ඇයි බන් ලන්කාව දියුනු නොවෙන්නේ

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මිනිස්සු නූගත් උනේ ප්‍රධාන වශයෙන්ම 1956දි ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය නැති කරපු දවසේ ඉඳලා. බණ්ඩාරනායක බේසිගේ පුතා නිදහස් අධ්‍යාපනය විනාශ කළා සිංහල කරලා. පස්සේ ආපු එක බේසිගේ පුතෙක්වත් ඒ වරද හැදුවේ නෑ. ඉතිං මිනිස්සු නූගත්
    අනිවා එකගයි
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,200
    955
    113
    රටේ දේශපාලනේ වගේම අනෙත් රටවල දේශපලනෙත් බලපානවා , ඉන්දියාව චීනේ වගේ රටවල් වලට පාඩුයි අපේ රට දියුණු උනාම , එක නිසා උන් එක එක කාලෙට එක එක කුණුගොඩවල් ගු ප්‍රශ්න අපිට දානවා , අපේ රට තියෙන්නේ යුදමය හා ආර්ථිකමය වශයෙන් වටිනාම තැනක, ඉතින් අනිත් දියුණු හා බලවත් රටවල් බලන්නේ කොහොම හරි මේක අස්සට රිංගගෙන උන්ගේ බිස්නේස් ටිකයි උන්ගේ හමුදා බංකර් ටිකයි මේක අස්සේ ගහගෙන එකෙන් වාසි ගන්න. මෙච්චර කල් තිබ්බ යුදෙදෙත් ප්‍රබාකරන් හදන්න ඉන්දියාව වක්‍රාකාරව උදව් කරා , එක නොතිබ්බනන් රට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ , එක ඉවර උන විතරයි අපේ කොමිස් පෙරේතයෝ ටික ගිනිපොලියට නය කන්දක් අරන් අපිව චිනේ නය උගුලක හිරකල , දැන් ඒවා ග්වගන්න බැරුව රටේ වටිනාම සම්පත් ඉන්දියාවටයි චිනේටය් විකුනනවා බලාගෙන ඉන්න වෙලා . අපි පව් බන්
    මේක වෙනසි කරන්න විදියක් ඇත්තෙම නැද්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,171
    34,781
    113
    පරිසර උෂණත්වය වැඩි නිසා මිනිස්සු ආකාර්‍යක්ෂම වෙලා තියෙන්නේ.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    නූගත් ජනතාවක් ඉන්න නිසා . 1948 නිදහස දුන්නම වලව් ටික සිස්ටම් එක හැදුවේ උන්ට ආවතේව කරන නැමිල ඉන්න ජනකොටසක් . වැඩිය ඉගෙන ගන්න දුන් නෑ දැන් පිලිකාව උඩු දුවල තියෙන්නේ . ගොඩ ඒමක් නෑ . කම්මැලි බෑ නෑ කියන කිසිම ගැඹුරු දැනුමක් නැති පීචං ඇන්දෙන ජනකොටසක් ඉන්නේ. ආගමෙන් ජාතියෙන් ඉන්ජෙක්ශන් ගහලා පෝශණය කරලා එලියෙන් සිංහයෝ ඇතුලෙන් පුසෝ වගේ ජාතියක් එකයි දියුනු නොවෙන්නේ
     
    • Like
    Reactions: Master malli

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඔවෑ වල උන් හිතාගෙන ඉන්නේ උන්ගේ ආයතනය තිබුනහම හරි කියල .උන්ගෙන් ඇහුවොත් මොනවද උන් කරල තියෙන්නෙ කියල හෙන පත හැලි තියරියක් කියයි.සරලම උදාහරණයක් කිව්වොත් ඔය කාබනික පොහොර කේස් එකේදී උන් කරපු මල ඉලව්වක් නෑ .හැබැයි මීඩියා වල අරෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියල පඩ ටෝක් දුන්න .හරිනම් ඕකුන් කරන්න ඕනේ මෙන්න වරෙව් කියල හැම පත්තකම ගොවි සංවිධාන වලට එකක් විදියට ආදර්ශ වගාවක් කරලා පෙන්නන්න ඕනනේ .එතකොටනේ ගොවියන්ටත් ගැම්මක් එන්නේ.එහෙව් ආයතන තමයි ඔය තේ පොල් රබර් ගොවි ආයතනවල ඉන්නේ .මොකද ගොවියන්ට හෙන ගැහුවත් 60 පන්නහම පැන්ෂන් එක හම්බවෙනවනේ ඕකයි මුලික හේතුව .ඔකුන්ගේ පැන්ෂන් එක කපන්න ඕනේ ඉස්සෙල්ල .එතකොට කාලකන්නි පැන්ෂන් එක බලාගෙන මේවට රිංගන්නේ නෑ .
     
    • Like
    Reactions: sathmal

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොල් සංවර්ධන මණ්ඩලය , තේ සංවර්ධන මණ්ඩලය වගේ ආයතන කීයක් තියනවද? අපි පොඩි එවුන් කාලේ ඉදල නේද ඕව අහන්නේ. උන් මොනවද කරල තියෙන්නෙ. කොහේද සංවර්ධනය වෙලා තියෙන්නෙ. රාජ්‍යය සේවයත් දේසපාලුවො සෙට් එක වගේම තමයි නේද
    ලංකාව මේ කපේ දියුණු වෙන් නෑ.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    උපුටා ගැනීමක්
    _______
    Bit of the history.
    සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්‍රිතව සිරිමාවෝ අගමැතිතුමිය රැසියානු හා ⁣යුගෝස්ලෝවියන් රජයේ ප්‍රදානයක් ලෙස ඉදිකළ පොහර සංස්ථාව හා නයිලෝන් 6 සමාගම .තෙල් පිරිපහදු⁣වෙි අතුරැ නිෂ්පාදනයක් ලෙස යුරියා පොහොර නිපදවු අතර එය අප රටෙහි ගොවියන්ට ලබාදී අතිරික්තය ඉන්දියාවට අපනයනය කළේය.
    නයිලෝන් 6 සමාගම ටෙරිලීන්, ටෙටිරන්, පොලිඑස්ටර ආදී විවිධ නිෂ්පාදන සිද්‍රකළ අතර ඒවා රෙදි කර්මාන්තය ,මාළු දැල් ආදී විවිධ නිෂ්පාදන රාශියකට දායක කර ගන්නා ලදී.
    1977 පසුවද 1982 වර්ෂයේ පොහොර සංස්ථාව යූරියා ටොන් 50000 ක් පකිස්ථානයට අපනයනය කර ඇත.පසුව ජේ.ආර් ගේ රජය කොරියන් සමාගමකට පොහොර සංස්ථාව විකුණා දැමු අතර ඔවුන් යන්ත්‍රසුත්‍ර ගලවාගෙන ගොස් සවුදි අරාබියේ කර්මාන්ත ශාලාවක් ආරමිභ කර ඇත. 1989 කුප්‍රකට බටලන්ද වධකාගාරය ස්ථාපිත කළේ මෙම පොහොර සංස්ථාවේ ගොඩනැගිලි වල වෙි.
    1989;දී නැවත කොරියන් සමාගමකට නයිලෝන් 6 කර්මාන්ත ශාලාචද විකුණා දමනු ලැබීය.
    දෛවයේ සරදම කියන්නේ 70-77 රජය සමයේ දකුණු කොරියානුවන් රෙදිපිළි කර්මාන්තය ඉගෙන ගැනිමට අප රටට පැමිණ වෙියන්ගෙඩෙ, අලවිව ,මත්තේගොඩ වැනි රෙදි කමිහල් වලදී ලාංකිකයන් ඔවුන්ව රෙදි විීමට පහුණුකර ඇත.

    70-77 රජය සමයේ ලෝක වෙළද පොලට ප්‍රථම Fruit drink එක හදුන්වාදෙන ලදී. එහි නම පැෂෝනා විය. ඔිස්ටෙුිලියාව ඇතුළු රටවල් ඊට පසුව තමයි Fruit drink හදුන්වාදුන්නේ.

    ජාන තාක්ෂණය මගින් අප රටට ගැලපෙන බටු හරකා නිමවා එම එළදෙනුන්ගෙන් ලබාගත් කිරි වලින් ලංකාවට අවශ්‍ය කිරි සියයට 90 ක් පමණ අප රට තුලම නිපදවනු ලැබීය.ජේ. ආර් එම හරකුන් සමගම පැරකුමි උකු කිරි කමිහල, ජාකික කිරි මණ්ඩලය නෙස්ලේ සමාගමට විකුණාදැමුවෙිය.එහි ප්‍රතිඵලය වුයේ 1988 වන විට අප රටෙහි කිරි නිෂ්පාදනය සියයට 20 දක්වා අඩුවීමයි.
    1977 හමිබන්තොට පමණක් රෙදි විවිමට ගන්නා කපු වගා කළ කපු අක්කර 20000 ක් තිබුණි . 1988 වනවිට එක කපු අක්කරයක්වත් නොතිබිණි . ඒ කාලයේ තරැණයන්ගේ නැගිටීමි වලට මෙිවා සියල්ල හේතුවිය. විකටර් අයිවන් මහතා ගේ අර්බුදයේ ගමන්මග කෘතියේ ද මෙි පිළිඔද යමි විසිතර කිරීමක් ඇත.
    පැෂෝනා නිපදවු අලෙවි සංවර්ධන දෙපාර්තාමින්තුවට අයත් MD factory යද විකුණා දමනු ලැබීය.
    තච විස්තර රාශියකි කොහොම ලියා අවසන් කරන්නද . 1967 වර්ෂයේ ඇන්. ඇමි පෙරේරා මහතා ලියා තැබු , ජේ. ආර් ට බලය දෙන්නත් එපා දුන්නොත් ආයිමත් ගන්නත් එපා. අරගෙන කරන්න දෙයක් නෑ යන ප්‍රකාශයේ වලංගු බව කොතරමි ද!
     
    • Like
    Reactions: sathmal

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    බහුතරයකගේ කම්මැලිකම, නූගත්කම, විනයක් නැතිකම, ආත්මාර්ථකාමීකම, කුහකකම, වහල්කම
     

    Sen-lu

    Well-known member
  • නිවැරැදි data නැති එක තමයි ප්‍රධාන අවුල. Data නැත්තේ ඒ සම්බන්ධව හරි ප්‍රතිපත්තියක් නැති හින්ද.

    එහෙම බැලුවොත් ඉතින් දේශපාලුවොන්ගෙ වැරද්ද තමයි තියෙන්නෙ
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    නිවැරැදි data නැති එක තමයි ප්‍රධාන අවුල.
    ප්‍රමානවත් ඩේටා නැති කම සහ ඇනලයිස් ඇන්ඩ් ස්ටැටික්ස් කරන්න රජයේ එවුන් දන්නෙ නැති කම සහ දේශපාලුවො ඇනලයිස් ඇන්ඩ් ස්ටැටික්ස් කියන වචනෙ වත් අහලා නැති කම, :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • ප්‍රමානවත් ඩේටා නැති කම සහ ඇනලයිස් ඇන්ඩ් ස්ටැටික්ස් කරන්න රජයේ එවුන් දන්නෙ නැති කම සහ දේශපාලුවො ඇනලයිස් ඇන්ඩ් ස්ටැටික්ස් කියන වචනෙ වත් අහලා නැති කම, :yes::yes::yes::yes:
    මොකක් හරි රිපෝට් එකක් අටවන්න විතරයි අපි ඩේට යූස් කරන්නෙ.
    දත්ත මත පදනම්වෙලා තීරණ ගන්නව කියන එක අපි දන්නෙත් නෑ එක එක්කෙනාගේ පෞද්ගලික මත වලට තීරණ ගන්න එකෙන් ප්‍රතිපත්ති තීරණයකරන එකෙන් තමයි අපිට මෙහෙම වෙලා තියෙන්නෙ.