ඉන්දියානු බලවතා ඉදිරියේ ලංකික නළගන +18

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඉන්දියානු බලවතා ඉදිරියේ ලංකික නළගන +18

    ඔන්න ඉතින් මම කලින්ම කිව්වනේ +18 විතරක් එන්න කියලා ...පොඩි ළමයි ඇවිල්ලා සිගිති කතා කියනකොට දුක හිතෙනවා ..එකයි ...කොහෙද ඉතින් උඹලා පොඩි කාලේ ඉදන්ම පුරුදු උනේ එපා කියන දේවල් කරන්නමනේ ...දැන් අවා නම් හිටු ..:D

    කතාව ඔයාලට මාතෘකාවෙන්ම පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි ..අද ලංකාව සහ ඉන්දියාව අතර තියෙන මේ සිතල ආදරය ගැන පොඩි මත දැක්වීමක් කරන්න , අදහස් බෙදා ගන්න හිතුනා ...

    ..2015 - 01 - 08 වෙනිදායින් පසු ඉන්දියාවේ බලපෑම ලංකාවට දරුණුවට එනවා..CEPA ගිවිසුම අත්සන් කරන්න , දෙමල ප්‍රශ්න විසදන්න , අපේ රටේ සංවර්ධන කටයුතු පිළිබද තීරණ ගන්න වගේ ගොඩක් වැඩ වලට බලපෑම් එනවා ...

    ලංකාව වෙනුවෙන් කවදාවත් ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී නොසිටපු එත් අපි ඔලුව උඩ තියාගෙන ඉන්න රටක් ඉන්දියාව කියන්නේ..අතීතයේ ඉදන් අපිට ඉන්දියාවත් එක්ක දරුණු අත්දැකීම් තියෙන්නේ .එහෙම තියෙද්දිත් අද රජය ඉන්දියාවේ ඉත්තෙක් වෙලා වැඩ කරනවා ..නෙලුම් කුළුණ වැඩ නවත්තන්න හැදුව එක ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් කියලා ...ලංකාවේ මහාපරිමාණ ව්‍යාපෘති ඉන්දියාවට දෙන්නේ නෑ කියලා ගැටුමක් ඇතිකළා ..එකේ පප්‍රතිපලයක් විධිහට අපේ රටේ මුලික ස්ථාන වල සංවර්ධන ව්‍යාපෘති ඉන්දියාවට දීලා තියෙනවා ...අද අපේ රටට අවි ආයුධ අපිට ඕනි රටකින් ගන්න බෑ ..එකට ඉන්දියාව විරුද්ධයි ..එත් ඉන්දියාව මිසයිල බර ගානක් අලුතෙන් ගේනවා ..
    ..දරුණුම මට්ටමේ කරුණු ඇතුලත් CEPA ගිවිසුමක් දීලා එක බැරි නම් ETCA එක අත්සන් කරන්න කියලා බල කරනවා ..ලංකාවට බලෙන් ගිලන්රථ සේවයක් දෙනවා ..එකේ වැඩ කරන්නේ ඉන්දියානුවෝ ..( ලන්කාවට් ගිලන්රථ සේවයක් කරන්නවත් සල්ලි නැද්ද බන් )..පොඩ්ඩක් හිතන්න ..රනිල් දැන් කියනවා කවුරු අකමැති උනත් මේ ETCA ගිවිසුම අත්සන් කරනවා කියලා ...කවුද දැන් නියම ඒකාධිපතියා ...අපේ රටට වෘත්තිකයන් හිගයක් තියෙනවා නම් අපේ අධ්‍යාපන ක්‍රමය දියුණු කරන්න ඕනි...විදේශ සහය ඕනි නම් ඇමෙරිකාව , එංගලන්තය වගේ රට වලින් දක්ෂයෝ ගෙන්න ..නැතිව ඉන්දියාවේ ඉන්න හිගන්නෝ ගේන්නේ නැතිව ....අනේ මන්ද ...

    අද ලංකාව කියන්නේ ඉන්දියාවේ යටත් විජිතයක් කියලා ගොඩක් අය හිතන්නේ ..දැන් රජය කරන්නේ තවත් අපිව ඉන්දියාවට පාවලා දෙන එක ..ජාත්‍යන්තරය කියන්නේ චීනය විතරක් නෙවෙයි කියපු අය දැන් ඉන්දියාව එක්ක විතරයි වැඩ කරන්නේ ..ආසියාව කියන්නේ ඉන්දියාවද .අනේ මන්ද ...ඉන්දියාව බලවතා හමුවේ ලංකාව නලගනක් කරපු , කරන මේ ආණ්ඩුවට හැමදාම හරියන්න ඕනි ...
     
    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඉන්දියාව අපිත් එක්කලා තියන ඇත්තම ගනුදෙනු

    ඉන්දියානු ප‍්‍රභූව ශ‍්‍රී ලංකාවේ ආන්ඩු වෙනස සාදරයෙන් පිලිගනී

    අග‍්‍රාමාත්‍ය මෝදි සහ ඉන්දියානු පාලක ප‍්‍රභූව, ජනාධිපති ලෙස මෛත‍්‍රීපාල සිරිසේනගේ පත්වීම සාදරයෙන් පිලිගෙන ඇත. ශ‍්‍රී ලංකාව සම්බන්ධ තම අභිලාෂයන් නැවත තහවුරු කරගැනීමට සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ චීනය සමග ගොඩනගාගෙන තිබූ සම්බන්ධකම් ආපසු හැරවීමට ලද අවස්ථාවක් ලෙස මෙය ඔවුන්ගේ සැලකීමට ලක්ව ඇත.

    සිරිසේනගේ පත්වීම, ඇමරිකාව සිය ආක‍්‍රමනශීලී “ආසියාවට හැරීම” පිටුපස පෙලගැසෙන ලෙසට බල කරමින් ආන්ඩුව මත වසර ගනනාවක් තිස්සේ යෙදූ පීඩනයේ ප‍්‍රතිපලයකි. ඇමරිකාවේ හැරීම, කලාපය තුල චීන රාජ්‍ය තාන්ත‍්‍රික බලපෑම සහ ආර්ථික අනුහස බිඳ දැමීම සඳහා මිලිටරි ගැටුමට සූදානම මධ්‍යයේ, මිත‍්‍ර සන්ධාන සහ කඳවුරු ජාලයක් වර්ධනය කිරීම සමග එකාබද්ධව කල ආක‍්‍රමනික මැදිහත් වීමකි. මෙරට වරායන්හි චීන නාවුක පිවිසුම් සඳහා ඉඩ ලබා දීම ද ඇතුලු රාජපක්ෂ විසින් බීජීනය සමග ගොඩනගාගෙන තිබුනු සබඳතා, පෙන්ටගනය සහ ධවල මන්දිරයට කිසිසේත් පිලිගත නොහැකි විය.

    ජනාධිපති ධුරය සඳහා මෛත‍්‍රිපාල සිරිසේනගේ ව්‍යාපාරය දියත් වූයේ, එක්සත් ජනපද විදේශ ප‍්‍රතිපත්ති සංස්ථාපිතය සමග කිට්ටු සබඳතා ඇති දෙදෙනෙකු වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරනතුංගගේ සහ විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහගේ සහාය ඇතිවය. ඇමරිකානු සහය ලද පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය සමග සම්පාත වූ ඔහුගේ මැතිවරන ව්‍යාපාරයට, එජාප ද වෙනත් පක්ෂ සහ සංවිධාන රාශියකගේ ද සහයෝගය ලැබුනි. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව සිරිසේන කල පලමු ප‍්‍රකාශය වූයේ විදේශ ප‍්‍රතිපත්තිය නාටකාකාර ලෙස බීජීනයේ සිට ඇමරිකාව දෙසට සහ එහි කලාපීය අනුචරයින් දෙසට, විශේෂයෙන්ම ඉන්දියාව දෙසට මාරු කෙරෙනු ඇති බවට සහතික වීමය.ඩ

    එක්සත් ජනපදයේ "මූලෝපායික සහකරුවා "ලෙස සේවය කරන අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියානු ආන්ඩුව, මෙරට මැතිවරන සමය තුල නිහඬව සිටියේය. ප‍්‍රතිපලය පිලිබඳව පැවති අවිශ්වාසය නිසා ඉන්දියානු ආන්ඩුව සිරිසේනට විවෘතව සහයෝගය නොදුන්නේ යම් හෙයකින් රාජපක්ෂ ජයග‍්‍රහනය කලහොත් ඔහු චීනයට වඩාත් සමීප වෙමින් ප‍්‍රතිචාර දක්වනු ඇත යන්න සැලකිල්ලට ගනිමින්ය. කෙසේ වෙතත් සිරිසේන ජනාධිපති ධුරයෙහි දිව්රුම් දීමත් සමග මෝදි විසින් නව පාලනයට සහයෝගය දීම ඇඟවුම් කරන රාජ්‍ය තාන්ත‍්‍රික ව්‍යාපාරයක් දියත් කර ඇත.

    සිය ප‍්‍රථම විදෙස් සංචාරය ලෙස ඉන්දියාවට පැමිනෙන ලෙස මෝදි සිරිසේනට ආරාධනා කොට තිබේ. එසේම විදේශ කටයුතු අමාත්‍ය ශුෂ්මා ස්වරාජ්, සිරිසේනගේ විදේශ අමාත්‍යවරයා වන ඇමරිකානු සහ ඉන්දියානු ගැති ආස්ථානයක් දරන මංගල සමරවීරට ඉහල මට්ටමේ මූලෝපායික සාකච්චාවක් සඳහා ජනවාරි 18 වන දින නව දිල්ලියට පැමිනෙන ලෙස ආරාධනා කර තිබේ.
    ඉන්දියාවේ ප‍්‍රධාන අරමුන වනු ඇත්තේ, බීජිනය විසින් චීන ආයෝජන හා ආධාර උපයෝගී කර ගනිමින්, වරායන් වලට ප‍්‍රවේශ වීම සහ එම වරායන් ඉන්දියානු සාගරයේ නාවුක කටයුතු සඳහා පර්යන්ත ලෙස භාවිත කිරීම ප‍්‍රතික්ෂේප කිරීම සඳහා සිරිසේනගේ ප‍්‍රතිඥා සහතික කර ගැනීමයි.

    මෝදි ආන්ඩුව මෙරට තුල ඉන්දියානු අවශ්‍යතා ඉටුකර ගැනීමේදී අනුගමනය කල යුත්තේ කුමන මාර්ග දැයි පෙන්වා දෙන අදහස් හා වාර්තා වලින් ඉන්දියානු මාධ්‍ය පිරී ඇත.

    “කොලඹ බල මාරුව දිල්ලියේ අවස්ථාවයි” යන ශීර්ෂ පාඨය යෙදූ ඉන්දියන් එක්ස්ප‍්‍රස් හි කොලමක විදේශ ප‍්‍රතිපත්ති විචාරක සී. රාජ් මෝහන්, “ඉන්දියාවේ දකුනු දෙසට වන්නට පිහිටි දිවයින සමග සම්බන්ධය නැවත ගොඩනගා ගැනීමට මෝදි ආන්ඩුව ඉතා හොඳ තත්වයක” සිටින බව ප‍්‍රකාශ කර ඇත.

    බීජීනය සහ නව දිල්ලිය සමග කොලඹ සම්බන්ධතාවන්හිදී වඩා සමබර ප‍්‍රවේශයක් ගැනීමට සිරිසේන පොරොන්දුවී තිබීම ගැන සඳහන් කරමින් මෝහන්, පරික්ෂාකාරී ප‍්‍රවේශයක් ගන්නා ලෙස මෝදිට අවවාද කර තිබුනි.
    තමන් හට නව ආර්ථික සහ මූලෝපායික විකල්ප මාලාවක් ලබා දී තිබෙන චීනය සමග කොලඹ ආන්ඩුවේ සබඳතා ලෙහෙසියෙන් අත්හරිනු ඇතැයි “ඉන්දියාව බලාපොරොත්තු වීම බුද්ධිමත් දෙයක් නොවන” බව ඔහු සඳහන් කලේය. මොදිගේ ආන්ඩුව මුහුන දෙන අභියෝගය වන්නේ, ශ‍්‍රී ලංකාව සමග තම ආර්ථික සහ මිලිටරිමය සහයෝගීතාවය ගැඹුරු කිරීම සහ මෙරට තුල විවිධ ව්‍යාපෘතීන් ක‍්‍රියාත්මක කිරීම, කඩිනම් කිරීමයි.

    මෝහන්ට අනුව, ඉන්දියාව හෝ “ආසියාවට හැරීමේ” එහි ප‍්‍රධාන සහචරයින් වන එක්සත් ජනපදය, ජපානය සහ ඔස්ටේ‍්‍රලියාව, චීන ආන්ඩුව හා එරට සමාගම් පසුගිය අවුරුදු ගනන පුරාවට මෙරටට පොම්ප කර තිබෙන ඩොලර් බිලියන ගනන් මුදල් සම්පාදනය කල යුතුය.

    මෙරට සමග ඉන්දියාවේ සම්බන්ධයට බලපාන අනෙක් සාධකය වන්නේ, දිවයිනේ දෙමල ධනපති පන්තියට යම් බලය බෙදා දීමේ සැලැස්මක් ප‍්‍රදානය කිරීම සඳහා වන එහි ඉල්ලීමයි. නව දිල්ලියේ පැවති ආන්ඩු 26 වසරක කුරිරු සිවිල් යුද්ධය හා දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය සහ උතුරු නැගෙනහිර වෙනම රාජ්‍යයක් සඳහා වූ එහි ඉල්ලීම් තලා දැමීමට ශ‍්‍රී ලංකාවේ ආන්ඩු සමග සහයෝගයෙන් කටයුතු කලේය. කෙසේ වුවත් දකුනු ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්ත ධනපති පන්තියේ කොටස් හැමවිටම, යම් ආකාරයක දෙමල ස්වයංපාලනයක් සඳහා වන ඉල්ලීම් කෙරෙහි සානුකම්පික වූ අතර දිවයින තුල සිය බලපෑම ශක්තිමත් කරගැනීමේ මාධ්‍යයක් ලෙස එය දැක ගත්හ.

    සිවිල් යුද්ධය අවසානවූ 2009 සිට අග‍්‍රාමාත්‍ය මනමෝහන් සිංගේ සහ පසුව මෝදි ගේ ඉන්දියානු ආන්ඩු, ප‍්‍රධාන වශයෙන් ඉන්දියානු පාර්ලිමේන්තුව තුල දෙමල ධනේශ්වර පක්ෂ වල සහය ලැබීම අරමුනු කරගනිමින් බලය බෙදාහැරීම සම්බන්ධ කාරනය රාජපක්ෂ සමග සාකච්ඡා කර තිබුනි. “දෙමල සුලුතරය සමග අවශ්‍ය දේශපාලන සංහිඳියාවක් සම්බන්ධ ඉන්දියානු උත්සුකයන් සැලකිල්ලට ගැනීමට රාජපක්ෂ දැක්වූ අකමැත්ත” නව දිල්ලිය සහ කොලඹ අතර ආතතියේ ප‍්‍රධාන මූලයක් වූ බව රාජ් මෝහන් ඉන්දියන් එක්ස්ප‍්‍රස් හි සඳහන් කලේය.
    දෙමල ජාතික සන්ධානයේ සම්පූර්න සහයෝගය ඇතිව බලයට පැමිනි සිරිසේන දෙමල ධනේශ්වරයට යම් සහන සැලසීමක් සඳහා වැඩි නැඹුරුවක් දක්වනු ඇතැයි අපේක්ෂිතය. කෙසේ වෙතත් එම කාරනය සම්බන්ධයෙන් පරිස්සම් සහගතව ක‍්‍රියා කිරීමට මෝදිගෙන් ඉල්ලීම් කෙරේ. සිරිසේනගේ නව රජය පදනම්ව ඇත්තේ, සිවිල් යුද්ධයේ ආරම්භක වෙඩි මුරය බවට පත්වූ සිංහල වර්ගවාදී පිලිවෙත් වැලඳගත් එජාපය මත පමනක් නොවේ. එය අන්ත සිංහල වර්ගවාදී ජාතික හෙල උරුමය වැනි ප‍්‍රවනතා මතද පදනම් වේ.

    එමෙන්ම සිරිසේන, යුද්ධය අවධියේ රාජපක්ෂ මෙන්ම දෙමල සිවිල් ජනතාවට එරහිව යුද අපරාධ සිදු කිරීමට හවුල් වූ අයෙකි. හමුදාව විසින් එල්ටීටීඊ නායකයන් තොග පිටින් මරාදමන ලද සහ දහස් ගනන් සිවිල් වැසියන් ඝාතනය කරන ලද යුද්ධයේ අවසන් සති කිහිපය තුල තමන් වැඩ බලන ආරක්ෂක ඇමති ලෙස කටයුතු කිරීම පිලිබඳව මැතිවරනය ව්‍යාපාරය තුලදී ඔහු පම්පෝරි ගැසීය.
    චීනය සමග සබඳතා හීන කිරීම සහ දෙමල ප‍්‍රදේශ තුල යම් ආකාරයක බලය බෙදා හැරීමක් ප‍්‍රධානය කිරීම මගින් සිරිසේන කියන දේ ක‍්‍රියාවට නගන්නේ දැයි ඉන්දියාවට මදක් ඉවසීමෙන් බලාසිටීමට සිදුවන බව ඉන්දියානු විශ්ලේෂක රාජීව් ශර්මා ජනවාරි 10 වැනිදින ෆස්ට් පොස්ට් තුල තරයේ කියා සිටියේය.දැනට ක‍්‍රියාත්මකවන සියලු අධම කුමන්ත‍්‍රන සහ කූටෝපායන් තුල ඉන්දියාව සහ එක්සත් ජනපදය වඩාත්ම සැලකිලිමත් වන්නේ ශ‍්‍රී ලංකාව බීජිනයෙන් ඉවතට හැරවීමටය.

    දීපාල් ජයසේකර විසිනි, 2015 ජනවාරි 17
    https://www.wsws.org/sinhala/2015/2015jan
    /indi-28j.html
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    දැන් තේරෙනවද ඇයි චීනයත් එක්ක ෆිට් එකේ ඉන්න ඕන කියල?


    පණ්ඩිත කමට බෙහෙත් නැත. චිනේ හිගන්නන් කියල පැත්තකට දමල, ඉන්දියාවයි ඇමෙරිකාවයි විතරක් ලන් කරගෙන දැන් විදවනවා.
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    182
    0
    ගෙදර
    ලණු කාලා දාන thread, වැඩ බැරි දාසලා

    tag දාපු උන්නැහේලගේ fields වලටත් indian අත පෙවෙනකොට තේරෙයි. හැබැයි ප්‍රමාද වැඩි වෙයි. හැබැයි මඩ බලකායේ job security කොමද දන්නේ නෑ නේ?
     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    නියම කතාව. දැන් වෙන වැඩ දැක්කම කලකිරෙනව. හැමෝම එකතුවෙන්න ඕනෙ මේවට විරුද්ධ වෙන්න.
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ලණු කාලා දාන thread, වැඩ බැරි දාසලා

    tag දාපු උන්නැහේලගේ fields වලටත් indian අත පෙවෙනකොට තේරෙයි. හැබැයි ප්‍රමාද වැඩි වෙයි. හැබැයි මඩ බලකායේ job security කොමද දන්නේ නෑ නේ?

    කියලා වැඩක් නෑ බන් ..අපේ ලංකාවේ ඉන්නවනේ පට්ට මෝඩ සෙට් එකක් ..කැපුවත් කොළ ,රතු ,නිල් කියන එවුන් ...උන්ට ඉතින් තමන්ගේ පක්ෂේ එකා රට විකුණුවත් එක හොදයි ......මොලයක් නැති මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන් ...

    ..ඔන්න අද තමයි මම දැක්කේ JVP එකේ අනුර සහෝදරයා දැඩිව මේ ETCA ගිවිසුම නවත්තන්න ක්‍රියාමාර්ග ගන්නවා කියල කියනවා දැක්කේ ....මෙච්චරකල් නිදාගෙනද දන්නේ නෑ හිටියේ .....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කියලා වැඩක් නෑ බන් ..අපේ ලංකාවේ ඉන්නවනේ පට්ට මෝඩ සෙට් එකක් ..කැපුවත් කොළ ,රතු ,නිල් කියන එවුන් ...උන්ට ඉතින් තමන්ගේ පක්ෂේ එකා රට විකුණුවත් එක හොදයි ......මොලයක් නැති මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන් ...

    ..ඔන්න අද තමයි මම දැක්කේ JVP එකේ අනුර සහෝදරයා දැඩිව මේ ETCA ගිවිසුම නවත්තන්න ක්‍රියාමාර්ග ගන්නවා කියල කියනවා දැක්කේ ....මෙච්චරකල් නිදාගෙනද දන්නේ නෑ හිටියේ .....

    ඒගොල්ලන්ට කුක්කු පොවලා නින්දට දාලා තොටිල්ලේ දාලා උන්නේ :lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    bump,true..un awith mehe job kerela,padi aran,ape rate salli yanne pite ratewaweleta, apite 0 thama..me ratete moken moke weide danne naha..so sad macho..mekete viriuddawenna ona ban..:yes::no:
     
    Last edited:
    • Like
    Reactions: sp4chamara

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    bump,true..un awith mehe job kerela,padi aran,ape rate salli yanne pite ratewaweleta, apite 0 thama..me ratete moken moke weide danne naha..so sad macho..mekete viriuddawenna ona ban..:yes::no:

    ඉන්දු -ලංකා නිදහස් වෙළද ගිවිසුම නිසා ලංකාවට ලැබුන දෙයක් නෑ ..අපේ රටේ තිබුන දේශීය නිෂ්පාදකයන් තවත් පහලට වැටුන ඉන්දියාවේ අඩු මිල නිෂ්පාදන වලට මුහුණ දෙන්න බැරිව ...අපේ රටේ වැඩිම අපනයන යන්නේ ඇමෙරිකාවට , බ්‍රිතාන්‍යට ....එත් අපනයන 6 % වගේ පොඩි ප්‍රමාණයක් කරන ඉන්දියාව වගේ රටක් එක්ක මෙහෙම ගිවිසුමක් ගහල අපිට ලැබෙන වාසියක් නෑ ..

    - අපේ රටේ මිනිස්සු ඉන්දියාවේ ගිහිල්ලා ජොබ් කරන්නේ නෑ.
    - අපේ රටේ අපනයන වලට ඉන්දියාවේ තැනක් නෑ

    එත්

    - ඉන්දියාවේ අඩු සුදුසුකම් තියෙන ,අඩු පඩියට මිනිස්සු ලංකාවට එනවා වැඩ කරන්න
    - ලංකාවේ හැමතැනම ඉන්දියන්කාරයෝ පිරෙන්න ගන්නවා
    - ඉන්දියාවේ ඉන්න බුද්ධිමතුන් ලංකාවට එන්නේ නෑ ..උන් යන්නේ ඇමෙරිකාවට ,එංගලන්තයට ..මෙහෙට එන්නේ ඉන්දියවෙවත් හරියට ජොබ් එකක් නැති වේලෙන එවුන් ටික .

    මේක ලංකාවට කොහෙත්ම ඕනි නැති ගිවිසුමක් ....අපේ අතීතයේ උන වැරදි වලින් ඉගෙන ගන්න ඕනි ...දැන දැන වලේ වැටෙන එකා මෝඩයා ......


     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේක වෙනත් විධිහකට බලනවා නම් අපි කවුරුවත් ඒ තරම් නොහිතන එත් වර්ථමාන ලෝකයේ රටවල් තම බලය තහවුරු කරගන්න කරන උපක්‍රමශීලි සැලැස්මක් විධිහට මේක දකින්න පුළුවන් ..

    ලංකාවට ඉන්දියාවේ වෘත්තිකයන් කියන අය එන්නේ ඉහලම තනතුරු වලට ..ඒ තුල ලංකාවේ සමස්ථ ආර්ථිකයම හසුරවන්න ඉන්දියානුවන්ට හැකියාව ලැබෙනවා ..ලංකාවේ ආර්ථිකය ඉන්දියාවට ඕනි විධිහට , ඉන්දියාව නැතිව බැරි තැනට එනවා ...එහෙම කරාම අපිට ඉන්දියාව මත යැපෙන්න වෙනවා ...දීර්ඝකාලීනව ගත්තම අපිට ඉන්දියාවේ යටත් විජිතයක් වෙන්න වෙනවා වක්‍රාකාරයෙන් ....
    ..ලංකාවට ගිලන්රථ සේවයක් ගේනවා ..ඇයි ලංකාවට එහෙම එකක්වත් කරගන්න බෑ කියලද උන් හිතන්නේ ...පිරිසිදු හිතින් කරනවා නම් කරන්න තිබ්බේ ගිලන් රථ ටික ලංකාවට ආධාර හෝ ණයක් විධිහට දෙන එකනේ ....නෑ එ තුලින් ඉන්දියානුවන්ට ලංකාවේ ඕනිම තැනකට නිදහසේ පහසුවෙන් යාමට හැකි වෙනවා ..ලංකාව පුරා ඉන්දියානු ඔත්තු සේවයට යාමට හැකි වෙනවා,,මොකද කිසිම කෙනෙක් ගිලන්රථයක් පරික්ෂා කරන්නේ නෑ ..ඉන්දියාවේ නිසා කොහෙත්ම කරන්නේ නෑ ...අදටත් ලංකාවේ මොන තරම් ඉන්නවද ඉන්දියානු ඔත්තු සේවයේ කට්ටිය ....

    මේක අවුරුදු ගණනක දිගු කාලින සැලැස්මක්..කාලයත් සමග ලංකාවේ ප්‍රධානනතම ආයතන වල ඉහල තනතුරු වලට ඉන්දියානුවන් පත් වෙනවා .ඒ තුල ලංකාව ඔවුනට ඕනි විධිහට හසුරවීමට හැකියාව ලැබෙනවා ..

    කාලයත් සමග ඉන්දියානුවන්ට ලංකාවේ පදිංචි වීමට අවස්තාව දෙන්න වෙනවා ..අපහු යවා ගන්න බැරි වෙනවා ..( දැන් වතුකරයේ ජනතාවගේ ආරම්භක පරම්පරාවට උනේ එක )

    මේක මේ අඩු පඩියට ඉන්දියානුවන් එනවා කියල සරල ප්‍රශ්නයක් නෙවෙයි ..ඒ වගේම අපේ රටේ වෘත්තිකයන් අඩුපාඩුවට ගන්න විසදුමක් කියලා සරල කරන්නත් බෑ ...වර්තමානයේ ලෝකයේ රටවල් යුද්ධ කරන්නේ නෑ ..ඔලුවෙන් ගහලා රට අඩපණ කරන්නේ ..පාලනය ගන්නේ ...

     

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    කියලා වැඩක් නෑ බන් ..අපේ ලංකාවේ ඉන්නවනේ පට්ට මෝඩ සෙට් එකක් ..කැපුවත් කොළ ,රතු ,නිල් කියන එවුන් ...උන්ට ඉතින් තමන්ගේ පක්ෂේ එකා රට විකුණුවත් එක හොදයි ......මොලයක් නැති මිනිස්සු එක්ක තර්ක කරලා වැඩක් නෑ මචන් ...

    ..ඔන්න අද තමයි මම දැක්කේ JVP එකේ අනුර සහෝදරයා දැඩිව මේ ETCA ගිවිසුම නවත්තන්න ක්‍රියාමාර්ග ගන්නවා කියල කියනවා දැක්කේ ....මෙච්චරකල් නිදාගෙනද දන්නේ නෑ හිටියේ .....

    මමත් දැක්ක අනුර මේකට විරුද්ධව කතා කරනව. බොරු ටෝක් විතරයි. රනිල කියන විදියට මේක කොහොමහරි අත්සන් කරයි. එක දේශපාලුවෙක්ගෙන්වත් සහයක් බලාපොරොත්තු වෙන්න බෑ. මිනිස්සුම පක්ශ අමතක කරල එකතු වෙලා යමක් කලොත් මිසක්. දොස්තරල, ඉන්ජිනේරුවරු ටික එකතු වෙලා ඉන්න එකත් ලොකු හයියක් මේ වෙලාවෙ. හැමෝම සහයෝගෙන් වැඩ කලොත් යමක් කරන්න පුලුවන්. UNP එකට, මයිත්‍රීට කඩේ යන අයට ලන්කාව ඉන්දියාවෙ ප්‍රාන්තයක් වුනත් කමක් නෑ උන් දෙන්නව බලයෙ තියන්න පුලුවන් නම්.