ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන වැඩ්ඩොන්ගෙන් උදව්ව&

Lahiru Chamara

Active member
  • Mar 12, 2009
    150
    38
    28
    ඇන්ඩ්‍රොයිඩ් ඇප් හදන වැඩ්ඩොන්ගෙන් උදව්ව&

    ඇන්ඩ්‍රොයිඩ් ඇප් එකක් හදුවා (වෙන ඇප් එකක් මොඩිෆයි කරපු එකක් විතරයි කරේ.) :yes:

    App එකේ තියෙන data, back-end Server එකකට send වෙනවා POST method එකෙන් HTTPS (SSL) url හරහා. Back-end එක හදලා තියෙන්නෙ PHP වලින්. :rolleyes:

    SSL + POST method එකෙන් data පාස් වෙන හින්දා ඒ data බලන්න බැරි වෙන්න ඕනෙ නේද වෙන කාටවත් එක එක Apps, Software එහෙම පාවිච්චි කරලා? :yes: මම එහෙම හිතාගෙන Packet Capture කරන ඇප් එකක් දාලා බැලුවා එහෙම data බලන්න බැයිද කියලා වෙන කාටවත්. මෙන්න බොලේ ඔක්කොම pass වෙන data ටික පෙන්නනවා ඒ ඇප් එකෙන්. :shocked: දැන් මට ඕනෙ වෙලා තියෙන්නෙ කොහොම හරි මේ data ටික කාටවත් බලන්න බැරි විදිහට back-end එකට යවාගන්න. මොකක්ද මම දැන් කරන්න ඕනෙ?:dull::confused:


    Screenshot_2017-08-28-22-48-41.png

    (මේ තියෙන්නෙ ඒ Packet Capture කරන ඇප් එකෙන් පෙන්නන දේවල් වලින් ටිකක්. මේ URLENCODED යටතේ තියෙන්නෙ ඇප් එකෙන් pass වෙන data.)




    **මම Degree එකක්වත්, Course එකක්වත් කරලා නෑ. මට තියෙන්නෙ එහෙන් මෙහෙන් අහුලා ගත්ත දැනුමක්. ඒ හින්දා හරියටම දේවල් දන්නෙ නෑ.:oo:

     

    AnjulaAR

    Active member
  • Dec 30, 2008
    193
    55
    28
    මට තේරෙන හැටියට ඕක encrypt කොරන්න වෙනවා. එතකොට post කරන data වගේම server side එකෙන් එන data සෙට් එකත් බලන්න ඕනිනම් decrypt කරන්න වෙනවා.
    එහෙම encrypt කොරන්න යෙක යෙක algorithm තමා තියෙනවා.
    public private key කියලා එව්වා ටිකක් අහලා තියෙනවද... android RSA encryption කියලා ගූගලේ හොයලා බලන්න.
    ඒකෙන් post ඩේටා බලන්න බැරි කරනවා නෙවෙයි. ඒ ඩේටා කියවන්න බැරි කරනවා. නෙට්වර්ක් වැඩ්ඩෙක් මේක දකිත්වා !