ඇතුළත් කුණු පිටත් කුණු

hpalpola

Well-known member
  • ත්‍රිපිටකයෙ සූත්‍ර පිටකයෙ සුත්ත නිපාතයෙ ඛුද්දක නිකායෙ අට්ඨක වග්ගයේ තමයි මාගන්දිය සූත්‍රය තියෙන්නෙ. මේ සූත්‍රයෙ තියෙනවා මෙහෙම දේශනාවක්.

    “තණ්හාවද, අරතියද, රගාද යන මාර දුහිතෲන් දැකත් මෛථුන සෙවනයෙහි කැමැත්තක් නොවීය. දෙතිස් කුණින් පිරුණ මේ ශරීරය දැක මෙවුන්දම් සෙවීම තබා පයින්වත් ස්පර්ශ කරන්නට නොකැමැතිවෙමි.”

    දෙතිස් කුණුපයෙන් යුතු සිරුර ගැන බුදු දහමෙ කතා කරනවා. විශේෂයෙන්ම පිළිකුල් භාවනාවේදී මේ ගැන සඳහන් වෙනවා.

    නිකන් හිතන්න ඔබ අඳින් ඇඳුමක්. මේ ඇඳුම් ගඳ ගහන්නෙ, ජරා වෙන්නෙ පිටින් එන කුණුවලින් ම විතරක් නෙමෙයි. ඒ ඇඳුම්වලින් වහන් ඉන්න සිරුරෙන් පිටවෙන බහිස්‍රාවීය දේ නිසා. කමිසයක කොලරය, කිහිලි ප්‍රදේශ හරි ඉක්මනට කුණු ගෑවිලා ජරා වෙනවා ඔබ දැක ඇති. ඒ විදියට ජරා වෙන්නෙ ඇඟෙන් පිටවන කුණු වලින්. මේ ගැන අත්දැකීම් සමහරවිට ඔබට ඇති.

    නිකමට හිතන්න, දවස් දෙක තුනක් ඇඟපත නොහොදා, දත කට නොහෝදා ඉඳියොත් කොහොම ද කියලා. වට පිටේ මිනිස්සුන්ට විතරක් නෙමෙයි තමුන්ටම අප්‍රසන්න වේවි (හැබැයි සමහරු මේ වගේ ඉන්නවා. ඒ අයව හඳුන්වන නමක් තියෙනවා). ඒ වගේ ඉන්න කෙනෙක් ලඟට වෙලා ඉන්නවත් සමහරු කැමැති නැහැ. සමහර ආගමික ඉගැන්වීම්වල කියනවා දෙවියන්වහන්සේ තමයි මිනිසා මැව්වෙ කියලා. ඒ මවද්දිත් මේ සිරුරේ තියෙන අප්‍රසන්නතාවය නැතුව මවන්න අමතක වෙලා තියෙනවා. මොන ආගමක හිටියත් දාඩිය දාන එක, ඇඟෙන් උෂ්ණය හමන එක නතර වෙන්නෙ නැහැ. මැරුනම මේක තවත් වැඩියි.

    එහෙම බැලුවම බුදුරජාණන්වහන්සේ මාගන්දියාට කිව්ව කතාව සාධාරණයි. හැබැයි මාගන්දියාට ඒක තේරුනේ නැහැ. මාගන්දියා ඒක ගත්තෙ තමුන්ට කරපු අපහාසයක් විදියට. ඒකෙ ප්‍රතිඵලයක් විදියට මාගන්දියා බුදුරජාණන්වහන්සේ සමග නිම නොවෙන වෛරයක් ඇති කරගත්තා. හැබැයි ඒ මාගන්දියාගේ ම දෙමාපියන් බුදු සසුනෙන් ලබා ගන්න ඕන ප්‍රතිඵල ලබා ගන්නවා.

    මිනිස්සුන්ගෙ හැටි එහෙමයි. දිනපතා ඇඳුම් මාරු කළත් ඇඟ පත හේදුවත් මේ සිරුරේ තියෙන නිසරු බව නම් අවබෝධ වෙන්නෙ නැහැ. සිරුරට තියෙන බැඳීම, ඇලීම නැති වෙන්නෙවත් අඩු වෙන්නෙවත් නැහැ. බුදු දහම තුළ උගන්වන්නේ සරු දේ සරු විදියටත් නිසරු දේ නිසරු විදියටත් දකින්න. හැබැයි ඒ අපිට නෙමෙයි නේද කියලා ඔබට හිතේවි අපි කරන වැඩ දැක්කම.

    ඒත් දවසක් ඒවි පරක්කු වෙලා හරි, අපිටත් සිරුරේ තියෙන යථා ස්වරූපය අවබෝධ වෙන. සරු දේ සරු විදියට ම පෙනෙන.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    ඔය ඉන්නෙ කිරියෙ ඕන තරං
    නම් වශයෙන් කියන්න ඕනෙ නෑනෙ
     
    • Wow
    Reactions: NRTG