බුදුහාමුදුරුවෝ දෙවියෙක් නෙමෙයි

hpalpola

Well-known member
  • බුදු දහමෙ ඇති විශේෂ ලක්ෂණයක් තමයි බුදුරජාණන්වහන්සේව දේවත්වයෙන් නොසැලකීම. තමුන්ගේ ගුරුවරයා විදියට බුදුරජාණන්වහන්සේ තෝරාගත්තේ තමන්ට අවබෝධ වුන ධර්මය. පිරිනිවන්පාන වෙලාවෙදිත් බුදුරජාණන්වහන්සේ දේශනා කලේ තමුන්ගෙන් පස්සෙ ගුරු වෙන්නෙ ධර්මය කියලා. ඒ ධර්මය අහලා, හිතේ තියාගෙන ඉඳියට වැඩක් ලැබෙන දෙයක් නෙමෙයි. ඒ ධර්මය අහලා හිතේ දරාගෙන පුහුණු කල යුතු ධර්මයක්. අපි බුදුරජාණන්වහන්සේට වඳින්නෙ වෙනත් ආගමික මත දරන මිනිස්සු ඒ ආගම්වල දෙවියන්ට වඳින විදියට භක්තියෙන් නෙමෙයි, ශ්‍රද්ධාවෙන්. ඒ ශ්‍රද්ධාව ඇති වෙන්නෙ තමුන් අවබෝධ කළ ධර්මය අනුව ජීවත් වෙලා අපිටත් ඒ ධර්මය අනුව ජීවත් වෙන්න මග පෙන්වපු නිසා. බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නෙ තමුන් වගේ ජීවත් වෙන්න කියලා නෙමෙයි, දේශනා කරන ධර්මයට අනුව ජීවත් වෙන්න කියලා. ඒ ධර්ම⁣යට අනුව ජීවත් වෙන කෙනාට දවසක ලැබෙන්නෙ නිවීම. මේක බුදු දහමෙ තියෙන විශේෂ ලක්ෂණයක්. හැබැයි හුඟක් අයට තේරිලා නැති.