සල්ලි වලට ගන්න බැරි දේවල් ගොඩක් තියෙනවා මචං. අනික් එක සල්ලි හා බලය තියෙනවනම් (ලංකාව හොදයි කියනවනම්) මෙහේ මරු කියනවනම් අනිවා එතන ලොකුම අවුලක් තියෙනවා අපේ සිස්ටම් එකේ
ගන්න බැරි දේවල් තියෙනවා. ඔව් සිස්ටම් අවුල් තියෙනවා.ජල්තර දාන එවුන්ට මරු.
genuine ඉන්න කෙනෙක්ට සමහරවිට කරදර බාධා වැඩියි.
නමුත් මොනවා උනත් මේ අපේ රට. පොඩි රටක් උනත් විවිධ දේශගුණික කලාප තියෙනවා.විවිධ ආගම් ජාති ලස්සන උප සංස්කෘතීන් තියෙනවා. අධ්‍යනය කරන්න, බලන්න ලස්සන කඳු දිය ඇලි ගංගා , කැලා, සත්තු ඕනේ තරම් ඉන්නවා. පැරණි ශිෂ්ටා චාරයක් තියෙනවා.
අපේ රටේ අපිව දෙවෙනි පුරවැසියෙක් විදියට සලකන්නේ නෑ. අවුරුදු දහස් ගාණක අය්තියක් තියෙනවා.
ගොඩක් සංවර්ධිත රටවල අතට පයට වැඩ කරලා දෙන්න මිනිස්සු ගන්න විශාල වියදමක් යනවා. ලංකාවේ තාම ඒක පුළුවන්.
දැන්වත් අධ්‍යාපන ක්‍රමය හැදුවොත් තව අවුරුදු 20 කින්වත් මීට වඩා හොඳ රටක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.