උපුටා ගැනීමක්
_______
Bit of the history.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආශ්‍රිතව සිරිමාවෝ අගමැතිතුමිය රැසියානු හා යුගෝස්ලෝවියන් රජයේ ප්‍රදානයක් ලෙස ඉදිකළ පොහර සංස්ථාව හා නයිලෝන් 6 සමාගම .තෙල් පිරිපහදුවෙි අතුරැ නිෂ්පාදනයක් ලෙස යුරියා පොහොර නිපදවු අතර එය අප රටෙහි ගොවියන්ට ලබාදී අතිරික්තය ඉන්දියාවට අපනයනය කළේය.
නයිලෝන් 6 සමාගම ටෙරිලීන්, ටෙටිරන්, පොලිඑස්ටර ආදී විවිධ නිෂ්පාදන සිද්‍රකළ අතර ඒවා රෙදි කර්මාන්තය ,මාළු දැල් ආදී විවිධ නිෂ්පාදන රාශියකට දායක කර ගන්නා ලදී.
1977 පසුවද 1982 වර්ෂයේ පොහොර සංස්ථාව යූරියා ටොන් 50000 ක් පකිස්ථානයට අපනයනය කර ඇත.පසුව ජේ.ආර් ගේ රජය කොරියන් සමාගමකට පොහොර සංස්ථාව විකුණා දැමු අතර ඔවුන් යන්ත්‍රසුත්‍ර ගලවාගෙන ගොස් සවුදි අරාබියේ කර්මාන්ත ශාලාවක් ආරමිභ කර ඇත. 1989 කුප්‍රකට බටලන්ද වධකාගාරය ස්ථාපිත කළේ මෙම පොහොර සංස්ථාවේ ගොඩනැගිලි වල වෙි.
1989;දී නැවත කොරියන් සමාගමකට නයිලෝන් 6 කර්මාන්ත ශාලාචද විකුණා දමනු ලැබීය.
දෛවයේ සරදම කියන්නේ 70-77 රජය සමයේ දකුණු කොරියානුවන් රෙදිපිළි කර්මාන්තය ඉගෙන ගැනිමට අප රටට පැමිණ වෙියන්ගෙඩෙ, අලවිව ,මත්තේගොඩ වැනි රෙදි කමිහල් වලදී ලාංකිකයන් ඔවුන්ව රෙදි විීමට පහුණුකර ඇත.
70-77 රජය සමයේ ලෝක වෙළද පොලට ප්‍රථම Fruit drink එක හදුන්වාදෙන ලදී. එහි නම පැෂෝනා විය. ඔිස්ටෙුිලියාව ඇතුළු රටවල් ඊට පසුව තමයි Fruit drink හදුන්වාදුන්නේ.
ජාන තාක්ෂණය මගින් අප රටට ගැලපෙන බටු හරකා නිමවා එම එළදෙනුන්ගෙන් ලබාගත් කිරි වලින් ලංකාවට අවශ්‍ය කිරි සියයට 90 ක් පමණ අප රට තුලම නිපදවනු ලැබීය.ජේ. ආර් එම හරකුන් සමගම පැරකුමි උකු කිරි කමිහල, ජාකික කිරි මණ්ඩලය නෙස්ලේ සමාගමට විකුණාදැමුවෙිය.එහි ප්‍රතිඵලය වුයේ 1988 වන විට අප රටෙහි කිරි නිෂ්පාදනය සියයට 20 දක්වා අඩුවීමයි.
1977 හමිබන්තොට පමණක් රෙදි විවිමට ගන්නා කපු වගා කළ කපු අක්කර 20000 ක් තිබුණි . 1988 වනවිට එක කපු අක්කරයක්වත් නොතිබිණි . ඒ කාලයේ තරැණයන්ගේ නැගිටීමි වලට මෙිවා සියල්ල හේතුවිය. විකටර් අයිවන් මහතා ගේ අර්බුදයේ ගමන්මග කෘතියේ ද මෙි පිළිඔද යමි විසිතර කිරීමක් ඇත.
පැෂෝනා නිපදවු අලෙවි සංවර්ධන දෙපාර්තාමින්තුවට අයත් MD factory යද විකුණා දමනු ලැබීය.
තච විස්තර රාශියකි කොහොම ලියා අවසන් කරන්නද . 1967 වර්ෂයේ ඇන්. ඇමි පෙරේරා මහතා ලියා තැබු , ජේ. ආර් ට බලය දෙන්නත් එපා දුන්නොත් ආයිමත් ගන්නත් එපා. අරගෙන කරන්න දෙයක් නෑ යන ප්‍රකාශයේ වලංගු බව කොතරමි ද!