ඇඹිලිපිටිය සිසු ඝාතනයේ කඳුළු කතාව- UNP ballige puthala mini marapu hati

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ඇඹිලිපිටිය සිසු ඝාතනය 1988/89 භීෂණ සමයේ සිදුවුණු ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීමක්. මෙම ලිපියේ පළමු කොටසින් එම යුගයේ දී ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ පැවති තත්ත්වය, සහ මෙම සිදුවීමට සම්බන්ධ වුණු ප්‍රධාන පුද්ගලයෙකු වුණු දයානන්ද ලොකුගලප්පත්තිගේ වෘත්තීය දිවියේ ආරම්භය පිළිබඳව අපි කතා කළා. එසේම භීෂණ සමයේ දී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය තුළ කලබල ආරම්භ වුණු හැටි, ලොකුගලප්පත්ති ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ විදුහල්පති තනතුරට පැමිණි ආකාරය පිළිබඳවත් අපි එම ලිපියෙන් කතා කළා. තව ද මධ්‍ය මහා විද්‍යාලයය තුළ ගැටලු ඇතිවීමට බලපෑ හේතු, විදුහල්පතිවරයාගේ දරුණු ක්‍රියා කලාපය, සහ ඔහු හමුදා සෙබළුන්ට සිසුන් අල්ලාදීමට සැලසුම් කළ ආකාරය පිළිබඳවත් එම ලිපියේ අඩංගු වුණා. මෙම ලිපියේ පළමු කොටස කියෙව්වේ නැති අයට මෙතැන ක්ලික් කරලා ඒ ලිපිය කියවන්න පුළුවන්.
    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය සහ ඒ අවට පාසල් කිහිපයක සිසුන්ට අත්වුණු ඛේදජනක ඉරණම, මෙම සිදුවීමෙන් පසුව සැකකරුවන්ට එරෙහිව පැන නැගුණු විරෝධතා, චූදිතයන්ට එරෙහිව පැවති නඩු විභාගය, නඩු විභාගය අවසානයේ දී ලැබුණු ප්‍රතිඵලය ආදී කරුණු ගණනාවක් පිළිබඳව යි මේ දෙවැනි සහ අවසන් ලිපියෙන් අප ඔබට කියන්නට යන්නේ.

    පළමු සිසුන් කිහිපදෙනා අතුරුදහන් වෙයි

    1989 ඔක්තෝබර් මාසය ආරම්භ වන විට, පැහැර ගැනීමට අවශ්‍ය සිසුන් කිහිපදෙනෙකු විදුහල්පතිවරයා සෙවණ කඳවුරේ සෙබළුන්ට පෙන්වා තිබුණා. සෙවණ කඳවුරේ සෙබළුන් ඔවුන්ගේ පළමු බිල්ල ගනු ලැබුවේ 1989 ඔක්තෝබර් 8 වැනිදා යි. සෙබළුන්ට ගොදුරු වුණේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 12 වසර විද්‍යා අංශයේ (ගණිත පන්තියේ) ඉගෙනුම ලබමින් සිටි ඇලෝසියස් ස්ටීවන් නම් සිසුවා යි. ඉතාමත් දිළිඳු පවුලක දරුවෙකු වුණු ඇලෝසියස් ගඟේයාය විදුහලෙන් සාමාන්‍ය පෙළ පන්තිය දක්වා අධ්‍යාපනය ලැබුවා. මුදල් අගහිඟකමෙන් පෙළුණු නිසා කිසිදු අමතර පන්තියකට සහභාගී නොවුණු ඇලෝසියස් සාමාන්‍ය පෙළ විභාගයෙන් D-6, C-2ක් වැනි උසස් ප්‍රතිඵලයක් ලබාගත්තා. ඉන් පසුව විශාල පරිශ්‍රමයක් යෙදීමෙන් පසුව තරමක් ප්‍රමාද වී ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ විද්‍යා අංශයේ ගණිත පංතියට ඇතුළත් වීමේ වරම ඇලෝසියස්ට ලැබුණා.
    පන්තියේ සිටි දක්ෂතම සිසුවෙකු වුණු ඇලෝසියස් රුසියානු පරිවර්තන කෘති කියවීමට විශාල කැමැත්තක් දැක්වුවා. විවේකයක් ලද අවස්ථාවල දී පන්තියේ දී පවා ඔහු එම කෘතීන් කියවනු ලැබුවා. ඇලෝසියස් වැනි දුප්පත්, අහිංසක දරුවෙකු මෙවැනි සිද්ධියකට නිකරුණේ පැටලීමට හේතුව එය වන්නටත් පුළුවන්. ඔක්තෝබර් 8 වැනිදා පාන්දර 3ට පමණ 6 දෙනෙකුගෙන් සමන්විත සෙබළුන් පිරිසක් ඇලෝසියස් සිසුවා ඔහුගේ නිවසෙන් පැහැරගත්තා.
    ඇලෝසියස් පැහැරගැනීමෙන් පාසල තුළ විශාල කලබැගෑනියක් ඇතිවුණා. එම තත්ත්වය තවත් වැඩිවුණේ ඊට ආසන්න දිනවල දී නිමල් සිසිර කුමාර, සරත් චමින්ද ඇතුළු උසස් පෙළ පන්තිවල තවත් සිසුන් පිරිසක් පැහැරගැනීමත් සමග යි. ඇලෝසියස් සිසුවා පැහැරගත් දිනයට පසු දිනෙක ඔහුට සමාන්තර පන්තිවල සිසුන්ව කැඳවූ විදුහල්පතිවරයා පවසා තිබුණේ “අන්න ඇලෝසියස් සියල්ල වමාරනවා උඹලත් පරිස්සම් වෙලා හිටපල්ලා” යි. එනිසා 1989 ඔක්තෝබර් මාසයේ අවසානය ළඟාවන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිසුන් ජීවත් වුණේ හෙට දවස පිළිබඳව ඇති අවිනිශ්චිතතාව හා බැඳුණු දැඩි භීතියකින්. මෙම කාලයේ නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ විදුහල්පතිවරයාට ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කළත්, එය සාර්ථක වුණේ නැහැ.
    lslsy9VCrTQEtviJ_1.jpg
    ඇලෝසියස් පිළිබඳව ඔහුගේ පියා පැවසූ දේ එකල පුවත්පත්වල පළවුණු ආකාරය (Lankadeepa)

    11-A පන්තියේ සිසුන් පිරිසක් අතුරුදහන් වෙයි

    11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකු ලියුමක පලහිලව්වක් නිසා විදුහල්පතිවරයාගේ පුත්‍රයා සමග ගැටුමක් ඇතිකරගත් ආකාරය මෙම ලිපියේ පළමු කොටසින් අපි කතා කළා. සිය පුත්‍රයා 11-A පන්තියේ සිටි පවිත්‍රා නම් දැරියට ලියූ එම ලිපිය සියතට ගැනීමට විදුහල්පතිවරයා උත්සාහයක නිරත වුණත් එය සාර්ථක වුණේ නැහැ. ඒ අතරතුර 11-A පන්තියේ සිසුන් සහ චමින්ද ලොකුගලප්පත්තිගේ පිරිස අතර ගැටුම් ඇතිවුණා. එනිසා 1989 වසරේ නොවැම්බර් මාසය ආරම්භ වන විට 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙකුගේ අවසන් ඉරණම තීරණය කිරීමට පිඹුරුපත් සකස් වෙමින් තිබුණා.
    11-A පන්තියේ සිසුන් අතුරින් මුලින්ම අතුරුදන් වුණේ රසික කුමාර විජේතුංග නම් සිසුවා යි. චමින්ද ලියූ ලිපිය මුලින්ම කියවූ රසික, 1989 නොවැම්බර් 6 වැනි දින රාත්‍රියේ ඔහුගේ නිවසට පැමිණි හමුදා භටයන් පිරිසක් විසින් පැහැරගනු ලැබුවා. රසිකගේ මව වුණු සුජාතා කළුගම්පිටිය ඒ වන විට මොරකැටිය විදුහලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරමින් සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකාවක වුණු සුජාතා ඒ වන විට ජාතික සේවක සංගමයේ තනතුරක් පවා දරමින් සිටියා. එසේම ඒ වන විට මියගොස් සිටි රසිකගේ පියා ද එම ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී සාමාජිකයෙකුව සිටි අයෙක්. එකල එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකයන් ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවල රසිකගේ නිවසේ රැස්වීම් පවා පැවැත්වුණු බව සුජාතා කළුගම්පිටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදුන් සාක්ෂ්‍යයක සඳහන් වුණා. එකල බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට හිතවත් පවුලක දරුවෙකු එලෙස අතුරුදහන් වීම කාගේත් විමතියට හේතු වුණා.
    රසික අතුරුදහන් වී දින 5ක් ගතවන විට ඔහුගේ පන්තියේම චාමර සුදර්ශන ජයසේන සහ සිසිල් කුමාර යන සිසුන් දෙදෙනා අතුරුදහන් වුණා. චාමරගේ පියා එකල තුංකම මහා විද්‍යාලයයේ විදුහල්පතිවරයා ලෙස සේවය කළා. සිසිල්ගේ පියා ග්‍රාම නිලධාරියෙකු වූ අතර මව වෛද්‍යවරියක වුණා. ඔවුන් එම ප්‍රදේශයේ උසස් පවුල්වල දරුවන් වුණු නිසා මෙම පැහැරගැනීම් ගැන ප්‍රදේශයේ ජනතාව කම්පා වුණා.
    1989 නොවැම්බර් 14 වැනිදා 11-A පන්තියේ රුවන් රත්නවීර නම් සිසුවාට විදුහල්පතිවරයා පවසා තිබුණේ තමුන්ගෙනුත් කට උත්තරයක් ගන්න තියෙනවා, ළඟදීම හමුදාව ගෙදරට එයි යනුවෙන්. විදුහල්පති කාර්යාලයෙන් එළියට පැමිණි රුවන්ට නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක හමුවුණා. විදුහල්පතිවරයා තමාට පැවසූ දෑ රුවන් නියෝජ්‍ය විදුහල්පතිවරයාට පවසා සිටියා. ඔහු රුවන්ට පවසා තිබුණේ, “පුතේ ඔයා ඉක්මනින්ම කොහෙට හරි ගිහින් හැංගෙන්න” යනුවෙන්. නමුත් රුවන් සහ ඔහුගේ පවුලේ අය ක්‍රියාත්මක වීමට පෙර හමුදාව ක්‍රියාත්මක වුණා. 1989 නොවැම්බර් 16 වැනිදා රුවන් රත්නවීර සිසුවා ද අතුරුදහන් වුණා.
    OOXkseGOHznWRxZn_2.jpg
    අතුරුදහන් වුණු 11-A පන්තියේ සිසුන් කිහිපදෙනෙක්. මෙහි ඉහළින් දැක්වෙන රූපයේ සිටින්නේ රුක්මන් සිසුවා යි (අඳෝනාව)

    නියෝජ්‍ය විදුහල්පතිවරයා ඝාතනය වෙයි

    1989 නොවැම්බර් 20 වැනිදා වන විට ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයය කඩි ගුලක් සේ ඇවිස්සී තිබුණා. එම පාසලේ සිසුන් කිහිපදෙනෙකු සහ ආරියදාස නම් ගුරුවරයා ද අභිරහස් ලෙස අතුරුදහන් වී තිබුණා. එනිසා එදා පාසල තුළ දෙමාපියන් සහ ගුරුවරුන් කිහිපදෙනෙකු අතර රැස්වීමක් පැවැත්වුණා. එම රැස්වීම ආරම්භ වීමට පෙර නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක දෙමාපියන්ට පොරොන්දු වුණේ මෙම ප්‍රශ්නයේ දී දරුවන් වෙනුවෙන් හඬක් නගන බව යි. එදින විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීම මෙහෙයවීම නියෝජ්‍ය විදුහල්පතිවරයාට පැවරී තිබුණා. දරුවන්ගේ පැත්තට කතා කළ නියෝජ්‍ය විදුහල්පතිවරයා පහත සඳහන් දේ පවසා තිබුණා.
    “අද නොවැම්බර් 20. මේ වන විට අපේ පාසලේ සිසුන් කිහිපදෙනෙක්ම අභිරහස් විදිහට අතුරුදහන් වෙලා තියනව. මේක සෙල්ලමක් නෙවෙයි. මේක ජීවිත පිළිබඳව ප්‍රශ්නයක්. දෙමාපියන් අපේ පාසලට ඔවුන්ගේ දරුවන්ව එවන්නේ ලොකු විශ්වාසයකින්. ඒ හින්දා පාසලේ දරුවන් කිහිපදෙනෙක් අතුරුදහන් වුණාම අපට අත-කට බැඳගෙන ඉන්න බැහැ. මේ දරුවන්ව ආරක්ෂා කරන එක අපේ වගකීමක්. අපේ පාසලේ ප්‍රධානියා වන විදුහල්පතිතුමා මේ ගැන මීට වඩා ගැඹුරින් හිතන්න ඕනි.”
    නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ කතාවෙන් දැඩි ලෙස කෝපයට පත්වුණු විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.
    “මම මොනවා හිතන්න ද? මේකෙ ඉන්න ළමයි ඉස්කෝලෙ තියන හැම රහසක්ම දෙමාපියන්ගේ කනට දෙනවා. කොහොමත් මේකෙ ඉන්න ලොකු උන් ටිකක් උස්සන්නෙ නැතුව මේ වැඩේ කරන්න බැහැ”.
    විදුහල්පතිවරයා පැවසූ දෙයින් කෝපගත් නියෝජ්‍ය විදුහල්පතිවරයා, විදුහල්පති ඉලක්ක කරමින් පහත ආකාරයට කරුණු ඉදිරිපත් කළා.
    “ඔබ තුමා එක අතකින් පිස්තෝලෙකුත්, අනිත් අතින් ග්‍රෙනේඩ් එකකුත් අරගෙන ඉස්කෝලෙ වටේ යනකොට දරුවොන්ට මොනව හිතෙනව ඇද්ද? මේව දරුවො ඉන්න තැනක කරන්න කොහොමත් සුදුසු වැඩ නෙවෙයි. ඉතින් ඕව දකින දරුවො ඒව ගෙවල්වල ගිහින් කීවම දෙමාපියන් ඔබතුමා ගැන මොනව හිතනව ඇද්ද?
    නියෝජ්‍ය විදුහල්පතිවරයා එල්ල කළ දරුණු වාග් ප්‍රහාරයට විදුහල්පතිවරයා පහත අයුරින් පිළිතුරු දුන්නා.
    “දෙමාපියන් මොනව හිතන්නද මං ගැන. එයාල තමන්ගේ දරුවන් ගෙදරදි හදාගන්නව නම් අපට මෙහෙදි උන්ව හදන්න ඕනි නෑනෙ”.
    පිළිතුරු ලෙස නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙසේ පවසා සිටියා.
    “සර් දරුවන්ගේ ප්‍රශ්න තියේනම් ඇයි ගුරුවරු හැටියට අපිට ඒව විසඳන්න බැරි? ඇයි අපි දරුවන්ගේ නම් ලැයිස්තු හමුදාව අතට දෙන්නෙ? අනිත් කාරණය තමයි අද අපේ පාසලේ ඉහළ පන්තිවල දරුවොත් ගුරු මණ්ඩලයත් දෙපැත්තට බෙදිල ගිහින්. ඒකට හේතුව ඔබතුමාගේ පුතා. ඒ වගේම ඔබතුමාගේ කාර්යාලයේ වගේම පාසල තුළ නිතරම හමුදා භටයන් දකින්නට හම්බෙනවා. මේව ගැන පාසලේ දරුවන් වගේම ඒ දෙමාපියනුත් ගොඩක් බයෙන් ඉන්නෙ”
    එම චෝදනාවලට විදුහල්පතිවරයා පිළිතුරු ලබාදුන්නේ මෙසේ යි.
    “මෙතන තියනව කුමන්ත්‍රණයක්. මාවයි මගෙ දරුවවයි මෙතනින් පන්නගන්න සමහරුන්ට ඕනි වෙලා තියනව. හමුදාව ඉන්නෙ මගේ ආරක්ෂාවට මිසක් ළමයින්ට මුකුත් කරන්න නෙවෙයි”
    එවිට නියෝජ්‍ය විදුහල්පතිවරයා පළකළේ මෙවැනි අදහසක්:
    “එහෙනම් ඇයි සර් හමුදා භටයන් කාර්යාලෙ ඉද්දි ළමයින්ව ගෙන්වගෙන ළමයින්ගෙ නම් කියල කතා කරන්නෙ? මේක ඒ දරුවන්ව හමුදාවට හඳුන්වාදීමක් කියලයි මට හිතෙන්නෙ”
    එම කතාවට ගුරු මණ්ඩලයේ වැඩි දෙනෙකු ද එකඟතාවය පළ කළා. රැස්වීම අවසන්වීමෙන් පසුව නියෝජ්‍ය විදුහල්පතිවරයා හිතවතෙකුට කියා තිබුණේ, “මං හෙට මැරුණත් කමක් නෑ, මං පාසලේ දරුවන් වෙනුවෙන් මගේ යුතුකම ඉටුකළා” යන්න යි. එදින රාත්‍රී 1ට පමණ නියෝජ්‍ය විදුහල්පතිවරයාගේ නිවසට පැමිණි නාඳුනන කල්ලියක් එතුමා නිවසින් පිටතට ගෙන වෙඩි තබා මරා දමනු ලැබුවා. එය ඇඹිලිපිටියේ ජනයා මහත් සේ කම්පාවට පත්වුණු සිදුවීමක් වුණා.
    DXtiArn7BU53WnW7_3.jpg
    ගුණපාල දිසානායක නියෝජ්‍ය විදුහල්පතිවරයා (ඇඹිලිපිටිය මිනීපිටිය)

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    දිගින් දිගටම සිසුන් අතුරුදහන් වෙයි

    නියෝජ්‍ය විදුහල්පතිවරයා රැස්වීම පැවති දින මධ්‍යම රාත්‍රියේ ඝාතනය වීම නිසා දෙමාපියන් මෙන්ම දරුවන් ද බියෙන් සලිත වී ගියා. එය භයානක අනතුරක පෙරනිමිත්තක් බව ඔවුන්ට දැනුණා. නොවැම්බර් 30 වැනිදා පාසල් නිවාඩුව ලබාදුන් දිනයේ යළි වැඩ ආරම්භ කළ සෙවණ කඳවුරේ සෙබළුන් 12 වාණිජ පන්තියේ ඉගෙනුම ලබමින් සිටි උදේෂ් කාවින්ද සෙල්ලහේවා නම් සිසුවා ඇඹිලිපිටිය බස් නැවතුමේ දී පැහැරගනු ලැබුවා. දෙසැම්බර් මාසයේ දී නලීන් කුමාර ගුණරත්න, නිලාන් මනෙල්ක ද සිල්වා, ප්‍රසන්න හඳුවල, රුක්මන් පරණවිතාන, පාලිත ලක්ෂ්මන් ගුරුගේ ඇතුළු සිසුන් ගණනාවක් පැහැරගනු ලැබුවා. ඒ අතරින් නිලාන් සහ රුක්මන් 11-A පන්තියේ සිසු දරුවන් වුණා. උසස් පෙළ විද්‍යා අංශයේ ඉගෙනුම ලැබූ නලීන් ගුණරත්න පාසල් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා මෙන්ම කඩුලු රකින්නා ද වුණා. ඔහු ඒ වන විට සුප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වුණු විවියන් රිචඩ්ස්ගේ ක්‍රිකට් ඇකඩමියේ පුහුණුවක් සඳහා ද තේරී තිබුණා.
    ඔක්තෝබර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා ගෙවුණු කාල සමය තුළ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ උසස් පෙළ පන්තිවල සිටි චමින්ද රෝෂන්, වසන්ත ප්‍රියසමන්, අනුර ජනප්‍රිය, පාලිත, මහින්දපාල වික්‍රමසිංහ, අරුණ ප්‍රියසමන්, රෝහණ ඇතුළු සිසුන් පිරිසක් අතුරුදහන් වුණා. ඔවුන් විදුහල්පතිවරයාගේ අනුදැනුම ඇතිව සෙවණ කඳවුරේ සෙබළුන් පැහැරගත් බව බොහෝ දෙනෙකු දැනගෙන සිටියත්, භීතිය නිසා කිසිවෙකු ඒ පිළිබඳ කතා කරන්නට ඉදිරිපත් වුණේ නැහැ.

    අතුරුදහන් වුණේ මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් පමණක්ම නොවෙයි

    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයට පසු වැඩිම සිසුන් පිරිසක් අතුරුදන් වුණේ ඇඹිලිපිටිය මහා විද්‍යාලයය හෙවත් උඩගම පාසලෙන්. මෙම පාසලෙන් මුලින්ම අතුරුදහන් වුණේ ඇල්ප්‍රඩ් පාලිත සහ සනත් ප්‍රියන්ත යන සිසුන් දෙදෙනා යි. ඒ 1989 අගෝස්තු 3 වැනිදා. පාසලේ ශිෂ්‍ය භට බලකායේ සාමාජිකයන් වුණු ඔවුන් දෙපළ කුඩා ඔය කඳවුරේ පුහුණුවකට ගොස් තිබුණා. එම පුහුණුව අතරතුර ඔවුන් දෙදෙනා ගිනි අවි අතේ තබාගෙන ඡායාරූපවලට පෙනී සිටියා. ඔවුන් එහි මුද්‍රිත පිටපත් ගෙදර ගෙනගොස් දන්නා හඳුනන අයට ද පෙන්වනු ලැබුවා. යම් ආකාරයකින් එම ඡායාරූප සෙවණ කඳවුරු නිලධාරින්ගේ නෙත ගැටුණු නිසා සනත් සහ ඇල්ප්‍රඩ් අභිරහස් ලෙස අතුරුදහන් වුණා.
    ඇඹිලිපිටිය මහා විද්‍යාලයයෙන් ඊළඟ සිසුන් කිහිපදෙනා අතුරුදහන් වීමට හේතුවුණේ 1989 නොවැම්බර් 17 වැනිදා ඇඹිලිපිටිය මහා විද්‍යාල පිටියේ දී එම විදුහල සහ උඩවලව විදුහල අතර පැවති ක්‍රිකට් තරගය යි. එම තරගය නැරඹීමට පැමිණි චමින්ද ලොකුගලප්පත්තිගේ මිතුරන් පිරිසක් සහ ඇඹිලිපිටිය විදුහලේ සිසුන් පිරිසක් අතර ගැටුමක් ඇතිවුණා. එනිසා ක්‍රිකට් තරගය පැවති දිනයේ රාත්‍රියේ තරගය සඳහා සහභාගි වුණු ඇඹිලිපිටිය මහා විද්‍යාලයයේ සිසුන් වුණු ධම්මික බැරගමආරච්චි, ප්‍රභාත් කුමාර සහ ප්‍රදීප් විජේසිංහ යන සිසුන් පැහැරගනු ලැබුවා. ඉන් දින 3කට පසුව නිහාල් සහ ඉන්දික මල්වත්ත යන සිසුන් දෙදෙනා පැහැරගනු ලැබුවා. ඔවුන් සියලුදෙනා 11 වසරේ ඉගෙනුම ලැබූ සිසුන් බව මෙහි දී සඳහන් කළ යුතු යි. ඊට අමතරව එම විදුහලෙන් පියසිරි, ජයසිරි, සහ ගුණසිරි නමින් සිසුන් තිදෙනෙකු ද අතුරුදහන් වී තිබුණා. ඒ අවට පිහිටා තිබුණු තවත් පාසල් 11ක පමණ දරුවන් අතුරුදහන් වී තිබුණා.

    අතුරුදහන් වුණු දරුවන්ගේ දෙමාපියන් ක්‍රියා කළ හැටි

    දරුවන් අතුරුදහන් වුණු විගස සෑම දෙමාපියෙකුම දුවගියේ විදුහල්පතිවරයා පදිංචිව සිටි නිල නිවාසය වෙතට යි. දෙමාපියන් තම දුක් ගැනවිල්ල විදුහල්පතිවරයා වෙත ඉදිරිපත් කළ විට ඔහු ඉතාමත් සැහැල්ලු විලාශයකින් පවසා තිබුණේ, “හමුදාව කට උත්තරයක් අරන් යන්න ගෙනියන්න ඇති, දරුව ඉක්මනට ආපහු එවාවි” යනුවෙන්. එසේම ඇතැම් දෙමාපියන් එහි ගිය විට විදුහල්පතිවරයා සෙවණ කඳවුරට දුරකතන ඇමතුමක් ගෙන දරුවන් එහි සිටිනවාදැ යි විමසා සිටියා. සමහර දෙමාපියන් දරුවන් පැහැරගත් සෙබළුන් පිටුපස සෙවණ කඳවුරටම ගියා. තරමක් බලවත් පවුල්වල දෙමාපියන් ආරක්ෂක අංශවල ඉහළ නිලධාරින් සහ දේශපාලන බලවතුන් මෙන්ම ප්‍රභූවරුන්ව සම්බන්ධ කරගනිමින් තම දරුවන්ව නිදහස් කරගැනීමට උත්සාහ කළා. නමුත් ඒ කිසිදු දෙමාපියෙකුට සෙවණ කඳවුරෙන් සිය දරුවන් ලබාගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

    සිසුන්ට ලබාදී තිබුණු අමානුෂික වධ

    සෙවණ කඳවුර තුළ සිසුන්ට ලබාදුන් වධ හිංසා දැක තිබුණු පුද්ගලයන් තිදෙනෙකු සිටියා. ඒ සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් යන පුද්ගලයන් තිදෙනා යි. ස්ටීවන්, 1989 ඔක්තෝබර් 8 වැනිදා පැහැරගත් ඇලෝසියස්ගේ පියා යි. එදා සෙවණ කඳවුරේ සෙබළුන් මොවුන් දෙදෙනා ද කඳවුර වෙත රැගෙන ආවා. මුල් දිනවල දී ඔවුන්ට ද දස වධ දෙමින් ප්‍රශ්න කළත් පසුව ඔවුන් දෙදෙනා අත් උදව් කරුවන් ලෙසින් කඳවුර තුළ රඳවා ගත්තා. ඒ අයුරින් කඳවුර තුළ රැඳී සිටි ස්ටීවන්ට එක්තරා දිනයක සිය පුත්‍රයාව දැකගන්නට ලැබුණා. ඒ වන විට ඔහුගේ පිට සම්පූර්ණයෙන්ම ඉස්ත්‍රික්කවලින් පුළුස්සා තිබුණා. ඊට අමතරව පොළුවලින් පහරදීම, මිරිස් කුඩු යෙදූ කවර හිසට දමා පහරදීම ඇතුළු වධ බන්ධන ගණනාවක් ලබාදුන් බව ස්ටීවන් සහ සිරිල් පසු කලෙක අනාවරණය කළා. එසේම ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ සිසුන් ගණනාවක් එම කඳවුර තුළ සිටි බව ඔවුන් දෙදෙනා හඳුනාගත්තා.
    1990 ජනවාරි 1 වැනිදා කඳවුරෙන් නිදහස් වුණු සිරිල්, කරුණාදාස, සහ ස්ටීවන් ඔවුන් දුටු දේ අනාවරණය කළේ භීෂණකාරී වාතාවරණය නිමාවීමෙන් පසුව යි. ඔවුන් තිදෙනා නිදහස් කළ අවස්ථාවේ දී, “කඳවුර තුළ දැක්ක කිසිම දෙයක් හෙළිදරවු කළොත් ලැබෙන දඬුවම මරණය” බවට හමුදා නිලධාරීන් ඔවුන්ට තර්ජනය කර තිබුණා.
    නොවැම්බර් 30 වැනිදා අතුරුදහන් වුණු උදේෂ් සෙල්ලහේවාගේ මාමාවරුන් දෙදෙනාම පොලිසියේ උසස් නිලතල දැරුවා. ඔවුන් සිය සබඳතාවන් භාවිතා කරමින් සෙවණ කඳවුරේ ප්‍රධානීන් හමුවීමට අවස්ථාවක් ලබාගෙන තිබුණා. එහි ගිය එම පොලිස් නිලධාරින් දෙදෙනා ද, කඳවුරේ සිසුන් සිටි ආකාරය දැක දරාගන්නට අපහසු වුණු බව පසුව පවසා සිටියා. තව ද ප්‍රසන්න හඳුවල නම් සිසුවා නිසා ද කඳවුරේ දී ලබාදුන් වධ බන්ධන ගැන හෙළිදරවු වුණා. හමුදා භටයන් ප්‍රසන්න සොයාගෙන නිවසට එන විට ඔහු සිටියේ ගාල්ලේ ඥාති නිවසක යි. නමුත් නීතිගරුක විදුහල්පතිවරයෙකු වුණු ප්‍රසන්නගේ පියා ෂෙල්ටන් හඳුවල හමුදාවේ නියෝගය අකුරටම පිළිපදිමින් සිය දරුවා සෙවණ කඳවුර වෙත ගොස් භාරදුන්නා.
    ඉන් ටික දිනකට පසුව කඳවුරෙන් ප්‍රසන්න නිවසට භාරදුන්නේ අසනීප තත්ත්වයේ පසුවන බව පවසමින්. හමුදා නිලධාරින් අවධාරණය කර තිබුණේ දරුවා සුව කරගෙන යළි කඳවුර වෙත ගෙනැත් දෙන ලෙස යි. ප්‍රසන්නට තදබල උදරාබාධයක් වැළඳී තිබුණු නිසා ඔහුගේ දෙමාපියන් දරුවාට ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන්නා. විරේකයක් කිරීමෙන් පසුව බල්බ්වල වීදුරු කටු, ඉස්කුරුප්පු ඇණ, ස්පොන්ජ් ආදිය එළියට ආවා. පසුව දැනගන්නට ලැබුණේ එහි සිටි පිරිස දරුවාට බලෙන් ඒ දේවල් ගිල්ලවා තිබුණු බව යි.
    gdqxTCNz8BMq8T5U_4.jpg
    සෙවණ කඳවුර පැවති ස්ථානය (අඳෝනාව)

    දරුවන්ට අත්වුණු අවසන් ඉරණම පිළිබඳව හෙළිදරවු වීම

    1990 ජනවාරි මාසයේ 24 වැනිදා සෙවණ හමුදා කඳවුරේ සෙබළුන් එම කඳවුරෙන් නික්ම ගියා. ඊට පෙර දින රාත්‍රියේ ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාල පිටියේ සංගීත සංදර්ශනයක් ද පවත්වා තිබුණා. සෙබළුන් එහි දී හොඳින් කා බී විනෝද වී තිබුණා. එම කඳවුරේ සිටි සිසුන් ඇළුමීනියම් තහඩු ගැසූ ලොරියකින් ඉවතට ගෙන ගොස් තිබුණා. ඔවුන් ඇඹිලිපිටිය-තණමල්විල මාර්ගයේ තේක්ක කැලය නම් ස්ථානය වෙත ගෙන ගොස් මරා දැමූ බවට එකල රාවයක් පැවතුණා. හරක් බැඳීමට ගිය එක්තරා පුද්ගලයෙකු සිසුන් මරා දැමූ ආකාරය පිළිබඳව පසු කලෙක හෙළිදරවු කළා.
    dOaQTLOVANNnKMxD_5.jpg
    තේක්ක කැලේ නමින් හැඳින්වූ ප්‍රදේශය (ඇඹිලිපිටිය මිනීපිටිය)
    අතුරුදහන් වුණු උදේෂ් සෙල්ලහේවාගේ පෙම්වතිය වුණු බුත්තල ප්‍රදේශයේ විසූ නිලූ නම් තරුණියට සෙවණ කඳවුරේ සිටි මිතුරෙකු ලියුමක් එවා තිබුණා. උදේෂ් ඇතුළු පිරිසට අවසන් ඉරණම අත්වුණු බව එහි ද ලියැවී තිබුණා. පොලිසියේ උසස් නිලධාරියෙකු වුණු උදේෂ්ගේ පොඩි මාමා සිය ඥාති පුත්‍රයාට අත්වුණු ඉරණම පිළිබඳව දිගින් දිගටම සොයා බැලුවා. අවසානයේ දී මෙම සිසු පිරිසට අත්වුණු අවාසනාවන්ත ඉරණම පිළිබඳව ඔහුට හෙළිදරවු වුණේ, කලකිරීම නිසා සෙවණ කඳවුරෙන් ඉවත්වුණු සෙබළෙකුගේ මාර්ගයෙන්. විදුහල්පතිවරයා ද සිසුන්ට අත්වුණු අවසන් ඉරණම දැනගෙන සිටියා. ඔහු 11-A පන්තියේ අතුරුදහන් වුණු සිසුන් කිහිපදෙනෙකුගේ නම් පන්ති නාමලේඛනයෙන් ඉවත් කර තිබුණා. පන්ති භාර ගුරුතුමිය වුණු සෝමාවතී මුණසිංහ ඒ පිළිබඳව නඩු විභාගය අතරතුර හෙළිදරවු කළා
    KoKKLGR6y58yfvHm_6.jpg
    නිලූ වෙත හමුදා සෙබළා එවූ ලිපිය (ඇඹිලිපිටිය මිනීපිටිය)

    මියගිය දරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ නැති බව හෙළිදරවු වෙයි

    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයයේ ගුරුවරයෙකු වුණු බුද්ධික කුලතුංග ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බවට එකල රාවයක් පැතිර තිබුණා. ඔහුගේ මූලිකත්වයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය භට බලකායේ සිසුන් කඩාකප්පල්කාරී ක්‍රියා සිදුකළ බවට මතයක් පැවතුණා. එසේම ඔහු ජවිපෙ පන්ති පැවැත්වූ බවට ද කටකතා පැතිර ගියා. ඒ අනුව ඇඹිලිපිටිය කඩදාසි කම්හලට ගිනි තැබීම, තුංකම දී හමුදා බස් රථයකට බිම් බෝම්බයක් ඇටවීම, පුද්ගල ඝාතන සිදුකිරීම, ප්‍රදේශයේ සාමය පවත්වාගෙන යාමට බාධා එල්ල කිරීම ඇතුළු චෝදනා රැසක් මියගිය සිසුන්ට එරෙහිව එල්ල වුණා. නමුත් අවසානයේ දී රහස් පොලිසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණය වුණේ මෙම සිසුන් එවැනි ක්‍රියා සඳහා සම්බන්ධ වී නැති බවයි.

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113

    සැකකරුවන්ට එරෙහිව නඩු පැවරෙයි

    1990-1994 කාල සමය තුළ ඇඹිලිපිටියේ අතුරුදහන් වූ සිසුන්ගේ දෙමාපියන් සිය දරුවන් සොයාගන්නට විශාල පරිශ්‍රමයක් දැරුවා. ඒ සඳහා වෙනම සංවිධානයක් පවා පිහිටවනු ලැබුවා. 1994 වසරේ මුල් භාගයේ දී ඇඹිලිපිටිය සූරියකන්ද ප්‍රදේශයෙන් සමූහ මිනීවලක් මතුවීමත් සමගම යළි ඇඹිලිපිටිය සිසු ඝාතනය කරළියට ආවා. එදා එය යටපත් කිරීමට උත්සාහ කළ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයන් සූරියකන්දෙන් මතුව ඇත්තේ හරක් ඇටකටු බව පවසා සිටියා. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සූරියකන්ද සිදුවීම පිළිබඳව උනන්දු වුණා. නුදුරු දිනක දී පැවැත්වීමට නියමිතව තිබුණු මහා මැතිවරණයේ දී එයින් වාසියක් ලබාගැනීමට ඔවුන් උත්සාහ දැරුවා.
    LxJexz8lDiRvT5Mw_7.jpg
    සූරියකන්ද සමූහ මිනීවලේ කැණීම් අතරතුර (JDS)
    ඇඹිලිපිටියේ අතුරුදහන් වූ දරුවන්ගේ දෙමාපියන් පොදු පෙරමුණු මැතිවරණ වේදිකාවේ කතා කළා. පොදු පෙරමුණු රජයක් බලයට පත්වීමත් සමග ඇඹිලිපිටිය සිදුවීම විභාගයට ගැනුනේ දෙමාපියන් සහ මානව හිමිකම් සංවිධාන ඇතුළු විවිධ පාර්ශවයන් රජයට කළ බලපෑම් නිසා යි. ඒ වන විට මෙම සිද්ධිය පිළිබඳව රට තුළත් මහා කැළඹීමක් ඇතිව තිබුණා. එනිසා පහත නම් සඳහන් කර තිබෙන විත්තිකරුවන් 9 දෙනාට එරෙහිව නඩු පවරනු ලැබුවා.
    1) දයානන්ද ලොකුගලප්පත්ති
    2) චමින්ද ලොකුගලප්පත්ති
    3) රෝහණ පරාක්‍රම ලියනගේ
    4) ජාලිය ධනංජය ඈපා
    5) ගවේෂ් ගිනිගේ
    6) වජිර විශිෂ්ඨ චාමරසිංහ
    7) සමරතුංග ආරච්චිලාගේ සේනාරත්න
    8) කාරියවසම් සපුතන්ත්‍රි ගමගේ උපුල්චන්ද්‍ර
    9) ජැක්සන් කුමාරසිංහ
    1996 ජනවාරි 26 වැනිදා රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්කාර ඉදිරියේ නඩු විභාගය ආරම්භ වුණා.
    zZxC6Hsp8zPIT24G_8.jpg
    ලොකුගලප්පත්ති විදුහල්පතිවරයා අධිකරණ බිම වෙත පැමිණෙමින් (අඳෝනාව)
    අවසානයේ දී යුක්තිය ඉටු වුණා ද?
    පිටු 16000කට ආසන්න වුණු නඩු වාර්තාව වසර 3කට වැඩි කාලයක් විභාගයට ගත්තා. අවසානයේ දී 1999 පෙබරවාරි 10 වැනිදා නඩුවේ අවසන් තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබුවා. එම තීන්දුවට අනුව දෙවන සහ තෙවන විත්තිකරුවන් වුණු චමින්ද ලොකුගලප්පත්ති සහ පරාක්‍රම ලියනගේ කිසිදු දඬුවමකට යටත් වුණේ නැහැ. ඉතිරි විත්තිකරුවන්ට වසර 10 බැගින් සිර දඬුවම් හිමි වුණා. එලෙස දඬුවම් ලැබූ සියළුදෙනාම අද වන විට සිරෙන් නිදහස් වී සාමාන්‍ය ජීවිතයක් ගතකර තිබෙනවා. නමුත් අතුරුදහන් වුණු දරුවන්ගේ පවුල්වල දෙමාපියන් පමණක් නොව සහෝදර සහෝදරියන් ද දශක 3කට වැඩි කාලයක් පුරාවට සිය දරුවන් නැති දුකින් වැළපෙනවා. උදේෂ් සිසුවාගේ මව වුණු මංගලිකා හෙට්ටිආරච්චි මහත්මිය සිය දරුවා නැති සොවින් නොකා නොබී වැළපෙමින් සිට, 1992 වසරේ දී ලියුකේමියා රෝගය වැළඳී මියගියා. එදා මියගිය අහිංසක දරුවන්ට දශක 3ක් ගෙවී ගියත් යුක්තිය ඉටුවී නැති බව සඳහන් කළ යුතු යි.
    sVASZCfanfmEwgwP_9.jpg
    උදේෂ්ගේ මව මියගිය පුවත එකල පුවත්පත්වල සටහන් වුණු අයුරු (Divaina)
    Array

    ඔය මිනී මැරුම් වලට වගකියන්ඩ ඔනෙ රනිල්, ජේ අර් ප්‍රේමදාස රන්ජන් විජේරත්න රනිල් ඔය ඔක්කොම මිනී මරුවො එකම කැබිනට් එකේ ඉදගෙන ඔය මිනි මැරුම් මෙහෙයවුයේ උන්..:angry::angry:

    :yes::yes::yes: රනිල්ට මෙලොවදිම පල දීල තියෙන්නෙ දරුවො විනාශ කරපු පව් තමයි, රන්ජන් විජේරත්න පුපුරල මළා ප්‍රේමදාස පුපුරල මළා ජේ ආර් මහල්ල එලව්දි ගෙවනව ඇති..

    සිහල කොල්ලො කෙල්ලො ආසනව ලක්ශයක් ඔය කාලෙදි unp පාන්ඩුව පුච්චල මැරුව..අලුත් පරම්පරාව ඕව දන්නෙ නැ කියවීම හුරු නැති නිසා..

    :yes::yes: 88 කැරල්ල වෙද්දි අපේ එක මාම කෙනෙක් ගුරු විද්යාලෙ ඉගෙන ගන්නව.. ඒක නිවාඩු දෙනව හදිස්සි තත්වයක් නිසා, තැන මතක නැ මාම කියනව ''එයා බස් එකේ එද්දි එක වට රවුමක් වටේටම මිනිස් බෙලි තියල තිබ්බලු. අඩුම ගානෙ එතනම මිනිස් බෙලි 200-300 තිබ්බලු'' ඒ ඔක්කොම ආණ්ඩුවෙන් මරවපු ජේවීපි අයගෙ බෙලි..ඔය ඇසින් දුටු ශාක්කි... 88 උන සහාරයේ තරම නඩු වලින් එලියට ඇවිත් නැ, හිතාගන්ඩ බැරි මිනිස් සoහාරයක් unp ආණ්ඩුව කරා ජේ ආර්, රන්ජන් විජේරත්න ,ප්‍රේමදාස, රනිල් ඔය ඔක්කොම වගකියන්ඩ ඔනෙ ඒ පරාද වලට..

    නිල්ගේ යුනිට් එක තමයි බටලන්ද :dull:
    ඕකා කොල්ලෝ ගහන්න පුරුදුවුනේ ඒකාලේ අල්ලාගෙන ආපු කෙල්ලෝ රේප් කරලා කරලා ගෑනු එපාම වුන නිසාලු :dull:
    ------ Post added on Apr 9, 2024 at 10:07 PM
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    පවිත්‍රා වන්නි ආරච්චි හෙවත් පවිත්‍රා දේවි වන්නිආරච්චි මන්ත්‍රීකමක් ගත්තේ ඔන්න ඔය මිනීමැරුම් වලට සාධාරණයක් කරනවා කියලා තමයි. අන්තිමට ඒකි මොකද කරේ, අන්තිමට බැදැපු ලෝයර්වත් අතෑරලා, බොඩි ගාර්ඩ් හිතපු පොලිස් කොස්තෙක් එක්ක සෙට් වෙලා ඌව බැදලා ඌ ව සබරගමුවේ මහ ඇමතිත් කරා. පස්සේ නාකි මයිනගේ ඇට දෙක උරන්න පටන් ගත්තා😝

    Pavithra-Wanniarachchi-and-Kanchana-Jayarathna.jpg

    MR.jpg



    ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ වාර්තාවට පිටු 16000ක්‌
    පාසල ආසන්නයේම සෙවණ හමුදා කඳවුර පැවති අතර හමුදා භටයන්ට පාසල් භූමිය ආගන්තුක ස්‌ථානයක්‌ නොවූහ. ඇඹිලිපිටිය කඳවුරේ කර්නල් පරාක්‍රම ලියනගේ සමඟ විදුහල්පති දැඩි සමීපතාවක්‌ ගොඩනඟා ගත්තේය. සිසුන් වෙනුවෙන් පෙනීසිටීමේ වරදට ඇඹිලිපිටිය විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ගුණපාල දිසානායක 1989 නොවැම්බර් 20 වැනිදා රාත්‍රි 1.30ට පැහැරගෙන ගොස්‌ ඝාතනය කරන ලදී.
    පැහැරගෙන ගොස්‌ රඳවා තබාගනු ලැබූ ඇඹිලිපිටිය මධ්‍ය මහා විදුහලේ සිසුන් 32 සමඟ ඇඹිලිපිටියේ තවත් පාසල් සිසුන් 16 දෙනා වෙඩිතබා ඝාතනය කර ටයර් දමා පුළුස්‌සා දමා තිබුණේ උඩවලවේ වනෝද්‍යානයේ තණමල්විල මහාමාර්ගය දෙපසද, කරවිලයායට යන කාරමඩිත්තිය පාරේද සහ පනාමුර පාරේදීය. ඒ 1990 ජනවාරි 24 වැනිදා රාත්‍රියේදීය. ඇලුමිනියම් තහඩු ගසන ලද ලොරියකින් අත්පා බඳින ලද සිසුන් බිමට බස්‌සවා ඔවුන් විලාප දෙද්දී මෙම වෙඩි තැබීම් කර තිබුණ බව අසල මුර මඩුවක අයෙක්‌ පසුව කියා තිබිණි. සෙවණ කඳවුරෙන් එහි සිටි අනුඛණ්‌ඩයය නික්‌ම ගියේ ඉන් දින කිහිපයකට පසුවය.
    n14 4
    සූරියකන්දේ මෙම මළසිරුරු වළලා ඇතැයි සූරියකන්දේ ටෙලිකොම් කුළුණු ස්‌ථාපිත කිරීමේ නිරතව සිටි ඉංජිනේරුවෙකු විසින් මේ බව ප්‍රථමයෙන් මාධ්‍යවේදියෙකුට අනාවරණය කළේය.
    ඒ අනුව විපක්‌ෂ නායක කාර්යාලයට පැමිණි 25 දෙනෙකුගෙන් සමඟ යුත් පිරිසක්‌ බස්‌නාහිර මහ ඇමැතිsනි චන්ද්‍රිකා කුමාරතුංගගේ නායකත්වය යටතේ සූරියකන්ද බලා කොළඹින් අලුයම 5ට පමණ පසු දිනක පිටත්විණි. පිරිස සම්බන්ධීකරණය කළේ දේශ විමුක්‌ති ජනතා පක්‌ෂයේ නායක නිහාල් පෙරේරාය. මාධ්‍යවේදීන් ලෙස සහභාගි වූයේ දයා ලංකාපුර ඇතුළු කිහිපදෙනෙකි.
    පැල්මඩුල්ලේ පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදෑසන ආහාරය ගත් පිරිස උදලු, අලවංගු, කූඩ සහ කම්කරුවන්ද සමඟින් සූරියකන්ද බලා පිටත් විය. මහ ඇමැතිsනී චන්ද්‍රිකා ද සූරියකන්දේදී එයට එක්‌විණි. අවසානයේ වාහන 10ක පමණ ගමන්ගත් 50ක පමණ පිරිසක්‌ එක්‌වී තිබිණි. පසුව රත්නපුර සහකාර පොලිස්‌ අධිකාරි එයට විරෝධය දැක්‌වුවද එය නොතකා පිරිස සමූහ මිනීවල සොයා ගන්නට තැන තැන කණිනු ලැබීය.
    n14 3 පස්‌වරුව වන විට දෙමාපියන් පිරිසක්‌ ද පැමිණි අතර නීතිඥ එස්‌.ඒ. ප්‍රේමරත්නගේ මැදිහත්වීමෙන් රත්නපුර මහේස්‌ත්‍රාත් පියසේන රණසිංහද එම ස්‌ථානයට පැමිණ කැණීම් ආරම්භ කිරීමට මහෙස්‌ත්‍රාත් නියෝගයක්‌ ලබාදුන්නේය. එහිදී මානව අස්‌ථි හමුවූ අතර ඉන්පසු දින කිහිපයක්‌ම කැණීම් කරන ලදී. රත්නපුර මහෙස්‌ත්‍රාත් පියසේන රණසිංහ චන්ද්‍රිකා ආණ්‌ඩුව යටතේ පසු කලෙක අල්ලස්‌ කොමසාරිස්‌ ජනරාල්ද විය.
    ඇඹිලිපිටිය සිසු ඝාතනයට අදාළ රහස්‌ සූරියකන්ද සමූහ මිනීවළෙන් හෙළිකරගැනීමට හැකියාවක්‌ ලැබුවේ නැත. සාමාන්‍ය මිනිසුන්ගේ මරණයක්‌ නොව පාසල් සිසුන් ඇතුළු පිරිසක්‌ ඝාතනය වී එකම ස්‌ථානයක සමූහයක්‌ ලෙස වළදමා ඇතැයි යන විශ්වාසයත් දේශපාලනික වශයෙන් ලැබුණු දැවැන්ත ප්‍රචාරයත් නිසා විශාල පිරිසක්‌ සූරියකන්දට පැමිණියේය. දහස්‌ ගණන් රැස්‌ව සිටි පිරිස්‌ පවා තම ඥාතීන්ගේ අස්‌ථී සොයා හැකි පමණින් හෑරිම් කරන්නට වූහ. හැඟීම් උත්සන්න වූ ඇතැම් දෙනා හමුවන අස්‌ථී කොටස්‌ තම අතේ තබාගෙන හඬා වැළපෙන අයුරු දැකගන්නට හැකිවිය.
    සමූහ මිනීවල හාරා සිරුරු කොටස්‌ ගොඩට ගෙන ඒවායේ අන්‍යතාව සොයා බැලීමේ වගකීම භාරවූයේ රුහුණු අධිකරණ වෛද්‍ය අංශයේ මහාචාර්ය නිරිඇල්ලගේ චන්ද්‍රසිරි, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි එල්.බී.එල් ද අල්විස්‌ සහ දකුණු කොළඹ ශික්‌ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරි එස්‌.එම්. කොළඹගේටය. මහාචාර්ය නිරිඇල්ල යුගෝස්‌ලෝවියාවේ වාර්ගික අර්බුදය හේතුවෙන් මියගිය අයගේ මළසිරුරු 1996දී ගොඩගත් සහ 2000දී නැගෙනහිර ටිමෝරයේ මළසිරුරු ගොඩගත් එක්‌සත් ජාතින්ගේ අධිකරණ වෛද්‍ය විශේෂඥ කණ්‌ඩායමේ සාමාජිකයෙකු වශයෙන් පසු කාලයේ කටයුතු කළේය. දේශපාලන මැදිහත්වීම නොවන්නට කිසිදිනෙක සූරියකන්දේ සමූහ මිනීවළ හැරෙන්නේ නැතිබව සත්‍යයකි. එහෙත් අවසාන ප්‍රතිඵලය වූයේ සූරියකන්ද මිනීවළ හෑරීමේ විද්‍යාත්මක අපේක්‌ෂා විනාශවී යැමය.
    සමූහ මිනීවළෙන් හමුවූ අස්‌ථී කොටස්‌ තෝරා ගත නොහැකි අයුරින් කලවම්වීම නිසා සූරියකන්දේ මිනීවල හෑරීමේ විද්‍යාත්මක අපේක්‌ෂා විනාශවී ගියේය. මෙවැනි තත්ත්වයක්‌ හමුවේ කැණීම් කිරීම ඵල රහිත බව කියූ අධිකරණ වෛද්‍යවරු කැණීම් අතරමග නවතා දැමූහ. දේශපාලන මැදිහත් වීම හේතුවෙන් මහා ආන්දෝලානාත්මක ලෙස හෑරීම ආරම්භ වී පසුව නිවැරදි අනාවරණයකින් තොරව අතරමග නවතා දැමූ සමූහ මිනීවළක්‌ වෙත්නම් එය ශ්‍රී ලංකාවේ සූරියකන්ද මිනීවළ පමණි. රත්නපුර මහාධිකරණයේ පැවති නඩුවේදී විත්තිකරුවන්ට එරෙහිව ඝාතනය කිරීම් චෝදනා නොව පැහැර ගැනීමේ චෝදනා පමණක්‌ එල්ල වූයේ එසේ අධිකරණ වෛද්‍ය විද්‍යාත්මක සාක්‌ෂි නොමැති වීම හේතුවෙනි.
    චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ නව රජය 1994 දී බලයට පත්වීමත් සමඟම ඇඹිලිපිටිය විදුහලේ සිසුන් 32ක්‌ අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලත් විත්තිකරුවන් 9 දෙනකුට එරෙහිව රත්නපුර මහාධිකරණයේදී 1995 නඩු පවරන ලදී. එහි පළමු විත්තිකරු වූයේ විදුහලේ විදුහල්පති වූ දයානන්ද ලොකුගලප්පත්තිය. ඔහුගේ පුත් චමින්ද දෙවැනි විත්තිකරු විය. එවකට ඔහු යුද හමුදාවට එක්‌වූ ලුතිනන්වරයෙකි. සෙවණගල යුද හමුදා කඳවුරේ ප්‍රධානියාව සිටි බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ ( පැරී), කපිතාන් දොන් ජාලිය ධනංජය ඈපා, මේජර්වරුන් වන ගවේෂ් ලියනගේ සහ වජිර විශිෂ්ඨ චාමරසිංහ, කෝප්‍රල් සමරතුංග ආරච්චිගේ සේනාරත්න නොහොත් සේන, සැරයන්වරුන් වන උපුල් චන්ද්‍ර කාරියවසම් සහ ඊ. ජැක්‌සන් කුමාරසිංහ යන අය සෙසු විත්තිකරුවන් වූහ. මෙහි හමුදා නිලධාරීන් සහ භටයන් සෙවණ කඳවුරේ පවත්වාගෙන ගිය 6වැනි කාලතුවක්‌කු ඒකකයට අනුයුක්‌තව සිටි අය වේ.
    වසර 1989 ඔක්‌තෝබර් සහ 1990 ජනවාරි අතර කාලයේදී සිසුන් 25 දෙනෙකු පැහැරගෙන යැම, අයුතු ලෙස සිරගත කිරීම, සිසුන් අතුරුදන් කිරීම සහ මරා දැමීම ඇතුළු අධිචෝදනා 80ක්‌ විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කෙරිණි. රත්නපුර මහාධිකරණ විනිසුරු චන්ද්‍රදාස නානායක්‌කාර හමුවේ නඩු විභාගය ආරම්භ කළේ 1996 ජනවාරි 26වැනිදාය.
    රත්නපුරේ මහාධිකරණයේ නඩුව සඳහා සුවිශේෂි කැපකිරීමක්‌ කරමින් අතුරුදන්වූ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනීසිටින ලද්දේ සබරගමුවේ කීර්තිධර වාමාංශික ක්‍රියාකාරිකයෙකුවූ නීතිඥ එම්. ඒ. ජස්‌ටින්ය. නීතිඥ ප්‍රියංකා ගුණවර්ධන ඒ සඳහා සහාය විය. බොහෝ අවස්‌ථාවලදී එයට සහාය දුන් නීතිඥවරුන් වන මහින්ද රාජපක්‌ෂ, ජෝන් සෙනෙවිරත්න සහ පවිත්‍රා වන්නිආරච්චි ඇතුළු ශ්‍රීලනිප නීතිඥ සංගමයේ සාමාජිකයන් රැසක්‌ද රත්නපුර මහාධිකරණයේදී ලේඛකයාට හමුවිය.
    නඩු තීන්දුව 1999 පෙබරවාරි 10වැනිදා ප්‍රකාශයට පත්කළ අතර රත්නපුර ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මප්‍රිය ලියනාරච්චි සමඟින් ලේඛකයා එම අවස්‌ථාවට එක්‌වී සිටියහ. නඩු වාර්තාව පිටු 16,000කට ආසන්නය. විදුහල්පතිගේ පුත් ලුතිනන් චමින්ද සහ බ්‍රිගේඩියර් රෝහණ පරාක්‍රම ලියනගේ සියලු අධි චෝදනාවලින් නිදහස්‌ වූහ. එකම ඇසින් දුටු සාක්‌කියක්‌වත් නොමැතිව සිසුන් පැහැරගෙන යැමට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යැම, නීති විරෝධී ලෙස රඳවා තබා ගැනීමේ අධි චෝදනාවන් 50කට විත්තිකරුවන් 7 දෙනෙකු වරදකරු විය. සිසුන් මරාදැමීමේ අධි චෝදනාවෙන් ඔවුන් නිදහස්‌ කෙරිණි. අධිචෝදනාවන්ට නියම වූ සිරදඬුවම් එකවර ගෙවීයන ලෙස පැනවූ හෙයින් ඔවුන් සියල්ලන්ටම හිමිවූයේ බරපතල වැඩ සහිතව වසර 10ක සිර දඬුවම්ය. රජයේ නීතිඥවරුන්වූ සරත් ජයමාන්න, ශාම්ලාල් රාජපක්‌ෂ සහ විජිත් මල්ල්ගොඩගේ සහාය ඇතිව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ඩී.පී. කුමාරසිංහ නඩුවේ පැමිණිල්ල මෙහෙයවූහ.
    තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනාධිකරණයට අභියාචනයක්‌ ඉදිරිපත් කළ අතර එහිදී සැරයන් ජැක්‌සන් කුමාරසිංහ සියලු අධි චෝදනාවලින් නිදහස්‌ කෙරිණි. දස අවුරුදු සිර දඬුවම ස්‌ථිර කරමින් අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වූ 2002 ජනවාරි 4වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පැනවූහ. වරදකරුවන් වූ විත්තිකරුවන් හමුදා අධිකාරියෙන් ඉවත් කෙරිණි. මේජර්වරුන් වූ ජාලිය ඈපා සහ ගවේෂ් ගිනිගේ කපිතාන් ධූරයට පහත හෙළුE අතර අධිකාරියෙන් ඉවත් කිරීම නිසා ඔවුන්ගේ නමේ ඉදිරියෙන් හමුදා නිලය යෙදීමට නොහැකිය.
    සිරදඬුවමින් නිදහස්‌ වූ පසු ඇඹිලිපිටිය විදුහලේ හිටපු විදුහල්පතිවරයාවූ රත්නපුර බටහේනේ පදිංචි දයානන්ද ලොකුගලප්පත්ති පසුකලෙක රත්නපුර වීරගොඩ විහාරස්‌ථානයේ දේවාලයේ කපුවා බවට පත්විය. එහි විහාරාධිපති වන්නේ අමිතාගොඩ ඉන්ද්‍රරතන හිමිය.
    ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් සමරමින් කෝට්‌ටේ පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල්වන හන්දියේ අහිංසකාරාමය නමින් ස්‌මාරකයක්‌ද 1999 දෙසැම්බර් 10වැනිදා විවෘත කරන ලදී. එය ප්‍රවීණ චිත්‍ර ශිල්පී ජගත් වීරසිංහගේ නිර්මාණයක්‌ විය. ඉදිකිරීමට භූමිය සහ අරමුදල් ආණ්‌ඩුව සපයා දෙනු ලැබූවද එහි නඩත්තුව කිසිවෙකු භාරගත්තේ නැත. පසුව එය වල්බිහිවී ගරාවැටී විනාශවී ගිය බැවින් නගර නිර්මාණ වැඩසටහන යටතේ ඒ අසලම තබා තිබූ නාලන්ද එල්ලාවල මන්ත්‍රීවරයාගේ පිළිරුව සමඟින්ම ඉවත් කෙරිණි. සෑම වසරකම ඔක්‌තෝබර් 27වැනිදා ඇඹිලිපිටියේ සිසුන් ඇතුළු අතුරුදන්වූවන් වෙනුවෙන් සීදුව රද්දොළුව මංසන්දියේ සමරු වැඩසටහනක්‌ අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව විසින් පවත්වනු ලැබේ.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,787
    28,959
    113
    60,000 ජීවිත විනාශ කරපු මෝඩ ජෙප්පෝ දැන්

    YZU2a9p.jpeg
     
    • Love
    Reactions: 2osama

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    sooriyakanda-bodybags-1994-main.jpg

    අදට විසි දෙවසරකට පෙර මෙවැනිම දෙසැම්බරයේ දිනෙක නිර්නාමික ලිපියක් 'රාවය' ප්‍රධාන සංස්කාරක වික්ටර් අයිවන්ගේ නමට ලැබුණු බව ඔහු විසින් සංස්කාරක මණ්ඩලයට දැනුම් දුන්නේය. ඒ වන විට නිදහස් ලේඛකයෙකු ලෙසින් මම රාවයට පත්‍රයට සමීපව සිටියෙමි. ලද පණිවුඩය වැදගත් එකකි. සබරගමුව රක්වාන කඳු වැටියේ මුහුදු මට්ටමින් අඩි 4440 ක් උසින් පිහිටි සුරියකන්ද ප්‍රදේශයේ 88-89 කාලයේදී පැහැරගෙන ගොස් මරා දැමුණු පුද්ගලයන් රැසකගේ මළසිරුරු වළ දමා ඇතැයි එවා තිබූ නිර්නාමික පණිවුඩයෙන් දන්වා තිබිණි. නම හෙළි නොකළ හමුදා නිලධාරියකු විසින් ඒවා තිබු එම පණිවුඩය සමඟ මළසිරුරු වළ දමා ඇති තැන් පිළිබඳව දැක්වෙන දළ සිතියමක් ද විය. ඒ වකවානුවේ දී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් මරා දැමුණු ඇඹිලිපිටිය සිසුන්ගේ මළ සිරුරු මෙහි ඇති බවට එහි නිශ්චිතව සඳහන් කර නොතිබුණ ද, එම සිසුන්ගේ සිරුරු ද මෙහි වළ දමා ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළහ.

    ඇඹිලිපිටියට රහස් ගමනක්

    එවකට බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ වනවිට වික්ටර් අයිවන්ගේ සමීප මිතුරියක්ව සිටියාය. ඒ නිසාම ඔහු විසින් මේ ලිපිය ගැන මුලින්ම දන්වා සිටියේ ඇයට ය. අනුරුද්ධ රත්වත්තේ, එස් බී දිසානායක වැනි පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රබලයන්ගේ ප්‍රධානත්වයෙන් පැවති කථා බහකින් අනතුරුව මේ මළ සිරුරු වළ දමා තිබුණු ප්‍රදේශය හාරන්නට තීරණය කෙරුණි. එහෙත් එය රහසක් ලෙස තබා ගැනීමට එකඟත්වයක් වුයේ බලයේ සිටි එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව විසින් ඊට නියත වශයෙන්ම අකුල් හෙළනු ඇති බවට මතු වූ සැකය හේතුවෙනි. කෙසේ වෙතත් '94 වසර උදාවත් සමඟ එළඹි ජනවාරි මාසයේ 03 වැනි සඳුදාවේ, සුරියකන්ද මෙහෙයුම ක්‍රියාවට නැංවීමට නියම විය.

    ඉතාමත් සුවිශේෂ කටයුත්තක් සඳහා කොළඹින් පිටතට යාමට පැමිණෙන ලෙස, විශේෂයෙන් මෙරට විදේශ මාධ්‍ය වෙත, දැනුම් දීමට කටයුතු කරන ලද්දේ මේ තීරණයට පසුව ය. අළුයම හතරට රොස්මිඩ් පෙදෙසේ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ නිවහනට රැස්වූ පිරිස පැල්මඩුල්ල දක්වා ගමන් කිරීමෙන් අනතුරුව පවිත්‍රා වන්නිආරච්චිගේ නිවසින් උදේ ආහාරය ගෙන යළි ඇඹිලිපිටිය බලා පිටත් වූහ. පළපුරුදු පතල් කම්කරුවන් කිහිපදෙනෙක් හා සිරුරු වළ දමා ඇති තැන් හෑරීම සඳහා ගල් ඉණි කිහිපයක් ද රැගෙන යාමට කටයුතු කිරීමත් හේතුවෙන් මෙතෙක් රහසක්ව පැවති ගමන පිළිබඳ තොරතුරු සෙමින් අනාවරණය වන්නට විය. එහෙත් සුරියකන්ද ප්‍රදේශයට පිවිසෙන විට මේ පිළිබඳ කණ වැකුණු පොලිසිය මාර්ග බාධක යොදා දැඩි ආරක්‍ෂිත වැඩපිළිවෙලක් හරහා ගමනට බාධා කරන්නට කටයුතු සැළසුම් කර තිබුණි. සුරියකන්ද මාර්ගයට පිවිසීමට පොලිස් අවසරය නොලැබුණ ද බස්නාහිර පළාත් මහ ඇමතිනිය ලෙස ඒ වනවිටත් කටයුතු කළ චන්ද්‍රිකා බණාඩාරනායකගේ ගමන වැළැක්වීමට පොලීසිය බලයක් නොවිණ. නමුත් අනුරුද්ධ රත්වතේ ඇතුළු අනෙකුත් පිරිස සුරියකන්දට පිවිසියේ බලහත්කාරයෙනි. ඔවුන් පාලනය කර ගැනීමට පොලිසියට කිසිවක් කළ නොහැකි විය.

    නිර්නාමිකව ලැබුණු ලිපියේ සඳහන් පරිදි නියමිත ස්ථානයට පැමිණියත් ප්‍රදේශය පුරාම පැවති අධික මීදුමත්, භූමිය වසා පැතිර වැඩුණු ඉලුක් යායත් නිසාවෙන් හෝඩුවාවට අනුකූල කිසිදු සළකුණක් සොයා ගැනීම දුෂ්කර විය. වැදගත් සොයාගැනීමකින් තොරවම පැය ගණනාවක් ගෙවී ගිය අතර පැමිණි බොහෝ දෙනා ඒ වනවිටත් අපේක්‍ෂා භංගත්වයට පත්ව දුර්මුඛව සිටියහ. ඇතැම් දෙනා පැවසුවේ මෙය ආණ්ඩුව විසින් සැලසුම් කර නොමඟ යැවීම සඳහා කරන ලද්දක් බව ය. නමුත් අවසාන විග්‍රහයේදී සියළු දෝෂාරෝපණ එල්ල වුයේ රාවය පත්‍රයට ය.

    නිව්ටන්ගේ වික්‍රමය

    නමුත් වැඩෙමින් ආ බලාපොරොත්තු කඩවීමට එරෙහිව සියල්ලන්ගේ උනන්දුව මෙළවීමට කටයුතු කළ සුවිශේෂී පුද්ගලයෙකු එහි විය. ඒ, එවකට රාවය පත්‍රයේ ප්‍රවෘත්ති සංස්කාරකවරයා වශයෙන් කටයුතු කළ නිව්ටන් සෙනෙවිරත්න ය. එක් තැනක ළඟ ළඟ සරුව වැඩුණු ඉලුක් ගස් අනෙක් ඒවාට වඩා සුවිශේෂී බවක් ඇතැයි ද, එසේ විය හැක්කේ කෙසේදැයි සොයැ බැලිය යුතු යැයි ද කියමින් බලවත් බලපෑමක් කරන ලද්දේ නිව්ටන් විසිනි. ඒ අනුව එම ස්ථානය හාරා බලන්නට සියල්ලෝ එකඟ වූහ. ගල් ඉණි ඉතා පහසුවෙන් පොළවට කිඳා බැසීමත් සමඟම පැතිර ගිය දුර්ගන්ධය නිසා බොහෝ දෙනා කියා සිටියේ මෙය වැසිකිලි වළක් විය හැකි බව ය. එහෙත් වැසිකිලි වළක් නම් ගල් ඉණි තුඩු වල සුදු පැහැති දේ රැඳිය නොහැකි බවත්, තිබිය යුත්තේ කළු පැහැති මළ ද්‍රව්‍ය බවට තර්ක කොට යළිත් උද්‍යෝගය අවුළුවන ලද්දේ නිව්ටන් සෙනෙවිරත්න විසිනි. ඒ අනුව හාරා බලන්නට සිදුවූයේ තවත් අඩි කිහිපයක් පමණි. මහ පොළොව පත්ලෙන් පළමු හිස් කබල මතු විණ. තව දුරටත් කැණීම නීතිවිරෝධී කටයුත්තක් බැවින් පවිත්‍රා වන්නිආරච්චි සහ නීතිඥ එස් ඒ ප්‍රේමරත්න සමඟ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද ක්‍ෂණිකව පිටත් වූයේ ඒ පිළිබඳ ඇති වූ සාකච්ඡාවේ ප්‍රතිඵල වශයෙනි. එවකට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත්වරයා වශයෙන් කටයුතු කළ පියසේන රණසිංහ එම ස්ථානයට පැමිණීමත් සමඟ යළි කැණීම් ආරම්භ විය. මරා වළ දමා තිබුණු පුද්ගලයන්ගේ මළ සිරුරු හතක කොටස් එදින ගොඩගනු ලැබූ අතර පැවති කාලගුණික තත්වය හේතුවෙන් කැණීම් කටයුතු ජනවාරි 8 වැනිදාට කල් දැමිණි. මහේස්ත්‍රාත් නියෝග යටතේ අනතුරුව කැණීම් සිදුකල ප්‍රදේශයට ආරක්ෂාව සැළසීමට අකමැත්තෙන් වුවද පොලිසියට සිදුවිය.

    කැණීම් පිළිබඳ පැතිර ගිය ආරංචි සමඟ ප්‍රදේශවාසී ජනයා සුරියකන්ද පාමුලට එක් වූ නමුත් පොලිස් බල ඇණි වල අවහිරකිරීම් නිසා ඔවුනට කැණීම් ස්ථානයට ළඟා වීමට නොහැකි විය.

    නමුත් ජනවාරි 08 වෙනිදා සූරියකන්දට ළඟා වනවිට දක්නට ලැබුනේ කිසියම් පිරිසක් විසින් පරීක්‍ෂණ නොමග යවන්නට ගත් වෑයමකි. වෙනත් සොහොන් වළවල් හාරා ගෙනෙන ලද මළ සිරුරු කොටස් කැණීම් කරමින් තිබූ වළට දමා තිබිණ. මෙය සිදු කර ඇත්තේ ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයෙන් පළවාහැරීමෙන් අනතුරුව බවට පසුව දැනගන්නට ලැබුනි.

    කෙසේ වෙතත් දෙවැනි දින කැණීම්වලින් මළසිරුරු නවයක් ගොඩ ගැනීමට හැකි විය. ඒවා වළ දමා තිබුනේ සිරස් අතට ය. කඳු මුදුනේ පැවති අධික ශීත දේශගුණික තත්වය හේතුවෙන් දිරා පත්ව නොතිබූ මෙම සිරුරු ගොඩගැනීමේදී අස්ථි කැබලි එකිනෙක වෙන් වන්නට පටන් ගත්තේය.

    ඇටකටු පෙරළා දරුවන් සෙවීම

    සුරියකන්ද පාමුලට රොක් වූ ජනයා කැණීම් සිදුකෙරෙන ස්ථානයට යාම වැලක්වීමට පොලිස් බලඇණි ගත් වෑයම දෙවන දිනයේ සාර්ථක නොවුණි. ඉක්බිතිව ප්‍රදේශවාසී ජනයා වෙනත් විකල්ප මං ඔස්සේ අදාළ ස්ථානයට ළඟා වූහ. එසේ පැමිණි කිහිප දෙනෙක්ම අදාළ මළසිරුරු තම සමීපතමයන්ගේ බවට හඳුනා ගත්හ. රජයේ හමුදා විසින් ඔවූන් බලහත්කාරයෙන් පැහැර ගෙන යන විට ඇඳ සිටි ඇඳුම්වලින් ශේෂව තිබූ කොටස්, මළවුන් හඳුනා ගැනීමට බෙහෙවින් උපකාරී විය. අනතුරුව සියල්ල මුද්‍රා තබා අධිකරණය භාරයට පත් කෙරිණ. සුරියකන්ද සමුහ ඝාතන භුමිය පිළිබඳව විදේශීය මාධ්‍ය ඔස්සේ වාර්තා කෙරුණ ද, ඊට සාපේක්‍ෂව ලංකාවේ 'ජාතික පත්තර' යැයි කියැවෙන ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් එය ප්‍රමාණවත් ලෙස මතු නොකෙරුණේ ආණ්ඩුවේ බලපෑමට අවනත වන්නට අදාළ මාධ්‍ය තීරණය කොට තිබූ නිසා ය. කෙසේ වුවද සිද්ධිය වාර්තා කරනු ලැබූ ඇතැම් ප්‍රධාන පෙළේ පුවත්පත් වෙළඳ පළට නිකුත් වීමට මත්තෙන් ගිනි තබා විනාශ කෙරිණ. නමුත් උපරිම අවධානයකින් යුතුව සිද්ධිය වාර්තා කරනු ලැබුවේ එවකට පළ වූ විකල්ප පුවත්පත් විසිනි. කැණීම්වලින් හමු වූ මළ සිරුරු, පැහැර ගෙනගොස් මරා දැමුණු ඇඹිලිපිටිය පාසැල් සිසුන්ගේ බවට මුලින් සැකකළ ද එය එසේ නොවන බවට ක්‍රමයෙන් හෙළි විය. රත්නපුර අධිකරණ භූමියේදී පැවති හඳුනාගැනීමේ පරීක්‍ෂණයේදී ඇඹිලිපිටිය සිසුන්ගේ දෙමව්පියෝ මෙම මළ සිරුරු තම දරුවන්ගේ බවට හඳුනා නොගත්හ. එහෙත් සුරියකන්ද ප්‍රත්‍යන්තයේ විසූ ගම්වාසීහු එම සිරුරු, රජයේ හමුදා විසින් පැහැර ගන්නා ලද ස්වකීය සමීපතමයන්ගේ බවට හඳුනාගැනීමට සමත් වූහ.

    සුරියකන්දේ දැනට පිහිටුවා ඇති රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුණ ඊට පෙර ඉදි කිරීමට සැළසුම් වුයේ මෙම මළ සිරුරු වළ දමා තිබු භූමියේ ය. කුළුණ ඉදි කිරීමේ අරමුණින් කපන ලද වළවල් අත්හැර දැමීමට සිදුවුයේ ඊට යටින් විශාල ගල් තලාවක් මතු වූ බැවිණි. පසුව ඉදිකෙරුණු සම්ප්‍රේෂණ කුළුණේ ආරක්‍ෂාව සඳහා හමුදා අනුඛණ්ඩයක් එහි ස්ථාපිත කරන ලද්දේ ලැබුවේ '89 වසරේදී ය. ඒ, ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශයේ සේ සැළකුණු දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් ඊට ප්‍රහාර එල්ල කරනු ඇතැයි පැවති සැකය නිසාවෙනි. මෙම හමුදා අනුඛණ්ඩය මගින් සුරියකන්ද අවට ගම්මානවල දෛනික සෝදිසි මෙහෙයුම් දියත් කළ අතර ඒ මගින් අත්අඩංගුවට ගත් බොහෝ පුද්ගලයන් වධ බන්ධනයන්ට ලක්කොට මරා පසුව මෙම වළවලට දමා ඇති බවට කරුණු අනාවරණය වූයේ පසුව ය.

    ඝාතකයන් සමග 'ප්‍රතිසන්ධානය'

    මරා වළ දමා තිබු පුද්ගලයන් 16 දෙනෙකුගේ සිරුරු කොටස් හමුවුවද අදාළ පරීක්‍ෂණ නිශ්චිත අවසානයක් තෙක් ගෙනයාමක් සිදු නොවුණි. කැණීම් කටයුතු සිදුකරනු ලැබුයේ දින දෙකක් පමණි. තවත් පුද්ගලයන් මරා වළ දමා ඇති ස්ථාන කෙරෙහි කිසිදු අවධානයක් නොමැතිවම සියල්ල නිමා වුයේ 17 වසරක එක්සත් ජාතික පක්‍ෂ පාලනය පෙරළා පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවක් පිහිටුවීමට සුරියකන්ද ප්‍රධාන සාධකයක් කරගනිමිනි. ඒ අනුව, '94 දී බලයට පැමිණි පොදු පෙරමුණු ආණ්ඩුව යටතේ සුරියකන්ද ගැන විශේෂ පරීක්‍ෂණයක් සිදු නොවුණු අතර මළ සිරුරු හඳුනාගත් ඥාතීන්ට නිසි යුක්තියක්ද ඉටු නොවුණි. ඒ වෙනුවට සිදුවුයේ චන්ද්‍රිකා ආණ්ඩුව බලයට පැමිණ කෙටි කාලයක් තුළ දී, රත්නපුර දිස්ත්‍රික්කයේ සිදු වූ මිනිස් ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ එම ප්‍රදේශයේ දේශපාලන බලවතා මෙන්ම ප්‍රේමදාස පාලනයේ සමීපතමයෙකු වූ නන්ද මැතිව්ට කාර්යභාරයක් නොමැති අමාත්‍යධුරයක් පිරිනමමින් ඔහු තම ඇමති මණ්ඩලයට එක් කර ගැනීම ය.

    'සුරියකන්දේ නීතිඥවරිය' ලෙස මැතිවරණ ප්‍රචාරණයේ යෙදුනු පවිත්‍රා වන්නිආරච්චි ද කෙටි කලක් ඇතුළත සුරියකන්දේ මළවුන්ට පිටුපෑවාය. ඇඹිලිපිටිය සිසු ඝාතනය පිළිබඳව නඩු විභාගයක් පැවතිය ද, අවසන් තීන්දුව ලබාදුන් විනිසුරුවරයා කියා සිටියේ දඬුවම් ලබා දීමට සිදුව ඇත්තේ චෝදනා ඔප්පු කර ඇති ආකාරයට අනුව බව ය. ප්‍රධාන චුදිතයෙක් වූ ඇඹිලිපිටිය මාධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්තිට ලබා දුන් වසර හතක සිර දඬුවම මේ සා විශාල වරදකට නීතිමය ප්‍රතිපාදන අනුව ලබා දිය හැකි උපරිමය වීම ගැන කණගාටු වන බවද අදාළ නඩු විභා‍ගයේ දී විනිසුරුවරයා පැවසීම තුළම ඇත්තේ නිසි යුක්තියක් ඉටු නොවීම පිළිබඳව අධිකරණ පද්ධතිය තුළම රජැයූ කණස්සල්ලයි.

    ඌවේ ආණ්ඩුකාර නන්ද මැතිව් ජනාධිපති රාජපක්‍ෂ හමුවේ දිවුරුම් දෙයි

    සිසු ඝාතනයේ තවත් චුදිතයෙකු වූ එවකට ඇඹිලිපිටිය ප්‍රදේශයේ හමුදා සම්බන්ධීකාරකවරයා වශයෙන් කටයුතු කළ ලුතිනන් කර්නල් රොහාන් පරාක්‍රම ලියනගේ නොහොත් පැරී ලියනගේ ද චන්ද්‍රිකා ආණ්ඩුව යටතේම බ්‍රිගේඩියර් ධූරයට උසස්වීම් ලැබ මිය යන්නට පෙර ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ප්‍රධාන නිලතල හෙබවූයේ සුරියකන්ද මෙහෙයුමේ ප්‍රබලයෙකු වූ එස් බී දිසානායක ක්‍රීඩා ඇමතිවරයා යටතේම වීම කවර නම් ඛේදජනක උත්ප්‍රාසයක් ද?

    ඇඹිලිපිටියේ බල පැවැති රාජ්‍ය භීෂණයේ දේශපාලන මෙහෙයුම්කරු වූ නන්ද මැතිව් පසුකාලීනව මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව යටතේද ඌව පළාතේ ආණ්ඩුකාර ධූරයෙන් යළි යළිත් පිදුම් ලැබුවේය.
     
    • Like
    Reactions: Draco Malfoy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    සූරියකන්දෙන් චෙම්මනියට

    රජයේ හමුදා විසින් ඝාතනය කොට වළ දමා තිබු දකුණේ සිංහල තරුණ තරුණියන්ගේ සිරුරු ගොඩ ගැනීමට පොලිස් බාධක නොතකා සුරියකන්ද තරණය කළ කර්නල් අනුරුද්ධ රත්වත්තේ අභිනව ආණ්ඩුව යටතේ නියෝජ්‍ය ආරක්ෂක ඇමති ලෙස පත්වීමෙන් අනතුරුව ඒ මිනිස් ඝාතක හමුදාවන්ම රණවිරුවන් ලෙස අභිෂේක කොට උතුරේ දෙමළ ජනයාට එරෙහිව මෙයහයවමින් 1996 වසරේ මාස හයක් ඇතුළත දී යාපන අර්ධ ද්වීපයේ පමණක් 540කට වැඩි පිරිසක් අතුරුදහන් කරවීමට සම්මාදම් විය. සූරියකන්ද අමතක කර දැමූ අභිනව ආණ්ඩුව දෙවසරක් ගතවන විට යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ නිර්මාණය කිරීමේ කටයුත්තට මුල පුරා තිබුණි.

    ඇඹිලිපිටිය සිසු ඝාතනයන් සිහිවනු වස් පාර්ලිමේන්තුව නුදුරේ ඉදි කරන ලද 'අහිංසකයන්ගේ ආරාමය' ද කොළඹ ලස්සන කරනු වස් රාජපක්‍ෂ පාලනය යටතේ ඩෝසර් කරනු ලැබුයේ උතුරේ දෙමළ ජනයාගේ සොහොන් කොත් විනාශ කිරීම සම්පූර්ණ කිරීමෙන් පසුව ය. ඒ සඳහා ඩලස් අලහප්පෙරුම හා ඩිලාන් පෙරේරා වැනි 'මල්බෙරියන්', ගෝඨාභය රාජපක්ෂ සමඟ අත්වැල් බැඳ ගත්හ.

    ගෝඨාභය රාජපක්‍ෂ අණින් ඩෝසර් කෙරුණු 'අහිංසකයන්ගේ ආරාමය'

    සුරියකන්ද මහේස්ත්‍රාත් පරීක්‍ෂණය මෙහෙය වූ විනිසුරු පියසේන රණසිංහ, පසුකාලීනව අල්ලස් කොමිසමේ සභාපති ධුරයට පත් කෙරෙනු ලැබුවේ එදා මහ ඇමතිනී චන්ද්‍රිකා සමඟ ඇතිකරගත් මිතු දම හේතුවෙනි. නමුත් රාජපක්ෂ පාලන සමයේදී ඔහු ඉන් ඉවත්කර ජනාධිපති ලේකම් කාර්යාලයට මාරු කරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂගේ මිග් ගනුදෙනුව පිළිබඳ පරීක්‍ෂණ යළි ඇරඹීමට ඔහු මැදිහත් වූ නිසා ය. සැකකටයුතු සේ සැළකෙන 'හදිසි අනතුරකින්' මියගිය ශ්‍රීපති සුරිආරච්චි මන්ත්‍රීවරයා විසින් යොමු කළ පැමිණිල්ල ඔහු මියයාමෙන් අනතුරුව පැමිණිලිකරු නොමැතිව යළි විභාගයට ගැනීමට පියසේන රණසිංහ විසින් කටයුතු කිරීම රාජපක්‍ෂලාගේ කෝපයට හේතු විය.

    සුරියකන්ද මෙන්ම යටපත් කෙරුණු තවත් බොහෝ ඝාතක භුමි දකුණේ ඇති බවට ඇති හොඳම මෑත කාලීන නිදසුන වන්නේ ගෝඨාභය, ජගත් ඩයස් හා ශවේන්ද්‍ර සිල්වා වැනි 'රණ විරුවන්ගේ' අතීත 'මානුෂීය මෙහෙයුම්වල' ප්‍රතිඵල සේ සැළකෙන සාක්‍ෂි මාතලේ විජය විදුහල් සමුහ මිනීවලෙන් 2013 වසරේදී මතුවීම ය.

    ජාත්‍යන්තර යුක්තිය

    අපරාධ පිළිබඳ කෙතරම් සාක්‍ෂි තිබුණ ද නීතිමය ක්‍රියාදාමයේ හා පරීක්‍ෂණ ක්‍රියාවලියේ ඇති දුර්වලතාවයන් නිසාත්, දේශපාලකයන්ගේ බලපෑම් නිසාත් ඒවා යටපත් කර දැමීම හැම විටම පහසු බව සනාථ කරන එක් වැදගත් නිදසුනක් සූරියකන්ද විසින් සපයයි. පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ආයතන තුළින් විසි පස් වසරකට පෙර දකුණේ පීඩාවට පත් ජනතාවට මේ වනතුරුත් සාධාරණය ඉටු වී නොමැත්තේ ඒ හේතුවෙනි. ඇත්තෙන්ම එවැනි යුක්තියක් ඉටුවනු ඇතැයි ඔවුන් සියල්ලෝ විශ්වාස නොකරති. එසේ නම්, උතුරේ දෙමළ ජනයා මේ පවතින යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා ඊට අයත් ආයතන පිළිබඳව කෙසේ නම් විශ්වාසය තබනු ඇති ද? දකුණේ පීඩිත සිංහල ජනයාට යුක්තිය ඉටු කරන්නට අසමත් වූ දේශපාලන හා නෛතික ආයතන පද්ධතියක් උතුරේ සහ නැගෙනහිර ජනයාට යුක්තිය ඉටු කර දෙනු ඇතිද?

    ඒ අනුව, දෙමළ ජන සංහාරයට වගකිව යුතු යුද අපරාධකරුවන් තව දුරටත් රණවිරුවන් ලෙස අභිෂේක කරමින් 'අප ඔවුන්ව කිසිසේත්ම පාවා නොදෙන්නෙමු' යැයි පිළිණ දෙන වත්මන් යහපාලන ආණ්ඩුව කෙරෙහි විශ්වාසය නොතබා, ඒ වෙනුවට ස්වාධීන ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ඉල්ලා සිටි දෙමළ ජනයාගේ ඉල්ලීම අයුක්ති සහගත, යථාර්ථ විරෝධී එකක් යැයි කියන්නට දකුණේ සංහාරයන්ට විසි පස් වසරක් තිස්සේ ඉටු නොවූ යුක්තිය ගැන මතකයක් ඇති එකදු සිංහලයෙකුට හෝ හැකියැයි මම නොසිතමි. පෝද්දල ජයන්ත
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    60,000 ජීවිත විනාශ කරපු මෝඩ ජෙප්පෝ දැන්

    YZU2a9p.jpeg
    දැන් ඔය 60000ම ජෙප්පෝ මාරපුවද නැත්තං මේ ටික අත ඇරලා ගණන් හදපුවද

    @dilann අදවත් මුගෙන් හරියටම අහගමු ඔය මැරුණ 60000 කාගේ අයද කියල.
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    @monson කලින් පළ කරපු පෝස්ට් එකක්😥

    ඇඹිලිපිටියට සිසු ඝාතනයේ චූදිත මේජර් ජාලිය ඈපා සමග සංවාදයක්

    මේජර් ජාලිය ඈපා ශ්‍රී ලංකා යුද හමුදාවේ සිටි නිලධාරියෙකි. ඔහු 1988-89 භීෂණ කාලයේදී ඇඹිලිපිටිය ප්‍රදේශයේ සේවය කළේය. ඔහු ලොව පුරා ආන්දෝලනයට ලක්වූ ඇඹිලිපිටිය පාසල් සිසුන් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම පිළිබඳ සිද්ධියේ එක් චූදිතයෙකු වූ අතර ඒ සඳහා අධිකරණයෙන් වරදකරුවෙකු වී සිරදඬුවම් ද ලැබීය.

    වර්තමානයේ සිරෙන් නිදහස්ව නිහඬ ජීවිතයක් ගත කරන මේජර් ජාලිය ඈපා ප්‍රථම වතාවට ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය පිළිබඳව මාධ්‍යකට අදහස් දක්වයි. ඔහුටද ඇඹිලිපිටිය සිදුවීම පිළිබඳව කීමට කතාවක් තිබේ. මේ එම කතාවයි.

    15420982_10209770074102374_4633805298411876817_n.jpg


    මේජර් ජාලිය ඈපා ඔබගේ හමුදා ජීවිතය ගැන යමක් කිවහොත්? මොන ක්‍රියාන්විතවලද ඔබ සිටියේ?

    ඔව් මා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයට බැඳුනේ 1981 සැප් මාසයේ. එවකට එය විශ්වවිද්‍යාලයක් නොවන නිසා කළමනාකරණය උපාධිය (BA (Mgt)) හැදැරීමට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුලත් වුනා. උපාධිය අවසන් කර වැඩිදුර හමුදා පුහුණුව දියතලාව හමුදා ඇකඩමියට ඇතුලත්ව දෙවන ලුතිතන්වරයෙක් ලෙස 1985 සැප්තැම්බර් මාසයේ කාලතුවක්කු රෙජිමේන්තුවට බැදුනා. මාගේ හමුදා ජිවිතයෙන් වැඩි හරියක් ගෙවුනේ ක්‍රියාන්විත රාජකාරිවල.

    මාගේ මුල්ම deployment එක වුයේ ඔඩ්ඩුසුඩාන්. ඉන් අනතුරුව මුරුන්කන්, මන්නාරම තල්අඩි, මාන්කුලම්, කිලිනොච්චි හමුදා කදවුරුවල සේවය කළා. 87 සාම සාකච්ඡාවලින් පසු දෙණියාය, වෙඩිතල්තිව්, මොණරාගල සහ ඇඹිලිපිටියෙත්, නැවත යුද්ධය ඇරඹීමත් සමග යාපනයේ මාවඩිපුරම්, මන්නාරමේ, වවුනියාව, වැලිඔය, අම්පාර වැනි කඳවුරුවල ක්‍රියන්විත රාජකාරියේ යෙදුනා. එ් වගේම නැවතත් වවුනියාව, මන්නාරම, මඩකලපුව, ත්‍රිකුණාමලය, කල්පිටිය හමුදා කඳවුරු ආශ්‍රිතව ක්‍රියාන්විතවල යෙදුනා. ප්‍රධාන ක්‍රියාන්විත නම් බලවේගය, අස්සක සේනා, වන්නිවික්‍රම 1,2,3, හයේ පහර, අකුණු පහර, සහ නැගෙනහිර පලාත මුදාගැනිමේ මෙහෙයුම්, වවුනියාවෙ FDL එක expand කිරීමේ මෙහෙයුම්, මාවඩිපුරම් FDL ආරක්ෂා කිරීමේ මෙහෙයුම්, තලෙයිමන්නාරම දූපත clear කිරීමෙ මෙහෙයුම්, මඩු පල්ලිය මුදා ගැනීමේ මෙහෙයුම්, සහා convoy ආරක්ෂා කිරීමේ මෙහෙයුම්වලට සහභාගි වුනා. මා ඒකකයේ විධායක නිලධාරි (Adjutant) බතරොයි දෙකක් අලුතින් පිහිටවලා එහි පලමු බතරොයි නිලධාරී අණදෙන ලෙසත්, ඒකකයේ දෙවන අණදෙන නිලධාරී ලෙසත් රාජකාරි කොට තිබෙනවා.

    39496764_330478127694519_2484736325601722368_n.jpg


    ඒවගේම දියතලාව අාධුනිකයි පුහුණු පාඨමලා ඛණ්ඩ භාර නිළධාරි ලෙසත්, දියතලාව කෙඩෙට් නිලධාරි පාසලේ Intake 36 හි course officer ලෙස පුහුණු කිරීම් අංශයෙනුත්, රත්නපුර සම්බන්ධීකරණ මූලස්ථානයේ දෙවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී ලෙසත්, පාබල බ්‍රිගේඩ් ගෘප් කිහිපයක බ්‍රිගේඩ් මේජර් ලෙසත් පනාගොඩ පළමු සේනාංකයේ ජෙනරාල් මාංඩලික නිලධාරී 11 (GSO II) ලෙසත් මාණ්ඩලික රාජකාරි කර තිබෙනවා.

    මා මිමි 130 කාලතුවක්කුව specialize කර තිබෙනවා. පිටරට පාඨමලා හතරකුත්, දේශීය පාඨමාලා අටක් පමණත් කර තිබෙනවා. එයට බුද්ධි පාඨමාලා දෙකක් සහා නිළධාරීන් සදහා ICRC වලින් මෙහෙයවන ලද Law of War for Officers පාඨමාලාවත් ඇතුලත්.

    ඇඹිලිපිටිය සිසු ඛේදවාචකයට ඔබ සම්බන්ධ වන්නේ කෙසේද?

    මා එම කාලවකවානුවේ 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේ ලුතිනන්වරයෙක්, මා විසින් ආරම්භ කරන ලද 16 වන කාරක බතරොයියේ පළමු බතරොයි නිළධාරී. (අණදෙන) මා යටතේ කුට්ටිගල කඳවුරත් රත්නපුරේ නීලපොල වත්තත් (කුඩා කඳවුරක් වත්තේ ආරක්ශාවට) තිබ්බා. ඒ අතරෙම ඇඹිලිපිටිය මහවැලි නිවාඩු නිකේතනයේ පිහිටුවා තිබු රත්නපුර සම්බන්ධිකරණ කාර්යාලයේ දෙවන ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරී ලෙස සම්බන්ධීකරණ නිලධාරීතුමා යටතේ සේවය කලා. සම්බන්ධීකරණතුමාගේ (Coordinating Officer) වගකීම තමයි සියලුම රජයේ ආයතන ප්‍රධානීන්ට නිසි ආරක්ෂාව සහ නායකත්වය ලබා දී එම ආයතන පවත්වාගෙන යාම.

    දිසාපතිගේ පටන් රත්නපුර දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ප්‍රධානීන් ඔහුගේ අණට යටයි. එයට අමතරව ඔහු 6 වන කාලතුවක්කු රෙජිමේන්තුවේත් අණදෙන නිලධාරීතුමා. මා ඔහුගේ මාණ්ඩලික නිලධාරී ලෙස ඔහුගේ රාජකාරි කටයුතුවලට සහය වුනා. මා ස්ථානගත වී සිටියේ එම මහවැලි කඳවුරේ. ඔහු යටතේ දිස්ත්‍රික්කයේ සියලුම හමුදා කඳවුරු ( 16-17 පමණ) සියලුම පොලිස් ස්ථාන (10 ක් විතර) තිබුනා. ඉතිං ප්‍රදේශයේ මහජනයා තම පැමිනිලි කිරීමට මෙම සම්බන්ධිකරණ කාර්යාලයට පැමිනෙනවා. මේ සෙවන කඳවුරට වගෙම අන් කදවුර බල ප්‍රදේශවල හමුදා පොලිස් ක්‍රියාමාර්ග සැබැඳිවයි මෙම පැමිණිලි. සැමවිටම සම්බන්ධීකරණ නිළධාරීතුමා හමුවීමට ප්‍රථම එම ජනයා මා හමුවෙනවා. ඒ නිසාම මේ සෙවන කඳවුර බල ප්‍රදේශයට අයත් ජනයාත් මා මහවැලි කඳවුරේදි හමුවී තිබෙනවා.

    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ සිසු පිරිසක් හමුදා අත්අඩංගුවට පත්වන අතර ඔවුන් පසුව අතුරුදහන් වනවා. මේ සිද්ධියට ඔබ වගකිව යුත්තෙක්ද?

    එය මෙසේයි. මා ඒ මුළු කාලසීමාවටම අණ දුන්නේ කුට්ටිගල හමුදා කඳවුර සහා නීලපොල වත්ත හා සැබැඳිවයි. මොකද වගකීමෙන් බැඳෙන්නේ අනුඛණ්ඩ බාර නිලධාරී හෝ/සහ නිලධාරී අණදෙන (බතරොයි නිළධාරි අණදෙන) හෝ/සහ අණදෙන නිළධාරීතුමයි. මේකට කියන්නේ Chain of Command. මේ සිදුවීම සිදුවුනේ ඇඹිලිපිටිය නගර සීමා බලප්‍රදේශය භාර සෙවන හමුදා කඳවුරේ. මා රාජකාරි කළේ ඊට මිටර් 500-800 ඈතින් පිහිටි මහවැලි කඳවුරේ පිහිටි සම්බන්ධිකරණ කාර්යාලයේ. මාගේ රාජකාරි ස්වභාවය වුයේ සම්බන්ධීකරණ නිලධාරීතුමාගේ උපදෙස් අනුව සම්බන්ධීකරණ කටයුතු ඉටුකිරීමයි. ඒ කියන්නේ pen to paper work. මා අණදෙන රාජකාරි කුට්ටිගල ප්‍රදේශයේ හැර රත්නපුර දිස්ත්‍රික්කයේ වෙනත් කිසිම ප්‍රදේශය කළේ නැහැ. ඒ අනුව මා මේ සිදුවීම්වලට කිසිම අණදීමක් කර නැහැ.



     
    • Like
    Reactions: Draco Malfoy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    @monson
    ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති දයානන්ද ලොකුගලප්පත්ති ඒ කාලයේ ඔබගේ මිතුරෙක්ද? ඔහුට මොකක්ද හමුදාව සමග තිබ්බ ගනුදෙනුව?

    මා රාජකාරි කරන ප්‍රදේශවල කිසි කෙනෙක් සමග (රජයේ නිලධාරීන් හෝ වේවා) රාජකාරි මට්ටමෙන් පමණයි සම්බන්ධතාවන් පවත්වන්නේ. ඇත්තෙන්ම මා හමුදාව තුළත් batch mates ලා හැර ජේෂ්ඨ/කනිෂ්ඨ නිළධාරීන් සමග රාජකාරි කාලය තුල පැවැත්වූයෙත් රාජකාරි සබඳතා පමණයි. මා එ් තරමටම impersonal. ඉතිං මා ගලප්පත්ති විදුහල්පති සමග රාජකාරි මට්ටමෙන් එපිට කිසිදු සබඳතාවක් තිබුනේ නැත. රාජකාරි මට්ටමෙන් පවා තිබ්බේ ඉතා අඩු සබඳතාවක්. ඔහු සෙවන කඳවුර, විදුහල අසල නිසා, සමග සබඳතා පැවැත්වූ බව මා දනිමි. ඒ නිසාම එදා ඔහු මගේ මිතුරෙක් නොවේ. නමුත් නඩුව පැවතුන කාලයේ ඉඳන් අද දක්වා අන් අයට වඩා මා සමග ඔහු වඩා හිතවත්.

    අන් රජයේ ආයතන, උසාවිය හැර GA කාර්යාලයේ සිට පහළට, අත්‍යවශ්‍ය සේවා (ජල, විදුලි, බස් ගමනාගමන මෙන් පාසැල් පැවැත්වීමද අපගේ ප්‍රධානම රාජකාරිවලින් එකක්. ඒ වගෙම රජයේ නිළධාරීන් හට අරක්ෂාව දීමත් අපේ රාජකාරියක්. ඒ අනුව ගලප්පත්ති පර්ෂද විදුහල්පතිට (ඔහුගේ පර්ෂදය යටතේ තවත් පාසල් කිහිපයක් තිබුනා. ඒවා administratively පාලනය කළේ ඔහුයි) පාසල් පවත්වාගෙන යාම නිසා ජනතා විමුක්ති පෙරමුණෙන් මරණීය තර්ජන තිබ්බා. එක් අවස්ථාවක් පිස්තෝලයෙන් ඔහුට පසුපසින් පැමිණ වෙඩි තිබ්බා. ශිෂ්‍යෙයක් කෑ ගහපු නිසා ඔහු මුවා වීම තුළ වෙඩි නොවැදී බේරුනා. ඉන් පසුව සම්බන්ධීකරණ නිළධාරීතුමාගේ උපදෙස් අනුව සෙවන කඳවුර විසින් පාසැලටත් ඔහුගේ නිල නිවසටත් ආරක්ෂාව සැපයුවා.

    ඇඹිලිපිටිය සිසු ඛේදවාචකය යට සිටි බුද්ධික කුලතුංග නම් ජවිපෙ ක්‍රියාධරයා ගැන කවුරුත් දන්නේ නෑ. ඔහු පිළිබඳව සඳහනකුත් නෑ. ඔහුගේ භූමිකාව මොකක්ද?

    ඔහු ඇඹිලිපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ තරුණ ගුරුවරයෙක්. ඔහු ම.ම.වි. ඉඩමෙන් කොටසක් පෙට්‍රල් ෂෙඩ් එකක් අලුතින් හදන්න දෙන්න ගත් තීරණයට විරුද්ධව ශිෂයන් උසිගන්වා ශිෂයන්ගේ උද්ඝෝෂණය යටින් සිට මෙහෙයවුවා. මේ කාලයේ අප ඇඹිලිපිටියේ නොවෙයි හිටියේ. ඒ වගේම ගලප්පත්තිත් හිටියේ අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයේ. හිටපු විදුහල්පතිතුමාට මෙය පාලනය කර ගත නොහැකි වූ නිසා ඔහු ඉන් ඉවත් කර ගලප්පත්ති එහි විදුහල්පති ලෙස පත් කර එවලා තියෙනවා. ඒ සමගම තමයි අප රෙජිමේන්තුවෙන් මොනරාගල සිට ඇඹිලිපිටියට එව්වේ. මේ සිදුවීම් දෙකම එකම කාලයක සිදුවුයේ. මා කුට්ටිගල ස්ථානගත වුවා. සෙවන කඳවුරේ ස්ථානගත භට පිරිස්වලට අණ දුන්නේ මේජර් රන්ජිත් රූපසිංහ. පසුව කර්නල් නිලයෙන් හමුදාවෙන් විශ්‍රාම ගියා. ඔහුත් සම්බන්ධීකරණ නිලධාරීතුමා වන බ්‍රිගේඩියර් පැරී ලියනගේත් ඇඹිලිපිටිය ම.ම. විද්‍යාලයට ගොස් ගුරු, ශිෂ්‍යයන් ඇමතුවා. මතකද ඒ කාලයේ ශිෂ්‍ය සටන් පාඨය වුයේ "පලමුව මව්බිම-දෙවනුව පාසැල" කියායි. ඔහු ඉතා තදින් කතා කළා. ඇත්තටම ගලප්පත්ති විදුහල්පති නැවිලා හිටියේ ජවිපේ පැත්තට. ඒ මරණීය බයට. අප කළේ ඊටා වඩා වැඩි භීතියක් රාජ්‍ය නිලධාරින්ට දීමයි.

    ඉතිං මේ ගුරුවරයා ම.ම. විද්‍යාලයේ පටන් ගත්තා කෙඩෙටින් ප්ලැටුන් එකක්. එසේ ශිෂ්‍යයන් තම ග්‍රහණයට නතු කර ගත්තා. මේ ශිෂ්‍යයන් අත් අඩංගුවට පත්වෙන්නේ ඇඹිලිපිටිය කඩදාසි කම්හල ගිනි තැබීමෙන් පසුවයි. මා මේ කියන්නේ ඊට පෙර සිදුවීම්. ඔහු මේ ශිෂ්‍යයන්ව පන්ති පහ කරවීම, අවි පුහුණු කඳවුරුවලට යැවීම් ආදිය කළා. මේ අය ජවිපේ ශිෂ්‍ය සන්නද්ධ අංශය ලෙස කටයුතු කරා. අප මොහුව දෙපාරක් අත් අඩංගුවට ගත්තා. පලමු වර ගලප්පත්ති විදුහල්පති තුමා මැදිහත්වී ඔහුව බේරා ගත්තා. ඒ පාසැලේ ශිෂ්‍යයන් පාලනය කර ගන්න වෙන්න ඇති. දෙවැනිවර අර මා කියු කර්නල් රූපසිංහ බේරලා ඇරියා. කියන්නේ ඔහුත් ආගමේ, බුද්ධිකත් ක්‍රිස්තියානි ආගමේ කියලයි. ඉතිං පෙහෙකම්හල ගිනි තැබිමේ සිද්ධියට (සෙවන කඳවුර බලප්‍රදේශයේ පිහිටි) ශිෂ්‍ය සන්නද්ධ අංශයත් සහභාගි වෙලා තිබ්බා. ඒ ගැන පරීක්ෂණ කරන විට බුද්ධික ප්‍රදේශයෙන් පලා ගොස් හිටියා. අපට සොයා ගන්න බැරිවුනා. ඔහු පල්ලියේ අධාරයෙන් රට ගොස් ඇති බව පසුව අප දැනගත්තා.

    අතුරුදහන් වූ සිසුන් ජවිපෙ ශිෂ්‍ය සන්නද්ධ අංශයේ සිටියාද? ඔබට එසේ සිටි සිසුන් නම් වශයෙන් කිව හැකිද?

    එක් කෙනෙක් හැර අන් සියලු දෙනාම අවි පුහුණු කඳවුරුවලට සහභාගි වෙලා අවි පුහුණුව ලබා තියෙනවා. උදේෂ් කාවින්ද, ප්‍රසන්න හඳුවල, සුසිල් කුමාර, රසික කලුගම්පිටිය, සිසිල්, අන් අයගේ නම් මට මතක නැහැ. උදේෂ්, හඳුවල, සුසිල් වගේ අය මිනීමැරුම් පවා කර තියෙනවා. මොකද ගොඩක් මිනීමැරුම් සිදු වුනේ පැය 17.45-18.45 වගේ හවස සහ රාත්‍රිය අතර. ඒ කියන්නේ last light එකේදි. එය කර මේ අය ගෙදර එනවා. ගෙදර අය සැක හිතන්නේත් නැහැ. මේ සියල්ලන්ගෙන් කොටසක් රාජ්‍ය දේපල ගිනි තබා විනාශ කර තිබෙනවා.

    මෙතන කිසිම රාජ්‍ය විරෝධී ක්‍රියා නොකරපු අහිංසකයොත් සිටියාද? ඔවුන් කවුද?

    ඔව්. ඔහු තමයි මල්වත්ත කියන ශිෂ්‍යයා. මා ඒ ගැන සම්බන්ධීකරණ නිළධාරීතුමාට නිදහස් කරන්න කියා, කියා තියෙනවා. මොකද මා සම්බන්ධීකරණ නිළධාරිතුමාට සෑම කඳවුරකින්ම එන සැම introgation report එකක්ම බලනවා. මා සෑමවිටම big picture එකේ සිටියේ. එය මාණ්ඩලික නිළධාරී කෙනෙකුගේ පරම රාජකාරියක්. හමුදාවේ කෙනෙකුගෙන් අසා බලන්න පුළුවන් එය එසේමද කියා. මල්වත්තව නිදහස් නොකෙරුනේ ඔහුව අන් අය සමගමයි රඳවා හිටියේ. නමුත් එයට මා එකඟ වූයේ නැහැ. මා අණදෙන නිළධාරීවරයෙක් නොවන නිසා (මාණ්ඩලික නිලධාරියෙක් පමණක් වූ නිස) මා හට ඉන් එහාට කළ හැකි දෙයක් වූයේ නැහැ.

    මහාධිකරණ නඩු විභාගය කාලයෙදි ස්ටීවන් වැනි එදා නිදහස් කළ රැඳවියන් සාක්ෂි දෙනවිට බ්‍රිගේඩියර් මා හට ඔච්චමට කියුවේ ජාලිය කොහොමද අපි මල්වත්තව නිදහස් කරලා තිබුන නම් කියා. නමුත් ඒ වනවිට මා reform වෙමින් සිටි බැවින් මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හොඳින් වටහාගෙන (මට එතකොට වයස 34-35 වගේ) සිටි බැවින් ඔහු කී දේ මාගේ එක් කනකින් ඇතුලත් වී අනෙක් කනෙන් පිටවුනා. අදටත් මා ඒ ගැන දුක් වෙනවා ඒ අහිංසකයෙක් නිසා. ඔහු පංති කර ඇති බව මට මතකයි. හැබැයි එවැනි අය අප කලේ බූස්ස කඳවුරට ඇරීමයි. අන් අය ගැන මා හට ඒ කෝණයෙන් දුකක් නැහැ. හේතුව අවි පුහුණුව ලබා තිබේ නම්, අවි සමග අත් අඩංගුවට පත්වී ඇත්නම්, මිනි මරා ඇත්නම් සහ රාජ්‍ය දේපල විනාශ කර ඇත්නම් ඒ අය විනාශ කිරිමටයි රාජ්‍ය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්න මැතිතුමා වාචික උපදෙස් ලබා දී තිබුනේ. කෙසේ වෙතත් මල්වත්ත වෙනුවෙන් කතා කරන්න ශක්තියක් තිබීම ගැන මා කුඩා සතුටක් ලබනවා. ඒ එම අපරාධයේ කොටස්කරුවෙක් නොවීම නිසයි.
     
    • Like
    Reactions: Draco Malfoy

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මෙම නඩුව පිළිබඳ ඔබගේ අදහස් මොනවාද?

    නඩු විභාගය පැවති කාලයෙදිත්, මා සිරදඬුවම් විදපු කාලයේදිත්, අදත් හෙටත් මා දකින්නේ ඒ දේමාපියන්ගේ පරම අයිතියක් කියායි. මොකද අප ජීවත් වන්නේ ශිෂ්ඨ සමාජයක නිසා. හැබැයි මෙයට දේශපාලන මුහුනුවරක් චන්ද්‍රිකා, පවිත්‍රා, S.B දිසානායක වගේ අය දුන්නා 94 බලයට එන්න. ඒ වගේම UNP රජයේ අවසාන කාලයේදි ලංකාවේ Human Rights රෙකෝර්ඩ් එක පහල මට්ටමක කියා විදේශ ආධාර ලැබී නොතිබුන තත්ත්වයක් තිබුනේ. ඒ නිසාම චන්ද්‍රිකා ප්‍රමුඛ විපක්ෂය රාජ්‍ය බලය ලබාගැනීම සඳහා දේශපාලන විදේශ පරිත්‍යාග මත මෙවැනි අතුරුදහන් වීම් සම්බන්ධයෙන් ක්‍රියා කරනවා යයි රටේ ජනතාවට වගේම විදේශයට පොරොන්දු දුන්නා. ඒ අනුව 94 අගෝස්තු බලයට ආ චන්ද්‍රිකා 94 ඔක්තෝබර් මුල අප පස්දෙනෙක් CID මගින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කොට දින 14 කට රිමාන්ඩ් භාරයට පත් කරා. කොමිෂනුත් දැම්මා. හැබැයි 1992 සිට වගේ මේ එක් එක් අය වෙනුවෙන් Heabeascopes නඩු අපට තිබ්බා.

    පසුව 1995 අග අප සියලු දෙනාට චෝදනා 80 කින් ( eighty count) යුත් අධිචෝදනා පත් රත්නපුර මහාධිකරණයෙන් භාර දුන්නා. චෝදනා තිබුනේ ශිෂ්‍යයන් 25 ක් සඳහා පමණයි. අප නිර්දෝෂයි කියූ නිසා ජූරියකින් තොරව 1996 ජනවාරි මස සිට නඩුව විභාග කලා. චෝදනා 80 කින් යුත් අධිචෝදනා පතක් යටතේ මීට පෙර කිසිම චූදිතයෙකුට ලංකා මහාධිකරණයකින් නඩු පවරලා නැහැ. 1999 පෙබරවාරි 10 වැනි දින මා වරදකරු කරන විට දින 200 කට ඉතා අසන්න කාලයක්, ඒ අවු 3 කට මදක් වැඩි කාලය තුළ විභාග කර පිටු 15,000 ක ආසන්න නඩු වාර්තාව මත චෝදනා 8 කට වරදකරු කොට ඉන් 4 කට අවු 10 බැගිනුත් ඉතිරි 4 ට අවු 5 බැගිනුත් මුලු අවුරුදු 60 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් එකවර ගෙවී යන සේ ලබාදුන්නා.

    ඔබ සාධාරණ නඩු විභාගයකට මුහුණ දුන්නාද?

    ඔව්. විභාගය සාධාරණව පැවැත්වූවා. නමුත් වරදකාරිත්වයේ තීන්දුව අසාධාරණයි. හැබැයි දඬුවම් තීන්දුව සාධාරණයි.

    සිර දඬුවම පිළිබඳ තීන්දුව ලැබූ අවස්ථාවේදී ඔබ තුළ ඇති වූ සිතිවිලි මොනවාද ?

    තීන්දුව කියවීම පැයක් හමාරක් ගතවුනු කාලයක්. මා වරදකරුවෙක් යයි මුලින් කියන විට මාගේ කකුල් දෙක පන නැතිව ගියා වගේ හැඟීමක් ඇති වුනා. මට අම්මා තාත්තා මතක් වුනා. ඒ අය කවරදාකවත් පොලීසියකටවත් නොගියපු අය. ඊට පස්සේ සිර දඬුවම් වසර ගණන් කරන්න පටන් ගත්තා. එය හරියටම කරන්න පුළුවන් වුනේ නැහැ. අම්මා තාත්තා කවරදාකවත් උසාවියට ඇවිත් නැහැ. එදා ආවෙත් නැහැ. ඒ වෙනුවට මාගේ classmate කෙනෙක්, තවත් නුගේගොඩ යහළුවෝ පස් හය දෙනෙක් ඇවිත් සිටියා. කා දෙසවත් කෙලින් බලා කතාකරන්න ශක්තියක් තිබුනේ නැහැ. ඩොක් එකේ සිටගෙන සිටියේ මොළය වැඩ කරන්නේ නැතිව. පසුව උසාවියේ සිර කූඩුවට දැමු පසු සිගරට් හත අටක් එක දිගටම පත්තු කරා. කලිසමත් පිච්චුනා. ඇඳලා හිටියේ ලා කොල කලිසමක් සහ ඊටත් වඩා ලා කොල අත්දිග ෂර්ට් එකක්, කොල දුඹුරු පාට ටයි එකක් පැළඳ. මගේ classmate ට මගේ රත්තරන් බ්‍රේස්ලට් එකයි චේන් එකයි ගලවලා දුන්නා පෙම්වතියට දෙන්න කියා. කූඩුවෙ පැයක් හමාරක් ඉන්නකොට මට පියවී සිහිය ආවා. මා සිර ජීවිතය පටන් ගන්නත් පෙර සිත හදාගෙන සිර ජිවිතය වැළඳ ගත්තා. ඇත්තට මාගේ ශක්තිමත් පෞරුෂත්වය නැවත මට ලැබුනා.

    ඔබගේ සිර ගෙදර ජීවිතය ගත වුනේ කොහොම?

    ඔව් මගේ සිර ජීවිතය අවු 7 කට ආසන්නයි. ඒ කියන්නේ 1999 පෙබරවාරි 10 දින සිට 2005 සැප්තැම්බර් 23 දක්වා. ඒ තමයි මාගේ ජීවිතයේ වටිනාම කාලය. මා ජීවිතය අවබෝධ කරගත්තේ මේ කාලය තුලදියි. ඒ කියන්නේ අවිහිංසක මිනිස් හැගීම් මා වර්ධනය කර ගත් කාලයක් මේක. ජන සමාජය අවබෝධ කර ගත් කාලයක් මේ කාලය. නැවත මා ආ ගමන්මග දෙස, ඒ කියන්නේ වැල්ලේ පිය සටහන් දෙස නැවත හැරී බලන්න පුළුවන් වූ කාලයක් මේ කාලය. ධර්ම පොතපත එ් කියන්නේ තුනේ පංතියේ හතරේ පහේ ඔය ආදී වශයෙන් දහම් පාසල් පොත් පරිශීලනය (මා දහම් පාසල් ගොස් නැත) ලැබිච්ච කාලයක් මේක. වඩා වැදගත්ම වන්නේ රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත, චතුරාර්ය සත්‍ය වැනි පොතුත්, බලංගොඩ ආනන්දමෛත්‍රී ස්වාමීන් වහන්සේගේ පොතුත්, අචන් චා හිමියන්ගේ භාවනා සම්බන්ධ පොත්පතුත්, තව තව බෞද්ධ පොත්පත් සමග ඩේල් කානගීගේ සහ තවත් අයගේ මනෝවිද්‍යාව, මනස සැබැඳි පොත් පත් සහා නෙල්සන් මැන්ඩෙලාගේ long walk to freedom, බිල් ක්ලින්ටන්ගේ My life, ලලිත් ඇතුලත්මුදලිගේ autobiography එක වැනි පොත්පතුත් තවත් විශාල පොත්පත් ප්‍රමාණයක් කියවන්න මට වාසනාව ලැබුන කාලයක් තමා මේ කාලය. දිනපතා සිංහල පත්තර 2 ක් සහ Daily News පත්තරයත්, සති අන්ත සිංහල පුවත්පත් තුනක් සහා ඉංග්‍රිසි පුවත්පත් තුනක් බලන්නත් හැකි වෙච්ච කාලයක් මේක. ඒ වගේම දුම්පානයෙන් සහා මත්පැන් පානයෙන් තොර වූ කාලයක් මේ කාලය. දිනපතා වියායාම (cell එක තුල) කරන්න පුළුවන් වූ කාලයක් මේක. ඒ වගේම healthy food (සිරබත) ඒ කියන්නේ less sugar, No fat, No spices, No acid etc etc ගන්න ලැබිච්ච කාලයක් තමයි මගේ සිර ජීවිතය.

    ඒවගේම MS Office න්‍යාත්මකව ඉගෙන ගන්නත්, ඇඳුම් මහන්නත් (මා ටේලර් පාටියේ හිටියේ) ඉගෙන ගන්න පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. අවු 18 ක පමණ හමුදා කාලය තුළ අන් අය supervise කර ඔවුන්ගෙන් වැඩ ගත් මා, මා විසින් ඉදිකටුවට ඇඟිලි තුවාල කරමින්, දාඩිය දමාගෙන මැෂිම පාගනින් task එකට වැඩ කරන්න හිත කය පුරුදු කරගත් කාලයක් තමා මේ කාලය. ඒ වගේම දිනපතා පන්සිල් ගන්නත්, පෝය දින වැඩසටහන්වලට සහභාගි වෙන්නත්, දින 3 ක් හෝ 5 ක භාවනා වැඩ සටහනකටත් සහභාගි වෙන්න වාසනාව තිබ්බ කාලයක් තමා මේ කාලය. ඒ වගේම පරවියන් ඇතිකරන්නත්, පූසියෙකුටත් ආදරය දක්වන්නත් හැකිවෙච්ච කාලයක් තමා මේ කාලය. ඒවගේම සහෝදර සිරකරුවන්ගේ ජීවිතවලට එබිකම් කරන්නත් හැකියාවක් ලැබුනු කාලයක් තමා මේ කාලය. එ් කියන්නේ මරණීය දණ්ඩනයට ලක්වූ අය, දවල් හොරු, රාත්‍රී හොරු, මංකොල්ලකාරයො, වංචාකාරයො, ස්ත්‍රි දූෂකයො, පාතාලයෝ, චන්ඩියො, කුඩු මුදලාලිලා, කුඩ්ඩො, අරක්කු සික්කාරයො, පිස්සො, අල්ලස්කාරයෝ, වැරදි කරපු පොලීස් නිළධාරීන්, SB වැනි දේශපාලකයින්, සමාජයේ වැදගත් යයි සැලකෙන යම් ප්‍රභූන් වැනි අයගේ ජීවිත සහ අත්දැකීම් කියවා ගන්නත් ලැබිච්ච අනගි අවස්ථාවක් තමයි මේ කාලය. මොකද විශ්වවිද්‍යාලයේ මාගේ ප්‍රියතම විෂය තමයි Psychology. මට B pass එකක් තියෙනවා. පසුකාලීනව psychology සැබැඳි ගොඩක් පොත්පත් මා එවකට කියවා තිබුනා. ඒ දැනුම මා ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. එවගේම Chess ඉගෙන ගන්නත්, අප විසින්ම organize කළ Chess tournament එකකින් දිනන්නත් පුළුවන් වූ කාලයක් තමා මේ කාලය. ඒ වගේම කුඩා fight දෙකකටත් මැදිහත් වෙලා අත්දැකීම් ගත් කාලයක් තමා මේ කාලය. එ වගේම ඇපිල් නඩුවට අදාළව සියලු facts සහා law මාගේ ජනාධිපති නීතීඥ ශ්‍රිනාත් පෙරේරා මහත්‍තයාට (President Council Srinath Perera) ලබා දීම සදහා විශාල home work කරන්නත් ලැබිච්ච අවස්ථාවක් තමයි මේ අවුරුදු හත. ඉතිං මෙකී සහ නොකි ක්‍රියාකාරකම් නිසා මාගේ අවු 7 ක සිර දඬුවමට මා අදටත් ආදරය කරනවා. එහි ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒකයි මා කියන්නේ මේ කාලය මාගේ ජීවිතයේ වටිනාම කාලය කියා. තව විදිහට කිවහොත්, ඇතුලට ගිය මේජර් ජාලිය ඈපාට වඩා එළියට ආපු නිකන් ජාලිය ඈපා වඩා ශක්තිමත්, ගුණගරුක, ධර්මයට ලැදි, ධර්මානුකුලවම ජීවත්වන්න උත්සහා කරන වඩා යහපත් පුද්ගලයෙක් කියා.
     
    • Like
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,034
    167,878
    113
    එකමත් එක රටක
    දැන් ඔය 60000ම ජෙප්පෝ මාරපුවද නැත්තං මේ ටික අත ඇරලා ගණන් හදපුවද

    @dilann අදවත් මුගෙන් හරියටම අහගමු ඔය මැරුණ 60000 කාගේ අයද කියල.
    ඔය 60 000ක් කියන ගාන මට නම් පෙන්නේ කිසිම ප්‍රැක්ටිකල් නැති ගානක්.
    අවුරුදු දෙකක් දවසක් වත් මග අරින්නේ නැතුව මිනිස්සු මැරුවොත්, දවසකට මිනිස්සු 80+ මරන්න ඕනේ ඔය ගාන එන්න.

    හිතපන් දවස් දෙක තුනක් මිනිස්සු මරුනේ නැත්නම්, ඊලගට දවසට තුන් හාරසීයක් මරන්න ඕනේ . 🥴
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,649
    100,913
    113
    ඔය 60 000ක් කියන ගාන මට නම් පෙන්නේ කිසිම ප්‍රැක්ටිකල් නැති ගානක්.
    අවුරුදු දෙකක් දවසක් වත් මග අරින්නේ නැතුව මිනිස්සු මැරුවොත්, දවසකට මිනිස්සු 80+ මරන්න ඕනේ ඔය ගාන එන්න.

    හිතපන් දවස් දෙක තුනක් මිනිස්සු මරුනේ නැත්නම්, ඊලගට දවසට තුන් හාරසීයක් මරන්න ඕනේ . 🥴
    ඔය නම්බර් ඒක කොහොමද ආවේ. දන්න දවසේ ඉදල ඕක තමා ඇහෙන්නේ 88,89 ත් එක්ක. නිකන් ගෙවල් වල මැරුණ අය එක්කම ගෙනලද