගත්තත් අපිට ඔය පරමාර්ථ ධර්ම config එක ත්‍රිකෝණයක්ම උනේ ඇයි කියන ප්‍රශ්නයට උත්තරයක් එන්නෙ නැහැනෙ රෝෂ් මහත්තය...
    අපි දන්නව නම දැන් පෙනෙන ත්‍රිකෝණය කලින් මතකයේ තිබුන දෙයක් කියල, අපි කොහොමද realistically බැහැර කරන්නෙ දැන් හැදුන හිතට ත්‍රිකෝණයක් පෙනෙන්නෙ පෙර හැදුණු හිතක බලපෑමකින් නෙමෙයි මේ දැන් වෙච්ච සංසිද්ධිය නිසා කියල??

    ඔතන කියන දේ, මම කියන අදහසට කිසි සේත්ම පරස්පර නැ නෙ...ඔතන හදුනා ගැනීමෙදේ කෙනෙක්...යම්කිසි සෙන්සේශන් එකක්...අලිය කියල සම්මුතිකව ගන්නව...තව කෙනෙක් අලුයා කියල ගන්නව...මූලික හැදීනිමට අනුකුලව...අලිය, කියල ගත්තත්, අලුය කියල ගත්තත්...ඔය දෙකම සම්මුතියක් ඇරෙන සත්යක්/පරමාර්තයක් නෙවේ නෙ...
    ------ Post added on Jul 3, 2024 at 9:36 PM
    මම claim ක‍රන්නෙ නැහැ සම්මුතියක් කියන්නෙ පරමාර්ථයක් කියල, මම කියන්නෙ සම්මුතියක් කියන්නෙත් ධම්ම රූපයක් නැත්නම් තවත් පරමාර්ථ configuration එකක් ම තමයි කියල... ඒකත් අනිච්චයි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඔබතුමාට ඕනෙ නම්, අනිත් පොයින්ට් වලටත් උත්තර දෙන්නම්...කියන දේ මේ පොයින්ට් එකෙන් පෙන්නන්න එකට ලග නිසා කෙලින්ම මේකට එන්නම්..

    මම claim ක‍රන්නෙ නැහැ සම්මුතියක් කියන්නෙ පරමාර්ථයක් කියල, මම කියන්නෙ සම්මුතියක් කියන්නෙත් ධම්ම රූපයක් නැත්නම් තවත් පරමාර්ථ configuration එකක් තමයි කියල... ඒකත් අනිච්චයි.

    මහත්තය, ඔය කියල තියෙන එක හොදට කල්පනා කරල බලන්න..සම්මුතිය කියන්නෙ, ඔය පරමාර්ත දර්ම කොන්ෆිග් එක ද? ඔය කොන්ෆිග් එකේ, වැරදි ඉන්ටෙප්‍රිටේශන් එකද කියල...ඔය දෙකම එකක්ද, දෙකක්ද කියල..

    පරමාර්ත කොන්ෆිග් = පරමාර්ත (සත්යක්)= අනිච්චයි.,
    වැරදි ඉන්ටෙප්‍රිටේශන් එක (ත්‍රිකෝනය, අසත්යක් ) =/= පරමාරත = අනිච්ච, නිච්ච කතාකරන්න බැ.
    වැරදි ඉන්ටෙප්‍රිටේශන් එක කල සිත (සත්යක්) = පරමාර්ත= අනිච්චයි..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, ඔය කියල තියෙන එක හොදට කල්පනා කරල බලන්න..සම්මුතිය කියන්නෙ, ඔය පරමාර්ත දර්ම කොන්ෆිග් එක ද? ඔය කොන්ෆිග් එකේ, වැරදි ඉන්ටෙප්‍රිටේශන් එකද කියල...ඔය දෙකම එකක්ද, දෙකක්ද කියල..

    පරමාර්ත කොන්ෆිග් = පරමාර්ත (සත්යක්)= අනිච්චයි.,
    වැරදි ඉන්ටෙප්‍රිටේශන් එක (ත්‍රිකෝනය, අසත්යක් ) =/= පරමාරත = අනිච්ච, නිච්ච කතාකරන්න බැ.
    වැරදි ඉන්ටෙප්‍රිටේශන් එක කල සිත (සත්යක්) = පරමාර්ත= අනිච්චයි..
    ඔතන රෝෂ් මහත්තය වැරදි interpretation එක කියන්නෙ පරණ දෘෂ්ටියක් නිසා ඇතිවුන දත්තයක්නෙ, ඒක මන ධම්ම ක්‍රියාවලිය තුල ධම්ම රූපයක් හැටියට නෙමෙයිද එන්න ඕනි? එහෙම නම් එකත් අනිච්චයි... ඕක තමයි මගෙ argument එක...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඔතන රෝෂ් මහත්තය වැරදි interpretation එක කියන්නෙ පරණ දෘෂ්ටියක් නිසා ඇතිවුන දත්තයක්නෙ, ඒක මන ධම්ම ක්‍රියාවලිය තුල ධම්ම රූපයක් හැටියට නෙමෙයිද එන්න ඕනි? එහෙම නම් එකත් අනිච්චයි... ඕක තමයි මගෙ argument එක...

    ඔව්, මහත්තය...(අසත්ය ) ත්‍රිකෝනයක් තියෙනව කියන දත්තය/සිත/හදුනා ගැනීම/මන දම්මය සත්යයි, අනිච්ච්යි...නමුත් ත්‍රිකෝනය කියන එක තාමත් අසත්යක්...

    අසත්ය, සම්මුතියෙ, දත්තය සත්යක්...දරන සිත සත්යක්...අදාල මනදම්ම සත්යක්...ඔය එකකින් වත් සම්මුතිය සත්ය/පරමාර්ත් වෙන්නෙ නැ...

    මහත්තය, දත්තය කියන්නෙ එකක්...දත්තයෙන් දරන දේ එකක්...

    කලින් මේක කිව්ව මම. දත්තයෙ කියන්නෙ 1 = 0 නම් (අසත්යක්), දත්තය දරන්නෙ 0v, 5v වලින් කියන දේ සත්යක්
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව්, මහත්තය...(අසත්ය ) ත්‍රිකෝනයක් තියෙනව කියන දත්තය/සිත/හදුනා ගැනීම/මන දම්මය සත්යයි, අනිච්ච්යි...නමුත් ත්‍රිකෝනය කියන එක තාමත් අසත්යක්...

    අසත්ය, සම්මුතියෙ, දත්තය සත්යක්...දරන සිත සත්යක්...අදාල මනදම්ම සත්යක්...ඔය එකකින් වත් සම්මුතිය සත්ය/පරමාර්ත් වෙන්නෙ නැ...

    මහත්තය, දත්තය කියන්නෙ එකක්...දත්තයෙන් දරන දේ එකක්...

    කලින් මේක කිව්ව මම. දත්තයෙ කියන්නෙ 1 = 0 නම් (අසත්යක්), දත්තය දරන්නෙ 0v, 5v වලින් කියන දේ සත්යක්
    ඔන්න ඔතනදි තමයි මම කිව්වෙ දත්තය සහ සිත නොමැතිව (ඔය දේවල් වලින් ස්වායක්තව) ත්‍රිකෝණයක් කතා කරන්න බැහැ කියල, ඒ මොකද ත්‍රිකෝණය කියන අසත්‍ය දරන්න දෙයක් නැති නිසා... මෙහෙම හිතන්නකො ඔය සියලු දෙයින් එලියෙ ඉඳන් කෙනෙක් බලාගෙන ඉන්නව කියල, ඒ කෙනාට ඔය දත්තය සහ සිත නැතිව ත්‍රිකෝණය විතරක් දකින්න බැහැ.

    හරියට 0v සහ 5v නැතිව 0/1 කතා කරන්න බැහැ වගෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඔන්න ඔතනදි තමයි මම කිව්වෙ දත්තය සහ සිත නොමැතිව (ඔය දේවල් වලින් ස්වායක්තව) ත්‍රිකෝණයක් කතා කරන්න බැහැ කියල, ඒ මොකද ත්‍රිකෝණය කියන අසත්‍ය දරන්න දෙයක් නැති නිසා... මෙහෙම හිතන්නකො ඔය සියලු දෙයින් එලියෙ ඉඳන් කෙනෙක් බලාගෙන ඉන්නව කියල, ඒ කෙනාට ඔය දත්තය සහ සිත නැතිව ත්‍රිකෝණය විතරක් දකින්න බැහැ.

    හරියට 0v සහ 5v නැතිව 0/1 කතා කරන්න බැහැ වගෙ.

    ඔව් මේක හරි, ත්‍රිකෝනය කියන අසත්ය දරන්න බැ, සත්ය හිත නැතුව... එතන කොහෙත්ම අවුලක් නැ...කලිනුත් කතාකරා

    සත්ය හිතක දරන අසත්යක, සත්යක හිතක ලක්ශන තියෙනවද?

    5v වල තියෙන එලෙක්ට්‍රොන වල ලක්ශන 1 ට තියෙනවද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් මේක හරි, ත්‍රිකෝනය කියන අසත්ය දරන්න බැ, සත්ය හිත නැතුව... එතන කොහෙත්ම අවුලක් නැ...කලිනුත් කතාකරා

    සත්ය හිතක දරන අසත්යක, සත්යක හිතක ලක්ශන තියෙනවද?

    5v වල තියෙන එලෙක්ට්‍රොන වල ලක්ශන 1 ට තියෙනවද?
    ඔතන අසත්‍ය කියන්නෙ විද්‍යමාන වීමක්නෙ රෝෂ් මහත්තය, ඒ කියන්නෙ ඔය හිත සහ මතකයේ සම්ප්‍රයුක්ත බලපෑම තමයි ත්‍රිකෝණය කියන්නෙ. එතකොට ත්‍රිකෝණය කියන්නෙ හිතද? - එහෙම කියන්න බැහැ, එහෙනම් ත්‍රිකෝණය කියන්නෙ මතකයද? - එහෙම කියන්නත් බැහැ.
    ඔබතුමා අහන එක හරියට මෙන්න මේ වගෙ... sodium සහ chlorine එකතු වෙල NaCl හැදෙනව, දැන් අහනව NaCl වල sodium ලක්ෂණ තියෙනවද කියල...
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ඔතන අසත්‍ය කියන්නෙ විද්‍යමාන වීමක්නෙ රෝෂ් මහත්තය, ඒ කියන්නෙ ඔය හිත සහ මතකයේ සම්ප්‍රයුක්ත බලපෑම තමයි ත්‍රිකෝණය කියන්නෙ. එතකොට ත්‍රිකෝණය කියන්නෙ හිතද? - එහෙම කියන්න බැහැ, එහෙනම් ත්‍රිකෝණය කියන්නෙ මතකයද? - එහෙම කියන්නත් බැහැ.

    මහත්තය, ඔතන ත්‍රිකෝනය කියන්නෙ හිතත් නෙවේ නම්, මතකයත් නෙවේ නම්...

    ත්‍රිකෝනය කියන්නෙ මොකක්ද?
    කොතනද තියෙන්නෙ?,
    ත්‍රිකෝනය කියල දෙයක් තියෙනවද?

    ඔබතුමා අහන එක හරියට මෙන්න මේ වගෙ... sodium සහ chlorine එකතු වෙල NaCl හැදෙනව, දැන් අහනව NaCl වල sodium ලක්ෂණ තියෙනවද කියල...

    ඔතන, Na සහ, Cl සත්ය (තියෙනව /සත්ය ) කියල ගත්තොත්, අනිවාර්යයෙන්ම NaCl සත්යක් (තියෙනව ) විදිහට ගන්න පුලුවන්...හරියට, රුපය කියන සත්යකුයි, චක්කුවින්නනයක් ( සත්යකුයි ) හේතු උන තැන ඊට් අදාල මනෝ වින්යානය (සත්යක් ) වෙන විදිහට..

    ඔතන, Na සහ Cl ( තියෙනව /සත්ය ) දෙක තියෙන තැන පෙනෙන්නෙ අලියෙක් නම්..ඒ අලිය, Na සහ Cl වග් සත්ය ද?, ඒ අලිය, කලු කිව්වොත් හරිද?, සිදු කිව්වොත් හරිද?, ඒ අලිය ගැන් කිසියම්ම ලක්ශනයක් කියන්න පුලුවන්ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, ඔතන ත්‍රිකෝනය කියන්නෙ හිතත් නෙවේ නම්, මතකයත් නෙවේ නම්...

    ත්‍රිකෝනය කියන්නෙ මොකක්ද?
    කොතනද තියෙන්නෙ?,
    ත්‍රිකෝනය කියල දෙයක් තියෙනවද?
    ත්‍රිකෝණය කියන්නෙ රෝෂ් මහත්තය අර ඉස්සෙල්ල කිව්ව වගෙ විද්‍යමාන වීමක්නෙ. මෙහෙම හිතන්නකො නිල් light beam එකක් සහ කහ light beam එකක් එක තැනකට point කලොත් එතන කොළ පාට පේනව. දැන්
    කොළ පාට කියන්නෙ මොකක්ද? - හේතු නිසා විද්‍යමාන වීමක්
    කොතනද තියෙන්නෙ? - හේතු සකස් වූ තැන
    කොළ පාට කියල දෙයක් තියෙනවද? - ඔව් හේතු තිබේ නම් කොළ පාට විද්‍යමාන වෙනව

    ත්‍රිකෝණය කියන්නෙත් මෙන්න මේ වගේම දෙයක්.
    ඔතන, Na සහ, Cl සත්ය (තියෙනව /සත්ය ) කියල ගත්තොත්, අනිවාර්යයෙන්ම NaCl සත්යක් (තියෙනව ) විදිහට ගන්න පුලුවන්...හරියට, රුපය කියන සත්යකුයි, චක්කුවින්නනයක් ( සත්යකුයි ) හේතු උන තැන ඊට් අදාල මනෝ වින්යානය (සත්යක් ) වෙන විදිහට..

    ඔතන, Na සහ Cl ( තියෙනව /සත්ය ) දෙක තියෙන තැන පෙනෙන්නෙ අලියෙක් නම්..ඒ අලිය, Na සහ Cl වග් සත්ය ද?, ඒ අලිය, කලු කිව්වොත් හරිද?, සිදු කිව්වොත් හරිද?, ඒ අලිය ගැන් කිසියම්ම ලක්ශනයක් කියන්න පුලුවන්ද?
    නැහැ රෝෂ් මහත්තය මම ඒ උදාහරණයෙන් අදහස් කලේ හේතු සහ ඵල කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් දේවල් කියල පෙන්නන නැතුව හේතු සහ ඵල වල සත්‍ය අසත්‍ය තාව පෙන්නන්න නොවෙයි. ඔබතුමාගෙ ප්‍රශ්නය වුනේ 0v සහ 5v වල ලක්ෂණ 1 සහ 0 තියෙනවද කියන එකනෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    ත්‍රිකෝණය කියන්නෙ රෝෂ් මහත්තය අර ඉස්සෙල්ල කිව්ව වගෙ විද්‍යමාන වීමක්නෙ. මෙහෙම හිතන්නකො නිල් light beam එකක් සහ කහ light beam එකක් එක තැනකට point කලොත් එතන කොළ පාට පේනව. දැන්
    කොළ පාට කියන්නෙ මොකක්ද? - හේතු නිසා විද්‍යමාන වීමක්
    කොතනද තියෙන්නෙ? - හේතු සකස් වූ තැන
    කොළ පාට කියල දෙයක් තියෙනවද? - ඔව් හේතු තිබේ නම් කොළ පාට විද්‍යමාන වෙනව

    මහත්තය, මේ දෙක පරස්පරයි නෙ...

    ඔබතුමා හේතු තියෙන තැන කොලපාට තියෙනවත් කියනව, විද්යමාන වෙනවත් කියනව...විද්යමාන වෙනව කියන්නෙ..නැති දෙයක් තියෙන විදිහට පේන එකනෙ..

    නැහැ රෝෂ් මහත්තය මම ඒ උදාහරණයෙන් අදහස් කලේ හේතු සහ ඵල කියන්නෙ සම්පූර්ණයෙන් වෙනස් දේවල් කියල පෙන්නන නැතුව හේතු සහ ඵල වල සත්‍ය අසත්‍ය තාව පෙන්නන්න නොවෙයි. ඔබතුමාගෙ ප්‍රශ්නය වුනේ 0v සහ 5v වල ලක්ෂණ 1 සහ 0 තියෙනවද කියන එකනෙ.

    හේතු සහ පල වෙනස් වෙන්න පුලුවන් නෙ...සිත්, චයිතසික..ඔව උනත් වෙනස් නෙ...හැබයි, පරමාර්තයි. (සත්යයි )..සත්ය දෙයක ලස්ඛන කතා කරන්න පුලුවන්, ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ...1 සහ 0 කියන එක සත්යද කියන එක..එහම නොවන තැන...කිසියම්ම ලක්ශනයක් කතාකරන්න පුලුවන්ද කියන එක...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මහත්තය, මේ දෙක පරස්පරයි නෙ...

    ඔබතුමා හේතු තියෙන තැන කොලපාට තියෙනවත් කියනව, විද්යමාන වෙනවත් කියනව...විද්යමාන වෙනව කියන්නෙ..නැති දෙයක් තියෙන විදිහට පේන එකනෙ..
    විද්‍යාමාන වෙනව කියන්නෙ නැති දෙයක් තියෙන විදිහට පේන එක කියන්න බෑ රෝෂ් මහත්තය, හේතු තියෙනව නම් ඵල තියෙනව. කාටවත් නැහැ කියන්න බැහැනෙ.
    ධර්මයේ විද්‍යාමාන කියන්නෙ නැති දෙයක් තියෙන විදිහට පේන එක නෙමෙයි, හේතු තිබේ නම් ඵල තිබේ කියන දේ නෙ. ඔය light වල උදාහරණයේ කොළ පාට නැහැ කියන්න බෑ නෙ. නිලුයි, කහයි වල සම්ප්‍රයුක්ත බලපෑම තමයි කොළ.
    හේතු සහ පල වෙනස් වෙන්න පුලුවන් නෙ...සිත්, චයිතසික..ඔව උනත් වෙනස් නෙ...හැබයි, පරමාර්තයි. (සත්යයි )..සත්ය දෙයක ලස්ඛන කතා කරන්න පුලුවන්, ඔතන ප්‍රශ්නෙ වෙන්නෙ...1 සහ 0 කියන එක සත්යද කියන එක..එහම නොවන තැන...කිසියම්ම ලක්ශනයක් කතාකරන්න පුලුවන්ද කියන එක...
    ඉතින් 0v සහ 5v කියන්නෙ හේතු නම්, 1 සහ 0 කියන්නෙ ඵල නම් ඔය ඔක්කොම සත්‍ය තමයි... හේතු වල සම්ප්‍රයුක්ත බලපෑම තමයි ඵල.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,296
    2,149
    113
    විද්‍යාමාන වෙනව කියන්නෙ නැති දෙයක් තියෙන විදිහට පේන එක කියන්න බෑ රෝෂ් මහත්තය, හේතු තියෙනව නම් ඵල තියෙනව. කාටවත් නැහැ කියන්න බැහැනෙ.
    ධර්මයේ විද්‍යාමාන කියන්නෙ නැති දෙයක් තියෙන විදිහට පේන එක නෙමෙයි, හේතු තිබේ නම් ඵල තිබේ කියන දේ නෙ.

    ඔබතුමා, ත්‍රිකෝනයට විද්යමාන කියන වචනය පාවිච්චි කල නිසා තමයි එහෙම හිතුවෙ..ඔබතුමා අවිද්යමාන කියන එක කොහොමද ඉන්ටෙප්‍රිට් කරන්නෙ...ඔය දෙක පිලිබද ඔබතුමාගේ මගේ එක බේස්ලයින් එකක් නැතුව ඔය දෙයක් පාවිච්චි කරන්නෙ බැ...

    ඔය light වල උදාහරණයේ කොළ පාට නැහැ කියන්න බෑ නෙ. නිලුයි, කහයි වල සම්ප්‍රයුක්ත බලපෑම තමයි කොළ.

    ඔබතුමා කියන්නෙ කොහොමද, කොලපාට තියෙනව කියල?
    සම්ප්‍රයුක්ත, විප්‍රයුක්ත කියන දේටත් දර්මයේ පාවිච්චි කරනව...ඔබතුමා ඔතන සම්ප්‍රයුක්ත බලපැම කියන්න මොකක්ද?

    ඉතින් 0v සහ 5v කියන්නෙ හේතු නම්, 1 සහ 0 කියන්නෙ ඵල නම් ඔය ඔක්කොම සත්‍ය තමයි... හේතු වල සම්ප්‍රයුක්ත බලපෑම තමයි ඵල.

    1, 0 පල කියල කොහොමද කියන්නෙ?
     
    • Like
    Reactions: MalSeven