ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    Original link -



    අනේක වාරයක් උත්තර දීල ඇති ඒත් නැවත නැවතත් අහන ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු ලියන්නට හිතුණා. ප්‍රශ්නය මේකයි.

    බුදුහාමුදුරුවන් ඉන්දියාවේ ඉපදිලත් ඇයි ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ?

    සරල උත්තරය මේකයි. ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ නැහැ. ඒක අතුරුදහන් කළා. මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරල හාමුදුරුවරුන් මරල, පන්සල් ගිනි තියල, බෞද්ධ පොත්පත් සියල්ල ගිනිබත් කරල බුදුදහම සම්පූර්ණයෙන් විනාශ කළා. ඉන්දියාවේ බුදුදහම නැති වුණේ එහෙම.

    බුදුදහම ඉන්දියාවෙන් නැති වෙන්න බලපෑ එකම හේතුව මුස්ලිම් ආක්‍රමණයද?

    එහෙම කියන්න බැහැ. ආසන්න සහ ප්‍රධානම හේතුව තමා මුස්ලිම් ආක්‍රමණය. මීට අමතරව තවත් හේතු කීපයක් බලපෑව. ඒ අතර වැදගත්ම හේතුව නම් හර්ෂවර්ධන රජතුමා, සහ සාතවාහන රාජපරපුරට පසුව බුදුදහමට අනුග්‍රහය දෙන්න ප්‍රබල දේශපාලන නායකත්වයක් ඉන්දියාවේ බිහි නොවීම.

    තේරුම් ගන්න. යම් ආගමක් ලෝකයේ පවතිනවාද නැද්ද කියන කරුණ තීරණය කරන්නේත්, ඉතිහාසය පුරා එය තීරණය කර ඇත්තේත් දේශපාලන අධිකාරිය මිසක ඒ ආගමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නෙවේ. මේ නිසා තමයි, හැම ආගමක්ම දේශපාලනය පස්සේම එල්ලෙන්න හදන්නේ.

    ඊළඟට, මුස්ලිම් ආක්‍රමණය නිසා ඇයි බුදුදහම විතරක් විනාශ වුණේ? මොකද මුස්ලිම්වරුන් බෞද්ධයන්ට එක හැන්දකින් හින්දු ජෛන ආදි අනෙක් ආගම්වල තව හැන්දකින් බෙදුවේ නැහැ නේ.

    මේ කාරණය ඇත්තම නෙවේ. හින්දු කියල එක ආගමක් හෝ ප්‍රධාන සංවිධානයක් ඒ කාලේ තිබුණේ නැහැ. බෞද්ධ නොවන වෙනත් ආගමික කුලකවලට අයත් ඉන්දියානුවන් වරින්වර මුස්ලිම්වරු සමග එකතුවෙලා තමුන්ගේ පැවැත්ම රැක ගත්තා. ඒ විතරකුත් නෙවේ, ඒ දෙගොල්ලම එකතු වෙලා බුදුදහමට වළ කැපුවා.

    අනෙක් අතට බුදුදහමේ ශාසනය පවත්වා ගැනීමේ ලොකු ගැටලුවකුත් තිබුණා. ඒ තමයි උපසම්පදාව. යම් භික්ෂුවක් උපසම්පදා කරන්න අඩුම තරමේ තවත් එවැනි උපස්පදා භික්ෂූන් 4 නමක්වත් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් තවදුරටත් ශාසනය ගෙනියන්න බැරි වෙනවා. ඒත් ඉන්දියාවේ තියෙන බොහෝ හින්දු සම්ප්‍රදායයන් එහෙම නැහැ. නැත්තටම නැති වෙන්න විනාශ වුණත්, පොත්පත්වල තියෙන දේවල් කියවල ඒ අනුව ක්‍රියා කරල ආපහු ඒ ආගමික සම්ප්‍රදායයන් පටන් ගන්න පුළුවන්. දැනට අවුරුදු 2000කට පෙර නැති වුණු හින්දු සම්ප්‍රදායයක් වුණත් අද අලුතින් පටන් ගන්න පුළුවන්. ඒ විදිහට මුස්ලිම් ආක්‍රමණය නිසා යටපත් වුණ බෞද්ධ නොවන සම්ප්‍රදායයන් කාලයත් එක්ක ආපහු පොත්වත්වල තියෙන දේ කියවල ඒ අනුව නැඟී සිටියා. බුද්ධශාසනයේ උපසම්පදාව නැති වුණාම එහෙම කරන්න බැහැ. රාජ්‍ය අනුග්‍රහය නැති වුණොත් පිටරටකින් ගෙන්න ගන්නත් බැහැ. ඉතිං හාමුදුරුවරුන්ව මරල දැම්මාම ශාසනය එතැනම විනාශ වෙනවා.

    මුස්ලිම් ආක්‍රමණයෙන් පසුවත් 17 වන සියවස දක්වාම අද පාකිස්ථානය ලෙස හඳුන්වන රටේ බෞද්ධයන් සෑහෙන පිරිසක් ඉඳල තියෙනවා. ඒත් පංසල් කරගෙන යන්න හාමුදුරුවරු නැති නිසා ඒ අය කාලයත් සමග මුස්ලිම් ආගමට හැරිල. සුද්දන් ඉන්දියාව දාලා යන විටත් ලඩාක් වැනි උතුරු ඉන්දියානු ප්‍රදේශවල සාම්ප්‍රදායික පැරණි පරම්පරාවලින් පැවැත එන බෞද්ධයන් සුළු පිරිසක් ඉඳල තියෙනවා. අද ඒ අය ටිබෙට් බෞද්ධයන් බවට පත්වෙලා. ඔන්න ඕකයි ඇත්තම කතාව.


    From Be
    rtram Liyanage
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,865
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය උපසම්පදා කිරීම නිවනට අදාළ වුනේ කොහොමද? මේ ලෝකෙට මිනිස්සු ආවේ කොහොමද කියල ඇහුවම ඒකට උත්තරයක් දුන්නෙත් නෑ නිවනට ඒක අදාළ නැතිය කියල.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඔය උපසම්පදා කිරීම නිවනට අදාළ වුනේ කොහොමද? මේ ලෝකෙට මිනිස්සු ආවේ කොහොමද කියල ඇහුවම ඒකට උත්තරයක් දුන්නෙත් නෑ නිවනට ඒක අදාළ නැතිය කියල.
    එකට උත්තරේ ඒ නුලේ දීලා තියෙනවා දැක්කා.

    ඔය අදාළ නෑ කියන්නේ මෙහෙමයි. ස්කෝලෙ චිත්‍ර අඳින කෙනෙක්ට පාට වල බර, සංයුතිය වගේ දේවල් ඕනි නෑ. Physics වල චලිත නියම apply කරන්න chemistry දැනුම ඕනි නෑ වගේ දෙයක්. අපිට විසඳගන්න තියෙන පෘෂෙනේට අදාල දැනුම විතරයි නෙ කොහොමත් ඕනි වෙන්නේ.


    උපසම්පදාව ඕනි වෙන්නේ පෙළ තියාගන්න.
    ඔය සාමනේර හාමුදුරු කෙනෙක් ඇත්තටම හාමුදුරු කෙනෙක් වෙන්න ශික්ෂා පද කියල පිළිගන්නා අවස්ථාව.
    ශාසනයේ පැවැත්මට භික්ෂූන් වහන්සේලා වැදගත්. ධර්මය තව කෙනෙක්ට බලාගන්න ඉතුරු වෙන්න සාසානය ඕනි වෙනවා. නිවන තේරුම් ගන්න ධර්මය ඕනි වෙනවා.


    මට තෙරුන් කරන්න තේරෙන්නේ ඔච්චරයි. @greenthunder @ek_rosh වගේ අහල බලමූ ඕනි තව පැහැදිලි කරගන්න.

    තව මෙතනත් විස්තරයක් තියෙනවා
    මේකේ තියෙනවා මුල ඉදලා විස්තරයක්. https://myschool.lk/ලිපි/උපසම්පදාව
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    සියලු ආගම් ආක්‍රමණශීලී පිලිගන්න අපහසු උනත් ඕක තමයි ඇත්ත. සමාජය ගැන අවධානයෙන් ඉන්න අයට සීන් එක තේරෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙද්දි එන අවශ්‍යතා / උවමනා වලින් බැලුවොත් ආගම වැටෙන්නෙ උවමනා පැත්තට. උපතේ සිට විපත වෙනකන් විශේෂ සිද්ධි ටිකක් කරන්න එක තමයි මූලිකවම වෙන්නෙ.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සියලු ආගම් ආක්‍රමණශීලී පිලිගන්න අපහසු උනත් ඕක තමයි ඇත්ත. සමාජය ගැන අවධානයෙන් ඉන්න අයට සීන් එක තේරෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙද්දි එන අවශ්‍යතා / උවමනා වලින් බැලුවොත් ආගම වැටෙන්නෙ උවමනා පැත්තට. උපතේ සිට විපත වෙනකන් විශේෂ සිද්ධි ටිකක් කරන්න එක තමයි මූලිකවම වෙන්නෙ.
    තව එකක් ආගමක් විදියට පවත්වන්න නන් ඒක ඒ ජනතාවගේ සන්ස්තියට එකතු කරන්න ඕනි. ක්‍රිස්තියානි අයත් මේ ටිකේ වෙස්නැටුම් එහෙම පලදවලා ඕක ටික ටික කරගෙන යන්න ට්‍රයි කරනව.
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ඔය උපසම්පදා කිරීම නිවනට අදාළ වුනේ කොහොමද? මේ ලෝකෙට මිනිස්සු ආවේ කොහොමද කියල ඇහුවම ඒකට උත්තරයක් දුන්නෙත් නෑ නිවනට ඒක අදාළ නැතිය කියල.
    Ayi uba ආභස්සර බ්‍රහ්ම ලෝක n awa kiyala danne nadda sarala deyk wat awaboda karanna barida
    ube religion ek mokda
     
    • Haha
    Reactions: SDCR

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,251
    1
    2,930
    113
    ආබස්සරේට කොහෙන්ද?
    ඕපපාතිකව dna ප්‍රෝටීන් carbohydrates, මූලික අණු paramanu karma ya balayen පංච නියාම t යටත් wa , ඕපපාතිකව උපදින wa , meka uba විශ්වාස කරන්නේ Nathan uba මිත්‍යා දෘෂ්ටික wenawa dasa මිත්‍යා දෘෂ්ටික වස්තුව අනුව
    Star dust wa pawa amino acids tiyenne ona taram @asliyanage

    Uba nira da
    ------ Post added on Jul 13, 2023 at 11:23 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ආබස්සරේට කොහෙන්ද?
    උබ ඔය අහන්නෙ මුල්ම ජිවීයා හැදුන හැටි නේද? සන්සාරෙ කියන එක පටන් ගත්තෙ කොහොමද කියන එක නේද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,422
    166,823
    113
    එකමත් එක රටක
    සරල උත්තරය මේකයි. ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ නැහැ. ඒක අතුරුදහන් කළා. මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරල හාමුදුරුවරුන් මරල, පන්සල් ගිනි තියල, බෞද්ධ පොත්පත් සියල්ල ගිනිබත් කරල බුදුදහම සම්පූර්ණයෙන් විනාශ කළා. ඉන්දියාවේ බුදුදහම නැති වුණේ එහෙම.
    මුස්ලිම්වරු ඉන්දියාව වගේ ලොකු රටක තිබ්බ බුදු දහම තනිකරම විනාශ කරා කියන එක පිළිගන්න බෑ .
    එහෙනම් ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා නැතිවෙන්න ඕනේ.
    පොඩි තැනක තියා දෙයක් අයින් කරන්න පුලුවන් උනාට ඉන්දියාව වගේ ලොකු රටක දෙයක් එහෙම මුස්ලම් වගේ ප්‍රධාන නොවන ජන කොටසකට අයින් කරන්න බෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මුස්ලිම්වරු ඉන්දියාව වගේ ලොකු රටක තිබ්බ බුදු දහම තනිකරම විනාශ කරා කියන එක පිළිගන්න බෑ .
    එහෙනම් ඒක ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා නැතිවෙන්න ඕනේ.
    පොඩි තැනක තියා දෙයක් අයින් කරන්න පුලුවන් උනාට ඉන්දියාව වගේ ලොකු රටක දෙයක් එහෙම මුස්ලම් වගේ ප්‍රධාන නොවන ජන කොටසකට අයින් කරන්න බෑ
    ලිපිය ආයෙ කියවන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මම උත්තර දෙන්න දන්නේ නෑ ඒ ගැන නං. අනික් නුලේ කෙනෙක් දාලා තියෙනවා දැක්කා පැහැදිලි කිරීමක් මම ඇති වෙන එක භාවිතා කරල.
     
    • Like
    Reactions: topkollek