ඇවිදින මන්තිරු කොමිස් මාරයා පරාක්‍රම සමූද්‍රය බිලිගනිද ?

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක


    පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ වැව් බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන රළපනාවේ කළුගල් ආදිය ඉවත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව එහි කිලෝ මීටර් එක හමාරකට අධික දුරකින් යුත් ඇවිදින මං තීරුවක් ඉදිකිරීම සම්බන්‍ධයෙන් බලවත් විරෝධය පළකරන බව ප‍්‍රදේශයේ ගොවි ජනතාව කියා සිටිති.


    තමන් නියෝජනය කරන ගොවි සංවිධානවල විරෝධය නොතකා මෙම ඉදිකිරීම කරන බවද ඔවුහු පැවැසූහ.


    පරාක‍්‍රම සමුද්‍රයේ ප‍්‍රධාන සොරොව්වේ සිට දෙකේ ඇළ සොරාව්ව පසුකර දිසාපති නිල නිවස පිහිටා තිබෙන ස්ථානයට ආසන්නය තෙක් මෙම ඇවිදින මං තීරුව ඉදිකිරීමට සැලසුම් කර තිබෙන බව පරාක‍්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති හා පොළොන්නරුව දිස්ත‍්‍රික් ඒකාබද්ධ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා ප‍්‍රකාශ කළේය.


    මේ සම්බන්‍ධයෙන් මූලික යෝජනා ඉදිරිපත්වූ අවස්ථාවේ සිට තම ගොවි සංවිධානය එයට විරෝධය පළකළ බව ඒ මහතා කීය. එහෙත් එම විරෝධය නොතකා එහි ඉදිකිරීම් ආරම්භකර ඇතැයිද හෙතෙම පැවැසීය. අක්කර අඩි එක් ලක්‍ෂ දාහත් දාහක පමණ ජල ධාරිතාවයක් තිබෙන මේ වැව මාස් කන්නයට දෙතුන් වතාවක් වාන් දමන්න පිරෙනවා. මේ ඇවිදින මං තීරුව ඉදිකරන්න පටන් අරන් තිබෙන්නේ වැවේ ඉතාම සංවේදී කොටසකයි. වැවේ බැම්මේ ආරක්‍ෂාවට යොදා තිබෙන කලූගල් ආදිය බැකෝ යන්ත‍්‍ර යොදා ඉවත් කරමින් මේ ඇවිදින මං තීරුව සකස් කිරීම සඳහා මුලික කටයුතු දැන් සිදුකරනවා. අපි මේ ඉදිකිරීමට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මේ වැව පොළොන්නරු ගොවි ජනතාවගේ හදවත බඳු වැවක්. කුඹුරු අක්කර තිස් දාහකට වැඩි ප‍්‍රමාණයකට යල මහ දෙකන්නයේ ජල සැපයෙනවා.


    ඒ වගේම පොළොන්නරුව නගරය ඇතුලූව ප‍්‍රදේශ රැසකට පානීය ජලය සැපයෙන ජල සම්පාදන යෝජනා ක‍්‍රමය සඳහා අවශ්‍ය ජලය ලබා ගන්නේ මේ වැවෙන්. ඒ හැර දිනපතා විශාල පිරිසක් දිය නෑම සඳහා මේ වැව භාවිත කරනවා. ධීවර කර්මාන්තයෙන් දිවි රැක ගන්නා විශාල පිරිසක් මේ වැව ප‍්‍රයෝජනයට ගන්නවා. ඒ අනුව මේ වැව ජනතාවගේ හදවත. මෙහි ඇවිදින මං තීරුවක් හැදීම අවශ්‍යම දෙයක් නම් ඒ සඳහා වැවේ රළපනාව පැත්ත නොවෙයි අනෙක් පැත්ත ප‍්‍රයෝජනය ගන්න කියලා අපි කිව්වා. නමුත් ඒ ගැන ඇහුම්කන් දුන්නේ නෑ. මේ ඉදිකිරීම කරන්නේ අපේ විරුද්ධත්වයට පිටුපාලා.මේ ඉදිකිරීම හේතුවන් වැවේ බැම්මට හානියක් සිදුවීමට බොහෝ ඉඩකඩ තිබෙන බවයි අපේ විශ්වාසය.


    දැනටමත් මේ වැවේ ස්ථාන ගණනාවක ජල කාන්දුවීම් තිබෙනවා. ඒ නිසා මේ කටයුත්ත කරන්න එපා කියලා දහස් සංඛ්‍යාත ගොවි ජනතාව වෙනුවෙන් අපි ඉල්ලා සිටිනවා. අප මේ සම්බන්‍ධයෙන් පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතාගෙන් විමසූවිට ඔහු කියා සිටියේ නාගරික සංවර්ධන අධිකාරියේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ රුපියල් මිලියන 34ක වියදමින් මේ මංතීරුව ඉදිකරන බවයි. එය කිලෝ මීටර් එකයි මීටර් 700ක දුර ප‍්‍රමාණයකින් යුක්ත බවද ඒ මහතා කීය. මේ වසරේ දෙසැම්බර් මාසය අවසන්වීමට පෙර එය ඉදිකර අවසන් කිරීමට නියමිත බවද ඉංජිනේරුවරයා කීවේය.


    – කරුණාරත්න ගමගේ
    ------ Post added on Aug 27, 2021 at 2:49 PM
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    තනිකර comis ගැහිල්ලක් වෙන්න ඕනේ නැත්තන් නිකනුත් ඇවිදින මන්තිරුව වගේ තියන bunt එක ලගින් රළපනාව කඩල හදයිද ....
    ඇවිදින මංතීරු වෙනම ඕනේ ඉඩ නැති town වල වගේ ...

    පොළොන්නරුවේ ඔච්චර ඉඩ තියෙද්දී වෙනම ඇවිදින මංතීරු මොකටද
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,730
    113
    ඇයි එන්නද ?
    රත්තරන් නිධන් එහෙම වළලලා මේ වැවු හදන්නේ ඉස්සර මතයක් තියෙනවා. එක පාරටම මේවගේ ඒවා දැක්කම දැයට කිරුල මතක් වෙනවා අපිට
     
    • Sad
    Reactions: KMAInteract

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    ලොක්ඩවුන් එකේ ලේසීනේ මුන්ට. ඕකේ අමුතුවෙන් ඇවිදින මංතීරු ඕන නෑ. ඕකේ Jogging කරන්න මිනිස්සු එන්නේ උදේටයි හවසටයි. එතකොට වාහන අඩුයි කොහොමත්. මේ වැඩෙන් වැව් බැම්ම damage උනොත් ජීවිත ලක්ශ ගානක් අනතුරේ.
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,637
    1,577
    113
    lankawe inna panditha renda puke gu nathi haththa hama magulatama wiruddai,, ekko government eken kiyanda oni mokakda karanda yanne kiyala ,inissunda,,,
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගෙදර ඉඳලා ශරිර සෞඛ්‍ය පිරිහෙන හින්දා මිනිසුන්ට ඇවිදින්න හැදුවද දන්නැනේ... නැත්නම් නිධානයක් වත්....
     
    • Sad
    Reactions: KMAInteract

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ගෙදර ඉඳලා ශරිර සෞඛ්‍ය පිරිහෙන හින්දා මිනිසුන්ට ඇවිදින්න හැදුවද දන්නැනේ... නැත්නම් නිධානයක් වත්....
     
    • Sad
    Reactions: KMAInteract

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි

    1630059873846.png


    ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ

    රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ

    හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්

    සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්

    ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ

    නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    තනිකර comis ගැහිල්ලක් වෙන්න ඕනේ නැත්තන් නිකනුත් ඇවිදින මන්තිරුව වගේ තියන bunt එක ලගින් රළපනාව කඩල හදයිද ....
    ඇවිදින මංතීරු වෙනම ඕනේ ඉඩ නැති town වල වගේ ...

    පොළොන්නරුවේ ඔච්චර ඉඩ තියෙද්දී වෙනම ඇවිදින මංතීරු මොකටද
    15%

    රටේ ඕනේ තරම් ඇත්ත ප්‍රශ්න තියෙනවා මේවට මැරෙන්න හදන්න එපා ඕක හදලා ඉවර උනාම මේ වගේ තියෙයි

    View attachment 141242

    ගොවි සන්විදානේ අය ඕක හදන ඉංජිනේරුවන්ට වැඩියෙන් ශක්‍යතා අධ්‍යනයක් කරලද තියෙන්නේ

    රටේ මුළු ආදායම 1,441 billion 2020 ඕකෙන් රජයේ පඩි හා නඩත්තු හැටියට 1300 billion (හරියටම මතක නැහැ ) විතර යනවා ඕවයින් හොරකම් කරන්න බැහැ ණය ගෙවන්න අතේ තියෙන්නේ තව බිලියන් එකසිය ගානක්නේ ඒක මදි නිසා තවත් ණය අරන් තමයි තියෙන ණය ගෙවන්නේ ඒවායින් හොරකම් කරන්නත් බැහැ

    හැබැයි මේ වගේ ප්‍රොජෙක්ට් වලින් නම් හොරකන් කරන්න පුළුවන්

    සල්ලි නැතිව ඉන්න වෙලාවේ මේවා කරන්න ඕනෙද කියන එක තවත් ගැටළුවක්

    ඔන්න ඔය ප්‍රශ්න 2ක තමා ඇත්තටම කතා කරන්න ඕනේ

    නැතුව ඔක හැදුවා කියලා වැව කඩාගෙන යනවා කියන එක පිළිගන්න ටිකක් අමාරුයි

    මිනිස්සුන්ගෙ පඩියෙන් බාගයක් ඉල්ලන්නෙ මේ ප්‍රොජෙක්ට් වලටද? 😋😄
    ------ Post added on Aug 27, 2021 at 4:44 PM
     
    • Sad
    Reactions: KMAInteract

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    බැම්ම පළල් කරලා ලස්සනට හදන්න තිබුනේ
    කුරුණෑගල වැවදැන් කොයි තරම් ලස්සනද?
    කොහෙද, ගෝත්‍රික දූපත්වාසීන් එක්ක ඕවා කරන්න බෑ
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    මේ පැතිවල මිනිස්සුන්ට වෙනම ඇවිදල ඇග බස්සන්න ඕනේ නෑ.මෙහෙමිනිස්සු ඕනෙතරම් වැඩතියෙනව..මේක නම් කොමිස් තමා ආන්ඩුවෙ ඇමතියෙක්ගෙ