ඉතිහාසයේ සාහසිකම සිය දිවි හානි කර ගැනීම..
වසර තිස් හයකට පෙර අද වැනි දවසක ගයනා වැසියන් නමසිය දහ හතර දෙනෙක් ආගමේ නාමයෙන් - සිය දිවි හානි කර ගත්තේ ඉතිහාසයේ සාහසිකම සිය දිවි හානි කර ගැනීම සනිටුහන් කරමිනි.
එක්දහස් නමසිය හැත්තෑ අට වසරේ - නොවැම්බර් මස දහ අට වැනි දින රැයක් පහන් වන පමාවට ජෝන්ස් ටවුන් මිටියාවත - ප්‍රාණය නිරුද්ධ මිනිස් සිරුරු වලින් වැසී යන්නේ ආගමික අන්තවාදයේ ප්‍රතිපලයක් ලෙසයි. බදු වංචාවක් පිළිබඳව චෝදනා එල්ල වද්දී කැලිෆෝනියාවෙන් පිටමන් වන - ජිම් ජෝන්ස් නම් වූ දේවගැතිවරයා ගයනාවේ දී ගොඩ නගන " පීපල්ස් ටෙම්පල් " දේවස්ථානයේ විශේෂත්වය වන්නේ වරප්‍රසාද අහිමි සෑම සියලු ජන කොට්ටාසයකටම කොන්දේසි විරහිතව දොරගුළු විවරව තිබීමයි. ඔහු කෙරෙහි භක්තිවන්ත වූ අනුගාමිකයන් - ඔහු අත් නොහැර ගයනාව ට ද පැමිණ ජෝන්ස් ටවුන් නම් ජනපදය පිහිටවනු ලබන නමුත් ආගමික ඉගැන්වීම් වල අන්තයටම ගොස් සිටි ජිම් ජෝන්ස් ක්‍රමානුකූලව , තම ඉලක්කගත දර්ශනය මිනිසුන් අතර ව්‍යාප්ත කර තිබිණ.
පීපල්ස් ටෙම්පල් අත් හැර ගිය සාමාජිකයින් එම ආගමික කල්ලියේ කෘරකම් සහ අසාමාන්‍ය අරමුණු පිළිබඳව බලධාරීන් දැනුවත් කර තිබුණත් එම පැමිණිලි එතරම් සැලකිල්ලට ගෙන තිබුණේ නැහැ
අවසානයේ දී විප්ලවීය සමු ගැනීමක් ලෙස ජිම් ජෝන්ස් උගන්වා තිබු පරිදිම වැඩිහිටියන් හයසිය තිස් අට දෙනෙක් සයිනයිඩ් යෙදූ සිසිල් බීම පානය කර සිය දිවි හානි කර ගත්හ. එයට පෙර, කුඩා දරුවන් දෙසිය හැත්තෑ හය දෙනෙක්ට ද සයිනයිඩ් පොවා ඔවුන්ගේ පණ නළ උදුරාගෙන තිබූ මේ අන්තවාදීන් විප්ලවීය විමුක්තිය සොයා යද්දී , හිසට වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත් ජිම් ජෝන්ස් ද විමුක්තිය නොලබා ම මෙලොව හැර ගොස් තිබිණ.
. . . . . . . . . . . .. . . . . . .. . . . . . .. . . . . . ..
පසු සටහන
ජිම් ජෝන්ස් ගයනාවේ දී මිය ගිය බව තහවුරු කර තිබුණද එය එසේ යැයි පිළි ගන්නට මදක් මැලි වෙමි. ඒ මන්දැයි ඔබ වටහා ගත යුතුය. ඔබත් මමත් ජීවත් වන්නේ ජෝන්ස් ටවුන් ජනපදයේ නොවූවාට ආගමික අන්තවාදය පාර්ශවයෙන් බලනා කල එතරම් වෙනසක් නොමැති බව වටහා ගනු හැකි වනු ඇත.
ආගම - ජීවිතය වෙනුවෙන් විනා ජීවිතය - ආගම වෙනුවෙන් නොවේ යන්න කුඩා කාලයේ සිටම මට පහදා දුන් ගුරුන් දෙගුරුන් භක්ත්‍යාදරයෙන් සිහිපත් කරමි.
- සහන් කසීර වික්‍රමසිංහ -

, හම්බයොත් ඔය වගේම සමුල සියදිවි හානි කරගත්තනම් 