ෆේක් තමා තරහ වෙන්න එපා. මගෙ කලින් එකවුන්ට් එක ඇඩ්මින් තුමා බෑන් කරල දාලද කොහෙද. කමක් නෑ.
මම මේ කතා සෙට් එකම කියවගෙන ආවා. උබ සුපිරියට ලියල තියෙනව මචන්. කියවන්න ආසයි. නම් ගම් මනඃකල්පිතව හරි මේ කතාව ලියන එක වටිනවා. උඹේ ව්යාකරන වැරදි හදාගනින්
අවංක ආදරයක් ප්රකාශ කරන්න කොච්චර අමාරුද කියල උබ කියල තියෙනව මම දැක්කා. ඒ කතාව සහතික ඇත්ත බන්. මගෙ හිතෙත් කෙල්ලෙක් ගැන අවංක ආදරයක් ඇති වුණා. මම දහස් වාරයක් ෆෝන් එක අතට අරන් ඇති අදනම් කියනවමයි කියල. දහස් වරක් ලෑස්ති වෙලා ඇති අද නම් මූනටම කියනව කියලා.එකම දවසකවත් කියාගන්න මට ගටක් නැති වුනානේ. අන්තිමට අපි ගිය ක්ලාස් එක ඉවර වුනා මට කියාගන්න බැරි වුනා. අන්තිම දවසෙ කියනවමයි කියල ලෑස්ති වෙලා ගියෙ. එදත් මගෙ හයිය නැති හිත මට කියන්න ඉඩ දුන්නෙම නෑ. එදා මම ජීවිතේ පලවෙනි වතාවත තනියම බිව්වා. දෙයියන්ගෙ පිහිටෙන් ඒක පුරුද්දකට නොයා නැවතුනේ.
පුදුම කණගාටුවක් තිබුනෙ බන් ඒක ගැන. ශික්. අදටත් මතක් වෙනකොට වාවන්නෙ නෑ. මම හොයපු විදියෙම හිතක්. මම හොයපු විදියෙම හදවතක්. එහෙම වෙනකොට මූන ලස්සන නැති වුනත් ලස්සන වෙලා පේනවා. මමත් ඒ දවස් වල රෑ නිදි නැතුව එයා ගැන හිතපු විදිය මතක් වුනා බන්. සනත් නන්දසිරි මහත්මයගෙ "ඔබට වසඟ වූ දෑසක අබිමන්" කියන ගීතය මම නිතර දෙවේලෙ ඇහුවා. මිල්ටන්ගෙ ක්ලැරන්ස්ගෙ ආදර ගීත දවස තිස්සෙම ඇහුවා. පුදුම ලස්සන කාලයක්. අමුතුම හැඟීමක්
මම අදටත් මේ සින්දුව අහන්නෙ නෑ. මේකෙ දාන්න ඕනකමට මේ සර්ච් කරල දැම්මෙ. මේක ඇහෙනකොට පපුවට පිහියෙන් අනිනවා වගේ
බරපතලම දේ වුනේ පහුගිය දාක. මම රාජගිරියෙ ඉඳන් මාළඹේට එනකොට බත්තරමුල්ලෙ මැක්ඩොනල්ඩ්ස් එක ගාව බස් හෝල්ට් එකේ මෙයා ඉන්නවා වෙන කොල්ලෙක්ගෙ අතේ එල්ලිලා. උබ නම් එක ආදරේකින් පැරදුන නිසා ඕන දෙයක් කියල හිත හදන් හිටියා. මට ඇතිවුන පලවෙනි ආදරේ, කවදාවත් අමතක කරන්න බැරි පලවෙනි ආදරේ අරෙහෙම ඉන්නවා දැක්කාම මට ඇතිවුන හැඟීම උබට හිතාගන්න පුලුවන් ඇති
උබේ අර වැඩපොලේ කෙල්ල වගේම මේ පහුගිය කාලෙ මගෙනුත් කෙල්ලෙක් ඇහුවා. මම එකෙන්ම බෑ කිව්වා.
මගෙ කතවම තමා මතක් වුනේ මේක බලද්දි. උබේ කතාව සුඛාන්තයක්. මගේ කතාව ශෝකාන්තයක්
Last edited: