ඇමෙරිකා-රුසියා විශේෂ බලකා

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ඇමෙරිකා-රුසියා විශේෂ බලකා

    eMAhsNH.png

    ලොව හොඳම විශේෂ බලකා සිටින ඇමෙරිකාව සහ රුසියාවේ විශේෂ බලකා කණ්ඩායම්වල පෙනුම සහ උපාය මාර්ග වර්තාමනය වන විට පැහැදිලිව පෙනෙන සමානකම්වලින් යුක්තය.ඇමෙරිකානු විශේෂ බලකා ලෝකයේ සිටින කාර්යශූර්යතම සහ අතිශය මාරාන්තික සටන්කරුවන් ලෙස නම් දිනාගෙන සිටින්නේ බොහෝ කාලයක පටන්ය.සෝවියට් දේශය සමයේ ආරම්භ වූ රුසියාව විශේෂ බලකා කණ්ඩායම් සිය දස්කම් පෙන්වූයේ ඇෆ්ගන්-රුසියන් යුද සමයේදීය.ඉන්පසුව ඔවුන් චෙච්නියානු යුද්ධයේද ක්‍රියාන්විතයන් හි යෙදිණි.රුසියාව සහ ඒ අවට රටවල විශේෂ බලකායන් ස්පෙට්නාස් යන නමින් හඳුන්වයි.

    රුසියානු විශේෂ බලකා කණ්ඩායම් 2014 වර්ෂයේදී යුක්‍රේනයෙන් ක්‍රිමියානු අර්ධද්වීපය ඩැහැ ගැනීමට යොදවන ලදි.දැන් ඔවුන් සිරියාවේ ඇලැපෝ නගරයේ සටන් සඳහා යොදවා තිබෙන බවට වාර්තා වේ.ඇමෙරිකානු විශේෂ බලකා සමීපව අධ්‍යනය කරන්නට රුසියාව අවස්ථාව හිමිවී තිබෙන්නේ දෙරට අතර හමුදාමය මෙහෙයුම් ඉසව් සහ අනෙකුත් අදහස් හුවමාරු කරගැනීමට ගිවිසුමක් අත්සන් කර තිබෙන නිසාය.පහත දැක්වෙන්නේ දෙරටේ විශේෂ බලකායන් අතර සමානකම් විමසා බැලීමකි.



    විශේෂ බලකා සඳහා තෝරාගැනීමේ වසරක රළු පුහුණුව අවසන් කිරීමෙන් පසුව ඇමෙරිකානු සෙබලුන්ට කොළ පැහැති මෙම හිස්වැස්ම පැළදීමට අවස්ථාව හිමිවේ.

    VtIZu15.jpg





    ඔවුන්ගේ විරුද්ධ පාර්ශ්වය වන රුසියාව මීට සමාන අයුරින් නමුත් රතු පැහැති හිස් වැසුමක් ස්පෙට්නාස් සෙබලුන්ට ලබාදෙයි.

    UtPHDOG.png





    ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් මෙලෙස සැරසී සිටියි.

    UnruOEh.jpg




    ඔවුන්ගේ තරගකරුවා වන රුසියාවද ඊට සමාන හෙල්මට්,අවි සහ අනෙකුත් උපකරණද, සතුරන් මුලා කරන සුලු නිල ඇඳුම්ද සිය සෙබලුන්ට සපයයි.නමුත් ඔවුන් භාවිතා කරන්නේ එකිනෙකට වෙනස් අවිය.ඇමෙරිකානුවන් එම්4 රයිෆල්ද රුසියානුවන් ඒ කේ - මාදිලියේ රයිෆල්ද පරිහරණය කරයි.​

    fCU5fGQ.jpg





    හෙල්මටයේ සිට අදින ඇදුම දක්වා දෙපාර්ශ්වය එකෙනෙකාගෙන් වෙන් කර හඳුනාගත හැකිය.

    sjVOIJf.jpg





    මෙම ඇඳුම් කට්ටලය බිය උපදවන පෙනුමකින් යුක්තය.

    jHa1JMj.jpg





    මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් ගොඩනැගිල්ලක් කාමරයෙන් කාමරය පරීක්ෂාවට ලක්කරන අයුරුය.

    nUJJYWa.png





    මෙහිදි දැක්වෙන්නේ එම කාර්යය රුසියානු විශේෂ බලකා සෙබලුන් සිදුකරන ආකාරයයි.

    3aTdtgt.jpg





    ප්‍රදේශයක ආරක්ෂාව තහවුරු කිරීමට හෙලිකොප්ටරයකින් ඇමෙරිකානු විශේෂ බලකා සෙබලුන් යෙදවූ අවස්ථාවක්

    BCpgowv.jpg





    එම කාර්යය රුසියානු විශේෂ බලකායක් සිදුකරන අයුරු

    ELQr0Ht.jpg





    පැරෂූට් ආධාරයෙන් ගොඩබැසීම බොහෝ රටවල විශේෂ බලකා පුහුණුවක අනිවාර්යය අංගයකි.මෙහි දැක්වෙන්නේ ඇමෙරිකානු හමුදාවේ 7වන විශේෂ බලකා කණ්ඩායම එම කාර්යයේ නිරතවන අයුරුය.

    H7cl3qe.jpg





    රුසියානුවන් එම කාර්යයේ නිරතවන ආකාරය.

    wMqfu1Q.jpg





    එක්සත් ජනපදය ඔවුන්ගේ විශේෂ බලකා කණ්ඩායම්වල තෝරාගත් සෙබලුන්ට ස්නයිපර් පුහුණුව ලබාදෙයි.

    zooTfXB.jpg





    රුසියාව ඊට නොදෙවෙනි පුහුණුවක් සිය සෙබලුන්ට ලබාදෙයි.

    BJS8ixf.jpg





    බිත්ති දිගේ පහලට ගමන් කරන ඇමෙරිකානු සෙබලෙක්

    mp7n1SU.jpg





    ගොඩනැගිල්ලක ජනේලය බිදගෙන ඊට ඇතුලුවන රුසියානු සෙබලුන්

    TkYorzd.jpg





    ඇමෙරිකාව සිය විශේෂ බලකා සෙබලුන් මිත්‍ර රාජ්‍යයන්හි විශේෂ බලකායන් සමග ඒකාබද්ධ පුහුණුවීම් සඳහාද යොදවයි.

    pw1Sfpd.jpg





    රුසියානු විශේෂ බලකා ඇමෙරිකානු පාර්ශ්වයෙන් වෙන්කර සැලකිය නොහැක්කේය.

    7J6r77E.jpg




    Special Forces worldwide -ලොව පුරා විශේෂ බලකායන්-by Jolly Roger




    Source:businessinsider.com

    -HarshaLulzSec-
     

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    meka ithin onima thanaka samanai. Aduma ekai kiyala apita kiyanna be russian ekath us ekai ekai kiyala. Ape commando, SF oya wage training. oyage Cap ekak dannawa.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මුන් දෙගොල්ලොන්ගෙන් Spetsnaz ල ඉදිරියෙන් ඉදි winter war එකකදී :cool::yes: