ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,322
    2,172
    113
    එකට උත්තරේ ඒ නුලේ දීලා තියෙනවා දැක්කා.

    ඔය අදාළ නෑ කියන්නේ මෙහෙමයි. ස්කෝලෙ චිත්‍ර අඳින කෙනෙක්ට පාට වල බර, සංයුතිය වගේ දේවල් ඕනි නෑ. Physics වල චලිත නියම apply කරන්න chemistry දැනුම ඕනි නෑ වගේ දෙයක්. අපිට විසඳගන්න තියෙන පෘෂෙනේට අදාල දැනුම විතරයි නෙ කොහොමත් ඕනි වෙන්නේ.

    උපසම්පදාව ඕනි වෙන්නේ පෙළ තියාගන්න.
    ඔය සාමනේර හාමුදුරු කෙනෙක් ඇත්තටම හාමුදුරු කෙනෙක් වෙන්න ශික්ෂා පද කියල පිළිගන්නා අවස්ථාව.
    ශාසනයේ පැවැත්මට භික්ෂූන් වහන්සේලා වැදගත්. ධර්මය තව කෙනෙක්ට බලාගන්න ඉතුරු වෙන්න සාසානය ඕනි වෙනවා. නිවන තේරුම් ගන්න ධර්මය ඕනි වෙනවා.

    මට තෙරුන් කරන්න තේරෙන්නේ ඔච්චරයි. @greenthunder @ek_rosh වගේ අහල බලමූ ඕනි තව පැහැදිලි කරගන්න.

    තව මෙතනත් විස්තරයක් තියෙනවා
    මේකේ තියෙනවා මුල ඉදලා විස්තරයක්. https://myschool.lk/ලිපි/උපසම්පදාව

    මම දන්න විදිහට උපසම්පදා කියන්නෙ, සීලයෙ අධි කියන තේරුම. නිර්වානගාමී ප්‍රතිපදාවේ මූලික අඩිතාලම. තව විදිහකින් කිව්වොත්, ගිහිගෙයින් (අගාරික ) ප්‍රතිපදාවෙන් මිදී අනාගාරික ප්‍රතිපදාවට පිවිසෙන වෙන මූලික අදියර (මීට කලින් සාමනේර ).

    උපසම්පදාව බුද්ද කාලේ පටන් තිබුන. පස්වග මහනුන්ගෙන් තමයි පටන්ගන්නෙ..උපසම්පදාව, පැවිද්ද එකට්ම තමයි පැවතුනෙ. බුදුන් වහනෙස් විසින් තමයි උපසම්පදාවට/පැවිදි බවට පත් කලේ. (ඒහි භික්කු උපසම්පදාව)

    තේරවාදි බුදුදහමට අනුව, සන්සාරයේ පටැන්ගැන්මක් පෙන්නන්න බැ කියල තමයි කියන්නෙ..
    ------ Post added on Jul 14, 2023 at 3:13 AM
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,858
    1
    15,182

    කොච්චර උත්තර දුන්නත් ආයි ඕව ඕවම අහාවි. ප්‍රශ්න සෙට් එකක් තියනව Tools වගේ ඕවට උත්තර දීල වැඩක් නෑ තව Thread එකක ආයිත් අහනව. ඒ නිසා මම නම් Buddhism Thread වලට කාලෙ වැය කරන්නෙ අඩුවෙන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම දන්න විදිහට උපසම්පදා කියන්නෙ, සීලයෙ අධි කියන තේරුම. නිර්වානගාමී ප්‍රතිපදාවේ මූලික අඩිතාලම. තව විදිහකින් කිව්වොත්, ගිහිගෙයින් (අගාරික ) ප්‍රතිපදාවෙන් මිදී අනාගාරික ප්‍රතිපදාවට පිවිසෙන වෙන මූලික අදියර (මීට කලින් සාමනේර ).

    උපසම්පදාව බුද්ද කාලේ පටන් තිබුන. පස්වග මහනුන්ගෙන් තමයි පටන්ගන්නෙ..උපසම්පදාව, පැවිද්ද එකට්ම තමයි පැවතුනෙ. බුදුන් වහනෙස් විසින් තමයි උපසම්පදාවට/පැවිදි බවට පත් කලේ. (ඒහි භික්කු උපසම්පදාව)

    තේරවාදි බුදුදහමට අනුව, සන්සාරයේ පටැන්ගැන්මක් පෙන්නන්න බැ කියල තමයි කියන්නෙ..
    ------ Post added on Jul 14, 2023 at 3:13 AM
    උපසම්පදාව කියන්නෙ නිකන් ටෙස්ට් එකක් වගේ එකක්ද? සාමනේර නම ධර්මය හරියට දන්නවා දැන් හාමුදුරු කෙනෙක් වෙන්න සූදානම් වගේ එකක්ද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තේරවාදි බුදුදහමට අනුව, සන්සාරයේ පටැන්ගැන්මක් පෙන්නන්න බැ කියල තමයි කියන්නෙ..
    ඔබ හරි. ථෙරවාදී බුදුදහමට අනුව සංසාරයේ ආරම්භය ගැන ප්‍රශ්නයෙන් "ඒක නිවනට අදාළ නැහැ කියල" බුදුහාමුදුරුවො පැනල ගියා.

    ඉතිං මම අහන්නෙ උපසම්පදාව නිවනට අදාල වෙන්නෙ කොහොමද කියන එක?
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඉන්දියාවේ බුද්ධාගම නැතිවුන එක ගැන කියන එක තර්කයක් තමයි හින්දු ක්‍රමයට බුද්ධාගම තර්ජණයක් වුන එක. හින්දු ආගම ආගමක්ම විතරක් නෙවෙයි. සන්ස්කෘතියක් සහ දේශපාලන මොඩල් එකක්. ලෝකේ බෙදා වෙන්කරලා පාලනය කරන සහ සමාජයේ ඉහළ පන්තියේ පැවැත්ම ගොඩක් දිග කාලයක් පවත්වගෙන යන්න හින්දු ක්‍රමය උදවු උනා ඉන්දියාවේ පාලකයොන්ට.

    හින්දු ක්‍රමෙත් එක්කම කුල ක්‍රමයත් එනවා. කෝවිල ප්‍රධාන කරගෙන ගොඩනැගුනු හින්දු සන්ස්කෘතිය ඇතුලේ වෘතීන් හරියටම බෙදලා තියනවා කුලය අනුව. ඉහලම ඉන්නේ බ්‍රාහ්මනයෝ සහ කශත්‍රියයො. මේ අය හැමදාම උඩ ලෙවල් එකේ ඉන්නවා. ඉතුරු පිරිස හැමදාම දුකසේ ජීවත් වෙනවා. මෙහෙම ජීවත් වෙද්දී තමයි රදලයට හැමදාම සැප වැඩි. සම්පත් වලින් වැඩි කොටස අණිවාර්‍යෙන්ම යන්නේ ඒ උඩ ඉන්න මිනිහට. මෙහෙම පන්ති අතරේ ගැප් එකක් තියෙද්දි යටම ඉන්න උන් පීඩනයට පත් වෙලා කවදා හරි මේ පීඩනය පිටකරලා ඒකේ පලිය අරන් අර රදලයෝ දුප්පත් කරලා දුප්පත් උන් රජ වෙන්න පුළුවන්. ඒක නොවෙන්න, හින්දු ක්‍රමය ඇතුලින් හදනවා කන්සෙප්ට් එකක්, උඹ අඩුකුලේ ඉපදුනේ උඹේ කරුමෙට, ඒක උඹට මේ ආත්මේ උරුමයි, ඒ පව ගෙවලා ලබන ආත්මය සුවදායි කරගන්න එක විතරයි තියන ඔප්ශන් එක කියලා. මේකත් එක්ක යටම ඉන්න එකා තමුන්ගේ ජීවිතය පිළිගන්නවා සහ ඒ ජීවිතය ප්‍රශ්න නොකර ගතකරනවා. එතකොට පාලකයාට එරෙහිව බලයක් ගොඩනැගෙන්නේ නෑ.

    බුද්ධාගම මේ කන්සෙප්ට් එක ප්‍රශ්න කළා. ඔලු වෙනස් වුන මිනිස්සු පස්සේ ගේම ඉල්ලන්න පුළුවන් කියලා ඉහල පැලැන්තියේ මිනිස්සු බය වුනා. ඒත් කලබල උනේ නෑ. ඉන්දියන් කාරයෝ මොලේ කල්පනා කරා. යුදෙව්වෝ ජේසුතුමාව මැරුවා වගේ වැඩ කළේ නෑ. එහෙම කළා නම් පස්සෙකාලෙක ඒ මර්දනය නිසාම බුද්ධ දර්ශනය බලවත් වෙන්න තිබ්බා. ඉතින් හින්දු මිනිස්සු කළේ බුදුහාමුදුරුවෝ පිරිණිවන් පෑවට පස්සේ, බුද්ධාගම හින්දු ආගමේම කොටසක් කරගත්තු එක. ඒකයි අදටත් හින්දු මිනිස්සු බුදුහාමුදුරුවෝ දස අවතාර වලින් එකක් කියලා කියන්නේ. එතකොට බුදු හාමුදුරුවෝ කියපුවා අහනවා වෙනුවත් විශ්ණුගේ ඉගැන්වීම් පිළිගන්නවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔබ හරි. ථෙරවාදී බුදුදහමට අනුව සංසාරයේ ආරම්භය ගැන ප්‍රශ්නයෙන් "ඒක නිවනට අදාළ නැහැ කියල" බුදුහාමුදුරුවො පැනල ගියා.

    ඉතිං මම අහන්නෙ උපසම්පදාව නිවනට අදාල වෙන්නෙ කොහොමද කියන එක?
    උබට සංසාරයේ ආරම්භය නොදැනීම නිසා ධර්මය තේරුන්ගන්න මොකක් හරි බාදාවක් වෙලා තියෙනවද?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබට සංසාරයේ ආරම්භය නොදැනීම නිසා ධර්මය තේරුන්ගන්න මොකක් හරි බාදාවක් වෙලා තියෙනවද?
    හේතු-ඵල වාදය අනුව බාධාවක් තියෙනවා.

    උපසම්පදාව ගැන ප්‍රශ්නය මතු කරේ. මේ සියල්ලේම ආරම්භය මෙහෙමයි කියන්න විනාඩි පහක් වැය නොකර උපසම්පදාව වගේ නිෂ්ඵල දෙයක් ඉගැන්නුවේ ඇයි?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උබට සංසාරයේ ආරම්භය නොදැනීම නිසා ධර්මය තේරුන්ගන්න මොකක් හරි බාදාවක් වෙලා තියෙනවද?
    ඒක කොහොම උනාද කියන එක නෙවෙයි රියල් ප්‍රශ්නෙ.

    බුදු දහමට අනුව සංසාරයට ආරම්භයක්

    තියෙනවද?
    නැද්ද?

    දන්න කෙනෙක් උත්තර දෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හේතු-ඵල වාදය අනුව බාධාවක් තියෙනවා.

    උපසම්පදාව ගැන ප්‍රශ්නය මතු කරේ. මේ සියල්ලේම ආරම්භය මෙහෙමයි කියන්න විනාඩි පහක් වැය නොකර උපසම්පදාව වගේ නිෂ්ඵල දෙයක් ඉගැන්නුවේ ඇයි?
    මොකද්ද තියෙන බදාව

    උපසම්පදාව නිෂ්ඵල වෙන්නේ ඇයි. එකෙන් නේ පැවිද්ද ලබාගන්නේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    උබට සංසාරයේ ආරම්භය නොදැනීම නිසා ධර්මය තේරුන්ගන්න මොකක් හරි බාදාවක් වෙලා තියෙනවද?
    අනිවාර්යයෙන් බාධාවක්..

    ධර්මය කියන්නේ මේ ලෝකයේ ස්වභාවය , ක්‍රියාකාරිත්වය නේ.. ඒකට මේ දේවල් වල ආරම්බය දැනගන්න ඕන..
    කවුරුහරි කියල තියන කොටසක් පෙන්නල මේකතමයි ලෝක ස්වභාවය , මේ දේවල් ටික විතරක් ඉගෙනගන්න කියල කියන්න බෑ.. ලෝකයේ ක්‍රියාකාරීත්වය , ලෝක ස්වභාවය අවබෝදකරගන්න ඕන නිසාම තමයි මිනිස්සු ලෝකයේ ආරම්බයක් ගැන හොයන්නේ..

    බුදුකෙනෙක් හරි වෙන ආගමක කෙනටක් හරි නියම කරන දේවල් ටික විතරක් නෙවෙයි ධර්මය ..එහෙනම් මිනිස්සු ඒ දේවල් ටික විතරක් කරල ඉන්නවානේ..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    Original link -

    අනේක වාරයක් උත්තර දීල ඇති ඒත් නැවත නැවතත් අහන ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු ලියන්නට හිතුණා. ප්‍රශ්නය මේකයි.

    බුදුහාමුදුරුවන් ඉන්දියාවේ ඉපදිලත් ඇයි ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ?

    සරල උත්තරය මේකයි. ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ නැහැ. ඒක අතුරුදහන් කළා. මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරල හාමුදුරුවරුන් මරල, පන්සල් ගිනි තියල, බෞද්ධ පොත්පත් සියල්ල ගිනිබත් කරල බුදුදහම සම්පූර්ණයෙන් විනාශ කළා. ඉන්දියාවේ බුදුදහම නැති වුණේ එහෙම.

    බුදුදහම ඉන්දියාවෙන් නැති වෙන්න බලපෑ එකම හේතුව මුස්ලිම් ආක්‍රමණයද?

    එහෙම කියන්න බැහැ. ආසන්න සහ ප්‍රධානම හේතුව තමා මුස්ලිම් ආක්‍රමණය. මීට අමතරව තවත් හේතු කීපයක් බලපෑව. ඒ අතර වැදගත්ම හේතුව නම් හර්ෂවර්ධන රජතුමා, සහ සාතවාහන රාජපරපුරට පසුව බුදුදහමට අනුග්‍රහය දෙන්න ප්‍රබල දේශපාලන නායකත්වයක් ඉන්දියාවේ බිහි නොවීම.

    තේරුම් ගන්න. යම් ආගමක් ලෝකයේ පවතිනවාද නැද්ද කියන කරුණ තීරණය කරන්නේත්, ඉතිහාසය පුරා එය තීරණය කර ඇත්තේත් දේශපාලන අධිකාරිය මිසක ඒ ආගමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නෙවේ. මේ නිසා තමයි, හැම ආගමක්ම දේශපාලනය පස්සේම එල්ලෙන්න හදන්නේ.

    ඊළඟට, මුස්ලිම් ආක්‍රමණය නිසා ඇයි බුදුදහම විතරක් විනාශ වුණේ? මොකද මුස්ලිම්වරුන් බෞද්ධයන්ට එක හැන්දකින් හින්දු ජෛන ආදි අනෙක් ආගම්වල තව හැන්දකින් බෙදුවේ නැහැ නේ.

    මේ කාරණය ඇත්තම නෙවේ. හින්දු කියල එක ආගමක් හෝ ප්‍රධාන සංවිධානයක් ඒ කාලේ තිබුණේ නැහැ. බෞද්ධ නොවන වෙනත් ආගමික කුලකවලට අයත් ඉන්දියානුවන් වරින්වර මුස්ලිම්වරු සමග එකතුවෙලා තමුන්ගේ පැවැත්ම රැක ගත්තා. ඒ විතරකුත් නෙවේ, ඒ දෙගොල්ලම එකතු වෙලා බුදුදහමට වළ කැපුවා.

    අනෙක් අතට බුදුදහමේ ශාසනය පවත්වා ගැනීමේ ලොකු ගැටලුවකුත් තිබුණා. ඒ තමයි උපසම්පදාව. යම් භික්ෂුවක් උපසම්පදා කරන්න අඩුම තරමේ තවත් එවැනි උපස්පදා භික්ෂූන් 4 නමක්වත් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් තවදුරටත් ශාසනය ගෙනියන්න බැරි වෙනවා. ඒත් ඉන්දියාවේ තියෙන බොහෝ හින්දු සම්ප්‍රදායයන් එහෙම නැහැ. නැත්තටම නැති වෙන්න විනාශ වුණත්, පොත්පත්වල තියෙන දේවල් කියවල ඒ අනුව ක්‍රියා කරල ආපහු ඒ ආගමික සම්ප්‍රදායයන් පටන් ගන්න පුළුවන්. දැනට අවුරුදු 2000කට පෙර නැති වුණු හින්දු සම්ප්‍රදායයක් වුණත් අද අලුතින් පටන් ගන්න පුළුවන්. ඒ විදිහට මුස්ලිම් ආක්‍රමණය නිසා යටපත් වුණ බෞද්ධ නොවන සම්ප්‍රදායයන් කාලයත් එක්ක ආපහු පොත්වත්වල තියෙන දේ කියවල ඒ අනුව නැඟී සිටියා. බුද්ධශාසනයේ උපසම්පදාව නැති වුණාම එහෙම කරන්න බැහැ. රාජ්‍ය අනුග්‍රහය නැති වුණොත් පිටරටකින් ගෙන්න ගන්නත් බැහැ. ඉතිං හාමුදුරුවරුන්ව මරල දැම්මාම ශාසනය එතැනම විනාශ වෙනවා.

    මුස්ලිම් ආක්‍රමණයෙන් පසුවත් 17 වන සියවස දක්වාම අද පාකිස්ථානය ලෙස හඳුන්වන රටේ බෞද්ධයන් සෑහෙන පිරිසක් ඉඳල තියෙනවා. ඒත් පංසල් කරගෙන යන්න හාමුදුරුවරු නැති නිසා ඒ අය කාලයත් සමග මුස්ලිම් ආගමට හැරිල. සුද්දන් ඉන්දියාව දාලා යන විටත් ලඩාක් වැනි උතුරු ඉන්දියානු ප්‍රදේශවල සාම්ප්‍රදායික පැරණි පරම්පරාවලින් පැවැත එන බෞද්ධයන් සුළු පිරිසක් ඉඳල තියෙනවා. අද ඒ අය ටිබෙට් බෞද්ධයන් බවට පත්වෙලා. ඔන්න ඕකයි ඇත්තම කතාව.

    From Be
    rtram Liyanage

    හරි මුස්ලිම් ආක්‍රමන නිසා සිදු උනානම් රටේ ප්‍රධාන ආගම හිංදු උනේ කෝමද සිංහලු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    අනිවාර්යයෙන් බාධාවක්..

    ධර්මය කියන්නේ මේ ලෝකයේ ස්වභාවය , ක්‍රියාකාරිත්වය නේ.. ඒකට මේ දේවල් වල ආරම්බය දැනගන්න ඕන..
    කවුරුහරි කියල තියන කොටසක් පෙන්නල මේකතමයි ලෝක ස්වභාවය , මේ දේවල් ටික විතරක් ඉගෙනගන්න කියල කියන්න බෑ.. ලෝකයේ ක්‍රියාකාරීත්වය , ලෝක ස්වභාවය අවබෝදකරගන්න ඕන නිසාම තමයි මිනිස්සු ලෝකයේ ආරම්බයක් ගැන හොයන්නේ..

    බුදුකෙනෙක් හරි වෙන ආගමක කෙනටක් හරි නියම කරන දේවල් ටික විතරක් නෙවෙයි ධර්මය ..එහෙනම් මිනිස්සු ඒ දේවල් ටික විතරක් කරල ඉන්නවානේ..
    බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ දුකෙන් මිදෙන්න තියෙන මග ගැන දැනගන්න තියෙන ක්‍රමයක් නෙ. බුද්ධ ධර්මය ඉගෙන ගන්නෙ දුකෙන් මිදෙන්නෙ කොහොමද කියල හොයන අය මිසක් බෙහෙත් හොයාගන්න, රසායන විද්‍යාව ඉගෙන ගන්න එන අය නෙවෙයි නෙ.

    හරි මුස්ලිම් ආක්‍රමන නිසා සිදු උනානම් රටේ ප්‍රධාන ආගම හිංදු උනේ කෝමද සිංහලු
    ඕකෙම තියෙනව ඒකටත් උත්තරය.
    ------ Post added on Jul 14, 2023 at 9:07 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    බුදුහාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ දුකෙන් මිදෙන්න තියෙන මග ගැන දැනගන්න තියෙන ක්‍රමයක් නෙ. බුද්ධ ධර්මය ඉගෙන ගන්නෙ දුකෙන් මිදෙන්නෙ කොහොමද කියල හොයන අය මිසක් බෙහෙත් හොයාගන්න, රසායන විද්‍යාව ඉගෙන ගන්න එන අය නෙවෙයි නෙ.
    ඒක හරි ක්‍රමේ නම් කට්ටිය දුකෙන් මිදෙන්න ඕනනේ..එහෙම වෙන්නෙත් නෑනෙ..

    අනික මම කතාකරේ ධර්මය අබබෝදය ගැන මිසක් ආගමක් ඉගෙනගැනීමක් ගැන නෙවෙයි.
    බුදුහාමුදුරුවෝ කියල තියන දේම තමයි ධර්මය, නැත්නම් ලෝක ස්වභාවය කියල කියන්න බෑනේ. ඒකයි මිනිස්සු ඒ දේවල් හොයන්නේ.

    උබට ආගමක කියල තියන දෙයක් විහ්වාස කරන්න ආගමේ කියල තියන ටික ඇති වගේ හිතුනට ලෝක ස්වභාවය/ ක්‍රියාකාරීත්වය අවබෝදකරගන්න යන කෙනෙක්ට ආරම්බය වැදගත්..
     
    • Like
    Reactions: elakiriaddict