ඔයාට වෙන පාඩුව කියල කියුවොත් වැරදි. එහෙම පාඩුව පියවා ගන්න බැහැ . රක්ෂණ වටිනාකම යනකම් විතරයි, ගන්න පුළුවන්. ඉඩම අද වටිනාකම ලක්ෂ 75ක් නම්, සමහර විට ඔය අයිතිය පිළිබද ගැටලුව එන්න තව අවුරුදු දහයක් ගියොත් එතකොට ඉඩමේ වටිනාකම ලක්ෂ 100ක් වෙන්න පුළුවන්. එහෙමයි කියල ඔයාට ලක්ෂ 100ක් ඉල්ලන්න බැහැ. රක්ෂණ සමාගමේ හැකියාව තියෙන්නේ , උපරිම රක්ෂණ මුදල වෙනකම් විතරයි.
මෙතැනදී, ගෙයක් එහෙම තියෙනවා නම් ඒවාට ගිය වියදම්, නඩත්තු කරන්න ගිය වියදම්, නඩු ගාස්තු වගේ ඒවා, රක්ෂණ ඔප්පුවේ ගෙවීම් කොන්දේසි අනුව තමයි.
රක්ෂණයේ ගාන තීරණය කරන්න, ඉඩමේ පිහිටීම, පත් ඉරු වාර්තා එහෙම අවශ්‍ය වෙනවා. ඒවා නැතුව ගානක් කියන්න අමාරුයි.
පත් ඉරු තියෙන්නේ 10 කියන එක ගැටළුවක් නෙමෙයි. ඒවත් එක්ක ඉන්සුරන්ස් company එකට කතා කරන්න. premium loading එකක් එක්ක, වැඩේ ගොඩ දාගන්න පුළුවන්.
ඔව්, විස්තර අහන්න පුළුවන් රක්ෂණ ආයතනයකින් .
ශ්‍රී ලංකා ඉන්සුරන්ස්, Allianz , Fairfirst , Ceylinco වගේ ඒවගේ hotline අරන් title department ඉල්ලන්න. අපැහැදිලි තැනක් ආවොත්, කියන්න.