ඇයි යකෝ බොරු කියන්නේ

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඇයි යකෝ බොරු කියන්නේ

    ඇයි යකෝ මුං බොරු කියන්නේ :baffled::baffled: ඩොලරයට සාපේක්ෂව රුපියල තවමත් ශක්තිමත්!!:yes::yes:

    81fg-Ml%2BTZL._SX466_.jpg
    215790beac79c2c.jpg
    1996_unicef50_1r_r.jpg


    ටීවී එකේ රේඩියෝ එක එක උන් ඇවිත් පහුගිය දවස්වල කිවුවා රුපියල පා වෙනවා ඩොලරයට සාපේක්‍ෂව රුපියල ශක්තිමත් නෑ කියලා :baffled::baffled: ආණ්ඩුවටත් බැන්නා මමත් අද ඩොලරයක් අතට හම්බ වෙනකම් හිතන් හිටියෙත් එහෙම තමයි!:baffled::baffled:
    ඩොලරය කියන්නේ මුදල් නොට්ටුවක් ලංකාවේ රුපියල කාසියක් ඉතින් මං මේ කතාව ඇත්තද කියලා බලන්න පරික්‍ෂණ කීපයක් කරලා බැළුවා



    පරික්ෂණ අංක 1

    0ffbe8b055ea5baa9f2629aaea21d6fe.jpg

    රුපියල හා ඩොලරය මේසයක් මත තබා ෆෑන් එක ඒදෙස හරවා ක්‍රීයාත්මක කලා අහෝ පුදුමයකි පාවෙනවයි කියු රුපියල මදක් වත් නොසෙල්ලුනු අතර ඩොලරය පාවී ගොස් ඇද යටෙහි නතර විය:baffled::baffled:

    පරික්ෂණ අංක 2
    water-tank-picture-id109686576

    රුපියල හා ඩොලරය වතුර බේසමකට වතුර පුරවා එකවර එහි ජලය මතට අතහරින ලදී අහෝ දෙවියනී මෙවරද රැපියල පතුලටම ගිලා බැස්ස අතර ඩොලරය උඩ පාවෙන්න ගන්නා ලදී

    මෙම පරික්ෂන මගින් මනාවට තහවුරු උනා පාවෙන්නේ රැපියල නොව ඩොලරයම වන වග:yes::yes:


    පරික්ෂණ අංක 3 (කතුරෙන් කැපීම)
    100-dollar-cut-scissors-on-260nw-342888839.jpg


    රැපියලක් ගෙන කතුරෙන් කැපීමට ගත් උත්සහය ව්‍යාර්ථක වු නමුදු ඩොලරය පහසුවෙන් කැපීගියා

    පරික්ෂණ අංක 4 (අත් දෙකෙන් දෙපසට ඇදීම)
    1543367584_5339739494001_5339726631001-vs.jpg


    රුපියල ඉරාදැමීමට නොහැකි වු අතර ඩොලරය පහසුවෙන් ඉරි ගියේය


    පරික්ෂණ අංක 5 (පිලිස්සීම)
    hqdefault.jpg


    රුපියල හා ඩොලරය යන දෙකම ගිනිගොඩක් දල්වා එම ගින්නට දමන ලදී ඩොලරය දැවී අලුවී ගිය අතර:baffled: රුපියල මදක් අවපැහැගැන්වී තිබු නමුදු වෙනත් කිසිදු අයුරකින් දුර්වල වී නොතිබුනි

    ඉහත පරිකෂණ තුනෙන් රැපියලේ ශක්තිමත් බාවය මනාවට පිලිහිබු විය:yes:

    තවත් බොහෝ පරික්‍ෂණ කිරිමට තිබුනද පරිෂණය සදහා යොදා ගැනීමට තිබු එකම ඩොලරය ගින්නෙන් විනාශ වී ගිය හේතුවෙන් පරික්‍ෂණ කටයුතු නවතා දැමීමට සිදුවු අතර මට ඩොලරයක්ද අහිමි විය මෙලෙස මං පාඩු ලබමින් උවද මෙලෙස කටයුතු කලේ ඔබව නොමග යවන අසත්‍ය ප්‍රචාර සිදුකරන්නන් ගෙන් ඔබව බේරා ගැනීමේ ස්ථිර අදිඨනෙනී


    සත්‍යයේ සටහන ඔබේ බුද්ධියේ විමසුමට ජයවේවා!!!​
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    කඩේ කැ*යා කියල නම දාලා තියෙන්නේ නිකන්ද ඉතින් :P මෙහෙව් රටක සිරා ජනපති වෙන එක අහන්නත් දෙයක්ද :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    දැන් කඩේ කැකිරියට එළකිරි සම්මානෙ ලැබුනද? :P