ඉන්ද්‍රචාපගේ අබුද්ධ ප්‍රකාශය!!!!
ඔන්න යාලුවනේ,අද මං ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සංගීතය විනාශ කරන්න දත කන අපි බොහොම ආදරය කරන කොල්ලෙක් ගැන.ඒ තමයි "ඉන්ද්‍රචාප".ඉන්ද්‍රචාප කියන්නේ අලුත් විදියට හිතන ගායකයෙක් බව අපි දන්නවා.ඒ බව එතුමාගේ සින්දු,වීඩියෝ දර්ශන එහෙම දිහා බැලුවම පේනවා.එත් පහුගිය සෙනසුරාද දවසක "ශනිදා ආයුබෝවන්" එකට ආපු ඉන්ද්‍රචාප වැඩසටහන ඉවර කලේ "වරිගේ නහගෙන" බව කිව යුතුමයි.ඒ බව එදා වැඩසටහනේ ඒ නිවේදකයා අහපු ප්‍රශ්න සහ මෙතුමා දුන්නු අබුද්ධ පිලිතුරුත් එක්කම ඔයාලට කියන්නම්.
ඉන්ද්‍රචාප වැඩසටහනට ඇවිත් කියන්න බලාපොරොත්තු උනේ තමන්ගේ ස්ටයිල් එක මේ පොලවේ තැන්පත් නොවෙන්නේ මේ රටේ වරදක් නිසා බව පෙන්වන්න.වාසනාවට වැඩසටහන මෙහෙයවපු නිවේදකයා ඉතාම දක්ෂ සහ සුක්ෂම ලෙස ඉන්ද්‍රචාපගේ නිරුවත පෙන්නුව බව නම් හොදට තේරුණා.අන්තිමට ඉන්ද්‍රචාප කියනවා ගීත රචනය කිසියම් ගීතයක් විචාරය කිරීමේදී නොසැලකිය යුතුයි කියලා.එයා කියනවා ගීත රචනය අදාළ වෙන්නේ සාහිත්‍ය යටලු;ගීත විචාරයට අයිති වෙන්නේ කටහඩ සහ සංගීතය කියන දෙක විතරලු.
මම මීට කලින් ත්‍රෙඩ් එකකත් කියල ඇති,මහගම සේකර මහත්තයාගේ මතය.එතුමා කියනවා ගීතය කියන්නේ තුන්පාද කනප්පුවක් කියල.මොනවද මේ පාද තුන?සංගීතය,කටහඬ සහ පද රචනය.අපි මොහොතකට මහගමසේකර කියන්නේ ලංකාවේ එදා මෙදා තුර බිහි උන අග්රගන්යම ගීත රචකයාය කියන දේ අමතක කරලා එතුමාගේ කතාව ඇත්තද කියල බලමු.කිසියම් ගීතයක තනුව නිර්මාණය වෙන්නේ ඒ ගීතයෙන් කිසියම් හැගීමක් රසිකයාට අගවන්නනේ.දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ.එතකොට කෙනෙක් තනුව නිර්මාණය කරන්නේ ඒ ගීතයේ පද වලට අනුරුඋපව බව පැහැදිලියි.එහෙම නම් මහගමසේකර එදා කියපු දේ හරි කියල අපිට පැහැදිලියි.
ඊ ලගට ඉන්ද්‍රචාප තවත් අපුරු කතාවක් කියනවා.එයා කියනවා මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු සින්දු කිව්වා වැරදිලු.සින්දු කියන්න ඕනේ හයියෙන් කට ඇරලා සද්දෙටලු.එහෙම බැලුවම මෙච්චර කල් අපේ අමරදේව මාස්ටර් කියල තියෙන්නේ සින්දු නෙවෙයි.අර ලෝකප්‍රකට "යානි" සංගීතය කියන දේවත් හරියට දන්න නැති කෙනෙක්.ඇයි ඒ මනුස්සයාගේ සමහර ගීතවල මිනිස් හඬ පාවිච්චි කරලම නැනේ.
මේ විකාර කතා අහගෙන ඉන්න බැරිම තැන නිවේදකයා හරිම අපුරු ප්‍රශ්නයක් අහනවා."මම ඔබ උන්මත්තකයෙක් කියල කිව්වොත් ඔබ එක පිලි ගන්නවද?"මේ ප්‍රශ්නෙන් මේ මනුස්සය තවත් අසරණ වෙනවා.ටික වෙලාවක් ලජ්ජාවෙන් මුණ බිම ඔබා ගෙන ඉන්න ඉන්ද්‍රචාප මෙහෙම කියනවා."සමහරවිට මට පිස්සු ඇති.හැබැයි සමහරවිට මට ඇරෙන්න මේ රටේ ඉන්න හැමෝටම පිස්සු ඇති".
ඔන්න ඔහොමයි මෙයා තමන්ට පිස්සු කියල නොකියම කිව්වේ.
සාහිත්‍යය කියන්නේ "සහිත බව" කියල අපි දන්නවා.එහෙම නම් සමස්ත ගීතයම සාහිත්‍යයට අයිති වෙන්න ඕනනේ.එතකොට පද රචනය වෙනම කෑල්ලක් විදියට වෙන් කරන්නේ කොහොමද?මේ කියන්න යන්නේ වෙන මුකුත් නෙවෙයි නේද?ඕනෙම බහුබූතයකට ගීතයක් වෙන්න පුළුවන් කියලා නේද?මේ මනුස්සය මේ වගේ සහ ගහන කතා කිව්වේ එදා ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවපු වැඩසටහනේම ඉදගෙනනේ.එදා ගුණදාස කපුගේ,කේමදාස මාස්ටර් වගේ අය සංගීතය අපේ රටේ මිනිස්සුන්ට දායාද කරන්න දහදිය වගුරපු ස්ටුඩියෝ එකේ ඉදගෙනනේ.මම හිතුව ඒ මිනිස්සුන්ගේ අවතාරේ ඇවිත් මේ මනුස්සයාගේ බෙල්ල මිරිකයි කියල වැඩසටහන යන අතරතුරම.
ඉන්ද්‍රචාප කියන්නේ ඉතාම අසමසම කටහඩක් තියෙන තරුණ ගායකයෙක්.රොක් සංගීතය ගැන ඔහුට තියෙනවා යම් දැනුමක්.වරද තියෙන්නේ රොක් සංගීතය කියන්නේ එකම සංගීතය කියල ලඝු කිරීම තුළ.ගීතයක මහා හය්යෙන් කෑ ගැසිය යුතු තැන් තියෙනවා.නමුත් හැම ගීතයක්ම යටි ගිරියෙන් කෑ ගහල කියන්න ගියහම ඒ ෆීල් එක රසිකයාට දැනෙයිද?රියලිටි තරග එපා කියන ඔහුම රියලිටි තරග විනිශ්චයට ගිහින් හරි යනවද?සංගීතය ගැන ඉගෙන නොගත්,සංගීතයට කිසිම සම්බන්දයක් නැති උපාධියක් තියෙන ඔහුම වෙන වෙන දේවල් කරලා music කරන්න එන්න එපා කියලා හරි යනවද?මගේ එළකිරි යාලුවනේ,මෙයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කරන්න යන දේ දැන් අපිට හොදටම පැහැදිලියි.මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.

කොමෙන්ටුවක් වත් දමා යන්නේ නම් මැනවි...

ඔන්න යාලුවනේ,අද මං ඔයාලට කියන්න යන්නේ අපේ රටේ සංගීතය විනාශ කරන්න දත කන අපි බොහොම ආදරය කරන කොල්ලෙක් ගැන.ඒ තමයි "ඉන්ද්‍රචාප".ඉන්ද්‍රචාප කියන්නේ අලුත් විදියට හිතන ගායකයෙක් බව අපි දන්නවා.ඒ බව එතුමාගේ සින්දු,වීඩියෝ දර්ශන එහෙම දිහා බැලුවම පේනවා.එත් පහුගිය සෙනසුරාද දවසක "ශනිදා ආයුබෝවන්" එකට ආපු ඉන්ද්‍රචාප වැඩසටහන ඉවර කලේ "වරිගේ නහගෙන" බව කිව යුතුමයි.ඒ බව එදා වැඩසටහනේ ඒ නිවේදකයා අහපු ප්‍රශ්න සහ මෙතුමා දුන්නු අබුද්ධ පිලිතුරුත් එක්කම ඔයාලට කියන්නම්.
ඉන්ද්‍රචාප වැඩසටහනට ඇවිත් කියන්න බලාපොරොත්තු උනේ තමන්ගේ ස්ටයිල් එක මේ පොලවේ තැන්පත් නොවෙන්නේ මේ රටේ වරදක් නිසා බව පෙන්වන්න.වාසනාවට වැඩසටහන මෙහෙයවපු නිවේදකයා ඉතාම දක්ෂ සහ සුක්ෂම ලෙස ඉන්ද්‍රචාපගේ නිරුවත පෙන්නුව බව නම් හොදට තේරුණා.අන්තිමට ඉන්ද්‍රචාප කියනවා ගීත රචනය කිසියම් ගීතයක් විචාරය කිරීමේදී නොසැලකිය යුතුයි කියලා.එයා කියනවා ගීත රචනය අදාළ වෙන්නේ සාහිත්‍ය යටලු;ගීත විචාරයට අයිති වෙන්නේ කටහඩ සහ සංගීතය කියන දෙක විතරලු.
මම මීට කලින් ත්‍රෙඩ් එකකත් කියල ඇති,මහගම සේකර මහත්තයාගේ මතය.එතුමා කියනවා ගීතය කියන්නේ තුන්පාද කනප්පුවක් කියල.මොනවද මේ පාද තුන?සංගීතය,කටහඬ සහ පද රචනය.අපි මොහොතකට මහගමසේකර කියන්නේ ලංකාවේ එදා මෙදා තුර බිහි උන අග්රගන්යම ගීත රචකයාය කියන දේ අමතක කරලා එතුමාගේ කතාව ඇත්තද කියල බලමු.කිසියම් ගීතයක තනුව නිර්මාණය වෙන්නේ ඒ ගීතයෙන් කිසියම් හැගීමක් රසිකයාට අගවන්නනේ.දුක,වේදනාව දනවන විදියට නෙවෙයි,සතුට,ආදරය සංගීතයෙන් දනවන්නේ.එතකොට කෙනෙක් තනුව නිර්මාණය කරන්නේ ඒ ගීතයේ පද වලට අනුරුඋපව බව පැහැදිලියි.එහෙම නම් මහගමසේකර එදා කියපු දේ හරි කියල අපිට පැහැදිලියි.
ඊ ලගට ඉන්ද්‍රචාප තවත් අපුරු කතාවක් කියනවා.එයා කියනවා මෙච්චර කාලයක් අපේ රටේ මිනිස්සු සින්දු කිව්වා වැරදිලු.සින්දු කියන්න ඕනේ හයියෙන් කට ඇරලා සද්දෙටලු.එහෙම බැලුවම මෙච්චර කල් අපේ අමරදේව මාස්ටර් කියල තියෙන්නේ සින්දු නෙවෙයි.අර ලෝකප්‍රකට "යානි" සංගීතය කියන දේවත් හරියට දන්න නැති කෙනෙක්.ඇයි ඒ මනුස්සයාගේ සමහර ගීතවල මිනිස් හඬ පාවිච්චි කරලම නැනේ.
මේ විකාර කතා අහගෙන ඉන්න බැරිම තැන නිවේදකයා හරිම අපුරු ප්‍රශ්නයක් අහනවා."මම ඔබ උන්මත්තකයෙක් කියල කිව්වොත් ඔබ එක පිලි ගන්නවද?"මේ ප්‍රශ්නෙන් මේ මනුස්සය තවත් අසරණ වෙනවා.ටික වෙලාවක් ලජ්ජාවෙන් මුණ බිම ඔබා ගෙන ඉන්න ඉන්ද්‍රචාප මෙහෙම කියනවා."සමහරවිට මට පිස්සු ඇති.හැබැයි සමහරවිට මට ඇරෙන්න මේ රටේ ඉන්න හැමෝටම පිස්සු ඇති".

ඔන්න ඔහොමයි මෙයා තමන්ට පිස්සු කියල නොකියම කිව්වේ.සාහිත්‍යය කියන්නේ "සහිත බව" කියල අපි දන්නවා.එහෙම නම් සමස්ත ගීතයම සාහිත්‍යයට අයිති වෙන්න ඕනනේ.එතකොට පද රචනය වෙනම කෑල්ලක් විදියට වෙන් කරන්නේ කොහොමද?මේ කියන්න යන්නේ වෙන මුකුත් නෙවෙයි නේද?ඕනෙම බහුබූතයකට ගීතයක් වෙන්න පුළුවන් කියලා නේද?මේ මනුස්සය මේ වගේ සහ ගහන කතා කිව්වේ එදා ප්‍රේමකීර්ති ද අල්විස් මෙහෙයවපු වැඩසටහනේම ඉදගෙනනේ.එදා ගුණදාස කපුගේ,කේමදාස මාස්ටර් වගේ අය සංගීතය අපේ රටේ මිනිස්සුන්ට දායාද කරන්න දහදිය වගුරපු ස්ටුඩියෝ එකේ ඉදගෙනනේ.මම හිතුව ඒ මිනිස්සුන්ගේ අවතාරේ ඇවිත් මේ මනුස්සයාගේ බෙල්ල මිරිකයි කියල වැඩසටහන යන අතරතුරම.
ඉන්ද්‍රචාප කියන්නේ ඉතාම අසමසම කටහඩක් තියෙන තරුණ ගායකයෙක්.රොක් සංගීතය ගැන ඔහුට තියෙනවා යම් දැනුමක්.වරද තියෙන්නේ රොක් සංගීතය කියන්නේ එකම සංගීතය කියල ලඝු කිරීම තුළ.ගීතයක මහා හය්යෙන් කෑ ගැසිය යුතු තැන් තියෙනවා.නමුත් හැම ගීතයක්ම යටි ගිරියෙන් කෑ ගහල කියන්න ගියහම ඒ ෆීල් එක රසිකයාට දැනෙයිද?රියලිටි තරග එපා කියන ඔහුම රියලිටි තරග විනිශ්චයට ගිහින් හරි යනවද?සංගීතය ගැන ඉගෙන නොගත්,සංගීතයට කිසිම සම්බන්දයක් නැති උපාධියක් තියෙන ඔහුම වෙන වෙන දේවල් කරලා music කරන්න එන්න එපා කියලා හරි යනවද?මගේ එළකිරි යාලුවනේ,මෙයා තමන්ගේ පැවැත්ම තහවුරු කර ගන්න කරන්න යන දේ දැන් අපිට හොදටම පැහැදිලියි.මේ ප්‍රකාශ ගැන කසුන් අය්යලාගේ,අමල් අය්යලගේ,නදීක අය්යලාගේ අවදානය ඉතාම ඉක්මනින් යොමු වේවා කියල අපි පතමු.

කොමෙන්ටුවක් වත් දමා යන්නේ නම් මැනවි...

Last edited:
කොහොම උනත් පහුවෙලා හරි දැම්ම එක ගැන සතුටු වෙනවා..
මොකද ඒ එකිනෙකා එකිනෙකාට වෙනස් වෙන නිසා.. 
ඔහු දරනා මත හෝ අදහස කෙසේ හෝ සාදරනීය කරනය කරන්න ගත්ත අවස්ථාවක් විදියටයි මට නම ඒ අදහස් දැක්වීම්... ඉතින් එහෙම අවස්ථවක අපි ඔහුට ලංකික සංගීතයට වින කටින්න යනව කියල ලේබලයක් අලවන එක සාධාරනද..
තමන් නිවැරදි මග යන්නේ නම් අනුන්ගේ විචාර තමන්ගේ කරගන්නේ කුමටද.. ?