ඇත්තටම, ආණ්ඩුවේ උන්ගේ වෙන වැරදි නැද්ද? මේ වගේ වැදගත් නැති දේවල් අල්ලාගෙන දගලන්නේ. නැත්තම්, ආණ්ඩුව හොඳින් වැඩ කරන නිසා මෝඩ මිනිස්සුන්ව අන්දලා, කාලෙකට සැරයක් Trending වෙන්න කරන සීන් එකක්ද?
මිනිස්සු NPP එකට චන්දෙ දීලා තියෙන්නේ, උන්ගේ කිසිම වැරද්දක් නැති, බොරුවක් නැති මිනිස්සු කියලා හිතලාද? උන්ට ඒ වෙලේ තිබ්බ option එක , උගත් බුද්ධිමත් හැසිරීමක් මාර්කට්. මහින්ද සිංහල බෞද්ධ සීන් එක ගෙනාවා වගේම, ගෝටාගේ වියත්මග ගේම ගෙනාවා වගේ. නැතිනම්, මෝඩ බයියන්ගේ චන්දෙ ගන්න අමාරුයි.රැල්ලට යන එකට චන්දෙ දුන්නේ නැත්තම් කොන් වෙන සීන් එකේ ඉන්නේ
ලංකාවේ උන්ගේ ලොකුම වැරද්දක් තමා කාලෙකට සැරයක් වන්දනාමාන කරන්න දෙය්යෝ වගේ උන්ව හොයන්නේ. උන්ගේ වැරදි තියෙනවා කියල පිළිගන්න කැමති නැහැ. උන් හොද එකෙන් කෙලෙව්වහම වදින්න තව එකෙක් හොයාගන්නවා.
මන් දැක්ක YouTube එකේ චාමර සම්පත් ගේ හොද කියන සෙට් දැන්. අනේ මන්ද අපේ උන් කවද හැදෙයිද කියල.
පැරදිච්ච කාල කන්නි ටිකත් දන්නවා මුන්ටත් හරියට කරගන්න බැරි උනොත් ඊලග පාර වෙන මොකක්හරි අල්ලාගෙන උන්ට අයෙ එන්න පුළුවන් කියල.

