ඔව් , අනික මේ විනාස වෙලා යන්නේ සැන් ෆ්‍රැන්සිස්කෝ, ලොස් ඇන්ජලිස් වගේ ලොකු ටවුන් නෙවෙයිනේ...ඒවා හරියට අපේ කොලබ වගේනම් මේ පිච්චෙන ටවුන් අවිස්සාවේල්ල, පාදුක්ක වගේ ඒවා..ලැව් ගිනි, සුළි සුළං වගේ ඒවායින් නම් ඇමරිකාවට හැම අවුරුද්දකම බලපෑම් වෙනවා. නැතුව මේවා ඒ රටේ මිනිස්සුන්ට මහ අමුතු දේවල් නෙවේ. මේ පාර වුණේ ඒවා පාලනේ කරන්න ඉන්න ප්‍රාන්ත ආණ්ඩුව ඒවයින් වෙන බලපෑම් සැලැස්මක් ඇතුව කල්තියා කලමණාකරණෙ කරගන්න අපොහොසත් වුන එක. නැතුව ඔය පව්, පින් පළ දෙන එකක් හින්දා නෙවෙයි. ඇමරිකාව අනිත් රටවල්වලට කරපු ඒවයෙ පව් පළ දෙනවා නම් ඇමරිකාවක් කියලා රටක් ඉතුරු වෙන්නෙත් නෑ මේ වෙනකොට හරිනම්.
ගිනිගනී කියල දන්නවා,හැබැයි මේ වගේ ගිනිගනී කියලා හිතුවේ නෑ කියලා මග ඇරපු සිද්දියක් වෙන්නත් පුළුවන්.
