Original link -
අනේක වාරයක් උත්තර දීල ඇති ඒත් නැවත නැවතත් අහන ප්‍රශ්නයකට මෙසේ පිළිතුරු ලියන්නට හිතුණා. ප්‍රශ්නය මේකයි.
බුදුහාමුදුරුවන් ඉන්දියාවේ ඉපදිලත් ඇයි ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ?
සරල උත්තරය මේකයි. ඉන්දියාවෙන් බුදුදහම අතුරුදහන් වුණේ නැහැ. ඒක අතුරුදහන් කළා. මුස්ලිම්වරුන් ඉන්දියාව ආක්‍රමණය කරල හාමුදුරුවරුන් මරල, පන්සල් ගිනි තියල, බෞද්ධ පොත්පත් සියල්ල ගිනිබත් කරල බුදුදහම සම්පූර්ණයෙන් විනාශ කළා. ඉන්දියාවේ බුදුදහම නැති වුණේ එහෙම.
බුදුදහම ඉන්දියාවෙන් නැති වෙන්න බලපෑ එකම හේතුව මුස්ලිම් ආක්‍රමණයද?
එහෙම කියන්න බැහැ. ආසන්න සහ ප්‍රධානම හේතුව තමා මුස්ලිම් ආක්‍රමණය. මීට අමතරව තවත් හේතු කීපයක් බලපෑව. ඒ අතර වැදගත්ම හේතුව නම් හර්ෂවර්ධන රජතුමා, සහ සාතවාහන රාජපරපුරට පසුව බුදුදහමට අනුග්‍රහය දෙන්න ප්‍රබල දේශපාලන නායකත්වයක් ඉන්දියාවේ බිහි නොවීම.
තේරුම් ගන්න. යම් ආගමක් ලෝකයේ පවතිනවාද නැද්ද කියන කරුණ තීරණය කරන්නේත්, ඉතිහාසය පුරා එය තීරණය කර ඇත්තේත් දේශපාලන අධිකාරිය මිසක ඒ ආගමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නෙවේ. මේ නිසා තමයි, හැම ආගමක්ම දේශපාලනය පස්සේම එල්ලෙන්න හදන්නේ.
ඊළඟට, මුස්ලිම් ආක්‍රමණය නිසා ඇයි බුදුදහම විතරක් විනාශ වුණේ? මොකද මුස්ලිම්වරුන් බෞද්ධයන්ට එක හැන්දකින් හින්දු ජෛන ආදි අනෙක් ආගම්වල තව හැන්දකින් බෙදුවේ නැහැ නේ.
මේ කාරණය ඇත්තම නෙවේ. හින්දු කියල එක ආගමක් හෝ ප්‍රධාන සංවිධානයක් ඒ කාලේ තිබුණේ නැහැ. බෞද්ධ නොවන වෙනත් ආගමික කුලකවලට අයත් ඉන්දියානුවන් වරින්වර මුස්ලිම්වරු සමග එකතුවෙලා තමුන්ගේ පැවැත්ම රැක ගත්තා. ඒ විතරකුත් නෙවේ, ඒ දෙගොල්ලම එකතු වෙලා බුදුදහමට වළ කැපුවා.
අනෙක් අතට බුදුදහමේ ශාසනය පවත්වා ගැනීමේ ලොකු ගැටලුවකුත් තිබුණා. ඒ තමයි උපසම්පදාව. යම් භික්ෂුවක් උපසම්පදා කරන්න අඩුම තරමේ තවත් එවැනි උපස්පදා භික්ෂූන් 4 නමක්වත් ඉන්න ඕනේ. එහෙම නැති වුණොත් තවදුරටත් ශාසනය ගෙනියන්න බැරි වෙනවා. ඒත් ඉන්දියාවේ තියෙන බොහෝ හින්දු සම්ප්‍රදායයන් එහෙම නැහැ. නැත්තටම නැති වෙන්න විනාශ වුණත්, පොත්පත්වල තියෙන දේවල් කියවල ඒ අනුව ක්‍රියා කරල ආපහු ඒ ආගමික සම්ප්‍රදායයන් පටන් ගන්න පුළුවන්. දැනට අවුරුදු 2000කට පෙර නැති වුණු හින්දු සම්ප්‍රදායයක් වුණත් අද අලුතින් පටන් ගන්න පුළුවන්. ඒ විදිහට මුස්ලිම් ආක්‍රමණය නිසා යටපත් වුණ බෞද්ධ නොවන සම්ප්‍රදායයන් කාලයත් එක්ක ආපහු පොත්වත්වල තියෙන දේ කියවල ඒ අනුව නැඟී සිටියා. බුද්ධශාසනයේ උපසම්පදාව නැති වුණාම එහෙම කරන්න බැහැ. රාජ්‍ය අනුග්‍රහය නැති වුණොත් පිටරටකින් ගෙන්න ගන්නත් බැහැ. ඉතිං හාමුදුරුවරුන්ව මරල දැම්මාම ශාසනය එතැනම විනාශ වෙනවා.
මුස්ලිම් ආක්‍රමණයෙන් පසුවත් 17 වන සියවස දක්වාම අද පාකිස්ථානය ලෙස හඳුන්වන රටේ බෞද්ධයන් සෑහෙන පිරිසක් ඉඳල තියෙනවා. ඒත් පංසල් කරගෙන යන්න හාමුදුරුවරු නැති නිසා ඒ අය කාලයත් සමග මුස්ලිම් ආගමට හැරිල. සුද්දන් ඉන්දියාව දාලා යන විටත් ලඩාක් වැනි උතුරු ඉන්දියානු ප්‍රදේශවල සාම්ප්‍රදායික පැරණි පරම්පරාවලින් පැවැත එන බෞද්ධයන් සුළු පිරිසක් ඉඳල තියෙනවා. අද ඒ අය ටිබෙට් බෞද්ධයන් බවට පත්වෙලා. ඔන්න ඕකයි ඇත්තම කතාව.
From Bertram Liyanage