ඇම්ඩගේ ඉන්ටෙර්විඑව් එක

Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඇම්ඩගේ ඉන්ටෙර්විඑව් එක

    -ඇම්ඩ interview ගිහින්-

    ඔන්න ඇම්ඩා ටයි තව යාලුවෙකුටයි interview එකකට යන්න සෙට් වුනා. ඇම්ඩා ඉතින් පොඩ්ඩක් බයෙන්ලු ඉන්නේ interview එකේදී මොනවගේ ප්‍රශ්න අහයිද කියල. ඉතින් ඇම්ඩා එයාගේ යාලුවට කිව්වලු, උඹ ඉස්සෙල්ල interview එකට පලයන්, ඊට පස්සේ අහපු ප්‍රශ්න පට කියාපන් කියල.

    කොහොමහරි යාළුවා interview එකට ගිහින් ඇවිත් අහපු ප්‍රශ්න ටික කිව්වා.

    1) ලංකාවට නිදහස ලැබුනේ කවද්ද කියලා ඇහුව බං . මම කිව්වා 1818 ඉඳල වරින්වර උත්සහා කරලා හරියටම 1948 කියලා.


    2) ඔබ කැමතිම පුද්ගලයා කවුද කියලා ඇහුවා. මම කිව්වා, එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා, මේ දැන් නම් ඔබතුමා කියල. ඒ කියන්නේ interview එක මෙහෙයවන බොස් ව.


    3) ලංකාව අසමත් රාජ්‍යක් ද කියලත් ඇහුව. මම කිව්වා මේ දවස්වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා, ප්‍රතිපල ආවම හරියටම කියන්න පුළුවන් කියලා.

    ඉතින් ඇම්ඩා ඒ උත්තර සියල්ලම සිතේ මතක තබාගෙන interview රූම් එක ඇතුලට ගියාලු. එත් මිනිහට තාම nervous ලු. මොන ප්‍රශ්නේ ආවත් ඔය උත්තර ටික දෙන size එකේ ලු දැන් ඇම්ඩා ඉන්නේ.


    ඔන්න interview එකේ බොස්, පලවෙනි ප්‍රශ්නය ඇම්ඩා ගෙන් ඇහුවා.


    boss - කියන්න බලන්න ඇම්ඩා කවද්ද ඉපදුනේ කියලා.
    ඇම්ඩා -1818 ඉඳලා වරින් වර උත්සහා කරා, හරියටම 1948

    boss - මොකා?????? හරි කියපන් බලන්න තමුසෙගෙ තාත්ත කවුද කියල.
    ඇම්ඩා - එක කාලෙන් කාලෙට වෙනස්වෙනවා.මේ දවස්වල නම් ඔබතුමා.

    boss - මොකක්ද යකෝ තෝ කිව්වේ? දැන් තොට පිස්සුද නැත්නම් මට පිස්සුද?
    ඇම්ඩා - ඒක හරියටම කියන්න බැහැ. මේ දවස් වල විවිධ මට්ටමේ පර්යේෂණ කරමින් පවතිනවා. ප්‍රතිපල ආවට පස්සේ හරියටම කියන්නං.

    කථාව ලිව්වේ - Ami24
     
    Last edited:
    • Like
    Reactions: SLCRI