මොනවද ඉතින් එහෙම අනුමාන කරන්න හේතුවෙන "තර්ක" ??
ඒක පුද්ගලානුබද්ධයි. මම ත්රෙඩ් එකට දාපු ෆස්ට් රිප්ලයි එකකදිම දිට්ඨිගැන කිව්වෙ අන්න ඒකයි. යම් අයෙක්,
රහතුන් (මගඵල ලාභීන්) මෙසේ හැසිරිය යුතුයි කියලා ලබල තියන දැනුම.
රහතුන් (මගඵල ලාභීන්) කියන ධර්මය මෙසේ විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
රහතුන් (මගඵල ලාභීන්) මෙවැනි ආකාරවලට ජීවත්විය යුතුයි කියලා ලබලා තියන දැනුම.
රහතන්වහන්සේ නමක් (මගඵල ලාභියෙක්) විසින් තවත් උපසම්පදා භික්ශුවකට කරන මගඵල ප්රකාශයක් පිලිගැනීම.
කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන්ගේම අත්දැකීම් සසඳා දැන ගැනීම.
කමටහන් ගුරුවරයෙක් විසින් යෝගියෙක් ප්රකාශ කරන "අත්දැකීම්" අනුව මේ යෝගියා දැන් ස්පිරිචුවල් පාත් එකේ මෙතනයි ඉන්නෙ යනාදී විදිහට තමන් උගත් ධර්ම දැනුම සසඳා දැන ගැනීම.
යන ඒවා සහ ඒවා ආශ්රය කරගෙන තමා තර්ක ගොඩනැගෙන්නේ.