ඉටු දෙවියන් හඳුනාගන්න 2
මීට පෙර වතාවකදී ඔයාල උපන් නැකතට අනුව ඔයාලගේ ඉටු දෙවියන් කවුද කියලා අපි කථා කලානේ. ඒ ලිපිය බලන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් බලලා එන්න. ඉතින් අද කියලා දෙන්න හදන්නේ හඳහනේ ග්‍රහ පිහිටීම අනුව තම තමන්ට අදාල වන ඉටු දෙවියන් කවුද කියලා හදුන ගන්න විදිහ. දැන් ප්රෂ්නයක් ඇති එතකොට එක්කෙනෙක්ට ඉටු දෙවි වරුන් දෙදෙනෙක් ඉන්න පුලුවන්ද කියලා.. පිලිතුර ඔව් ඉටු දෙවි වරුන් කීප දෙනෙක් ඉන්න පුලුවන්. නමුත් ඉටු දෙවියන් සෙවීමට වඩාත් සාර්ථක ක්‍රමයක් විදිහට අද මේ කියලා දෙන්න යන ක්‍රමය හඳුන්වන්න පුලුවන්.
මේ ක්‍රමය ජ්‍යොතිෂ ගැන දැනුම අඩු අයට තරමක් සංකීර්න වුනත් හැකි තරම් සරලව කියා දෙන්න බලන්නම්. මුලින්ම අපි කරන්න ඕන අපේ ආත්මකාරක ග්‍රහයා හොයා ගන්න එක. ඒක කරන්නේ මෙහෙමයි අපේ හඳහනේ යම් කිසි කොටුවක වැඩිම අංශක ගනනක් ගමන් කර ඇති ග්‍රහයා තමයි ආත්ම කාරක ග්‍රහයා කියලා හඳුන්වන්නේ. මේකට නවාංශක ගැන දැනුම ටිකක් ඕන
නවාංශකයක් කියන්නේ එක රාශියකින් නමයෙන් පංගුවක්. ඒ කොටස් නමයත් මේෂ වෘෂභ කියලා රාශි නාම වලින් තමයි හදුන්වන්නේ. මේෂ රාශිය මේෂ නවාංශකයෙන් පටන් අරන් මේෂ වෘෂභ මිථුන කියන ආකාරයට ගිහින් ධනු නවාංශකයෙන් අවසන් වෙනවා (ධනු තමයි 09 වෙනි එක) මේෂ රාශියට පස්සේ තියන වෘෂභ රාශිය පටන් ගන්නේ මේෂ රාශිය ඉවර වුන තැනින් ඒ කියන්නේ මකර නවාංශකයෙන්. මකර නවාංශකයෙන් පටන් ගත්ත වෘෂභ රාශිය ඉවර වෙන්නේ කන්‍යා නවාංශකයෙන්. මේ විදිහට පිලිවෙලින් යනවා. බලා ගන්න පහසු විදිහට කියනවනම්
මේෂ, සිංහ, ධනු - මේෂ නවාංශකයෙන් ආරම්භ වේ
වෘෂභ,කන්‍යා, මකර - මකර නවාංශකයෙන් ආරම්භ වේ
මිථුන, තුලා, කුම්භ - තුලා නවාංශකයෙන් ආරම්භ වේ
නටක, වෘෂ්චික, මීන - කටක නවාංශකයෙන් ආරම්භ වේ
දැන් පුංචි උදාහරනයක් දෙන්නම්
දැන් මේ ඉහත පෙන්නලා තියන හඳහනේ මීන රාශියේ චන්ද්‍රයා හා සිකුරු තැම්පත් වෙලා ඉන්නවා දැන් බලමු මේ දෙන්නගෙන් වැඩිම අංශක ගානක් ගිහින් ඉන්නේ කවුද කියලා. නවාංශක කොටුව බලපුවම පේනවා චන්ද්‍රයා කන්‍යා නවාංශකයේත් සිකුරු කුම්භ නවාංශකයේත් ඉන්නවා කියලා අපි දන්නවා මීන රාශිය පටන් ගන්නේ කටක නවාංශකයෙන් ඉතින් කටකයේ ඉඳලා කටක,සිංහ, කන්‍යා කියලා ගනන් කරන් ගියාම අපිට පේනවා චන්ද්‍රයා තමයි අපිට ඉස්සෙල්ල හම්බෙන්නේ ඊට වඩා ඈතින් සිකුරු ඉන්නවා කියලා පේනවා මේ කොටු ගනන අනුව සියලුම ග්‍රහයන්ගෙන් වැඩිම ඈතින් ඉන්න ග්‍රහයා හොයා ගන්න පුලුවන්. එකම රාශියක හා එකම නවාංශකයක ඉන්න ග්‍රහයෝ ගැන මම පස්සේ කියලා දෙන්නම් දැනට එහෙම අය මාව සම්භන්ධ කරගන්නකො..
ඉතින් මේ විදිහට වැඩිම දුරක් ගිය ආත්මකාරක ග්‍රහයා හොයාගෙන ඊට පස්සේ එයා ඉන්න නවාංශකය මොකක්ද කියලා බලන්න ඕන. විශේෂයෙන් කියන්න ඕනේ ආත්මකාරකයා හොයනකොට කේතුව සලකන්නේ නෑ. ආත්මකාරකයා ඉන්න නවාංශකයෙන් 12 වැන්නේ ඉන්න ග්‍රහයා ගන්න ග්‍රහයෝ කීප දෙනෙක් ඉන්නවනම් එයින් බලවත් ග්‍රහයා ගන්න කිසිම ග්‍රහයෙක් නැත්තන් නවාංශකයේ අධිපතියව ගන්න. අන්න ඒ ග්‍රහයට අදාල දෙවියන් තමයි ඔයාගේ ඉටු දෙවියන් වෙන්නේ..
රවි - ශිව දෙවියන්
සඳු - පත්තිනි මෑණියන්
කුජ - කතරගම දෙවියන්
බුධ - විශ්නු දෙවියන්
ගුරු - ශක්‍ර දෙවියන්
ශුක්‍ර - ශිව දෙවියන් ලෙසද සැලකේ ලක්ෂ්මී මෑණියන්ටද පුද පූජා පැවැත්වීම සුදුසුය
ශනි - විශ්නු හා මහ බඹු(සාමාන්‍යයෙන් පුද පූජා තබන්නේ විෂ්නු හෙවත් උපුල්වන් දෙවියන්ටය)
රාහු - ශිව / දුර්ගා දේවියටද පුද පූජා තබයි.
කේතු - විශ්නු
පරන ලිපි මගේ බ්ලොග් එකට ගිහින් කියවන්න පුලුවන්..
නොතේරුන තැනක් තියනවනම් VM එකක් හරි PM එකක් හරි එවන්න..
හැමදාම කියනවා වගේ මේක ජ්‍යොතිෂ ත්‍රෙඩ් එකක්.. ඒ ගැන උනන්දු අය විතරක් එන්න.. අනිත් අය කාලය නාස්ති කරගන්න එපා..

Last edited: