ඉන්දියාවේ ජලගැල්මෙන් 5000ක් මරුට
ඉන්දියාවේ ජලගැල්මෙන් 5000ක් මරුට
June 25, 2013 at 9:17 am | lanka C news
ඉන්දියාවේ ජලගැල්මෙන් 5000ක් මරුට
ධාරානිපාත මෝසම් වැසි ඇදහැලීමත් සමග උතුරු ඉන්දියාවේ ප‍්‍රදේශ රැුසක් මුහුණ දුන් දැඩි ජලගැලීම් සහ නායයාම් තත්වයෙන් මිය ගිය ප‍්‍රමාණය 5000ක් පමණ වනු ඇතැයි ඉන්දීය ආපදා කළමණාකරණ අමාත්‍ය යෂ්පාල් ආර්යා පවසයි.
සතියක් පුරා බලපැවැත්වූ මෙම ස්වභාවික ආපදා තත්වයෙන් කේදර්නාත් නිම්න ප‍්‍රදේශය දරුණු විනාශයකට ලක්ව ඇතැයි වාර්තා වේ.
උත්තරාකන්ද් ප‍්‍රාන්තයේ කඳුකර ප‍්‍රදේශයන්හි ජලගැලීම් නිසා කොටුවූ 19000ක් පමණ සිටින බවද පැවසේ. විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා 8000ක භට පිරිසක් ඉන්දීය හමුදාව විසින් අනුයුක්ත කර ඇති අතර කේදර්නාත් නිම්නයේ හින්දු පූජ්‍යස්ථානවල සිරවී සිටි සියලූම බැතිමතුන් මේ වන විට මුදාගෙන ඇති බව පැවසේ.
ජුනි සිට ඔක්තෝබර් දක්වා බලපවත්වන මෝසම් වර්ෂා සමය මේ වසරේදී මසකට පෙර ඇරඹුනු අතර ඉදිරි දින වලදීත් මහ වැසි ඇද හැළෙනු ඇතැයි ඉන්දීය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු හඟවා ඇත.
මහා පරිමාණ ඉදිකිරීම්, පතල් කැණීම් සහ විදුලි බලාගාර ඉදිකිරීම් මේ විනාශයට හේතුවී ඇතැයි ඉන්දීය මාධ්‍ය විසින් චෝදනා කර ඇති බවද වාර්තා වේ.